හත්වන දිගහැරුම ( අවසාන කොටස )

” ඇයි මොකො…මාව ගිලින්නද…

ම්…………..කියන්න් දෝණි ඔයා මට මොනා කරනද….”

” මුකුත් නෑ ….යනෝ….යන්න..පිස්සා…”

” දෝණි එහෙනම් මම යනවා..හොදද….

හෙට කැම්පස් යනවනේ…”

” අම්මා මම යන්නම්……”

” ඔව් අයියා මන් ලෙක්චර් ඉවර වෙලා කතා කරන්නම්….පරිස්සමෙන් යන්න හොදද බුදුසරණයි …..”

” දෝණි මොකද අද වෙදමහත්තයා කිව්වේ…”

“අදින් බෙහෙත් ඉවර කරා අම්මා…අයි එන්න ඕනි නෑ…කිව්වා…”

” අනේ..බුදුසරණින් ඔය අසනීපේ සනිප වෙච්චි එක ලොකු දෙයක් …පුතේ .ඔයා කොයිතරම් කාලයක් විදෙව්වද..ඕක…වෙදමහත්තයා මේ කරපු පිනෙන් නිවන් දකින්නම ඔනි.. ..”

” ඔව් .අම්මා එක ඇත්ත ..කවුරුත්ම සනීප කරන්න බෑ.කිව්ව දෙයක් නේ…”

මන් අම්මාට උයන්න උදව් පදව් කරලා..රෑට කෑමත් අරන් නානකාමරයට වැදුනේ ඇග පත හොද ගන්න…

හැමදාමත් වගේ වයලිනයේ තත් අතර මන් දැහැන් ගත උනේ…මේ අවුරුදු දෙක ඇතුලත කොයිතරම් දේවල් සිද්ද උනාද කියලා හිතන ගමන්…..

මන් ඇදට වැටිලා කල්පනා කරේ..අයියා ගැන.

අනේ මන්දා එහෙම හිතන්න හැම පිරිමියෙක්ටම පුලුවන් නම් කොච්චර හොදද කියලා….

මට අදටත් මතකයි මන් එදා අයියාට වෙදමහත්තයා ගැන මගේ හිතේ තියන දේ කිව්වාහම එයා කිව්ව එක…

~ අතීතය ~

” අයියා .. .”

” දෝණි ..කියන්න….මොකක්ද ඔය තෙපරබාන්න හදන්නේ…බය නොවි කියන්න..”

” මේ..මේ..මන් බෙහෙත් ගෙන්න යන වෙදමහත්තයා ඉන්නේ…”

” ඉතිං..ඔයා ඔය කියන්නේ..පුලස්ථි රාජසිංහ මහත්තයා ගැන නේද…”

” හුම්….”

” ඕ..කියන්න දෝණි …ඒ මනුස්සයා පිදුම මනුස්සයෙක් නේද…මටනම් හිතාගන්නවත් බෑ….”

” මේ…මේ..මට එයා ගැන හිතේ ආදරයක් තියෙන්වානේ…එක අපි දෙන්නාට බාදාවක් වෙවිද……”

” අනේ…අනේ .පිස්සු ආච්චි මන් හිතුවා ..මොකක් හරි වැදගත් දෙයක් අහන්න හදනේ කියලා….”

” ඇයි ඒක…වැදගත් නැද්ද .දැන්…අඩුම ඔයාට ඉරිසියාවක්වත් නැද්ද මන් ඔයාට නැතුව වෙන කෙනෙක්ට ආදරේ කරද්දී….”

” ඇ…බන්…කෙල්ලෙ කැම්පස් ගියේ අත උස්සලද…”

” ඇයි අනේ…එහෙම අහන්නේ….”

” වෙන කොහොම අහන්නද ……ඒ මනුස්සයා කාසදත් බැදලා..ලමයි දෙනෙකුත් ඉන්නවා…ඔයා එයාට ආදරේයි කරනවා කරනවා කිව්වහම ..තරහ ගන්න මට පිස්සු නෑ..දෝණි …”

” ඇයි ඔයා එහෙම කියන්නේ …”

” ඇයි බන්..එයා ඔයාගේ සංසාරගත උරුමක් කාරයා…මොකක් හරි දෙයක් නිසා ..ඔයලා දෙන්නට මේ ආත්මේ එකතු වෙන්න බෑ…එහම සංසාරේ පාතගෙන ආපු කෙනෙක් ගැන අනික් කෙනාට එහෙම ආදරයක් හිතෙන්නේ නැත්නම් තමා ප්‍රශ්නේ ……..ඉතිං ඔයා එයාට ආදරේ කරා කියලා මන් ඉරිසියා කරන්න තරම් දුශ්‍ට නෑ මන්…..”

” මේ..ආත්මේ මන් මගේ දෝණිට ආදරේ කරන්නම්කෝ…මදි නොකියන්න…”

~ වර්තමානය~

අයියා ගැන හිත හිත ඉද්දී..මට නොදැනිම නින්ද ගිහින් ……….

වසර හතරකට පසු ………

සුන්දර නුවර පුරවරයේ…දලදා මැදුර පෙනෙන නොපෙනන මානයේ පිහිටි හොටල් කාමරයේ බැල්කනියට වී ..මා විදුලි බුබුල වලින් අලංකාර වී ඇතී උද්‍යානය දෙසට නෙත් පා කරමින් හිදින්න වුයේ….

රාත්‍රී ආහාරය ගන්න තෙව් තවමත් ඇග සෝදන් ආවේ නැති නිසා..

” මැනික මොනාද කල්පනා කරන්නේ …ම්…..”

බැල්කනියේ බාරාදයටත් ඔහුටත් මැදිවෙන විදිහට ….

තෙව් මගේ ඉන දෙපැත්තේන් අත් දෙක බාරාදයට බාර කලේ…එයාගේ සීතල පුපුව මගේ පිටේ ස්පර්ශ වන විදිහට …ඒ ස්පර්ශය මාව හිරිවට්ටන්න සමත් උනා..

” මු…මු..මුකුත් නෑ…අයියේ ..ඔයා වොෂ් දාගත්තද..”

” ඔව්…මැනික ..එන්න…කන්න..අද දවසටම හරි කෑමක් කන්න බැරි උනානේ ..කොහෙද අර කැමරා කරයන්ට ඕනි විදිහට කන්න ගිහින් බත් කටවල් දහයක් බඩට දාගන්න බැරි උනානේ…”

” හපෝ…ඔව් අයියේ …මට නම්..එපා..වෙලා..හිටියේ ..දවසෙම අර ඇදුම ඇදන් ඉදලා..මටනම් එපා වෙලා තිබ්බේ…”

” කෝ…දෝණි ඔයා වාඩිවෙන්නකො ..මන් කවන්නම..ම්……..”

මන් නිහඬව අයියට කවන්න දිලා..හිටියා…

අයියා ඉතුරු භාජන හොටෙල් සේවකයෙකුට කතා කරලා එයා අතේ යවලා..මා එක්කම බැල්කනියේ පුටුවකට බර උනා..

” අයියේ ………”

” ම්………..”

“මේ අවුරුදු හතර ගෙවුන ඉක්මන නේද.මටනම් නිකන් හීනයක් වගේ….
අපි අපේම උනා නෙද…කොහොම හරි…..”

” ඔව්..දෝණි මටත් කියාගන්න බැරිතරම් සතුටුයි ..මගේ හැම ටාර්ගට් එකක්ම කම්ප්ලීට් කරලා..ඔයාව මගේ ලගට ගන්න පුලුවන් උනානේ….”

ඔව්…ඔයලා හිතුවා වගේම..

අද මගේ අයියාගේයි වෙඩින් එක…

🌹මංජරී රාජපක්ෂ වගේම 🌹 තෙහන්ස විදුරංග වීරවර්ධන ……💖 කසාදේ අද තමයි සිද්ද උනේ…විවහා කටයුතු වලින් පස්සේ අපි මධුසමයට තොර ගත්තේ නුවර හොටෙල් එකක්….

අද අයියා සර්තක ව්‍යාපාරිකයෙක්ගේ …එ වගේම මන් උපාධිධාරිණියක්…අයියේ ඔෆිස් එකම මන් ජොබ් එක කරන්නේ ..අයියා මාව එයාගේ දෑස් මානෙන් එහාට යවන්න අකමැති උන නිසා..

” ඔයාට පින් දෝණි මගේ ජිවිතෙට ආවට..ඔයා නිසයි මන් මෙතන ඉන්නේ….මන් ආදරේයි මගේ දෝණිට අහසක් තරම්…..”

” මාත් ආදරේයි අයියේ ඔයාට …මාව තේරුම් අරන් අද මට මෙහෙම තැනකට එන්න හයිය දුන්නේ ඔයා…මන් මගේ හුස්මක් තරමට ඔයාට ආදරේයි …….”

සිහින් පොද වැස්සක් ඇද හෙලැන්නේ උනේ.. හරියට අපි දෙන්නාට ආශිර්වාදයක කරන්න වගේ……..

ජිවිතෙ සෑම සුන්දර මොහොතකම මට ලැබුණු නුවර අහස යටදීම……..

සිහින් මල් වර්ෂා මැද හිතින් නීතියෙන්

ඔහුගේම උනමා..ගතින්ද ඔහුගේ උනේ….සංසාර පුරාවට පතාගෙන ආ පෙමට සමු දි…නව පෙමක ගිලිය……

නිමි…………..