” ම්……..”
” මගේ හිත රිදෙයි කියලා බොරු නොකියා ඇත්තම කියන්න හොදද මන් ඔයා එක්ක තරහා නෑ …”
” කියන්න දෝණි …මොකක්ද ඔයා ඔය අහන්න හදන්නේ..අර වෙදමහත්තයා කිව්ව දේ ගැනද..”
” අ….අයියා ඔයා කොහොමද අනේ එක හරියටම කිව්වේ….මන් ඒ ගැන තමයි අහන්න ගියේ ….”
” අනේ…දෝණි …..මන් දන්නවානේ..මගේ දෝණිගේ හිත ගැන..ඔයා බැරවීමකින්වත් කෙනෙක්ගේ හිත රිද්දන කැමැති කෙනෙක් නෙවෙයි නේ …දෝණි බය උනා නෙදා මගේ හිත රිදුනා කියලා..ම්……..”
මන් අයියා දිහා බලන් ඔලුව හෙලුව්වේ..එයා කිව්වේ ඇත්ත කියලා අගවන්න….
” මේ….අහන්න දෝණි ….”
එයා මගේ කර වටෙන් අත දලා එයාගේ උරහිසකට මාව තියාගෙන එයා මගේ ඔලුව එයාගේ අනික් අතින් පිරිමදිමින වුනේ..
” දෝණි මට මීට වඩා මැණිකව ලංකර ගන්න බෑ…හොදද අපි ඉන්නේ කොච්චියේ ඒ නිසා..මා එක්ක තරහ වෙන්න එපා..ම්…”
මන් හා කියන්න් ඔලුව වනලා.ඇස් දෙක පියා ගත්තේ .ඔලුවට දැනුනු සනීපෙට
” ඒ…දෝණි …කො..ඇස් දෙක අරිනවා..නිදා ගන්න නෙද හැදුවේ …හොර කෙල්ල…මේ අහන්නකෝ..දෝණි …ඇයි මන් දෝණි මන් ඒකට තරහා ගන්නේ….ම්…
දෝණි ඔයා එ සන්දීප්ට ආදරේ නෙවෙයි කරලා තියෙන්නේ ..”
” ඈ……..”
” ඒ..මැට්ටි..ඔහොම ඇස් දෙක ලොකු කරලා බලන්න එපා….මන් ආයලේ යනවා……”
චටස් ………
මන් අයියාගේ අතට දුන්නා..හොද පාරක් ….
” උයියා……ඕකට ගහන්න ඕනිදා..අප්පා..”
අයියා එයාගේ අත අතගගා…හීනා වෙන්න උනේ
” කැත කතා කියලා..තව හිනා වෙන්නත් එනවා…”
” මොකක්ද දෝණි මන් කිව්ව කැත කතාව . මන් ඇත්නේ කිව්වේ..ඔහොම හුරතලේට ඇස් දෙකක් ලොකු කරන් බලන් ඉද්දී මට හිතෙන්නේ….”
” උ..උව්..උව්………”
මන් ටක් ගාල අයියාගේ කට මගේ අතකින් වැහුවේ. මේකා මොනා කියයිද කියලා ශුවර් නැති නිසා…
අයියා මගේ අත එහම්මම ඉම්බේ..මන් සුටුස් ගාලා අත අහක්කරගනිද්දී…
” හී…මැට්ටී මේ අහන්වා..කොහෙද මේකි එක්ක මොනාහරි කතා කරන්න පුලුවන් එකක් ඈ………
මේකයි දෝණි ඔයාගේ හිතේ එ තිබිලා තියෙන්නේ ආකර්ශනයක් .එකා ටිකක් හැන්ඩියා එ වගේම ඌ හෙන උපාසකයා වගේ
රඟපානවා ….දෝණි ඒ පෙනෙච්ච රූපෙට එයාගේ හැසිරිමටයි ආදරේ කරලා තියෙන්නේ ..දෝණි ඕකාගේ ඇත්ත රූපේ දැක්කානම්..ගල් ගහයි…ඒතරම ඕකා ජරා එකක්..මන් ගොඩාක් සතුටු වෙනවා දෝණි ඌට අහුවුනේ නැති එකකට…”
” අහුවුනත් මොකද….”
” දෝණි …..”
” අනේ…අනේ..කෙන්ති ගන්න එපා …අයියේ මේ මන් කියන්න ගියේ..ඔයා ඉන්නවා කියලා මාව බේරගන්න ..මොකො..අවුරුදු කියක් මන් නොදැනෙන මන් පස්සේ ඇවිල්ලද…”
” ඔව්..දෝණි මන් ඔයාට යමක් කමක් තේරුම් ගන්න පුලුවන් වෙනකන් හිටියේ මේ ගැන කියන්න….”
” අනේ..මන්දා අයියේ ඔයා නම් අනේ…මන්දා…”
” ඇයි දෝණි එහෙම කියන්නේ…”
” ඔහොම ආදරේ කරන්නේ කොහොමද අයියේ ..හදිස්සියෙන්වත් මන් ඔයාට අකමැති උනානම්….”
” ආ..එකට අවුලක් නෑ..එහෙම උනානම් මන් අම්මාට අප්ප්ච්චිටයි කියලා දුව උස්සනෝ….”
” අයියේ ..ඔයාට …මන්………..
මතුසම්බන්ධයි .