පස්වන දිගහැරුම
මගෙන් කාලයක් තිස්සේ ආදරේ පාතාගෙන කෙනක් ආවා..එත් මන් ඉගෙනීමේ කටයුත්තක් එක්ක එවගේ දෙයකට හිත යොමු කරන්න තිබුන අකමැත්ත නිසාම නිහඬව හිටියා..
එත් අවුරුදු කිහිපයක් කිසිම වෙනසක් නොමැතිව එයා මාත් එක්කම හිටියා…මන් යන එන මග තොටදි පවා මාව ආරක්ෂා කරා..එහෙම කෙනෙක්ට අකමැති වෙන්න තරම් දරදඩු වෙන්න මට හිත් දුන්නේ..නෑ..එනිසා අවසානයේ අවුරුදු කිහිපයක එයාගේ එක පාර්ශවික ප්‍රේමයට මන් කැමැත්ත දුන්න…
වසරක් විතර අපි දෙන්නා ආදරේ කරා…එ අතර් තුර මන් එලෙවල් එක්සැම් ඉවරකරා.
එයාගේ සිතුම් පැතුම් අදහස් මේ හැම දේම මන් හිතන විදිහට සමාන උනා..එ නිසා මන් මේ ගැන අපේ ගෙදරට කිව්වා..මොකද මට ගෙදරට විරුද්ධව කිසිම දෙයක් කරන්න හිත් දුන්නේ නෑ….පස්සේ අයියා ඇවිත් අපේ ගෙදර අය එක්ක කතා කරා …
අපේ ගෙදර අයත් එ ගැන ගොඩාක් සතුටු උනා..මොකද එයාම ඇවිත් අහපු නිසා..
එයා දැන් අපේ අම්මායි අප්ප්ච්චිගෙයි පුතා වේලා මන් ලේලි වෙලාදෝ කියලත් හිතෙන තරමටම අපේ ගෙදර අයත් එක්ක එයා බැදුනා..අපේ මල්ලිටත් මස්සිනා තරම් වටින එක්කෙ නැතිතරම්…
වෙදමහත්තයා හම්බෙවෙන පස්සේ මන් අයියා එක්කම කොච්චියේ යන්න එන්න ගත්තා ..එතුමා අපි දෙන්නටම ආශිර්වාද කලා..
හැබැයි වෙදමහත්තයා එදා මගෙන් ඇහුවා.
” මන් දෙයක් අහන්නම් දරුවෝ කේන්ති නොගෙන ඉවසීමෙන් අහන් ඉන්න ඕනි..ම්..”
” මගෙන ඇහුව කාටහරි කලින් ආදරේ කරද කියල..මම ඔව් කිව්ව..මම ඒ අයිය ගැන විස්තර කිව්ව..
ඇත්තටම ඒක ඒකපාර්ශ්වික ආදරයක් ..අවුරැදු 4 ක විතර..ඒ අයිය දන්නෙ ත් නැ…
ඒක..ඊටපස්සෙ වෙදමහත්තය එයාගෙ නම ඇහුව ..මම කි්ව.වෙදමහත්තය ඇස් පියන් ඉදල ටිකකින් ඒ අයිය ගැන මනසින් බලල කිව්ව..මම මේක කිව්ව කියල ඔයා අඬන්නඑපා..
එයාට වෙන ගෑනු ලමයෙක් ඉන්නව .සැකයි නම් හොයල බලන්න කි්ව..මම ඇඩුවෙ නැ..මම ටිකක් දරදඬු යි..පස්සේ කාලෙක මම දැනගත්ත එයාට වෙන කෙල්ල ක් ඉන්නව කියල..”
” මට එක එච්චර ගානක් උනේ නෑ…මොකද මන් දැන් ආදරේ කරන කෙන්ක් වගේම ආදරේ කරන කෙනෙක්…”
මන්…හොරෙන් අයියා දිහා බැලුවා..එයාට දුක හිතෙයි කියාලා මට දැනුනු හින්දා…
එයා හිනා වෙවි මන් දිහා බලන් ඉන්නවා….
” මෙයා තමා දරුවෝ ඔයාට උරුම කෙනා..මෙයා ආදරේන් රැක බලා ගන්න…හොදද.ම්…”
මන් එතුමා කිව්ව හැමදේමට අවනතවේලා..අහන් හිටියා…
එතුමා මාට අරක්ෂා වෙන්න කියල රැද්රාක්ෂ යක් දුන්න..
ඒක තාම මගෙ බෙල්ලෙ තියෙනව..මාව වටිනව එතුමාව .
ඒ නිසා පුළුවන් විදිහට රකිනව..මට ඉස්සර බය හිතෙන වෙලාවකට අහේතුකව මන් ඔය ගැන එතුමාගෙන් ඇහුවා….
එතුමා කිව්වේ..
ඒ නාග ස්ත්‍රීන්ගෙ ස්වභාවයක් කිව්ව..ඒ වෙලවට වෙදමහත්තය මතකි කරගන්න කිව්ව..බය නැති වෙයි කිව්වා…”
මන් අයියා එක්ක බෙහෙත් අරන් එදා එන ගමන්..
” මේ..අයියේ මන් ඔයාගේ දෙයක් අහන්නම් මට ඇත්තම කියනවද……..
මතුසම්බන්ධයි