හතරවන දිගහැරුම

වෙදමහත්තය කිව්ව මම අදක ඊයෙක ඉඳන් ⁣වෙදමහත්තය දන්න කෙනෙක් නෙවේ..ආත්ම ගානක ඉඳන් වෙදමහත්තය එක්කම එන කෙනෙක් කියලා .

” මට එක ඇහුවම පුදුමත් හිතුනා..

එකපාරටම මට මතක් උනේ..රාත්‍රී කිහිපයකම මන් ඒ දැක්ක හිනේ…මට එ ගැන එතුමාගෙන් අහනත් හිතිලා..මන් එතුමා දිහා බලන් ඉදිද්දි…

” ඔය දරුවා ඔය හිතන්නේ..රාත්‍රී කිහිපයක්ම දුටුව සිහිනෙ ගැන නේද…”

එතුමා එහෙම අහද්දී…මට පුදුමත් හිතුනා…කොහොමද එතුමා මගේ හිත කියෙව්වේ….

” ඔය දරුවා එ සිහිනෙන් දුටුවේ..අපේ එක් ආත්මයක්…ඔබයි ඒ භවයේ මගේ පාදචාරිකාව…”

මන් එදා බෙහෙත් අරන් ආවේ මගේ ගතට විතරක්ම නෙවෙයි . මගේ මනසටත් වෙනද නොදැනෙන පුදුම නිදහස් බවක් දැනුනා..

ආයෙමත් දවස පැමිණේන කියලා එතුමා අපිට උපදෙස් දුන්නා..

මාසයකට වතාවක් මන් බෙහෙත් ගන්න වෙදමහත්තා ගවට ගියා..

ඔහොම යන අතරතුර .

වෙදමහත්තය ගැන මට නොහිත ඉන්න බැරි වුනා..මම දන්නෙ නැ ඇයි කියල..නිතරම මම හිතුවෙ එයා ගැන…පුදුම ගෞරවයක් ආදරයක් මට එතුම ගැන තිබ්බ..ඇත්තටම එතුව වෙලාවට කනවද බොනවද කියල මම වද වුනා..

එ ඇයි කියලා මට මුලදිනම් තේරුනේ නෑ…

එතුමා මම අයෙත් එහෙ බෙහෙත් ගන්න ගිය දවස අපෙ අම්මට කිව්වා.

කවදාවත් මෙයාගේ හිතෙන් මාව අයින් කරන්න බැ කියල..⁣ඒක ඇත්ත ..පුදුම බැඳිමක් මට තියෙන්න එතුම එක්ක..

එතුමාගෙයි මගෙයි තියෙන්නේ..සංසාරික බැඳීමක්.මම දුක්වෙලා තියෙනව ඇයි මට මීට කලින් ඉපදිලා ඇයට කලින් එතුමව මුනගැහෙන්න බැර් වුනේ කියල..එත් මේ විදිහ හොඳයි කියල මට හිතුනා..

හැමදේම වෙන්නෙ සුදුසු විදිහට කියල…

❤අපි කොයිතරම් උත්සාහ කලත් අපිට කිසිම දවසක අපේ දෛවය වෙනස් කරන්න බෑ….❤

ඔයාලත් හිතනවා ඇති මන් මහා ජරා කෙල්ලෙක් …බෙහෙත් ගන්න ගිහින්..ඒ බෙහෙත් ගන්න ගිය එකාටත් මේකි ආදරේ කරලා..මේ විදිහට ඔයාල මට බනී..ඒත්..

එතුමාගෙයි මගෙයි කතාව අසම්මත ⁣වුනාට ඒ ආදරේ හරි පිවිතුරු යි..රාගයෙන් කිලිටි වෙලා නැ..අතින් අල්ලලා වත් නැ..එයා මට කටින් ආදරේ කිව්වෙ නැති වුනාට හැඟිම් ඇස් වලින් තේරෙනවා…වචන ඕනම නැ….

එතුම විවාහකයි..දරැවොත් ඉන්නව..මට ඒක ගැටලුවක් වුනේ නැ ආදරේ කරන්න..එතුමා මගෙන් ඇහුව ආදරෙයි නම් ඇයි කිව්වෙ නැත්තෙ කියල.මම කිව්ව ඒක සුදුසු නැ..ඔබතුමා බැදල ඉන්නෙ ..මම එහෙම කියන එක සදාචාරාත්මක නැ කිව්ව..ඊටපස්සෙ වෙදමහත්තය කිව්ව..ආදරේ කරන්න කිසිම බාධාවක් නැ..කියල..

අපි ආදරේ කරන කේනාම අපිට හම්බේන ඕනි කියලවත්..එයාවම කසාද බදින්න ඕනි කියාවත් නීතියක් නැනේද….

🌹❤ ආදරේ කියන්නේ .හරි සුන්දර හැගීමක් අපි එක විදින විදිහෙනුයි එකේ පිරිසිදු අපිරිසිදු බව රැදෙන්නේ…❤🌹

හැබැයි මම දැනගන්න ඕන සීමාව ඇතුලෙ ඉන්න..මොකද එතුමා කිසිම අවැඩක් අපහාසයක් වෙනවා දකින්න මම කැමති නෑ…

මට මොනා වුනත් කමකි නැ..එතුමට කිසිම කරදරයක් වෙනන එපා කියල මන් හැමදාම හැම මොහොතකම හිතනවා..

මන් හිතන්නේ එතනයි සැබැ ආදරේ රැදිලා තියෙන්නේ කියලා…අපි හදවතින්ම ආදරේ කරකෙනාගේ ආරක්ෂාව රැකවරණය ගැන අපි වදවෙනනම්…ආදරය තියෙන්නේ ඕනී.

ඉස්සරටත් වඩා මන් පාඩම් වැඩ කටයුතු වලට කැපවුනා..මොකද වෙදමහත්තයා කිව්වා මට වෛද්‍යවරයෙක් වෙන්න ගොඩාක් වසනාව තියෙනවා..එ නිසා පාඩම් වැඩවලට කැප වෙන්න කියලා…

මේ අතරෙදී මට මගේ ආදරේ හමුවුණ…හිමිකරගන්න පුලුවන් ආදරයක්…

මතුසම්බන්ධයි ..