” දෝණි පුතේ හෙට දිහාවට අපි අර වෙදමහත්තයා මුණගැහෙන්න යමු…”

” අනේ…අම්මා ඔය ඇත්තමද….”

” ඔව්…දෝණි අප්පච්චි කිව්වේ යමු කියලා.ඉක්මනින් නිදාගන්න පාන්දරින්ම යමු…”

මටනම් හිතුනේ.. මේ රෑ ඉක්මනින්ම ගෙවිලා හෙට උදේ වෙනවන්ම් කියාලා..

මට බෙහෙත් ගන්නවටත් වඩා ඕනි උනේ වෙදමහත්තයා දකින්න…ඒ ඇයි කියලා මටවත් තේරෙන්නේ නෑ….

එදා ඉස්කොලේ ගිහින් ගෙදර ඇවිත් ඒ වීඩියෝ එක බලපි වෙලා වේ ඉදන් මට ඕනි උනේ ඒ රුව හැබැහින් දකින්න….

මම මේ කියන දේ ඔයලා පිළිගනිද දන්නේන් නැ..වෙදමැදුරට යන පාර යද්දි මට දැනුනේ මම මේ පාර ගිහින් තියනවා වගේ….

මොකද පහුවෙන හැම හංදියකම හැරෙන්න ඕනි හැම අතුරුපාරක්ම මට හුරුපුරුදු බවක් දැනුනෙ…

කවදාවත් මෙහෙ ආවෙ නැති මට කොහොමද මේ හුරුපුරුදු බව දැනෙන්නේ කියලා හිතද්දි මතක් උනේ…මට මේක හීනෙනෙ මේ දවස් ටිකේම පෙනුනානේද කියලා….

එ හිනේදි මන් එක තැනක නැවති ඉද්දී..කවුද මට ඕතන ඉන්න එපා යන්න කියද්දී මන් තව ටිකකින් යන්නම් කියලා හිටියා මතකයි….

සුන්දර කදුමුදුනක පිහිටලා තිබ්බ වෙදමැදුරට හන්තාන කඳු වැටියත් නෙල්ලිගල පුදුබිමත් හරි අපුරුවට පෙනුනා ……

නිස්කලංක වටපිටාවක තිබුනු වෙදමැදුරේ ධාතුන් වහන්සේලා වැඩ සිටින කුඩා බුදුකුටියක් පවා තිබුනා…..

වෙදමහත්තයා කුටියට මන් ඇතුල් වෙනවාත්

එක්කම ඝාණ්ටාරේ නාදයක් පැතිරිලා ගියේ…

වෙදමහත්තයා මා දිහා විනිවිද යන බැල්මක් යොමුකරද්දී……

මට එතුමා නෙතගැටුනු මොහොතේ එතුමා ගැන හරිම ලෙන්ගතු ගෞරවාන්විත හැඟිමක් දැනුනේ.

එතුමා ගැන කිව්වොත්…..

එතුමා ⁣කොණ්ඩෙ රැවුල වවපු සුදු සරම සුදු කමිසෙ අඳින තලෙලු පාට උස පුද්ගලයක්..තේජාන්විත පෙනුමයි සිංහයෙක් වගේ..දක්ෂ හෙළ වෛද්‍යවරයක් ..අති දක්ෂ අංගම් සටන් ශිල්පියෙක්..ත්‍රීපිටකය පිලිබඳ හොඳ දැනුමක් තියෙන කෙනෙක්..ඉතිහාසය ,තාක්ෂණය ,ගොවිකම කලාව ,සංගිතය වගේ හැම ක්ෂේත්‍රය ක් ගැනම හොඳ දැනුමක් තියෙන කෙනෙක්..

.එතුමාට පුළුවන් මූණ බලල ලෙඩ කියන්න..නාඩි බලනනෙවත් නැතිව..ඉතිං ලෙඩේ කිව්ව..අක්මාව ආශ්‍රිත ගැටලුවක් කියල..ඒතුම හරිම කරැණාවන්තයි..

මගෙන් ප්‍රශ්න ඇහුව ..

මට කිව්ව ඔයා දැක්ක ගමන් මම අඳුරගත්ත ඔයා කවුද කියල කියල කිව්ව..මට තේරැනේ නැ..එතුමාට අධිමානසික හැකිය තියෙනව..සිත් කියවන්න පුළුවන් ..මගෙන් එ ප්‍රශ්න පහක අහල එයා කිවව..

ඔයා නාග සම්භවයක් තියෙන ස්ත්‍රියක කියල..ඒ ප්‍රශ්න වල අන්තිමට ඇහුවෙ වෙදමහත්තය ව දැකල පුරැදුද කියල.

මම ඔව් කිව්ව..

මොකද දඉන්ටනෙට් එකේ එතුමා දැක්ක වෙලේ ඉඳන් මට මොක්දද වුනා..එතුම ලඟට යන්න පුදුම උවමනාවක් ආවේ….

එතුමා දුන්න පිළිතුර නිසා…මට හුස්ම ගන්නත් අමතක උනා වගේ දැනුනේ……

මතුසම්බන්ධයි