දෙවන දිගහැරුම ….
“අනේ මන්දා..ඕයි තමසෙගෙනුත් තින්නේ පිදුම වදයක්…එනවා..යන්න…”
” මේ අහනවකොලොකු..තමසේ අප්පච්චිට කියලා ඇරලවා ගන්නවකො..බලනෝ..තමසේ නිසා මට කෙල්ලෙක්ටවත් ටොක් කරන්න බෑ…නේ .”
” ඇයි..මන් නිසා ටොක් කරන්න බැරිවෙන්නේ.. ඇත්ත පිළිගන්නවා පොඩ්ඩා …”
” මොනවද ඇත්ත ….
ආ..ලොකු..”
” තමසෙගේ ඔය රිලා මුණටයි…ඇටකටු ගොඩයි දැක්කාම කෙල්ලෙක් කැම්ති වෙයිද “
” මොකක් තමසේ..මටද ඕයි රිලා මුණක් තියනෝ..කිව්වේ …”
” ඔව් .පොඩ්ඩක් කණ්නාඩිය ඉස්සරහට ගිහින් බලනවා..
මුණ…හිකනලා වගේ ..”
” මොකක්..මේ..ලොකූ තමසේ මට කියල ඔය කට තලාගන්නේ නෑතුව යන්ද..”
අඩේ..මේ..සකුණි…ඒ..මංජරී පොඩ්ඩක් වරෙන්කො ….”
” මොකො..චතු..”
” මේ අහපන්කො..ඊයේ රෑ මන්..යුටියුබ් එකේ..සර්ච් පාරක් දාද්දි මට මාර වීඩියෝ එකක් දැක්කනේ..බන්..”
” මේ ..චතූ..අපි ඉන්නේ .කෙමෙස්ට්‍රි ලැබ් ඒකේ පුතෝ..මේකේ..බිත්ති වලටත් කන් තියනවා..උබ බලපු වීඩියො එක..එයිටින් පල්ස් නම්..නොකියා ඉදහන් අම්මා…”
” අනේ.සකූ.. රෙද්දක් නොකියා ඉදහන්…ඕකන උබල එක්ක මොනවත් කියන්න බැරි …”
” හරි හරි..චතු උබ කියහන්කො..ඕක තෙපරබානේ නැතුව ..”
” මේ.කයි එකේ .ගියේ .දේශිය වෙදකම ගැන .. එක ඊයේ නුවර පැත්තේ වෙදමහත්තෙයක් ගැන කිව්වා..අම්මො..එයාගේ.
ලස්සන බන්..මට හොයාගෙන ගිහින් ඉඹින්න හිතුනා .බන්..පට්ට හැන්ඩියා ..ගොඩ වෙදෙක් කියලා හිතන්නත් බෑ..”
” දැන් උබ ඕක කියන්නද බන් තෙපර බෑවේ…”
” නැ..අහපන්කො.එයාට පුලුවන්ලු..ඕන ලෙඩක් සනීප කරන්න…මුණ බලලා ලෙඩෙ හොයා ගන්නවලු…”
නෙතු තව මොනාද කිව්වත් මට ඒ කිසිම දෙයක් ඇහුනේ නම් නෑ…..මට දැනුනේ..ඒ කියන කෙනා මන් දන්නවා වගේ හැගීමක් …..
කොහොමහරි එයාව බල්ලන්න යන්න ඕනී…..
” ඒ..මංජු……..”
” ඕ..කියහන්..සකූ…”
” උබ මොන ලෝකෙද බන් හිටියේ…”
” නෑ..බන් මට මේ එකපාරට අම්මා කියපු දෙයක් මතක් උනා එකයි….අන්න මිස් එනවා වරෙන් යමු…දන්නවනේ පොඩ්ඩක් එහා මෙහා උනොත් අපිව කන්න බලන්නේ ඉන්නේ..”
එද..ඉස්කොලේ ඉවර වෙනකන් මන් හිටියේ ..පුදුම අමාරුවෙන් ගෙදර ගිහින් චතූ කිව්ව වෙදමහත්තයා බලන්නකන් මට ඉවසිල්ලක් තිබ්බේ නැ…
අම්මා…….”
” දෝණි ඇයි පුතේ ..ආයි ඇඟ රිදෙනවද පුතේ . .”
” කොහෙද ඔයා කොච්චර කිව්වත් ඉංග්‍රීසි බෙහෙත් ටිකක් ගන්න යන්න එන එකක් ඈ… පැඩොල් ඇරුනාම කසායම බොනවා මිසක්…
” නෑ..අම්මා මේ..මන් පොඩි දෙයක් අහන්න ආවේ .මේ..”
” කියන්න පුතේ ..”
” අම්මා අද ඉස්කොලේදී චතු වෙදමහත්තෙයක් ගැන කිව්වා..එයාට ඕන ලෙඩක් සනීප කරවන්න..පුලුවන්ලු..ඇවිදින්න බැරි අයව වුණත් ඇවිද්දවනලු…මේ…අපි යමුද…”
” කොහෙද පුතේ ලග පාතක නම් යමු දෝණි ..ඔයා ඔය බඩේ අමාරුව නිසා කොච්චර කාලයක් තිස්සේ විදවනවද..”
” මේ…අම්මා එයා නුවර ..”
” පිස්සුද දෝණි ..කවුද අනික දන්නේ ඕව ඇත්තද කියාලා විකාරවැඩ නොකර ඉන්න..”
” අනේ.අම්මා කොහොම හරි යමුකෝ….”
මට බෙහෙත් ගන්නවටත්
වඩා ඕනී උනේ..එයාව ඇස් දෙකෙන් බලා ගන්න…මන් ගෙදර ආව ගමන් කලේ ෆොන් එකෙන් චතු කිව්ව විඩියෝ එක බලපු එක ..ඒ වෙලාවේ ඉදන් මට ඕනිම උනේ..කොහොම හරි එහෙ යන්න…
ගොඩාක් අය සිංහල බෙහෙත් බොන්න අකමැති උනත් මන් තේරුම්කමක් තියන කාලේ ඉදන් ආස උනේ සිංහල බෙහෙත් බොන්න විතරයි ..
මන් කාමරේට ඇවිත් හොදටෝම ඇඩුවා…..
රෑ කෑමටවත් මන් ගියේ නෑ..
අඬ අඬ ඉද්දී මට එහෙම්ම නින්ද ගියා..
උදෑසන්ම..ශිරයෙන්..හා..කහ දියරයෙ…මාගේ ගත දෝවනය කරන…සුවද ධූපයන්…සුවද පැනින්..මා..දොවා.
රාජකීය වස්ත්‍රාභරණයෙන් හා..අභරණයන්ගෙන් ..මල්මලාවලින් සේවිකාවන් විසින් යුහුසුළුව මා සරසවන්න විය.
” ප්‍රමිලා..බිසවනි…..කුමරිය සරසා…අවසන්..උබ තුමියට කුටියට පැමිණිමට අවසර….”
” ඕ…මගේ…දියණිය.. මණිමෙඛලා ..ඔබ අදනම්..දෙවඟනන් පරයවී….”
සියළු චාරිත්‍ර අවසනායේ….මැණියන් හා පියාණන්ගේන් සමුගෙන මා අයෝධ්‍ය කුමරුන හා..ඔහුගේ මැදුරා බලා..පිටත් විණි
අනේ..දෝණි …පුතේ …
” අපේ මහත්තයා අනේ එන්නකො..දෝණිට සහලෝලා උණ….”
” මොකද මේ ඒක පාරට…”
” දෝණි කවදාවත් නැතුව ඊයේ මා එක්ක ට්කක් සැරෙන් කතා කරා ..මන් හොදට දොස් කිව්වා ..”
” ඒ මොකක්ද ..ඒ…”
” මේ..නුවර පැත්තේ වෙදමහත්තයක් ඉන්නවා කියලා යමු කියලා කවදාවත් නැතුව අඬන්න ගත්තා ම්න් ඉතිං ටිකක් සැර කරා මහත්තයා …එච්චරයි ..”
” දෝණි එහෙම කිසිම දෙයක් ඉලන්නෙ නෑ නේද..නෝනේ..ඔන ඔහේ අපි එක්ක යමු .එයාට යන්න හිතෙනවා ඇත්තේ මොකක් හරි හේතුව නිසානේ…”
මතුසම්බන්ධයි