මම ටික දවසක් පොඩි බ්‍රේක් එක්ක ගන්නවා අලුත් කතාව දෙනකන් ..එතකන් මේ මන් ලියලා ඉවර් උන කතාවක් ඔයාලට දෙන්නම්..හුගාක් ලස්සන නැතුව ඇති..🌹❣💖

“! මෙම නවකතාව සත්‍ය කතාවක් ඇසුරින් දිගැහැරෙන අතර.මෙහි එන නම් ගම් ස්ථාන සියල්ල මනංකල්පිතයි.

රසවින්දනය සදහා ඇතැම් සිදුවිම් මෙයට මා විසින් නිර්මානය කර ඇතුලත් කර ඇති බව දැනුම් දෙමි. !”

පළමු දිග හැරුම…..

සුපුරුදු පරිදි රාත්‍රීයේ වයලීනය ලයට තුරුලු කරගෙන මා බැල්කනියට වෙත පා තැබුවේ තත් අතර මොහොතක් තනි වීමටය.

🎻 බලා..වැලපෙමි නෙලා

ගනු බැරි

හන්තාන සිහිනේ….

දරා නෙත් අග

දොවා සිත් මල්

ගොතනු මැන ළදුනේ

සංසාර සාර සිහිනේ..”🎻

පුරා හොරාවක් ඉක්මවා වයලිනයේ තත් අතර සිරවී සිටි මා..එම දැහැනින් මිදී…කාමරය වෙත පා තබා …යහන මත දිගාවුයේ ….ශිව දෙවියන් සිහිකරගනිමිනි.

හස්තිශෛලපුර උත්සවත් ශ්‍රීයෙන් ඇල්ලි ගොසිනි.මුළු පුරය මිහිබට සුරපුරයක් මෙන්..නෙක වර්ණයේ පුෂ්පයන්ගෙන් මල්ලියකම වලින් අලංකාරවී පවති.

” කුමරියනි…කිමද ඔබ තනිව සිනාසෙන්නෙ…..

අයෝධ්‍යා කුමරුන් සිහි වුනිද…

සිහින නොදකින්න කුමරියනි…

තව හොරා කිහිපයකින් ඔබ තුමී…ඔහුගේ පතිනියයි…”

” කෛකේසි…මට මෙය සිහිනයක් වාගේ..ඔහුගෙත් මාගෙත් විවාහය…..”

” මණිමෙඛලා…එය සිහිනක්ම නොවුනු ඇත….ඔබ කුටිය වෙත ගොස් සැතපෙන්න….
ඔහ හෙට අළුයමේ අවදිවිය යුතුයි ..”

” මා නැගණිය ..කෛකේසි එන්න මා හා සැතපෙන්න .හෙට සිට මාහට ඔබ හා හිදිමට නොහැකි .එම නිසා මේ රාත්‍රීය මාහා හිදිමු…..”

” අහො..මගේ..සොයුරිය ඔබ නැතුව මා කෙසේ මේ මාළිගයේ වෙසෙන්නද මා හට එය සිතන විටත් දරා ගනු බෑ…..”

” නැගණිය එන්න මා තුරුලට..”

දෝණි …..

” කෝ…දරුවෝ නැගිටින්නෙ නැද්ද ….මාස කියද විභාහගෙට ඔහොම හිටියාම හරියයිද..”

” අනේ.අම්මා ….”

” ඇයි දෝණි අදත් එහෙමද….”

” ඔව්..අම්මා ඉවසන්න බෑ ..”

” අනේ මන්දා…දරුවෝ .ඕකට කොච්චර බෙහෙත් ගත්තද කිසිම අඩුවක් නෑනේ…අද ගෙදර ඉන්න අපි ටිකක් දවල් වෙලා බෙහෙත් ටිකක් ගන්න යමු…”

” බෑ..අම්මා අද ඉස්කොලේ යන්නම ඕනි..අද කෙමෙස්ට්‍රි වල පැට්ට්‍රිකල් වගයක් කරනවා කිව්වා..මට පැන්ඩොල් දෙකක් දෙන්න මන් බිලා යන්නම්…..”

” අනේ මන්දා..දරුවෝ මටනම් බයත් හිතෙනවා වෙලාවකට…”

මන්…වර්ණා මංජරී රාජපක්ෂ මෙවර උසස් පෙල පෙනි සිටින්න නියමිත යුවතියයි..

සකුන්තලා පෙරේරාගෙත්

වසන්ත ඉදුණිල් රාජපක්ෂගෙත් එකම දුවණිය..

” පොඩ්ඩා එනවකෝ ඕයි ඉක්මන්ට .අනේ මන්දා තමුසෙත් දවල් වෙනකන් නිදාගෙන පස්සේ ඉස්කොලේ යන්න පරක්කු වෙනවා..”

මේ මන් කතා බනින්නේ වෙන කාටවත් නෙවෙයි .මගේ වදකාරයා එහෙම නැත්නම් මගේ එකම සහෝදරයා

මංජර සඳකැළුම් රාජපක්ෂ

පොර හිතන් ඉන්නේ එයා මගේ අයියා කියලා ඒ උනත් ඒකා තමා දහය වසරේ ඉගෙන ගන්නේ…

අපි දෙන්නාම යන්නේ ඇතුගල මහා විද්‍යයාලයට..මගේ අසනීප තත්වේ නිසා මට තනියම කොහෙවත් යන්න විදිහක් නෑ.

ගෙදර ඉදන් හැමදාමත් මල්ලි එක්ක එයාගෙ බයිසිකලේ තමයි අපි දෙන්නා යන්නෙ.ඒ නිසා හැම උදේකම මට ඌගේ රෙස්පෙක්ට් බල බල ඉන්න උනා..

ටිකක් වෙනස් විදිහකට ලියවෙන කතාවක් ඔයාලගේ අදහස් එක්ක ඉදිරියට යාවී..