සිතින් විතරක්

දා හතර…14

මම අමාරුවෙන් ඇස් දෙක ඇරියා. මොනවද වුනේ මොනවද වෙන්න යන්නෙ කියලා මට තේරුමක් තිබුනෙ නෑ.

ටික ටික වට පිටාව පැහැදිලි වෙන්න ගත්තා. මම මේ කොහෙද ඉන්නෙ. මම හතර වටේටම ඇස් කරකවලා බැළුවා.

වේගයෙන් කරකැවෙන විදුලි පංකාවක් මගෙ ඔළුවට ඉහලින් කැරකුනා. ඔළුව කකියනවා ඉන්න බෑ. මම අත උස්සලා ඔළුව අත ගාග න්න හැදුවා.

දඟලන්න එපා.. ඔය සේලියින් එක අවුට් යයි… ඔහොම ඉන්න..

නන්නාදුනන ගැහැණු කට හඬක් ඇහිලා මම ඒ දිහාට හැරිලා බැළුවා. එයා ඇවිත් මගේ අතින් අල්ල ගත්තා. එතන හිටියෙ හෙදියක්.

එතකොට මම මේ ඉන්නනෙ රෝහලකද.. ඒත් මේක සාමාන්‍ය රෝහලක් නෙවී. වටපිටාවෙ තිබුනෙ සුකෝපභෝගී බවක් ඒ කියන්නෙ මේක පුද්ගලික රෝහලක්.

ඒත් මම කොහොමද මෙතෙන්ට ආවේ. මෙතෙ න්ට එන්න මට මොනවද වුනේ.. මම පහුගිය දේවල් මතක් කරන්න උත්සහ කලා. ඒත් මට දැනුනෙ දරාගන්න බැරි හිසේ වේදනාවක්. වේදනාව වැඩි කමට මට කෙඳිරි ගෑවුනා.

ඇයි ඔයාට අමාරු ද හුඟක්…

එයා ඇහුවෙ හුඟක්ම කාරුණික කටහඬකින්.

ඔළුව කකියනවා…ඉන්න බෑ…

මම ආයිම කෙඳිරි ගෑවා.

බෙහෙත් දීලනෙ තියෙන්නෙ දැන්..නිදාගන්න

කො ටිකකින් වේදනාව අඩුවෙයි.. එයා ආයිම කලින් හඬින්ම කිවා.

මිස්… මම එයාට කතා කලා.

ඇයි..?

ම..ට… ම..ට මොනවද වෙලා තියෙන්නෙ…

මම ඇහුවෙ පුදුමෙන් මෙහෙම රෝහල් ගත වෙන්න තරම් අසනීපයක් මට තිබුනෙ නෑ. නලලෙ තුවාලෙ ඒ තරම් අමාරු එකක් නෙවී.

ලොකු අමාරුවක් නෑ.. ඔය නලලෙ තුවාලෙ නි සා ටිකක් පේන්ට් වෙන්න ඇති හස්බන්ඩ් බය වෙලානෙ හොඳටම.. උස්සගෙන දුවගෙන ආපු විඳිහට අපිත් බය වුනා.. ලොකු අමාරුවක් කිය ලා.. හස්බන්ඩ් හුඟක් ආදරෙයි වගේ වයිෆ් ට…

එයා කියවගෙන ගියෙ හිනාවෙවි. මට කිසිම දෙයක් හිතා ගන්න බෑ.. මම සිද්ධවුන දේ සිහි කරන්න හුඟක් උත්සහ කලා. මට ඒ සිදුවීම් පෙල ආයිම මැවිලා පෙනුනා. එතකොට එත කොට මාව මෙහාට ගෙනාවෙ කවුද..?

මට සෙත් සර්ගෙන් කරදරයක් වුනේ නැතිද.. නෑ එහෙම දෙයක් වෙන්න විඳහක් නෑ…. එහෙම උනානම්.. මට මේ වගේ තැනකට එන්න වෙන්නෙ නෑනේ. ඒත් සෙත් සර් කෝ එයාට මොනවද වුනේ..

සීයා පප්පා.. ඒත් එයාට එහෙම දෙයක් කරන්න පුළුවන්ද.. මට මේ කිසිම දෙයක් හිතා ගන්න බෑ.

බය වෙන්න එපා..ඔයාට ඒ තරම් අමාරුවක් නෑ.. ඒක පොඩි තුවාලයක්.. හවස් වෙද්දි ගෙදර යන්න පුළුවන්.. දැන් ටිකක් රෙස්ට් කරන්න කො.. හිසේ කැක්කුම අඩුවෙයි..

මම මොනවත් නොකියා එයා දිහා බලාගෙන හිටපු නිසාද කොහෙද එයා ඒ ගමන කීවා.

ඒ කියන්නෙ නලලෙ තුවාලෙ ඇරෙන්න වෙන කිසිම දෙයක් මට වෙලා නෑ. ඔව් මට දැනුනෙ හිසේ කැක්කුම විතරයි. මට සෙත් සර්ව තේරුං ගන්න බෑ එයාම එයා නරකයි කියලා කීවත් එයා නරක කෙනෙක් නෙවී කියලා මට දැනෙනවා.

හුඟක් වෙලවට හදවත දැනෙන දේ බොරුවක් නෙවී. එහෙම නං එයා අර විඳිහට හැසිරෙන්නෙ ඇයි..? ඒත් එක්කම වගේ මට තද නිදිමතක් දැනුනා. මම ඇස්දෙක පියා ගත්තා.

මිස්ටර් මංචනායක.. වයිෆ්ට ඒ තරම් අමාරු වක් නෑ… ඔයාට දැන් එයාව ගෙදර එක්ක යන්න පුළුවන්.. එයා ටිකක් වීක් ඒක නිසා තමා පොඩි දේකින් උනත් පේන්ට් වෙන්නෙ..

ඔය ඩයටිං ප්ලෑන් එහෙම ටිකක් අමතක කරලා කාලා බීලා ඉන්න කිය න්න.. ඉස්සහට අම්මා කෙනෙක් වෙන්න ඉන්නකොට ඔහොම වීක් වෙලා බෑනි…

මට ඇහැරුනේ ඒ නන්නාදුනන හඬට. කවුරු කවුරු ගැන කාටද මේ කියන්නෙ කියලා මට හිතා ගන්න බෑ. මම යන්තමට ඇස් ඇරලා බැළුවා. රූම් එකට ආවෙ පිරිමි දෙන්නෙක්. එක්කෙනෙක් නං සෙත් සර් කියලා මට අඳුන ගන්න පුළුවන් එතකොට අනිත් කෙනා.

දැන් කතා කලේ එයා වෙන්න ඕනි. එතකොට එයා ඩොක්ටර් කෙනෙක් ද.. මට තේරෙන්නෙ නෑ මේ සිද්ධවෙන දේවල්. සෙත් සර් කියන්නෙ ඇත්තටම මට විසඳගන්න බැරි තරම් සංකීර්ණ ප්‍රහේලිිකාවක්.

වෙලාවකට නෙවී හුඟක් වෙලාවට එයා වැඩ හිතක් පපුවක් නැති කෙ නෙක් වගේ. වචන දහයක් කතා කලොත් අටක්ම කියන්නෙ මට රිදෙන ඒවා. රිදෙන බව දැන දැනම එයා මට මහ හුඟක් රිද්දනවා.

ඒ කරලා හිතා ගන්න බැරි වෙලාවක මේ වගේ දේවල් කරනවා.මට කො හොමත් එයාව තේ රුං ගන්න බෑ. ඉතිං මම කොහොමද හිත න්නෙ එයා නරක කෙනෙක් කියලා.

ඒ වෙලාවෙ මට බයටම සිහි නැතිවෙන්න ඇති. මම හිටියෙ බයෙන් හිරිවැටිලා. මට තේරෙ න්නෙ නෑ මේ වෙන දේවල්. අර තරම් බීලා කෙලින් ඉන්න බැරිව හිටපු කෙනා කොහෙමද මාව මෙහෙම මාව හොස්පිටිල් එකකට අරගෙන ආවෙ මට මේ කිසිම දෙයක් තේරෙන්නෙ නැත්තෙ ඇයි.

ඒ දෙන්නා මගෙ ලඟට ආවම මම ඇස් ඇරියා. මට ඕනි වුනේ සෙත් සර්ගෙ මූණ දිහා බලන්න. ඒත් එයා උන්නෙ අනිත් පැත්ත හැරිලා. එයත් එක්ක ආව ඩොක්ටර් මාව පරීක්ෂා කලා.

මිස්ටර් මංචනායක…ප්‍රශ්නයක් නෑ.. දැන් වයිෆ්ව ගෙදර එක්කගෙන යන්න පුළුවන්.. මම විටමින්ස් ටිකක් දෙන්නම්.. ඒක ගත්තාම හරියයි.. මිසිස් මංචනායක ඔයා ටිකක් වීක්.. ඒ නිසා කෑම බීම ගැන ඔයිට වඩා ටිකක් හිත න්න ඕනි…

ඒ ඩොක්ටර් සෙත් සර්ටයි මටයි දෙන්නටම කීවෙ එක පාර. එතකොට නං සෙත් සර් එක පාරම හැරිලා මගෙ දිහා බැළුවා. ඒ බැල්මෙ මොනවද තිබුනෙ කියලා මට හොයා ගන්න බැරිවුනා. මම එහෙම්ම ඩොක්ටර් දිහා බලලා හිනාවුවා. අර හැඟීමක් කියව ගන්න බැරි ඇස් තරහින් රතු වෙනවා මම දැක්කා. මම එහෙම්මම ඇස් බිමට බර කරගත්තා.

හ්ම්ම්… ඉක්මනට ලෑස්ති වෙනවා ගෙදර යන් න මල කරදරේ ටික ඇත්තං පේන්ට් වෙනවා…

ඒ හඬින් ගැස්සිලා මම ඇස් උස්සලා බැළුවා. මම හිතුවා හරි අර ඩොක්ටර් රූම් එකෙන් ගිහින්. ඒක තමා මෙයා මේ කෑ ගහන්න තියා ගත්තෙ මෙත න. ඇත්තටම මට හිනා යන්න ආවා. මේ රඟපෑමේ තේරුම මොකක්ද කියලා මට තේරෙන්නෙ නෑ.

සැරයක් කීවම තේරෙන්නෙ නෑද හලෝ ඉක් ක්මන් කරනවා… මට තව වැඩ තියනවා ගෑ..ණු කරගහගෙන එහෙ මෙහෙ යනවට වැඩිය..

එයා ආයිම කෑ ගහන්න තියා ගත්තා. මම ඉක්මනින් ඇඳෙන් නැඟිට්ටෙ තවත් බැනුම් අහන්න බැරිකමට. අමුතුවෙන් ලෑස්ති කරන්න දේවල් තිබුනෙ නෑ. ඒක නිසා ඇදෙන් බැහැලා එයා එක්ක යන්න විතරයි තිබුනෙ මට.

එයා යන වේගෙට එයත් එක්ක හරි හරියට යන්න නං මම පස්සෙන් දුවගෙන තමා යන්න ඕනි. ඒ මේ වෙලාවෙ නං මං හිතින් වගේම ගතිනුත් දුර්වලයි හොදටම.

ඉතිං හැමදාම ජිම් එකට ගිහින් ගෙදරත් පැ ගානක් එක්සර්සයිස් කරලා පිට්නස් හදාගත්ත කො..ල්ලෙක් එක්ක එහෙම ඇවිදගෙන යන්න මට බෑ. මම එයා පිටි පස්සෙන් ගියෙ හෙමින් හෙමින්.

කොරිඩෝවෙදි අපිව පහුකරගෙන ගිය කෙ ල්ලො නර්සස්ලා ලේඩි ඩොක්ටර්ස්ලා පවා හැරි හැරි සෙත් සර් දිහා බලද්දි නං මට ටිකක් විතර තරහක් දැනුනා. ඒක හිතේම හංගගන්නවා ඇරෙන්න මම මොනා කරන්නද ඉතිං.

දෙතුන් පාරක් ආපහු හැරිලා මගෙ දිහා බලලා රැව්වෙ ඉක්මන් කරන්න කියලා වෙන්න ඇති. ඒත් ඉක්මන් තියා හෙමින්වත් යන්න බැරි තරම් වෙහෙසයි මට.

එහෙම එන්න බෑ කියලා මම කීවේ ඇස්වලින්. මම කියපු දේ තේරුනාද මන්දා එයා ගමන බාලකල. අපි දෙන්නා නතා බහක් නැතුව ඇවිත් වාහනේට ගොඩවුනා. එයා කතා කලොත් ඇරෙන්න මට කතා කරන්න බෑ.

ටික දුරක් ඇවිත් එයා එකපාරම වාහනේ ෆාර්මසි එකක් ලඟ නතර කලා. බහින්න එපා කියලා මට ඇස් වලින් කියන ගමන්ම එයා වාහනෙන් බැස්සා.

එයා ෆාර්මසි එකෙන් ආවේ පොලිතීන් බෑග් හුඟාක් එල්ලගෙන. එයා ඒ සේරම මගෙ අතට දුන්නා. එකක නං තිබුනෙ ඩොක්ටර් ලියලා දුන්න බෙහෙත්. අනිත් උරවල කිරිපිටි කිරි පැකට් බිස්කට් චොක්ලට් ඇපල් මිදි දොඩම් විතරක් නෙවී ටොෆි පවා තිබුනා. එතකොට මෙයා මේ හැමදේම අරගෙන තියෙන්නෙ මටමද.?

සර් මේවා මටද..? මම ඇහුවෙ පුදුමෙන්.

නැතුව මට ද… ටොෆි චොක්ලට් කන්න මං පොඩි එකෙක් නෙවී….

මගෙ දිහා බලලා රවාගෙන එහෙම කීවට ඒ වචන වල තිබුනෙ තරහක් නෙවී. ඒ කියන්නෙ එයාට මාව පේන්නෙ පොඩි එකෙක් වගේද.. ඔව් ඉතිං පොඩි එකෙක් තමා.

අවුරුදු දහනවයක් කියන්නෙ අම්මා තාත්තා හිටිය නං තාමත් එයාලා එක්ක හුරතල් වෙන වයස. ඒත් ඉතිං මොනා කරන්න ද මේක මගෙ දෛවය.

ඇත්තටම මේක පුදුමයක් මට. කොහොමත් අපිට මේ වගේ කෑම බීම ලැබෙන්නෙ කලා තුරකින්. ඒකත් ඉන්න හැමෝටම එක සමාන ව. එතකොට ඒකෙ කිසිම විශේෂයක් නෑ.

ඒත් මෙහෙම මටම විතරක් ලැබෙන කොට ඒක හරි වෙනස් අත්දැකීමක්. ඒ හැඟීම කියන්න මට තේරෙන්නෙ නෑ. හරියට තාත්තා කෙනෙක් අයියා කෙනෙක් පුංචි එකෙකුට මෙහෙම දෙයක් දුන්නාම දැනෙන හැඟීම වගේ හැඟීමක්. මගෙ ඇස් වලට කඳුළු පිරුනෙ මටවත් කියන්නෙ නැතුව.

ඒ කිසිම දෙයක් කන්න හිතුනෙ නෑ. මම බෑග් ගොඩම තුරුල් කරගෙන හිටියෙ හරිම ආශා වකින් ලෝභකමකින්. හරියට කවුරු හරි ඇවිත් ඒවා උදුරගෙන යාවි කියලා බයෙන් වගේ.

ඩොක්ටර්..කීවා නේද හොඳටම වීක් කියලා දැන් ඔය බෑග් ගොඩ බදාගෙන ඉදලා හරිය නවද…?
මං දිහා බලන්නෙවත් නැතුව පාරට ඔරෝගෙ න එයා ඇහුවා. මොනවද කියන්නෙ කියලා මට තේරුමක් තිබුනෙ නෑ.

කන්න ලෝභයිනෙ….
හිතට දැනුන දේ මම එහෙම්මම වචන වලට එකතු කලා. එයා මගෙ දිහා හැරිලා බැළුවෙ අවතාරයක් දැක්ක කෙනෙක් වගේ පුදුමවෙලා. මම එහෙම කියයි කියලා එයා හිතන්න නැතුව ඇති.

එයාට තේරුං ගන්න අමාරු වෙන එක පුදු මයක් නෙවී. සීයා පප්පා පුංචි දවස්වල ඉදන් එයාට ඉල්ලන ඉල්ලන දේවල් සමහර දේවල් ඉල්ලන්නත් කලින් දෙන්න ඇති. ඉතිං ඒවගෙ අගයක් වටිනාකමක් නැති එක පුදුමයක් නෙවී.

ඒත් අපිට එහෙම දේවල් ලැබෙන්නෙ හුඟක් කලාතුරකින්. ලැබුනත් හැමෝටම බෙදා හදාගෙන කන්න වෙන්නෙ. ඉතිං මෙහෙම තනියම මේ ගේ දෙයක් ලැබුනාම ඇත්තටම ඒක හරි වෙනස් හැඟීමක්.

ඕක කනවා… ඕනි තරම් අරගෙන දෙන්නං මං…නැත්තං බදාගෙන ඉදලා ටික බැරිවුනාම.. වැටෙනවකො පේන්ට් වෙලා..

ඒ වචන වල තිබුනෙ තරක් නෙවී. මට තේරෙ න්නෙ නෑ. මට හිතා ගන්න බෑ. ඒත් මම දන්න වා. ඔයා මොනා කීවත් ඔයා නරක කෙනෙක් නෙවී කියලා. මට හිත හදා ගන්න ඒ ටික විතරක් ඇති.

එයා එහෙම කීවට පස්සෙ ඉතිං මට තව කි යන්න දෙයක් තිබුනෙ නෑ. මම ඒ තිබුන ඒව ගෙන් චොක්ලට් එකක් අරගෙන කන්න ගත්තා. හරියට පුංචි එකෙක් වගේ. ඇත්තටම අපිට තිබුනෙ හරිම පුංචි හින. තනියම මේ වගේ චොක්ලට් එකක් කත එකත් එහෙම හීනයක් වෙලා තියෙන්න ඇති.

මීට කලින් නොදැනුන මොකක්කෝ සැහැල්ලු සිතිවිල්ලක් හිතට දැනුනා. මම චොකලට් එකත් කකා පොඩි එකෙක් වගේ වටපිට බල බල ඉන්න දිහා එයා බැළුවෙ ඇස් කොනකින්. එහෙම බලලා හොරෙන් හිනා වෙනවා මට පේනවා.

ආඩම්බරකාර නපුරා, තියන නපුරු ආඩම්බර කමට හිනා වෙන්නවත් බෑ හරියකට. කමක් නෑ ඉන්නකො මම ඉක්මනින්ම ඔයාව හින ස්සනවා. එතකොට ඔයා හිනාවෙයි හරි ලස්සනට.

අම්මෝ එතකොට හැමතැනම ඉන්න නැට්ටි ච්චියන්ටත් හිනාවෙවි යයි ද දන්නෙ නෑ. එහෙම හිනා උනොත් නං කඩනවා කට. මම තනියම හිතුවා ඇත්තටම මට පිස්සු ද මන්දා. විකාර හිතන්නෙ මෙහෙම. ඒත් මටම තේරෙ න්නෙ නැති මොකක්ද හිතිවිලි වැලක මාව නොසන්සුන් කරනවා.

පොඩි එකා වගේ ඇඟ පුරා නාගෙන චොක්ලට් විතරක් කකා ඉන්නවා.. ඇඟට අල්ලන දෙයක් කන්න එපා…

මම චොක්ලට් එක බදාගෙන කන විඳිහ දැක ලද කොහෙද එයා ඒ ගමන කිව්වා. කන්න එපා නං අරං දෙන්නෙ මොකද..? මට එහෙම අහ න්නත් හිතුනා. ඒත් ඉතිං මොනාවත් කියන්න පුළුවන් ය. මම හිනාවෙලා බිම බලා ගත්තා.

හැම එකටම හිනාවෙවි ඉන්නවා.. හරියයි එකතොට…
ඒ ගමන එයා ආයිම ඔරවන්න තියා ගත්තා.

වාහනේ ගෙදර පෝටිකෝ එක යට නතර තරනකොට මම දැක්කා සීයා පප්පා මඟ බලාගෙන ඉන්නවා සලෙට වෙලා. එයා පව්. මං අසනීපෙන් කියලා බයවෙන්න ඇති. වාහනේ නතර කරපු ගමන්. මම බෑග් ටිකත් වාහනේ දාලා ඉක්මනින් වාහනෙන් බැස්සා.

මේ හලෝ… මේකෙ ඩ්‍රයිවර්ස්ලා නෑ.. මේ ටිකත් අරගෙන යනවා..අර නපුරා කෑ ගැහුවා.

පස්සෙ ගන්නම්…
කියාගෙන මම දිව්වෙ සීයා පප්පා ඉන්න තැන ට. ඇත්තටම මටත් පුදුමයි මම එයාට එහෙම කීවද කියලා.

මගෙ පුංචි සුරංගනාවි… කොහොම ද මැණික දැන් ඔයාට හොඳයි නේද..?
මාව දැක්ක ගමන් මගෙ අත්දෙකෙන් අල්ල ගෙන සීයා පප්පා ඇහුවා.

ඇත්තමයි ඒ වචන ටිකකට තිබුන හැම වේද නාවම නැතිවුනා. ඒත් ඇයි අප්පා අර නපුරු කුමාරයා මට හැම වෙලාවෙම කියන්නෙ සීයා පප්පගෙන් ඈත් වෙලා ඉන්න කියලා. එයා නං මහම නපුරෙක්.

දැන් හොඳයි සීයා පප්පා..ඒක චූටි තුවාලක්නෙ
… ඔයාලා බය වෙලා..මම කීවේ හිනාවෙවි.

බය වෙන්නෙ නැද්ද…? පැයක් දෙකක් සිහි නැතු ව ඉන්නකොට. මම සෙත්ට හොඳටම බැන්නා.
කො ල් ල ත් බය වෙලා.. හිටියෙ හොඳටම.. එක අතකට එහෙම උන එකත් හොඳයි..ආයිම බීලා ඇවිත් ඔයාව බය කරන එකක් නෑ… එහෙම කියලා සීයා පප්පා හිනාවුනා.

ඒ කියන්නෙ ඒ කියන්නෙ අර නපුරා බය වෙන් න ත් දන්නවද..? මං හිතුවෙ ය කෙ කු ටවත් බය නෑ කියලා. කෑ ගහන විඳිහට. එහෙම හිත හිතා මම ආපහු හැරුනා.

මෙන්න ඩ්‍රයිවර්ස්ලා නෑ කිය කිය කෑ ගහපු කෙනො අර බෑග් ගොඩත් අරගෙනම ගේ ඇතුලට එනවා. මට හිනා යන්නත් ආවා.

සෙත් ඔහොම නවතිනවා… මට උ ඹ ත් එක්ක ටිකක් කතා කරන්න තියනවා… සීයා පප්පා හුඟක් සැර හඬකින් එහෙම කියද්දි සෙත් සර් විතරක් නෙවී මාත් ගැස්සිලා සීයා පප්පා දිහා බැළුවා.

හමුවෙමු.

ස්තූතියි මඟ බලාගෙන ඉදලා කතාව කියන හැමෝටම. ලයික් කමෙන්ට් කරන හැමෝටම. රිප්ලයි කරන්න වෙලාව නැති එකට සමාවෙන්න. එහෙනං අදත් මොනා හරි කියාගෙන යන්න. සෙත් පව් නේද..