24 කොටස

රේෂ්….ශේෂ් ……..හැමදේම රෙඩිනේ……

ඔව්.බොස් ….බොස් කියපු විදිහට හැමදේම ලෑස්ති කරා….

ඔකේ….එහෙනම් යමන්……

රාගව් සිය නවීන කළු පැහැ රියට ගොඩවුයේ.පසු පසින් රේෂ් ශේෂ් ගොඩ වෙද්දීය…..

අඩේ රාගව් උබට හොදටම ශුවර්ද මේ වැඩේ ගැන……

උබ දන්නවනේ මන් මේවා පුරුදු වෙන්න කරන දේවල් නෙවෙයි කියලා….

එක මන් දන්නව..## එත් මන් අහන්නේ මෙච්චර ඉක්මන්ට මේ දේ උබ මේ දේවල් ඉවර කරන්න හදන්නේ …

මන් හිතන් හිටියට වඩා ඉක්මන්ට උන් මේ ගේම් එකට එන්ටර් උනා බන්..මන් මොනවාහරි නොකලොත් මැණිකගේ ජිවිතේ අනතුරේ…..

උන් මේ පාර මට ඇටැක් කරන්නෙ මගේ වීක්ම පොයින්ට් එක බලලා…….

උබ කියන්න හදන්නේ .උන් නංගීව ප්‍රෝපසල් එක ගෙනාවේ උබ කුලප්පු කරන්න කියද..

නැත්නම් බන්.ඌට අර ධනංජය කාරයගේ දූව තීන්දු කරලා තියෙද්දි.මොන මගුලකටද ඌ මන්දිරාගේ ගෙදර යන්නේ……..

එත් ඇයි මෙච්චර දේවල් වෙද්දි චීෆ් සද්ද නැතුව ඉන්නේ……..

රාගව් මට උබේ හිනාවනම් එච්චර ඇල්ලුවේ නෑ….චීෆ් උබේයි මන්දිරාගේයි සම්බන්දේ ගැන දන්නේ නෑනේ……..

උබට පිස්සුද ලකී………

චීෆ් දැන ගත්තෝත් මගේ බෙල්ල ගලවලා දෙයි…

එහෙනම් ඇයි චීෆ් සයිලන්ට් එකේ ඉන්නේ කියහන්…..

ඇයි බුරූවෝ තොට අමතකද මන් මන්දිරලාගේ ගෙදර ගියා කියලා..

අඩේ…..එහෙනම් එක තමයි උබ එක්ක කිසිම බයක් නැතුව එකිව එවලා තියෙන්නේ ..එත් මන් එදා හිතුවා කොහොමද එකිගේ අප්පච්චී දැක්ක දවසේම කිසිම බයක් නැතුව උබවයි එකිවයි එව්වේ කියලා.උබත් මාර ගේම් ගහන්නේ නේද…..

හරි ඕතනින් වාහනේ නවත්තහන්…

අඩේ රා.රාගව් උබට පිස්සුද යකෝ…මෙච්චර මිනිස්සු ඉන්න තැනක කොහොමද අපි ඌව ඉවරයක් කරන්නේ ….

රාගව් ඔහුගේ වදන් නොසැනා සේ වාහනයෙන් බැස ඉතා හුරුපුරුදු අයෙක් මෙන් BQ සමාජ ශලාවට ඇතුළු වුයේ .ආර්ක්ශකයින්ගේ පරික්ශාවෙන් අනතුරුවය..

මූනන් කවදා හරි අපිව මරන්නේ හාර්ට් අටැක් හදවලා….උබලත් ඉතිං මුගේ බූරු වැඩවලට ශපෝට් කරනවානේ.බූරු ඩබල වරෙන් යන්න මූන මොන මරාලක් දාගනිද දන්නේ නෑ…..

යකෝ මූ……..

අර කෙල්ල මේවා දැක්කානම් මූව ඉතුරු කරන්න එකක් නෑ..ගස් ගෙවලයා…..

BQ තුලට ඇතුල් වුන ඔවුනගේ නෙත ගැටුනේ . කතුන්දෙදෙනෙකුට බැදිව බියර් කෑනයක් හිස් කරන රාගව්ය…ඔහුගේ වටා රෑ අගනුන් සැරිසරන්නේ කෙසේ හෝ ඔහු සිය වසගයට ගැනීමටය.

රාගව් හිද සිටි අසුන් නැගිසිටින්නට වුයේ දෑතින් අගනුන් දෙදෙනෙකු දෙපසින් තුරුල්කරගෙනමය.ඔවුන් සමගින් එහිම වූ කාමරයක් වෙත ඔහු ඇතුල් වුයේ …….ඔහුගේ සගයින්ගේ දෑත් කෝපයෙන් මිට මෙලවෙද්දීය……

මතුසම්බන්ධයි