වෙස්
25 වන කොටස
තියෙන නපුරුකම ..රැවිල්ලේ ඉවරයක් නෑ….ඔය සීසීටීවී කැමරා චෙක් කරන්නේ මම විතරයි …අම්මයි තාත්තයි ඒවා බලන්න යන්නෙ නෑ …ඔයා නම් මහ බය ගුල්ලෙක් ….”
එහෙත් එක්වර ම දුටු දෙයින් සෙහංසා ගේ හෘදස්පන්දනය වේගවත් වන්නට වැඩි වේලාවක් ගියේ නැත ….
ඇය ඇසින් සන් කරමින් ඔහුට එය පෙන්වූවාය…
ඒ දුටු පමණින් දිසෙන් ගේ ඇස් විසල් වූයේ ඔහු කිසි ලෙසකින් වත් ඒ මොහොතේදී ඇගේ රුව බලාපොරොත්තු නොවූ නිසාය …..
සෙහන්සා බියට පත් වූ මුහුණට හා අපහසුවෙන් සිනහවක් ගන්නට උත්සාහ කළාය …..
ඔවුන් දෙදෙනා ඉදිරියේ සිටි තැනැත්තිය දෙදෙනා දෙස බලමින් සිටියේ අපහාසාත්මක ලෙස කට කොනකින් සිනා වෙමිනි……
“ඕක තමයි ත/මු/සේ bodyguard එක්ක කරන්නේ …..තාත්තා ගෙනත් දුන්න බොඩිගාර්ඩ් එක්ක ත/මු/සෙ මෙතන ම/ඟු/ල් නටනවා නේද ?….”
“නංගි ත/මු/සේ ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න දැනගන්නවා………….ඔයා මගෙ නංගි මිසක් මම ඔයාගේ නංගි නෙමෙයි………….”
“ඉන්නකො මං මේ සේරම අම්මටයි තාත්තට කියන්න……..’
“කියනවා මම බය නෑ ……එතකොට මාත් කියනවා ත/මු/සෙ දිසෙන්ගේ පස්සේ ගිය ඒවා “
“අපි බලමු ………”
දුලාන්සා ගස්සාගෙන එතැනින් ගියේ දිසෙන් ටද රවමිනි..
“ශේෂා ඔයා කොහොමද ඒව දන්නෙ?….”
“දිසෙන් ඔයා හිතන්නෙ මම කොණ්ඩෙ බෙදපු චීනෙක් කියලද?මට ඔයාවයි එයාවයි හොඳට තේරෙනවා ……….මම ඒ ගැන අහන්න ඔයාගෙ පස්සෙන් පැන්නුවෙ නැත්තෙ මෙතන ඔයාගේ වැරැද්දක් නැති නිසා …………මට බොරු කරන්න බෑ කාටවත් …ඒක මතක තියාගන්න දිසෙන්………”.
“ඔයා නම් මාරයි ශේෂා….ඒක නෙමේ දැන් නංගී මේ ගැන ගෙදර අයට කිව්වොත් අපි මොකක්ද කරන්න ……?”
“ඔයා ඒ ගැන බය වෙන්න එපා දිසෙන්………මම ඔයාට වඩා හොඳට මගෙ නංගි ගැන දන්නවා……….”
දෙදෙනා එසේ කතාවෙන් කතාව පැමිණියේ ළමා නිවාසයේ කාර්යාලයටය.
“මොකද ශේෂා පරක්කු මං ඒත් බැලුවා මොනවද මෙච්චර වෙලා කළේ කියලා ….”
“නෑ නෑ අම්මී…දියානාගෙන් බේරෙන්න බැරි වුණා ……….”
“පව් ඉතින් අම්මා තාත්තා නැති,අහිංසක අසරණ ළමයි………..”
“මම එහෙනම් ඔෆිස් එකට යන්නම් තාත්ති………..ඒ පැත්තෙ ගියෙ නැත්නම්
එතැන වැඩ කරන කට්ටිය පි/ස්/සු නටනවා………….”
“හරි හරි ශේෂා …..මම අද මෙතන පොඩ්ඩක් අම්මත් එක්ක ඉන්නම් ……..ඔයා එහෙනම් යන්න දුව……….”
විසෙන් සෙහන්සා සමඟ ඇගේ රියට නගන තුරා දුලංසා බලා සිටියේ රවාගත් මුහුණිනි….
රියේ නැගී සෙහංසා සමග යන ගමනේ දිසෙන් කල්පනා කරමින් සිටියේ සෙහන්සා කෙසේ දුලංසා ගැන දැනගත්තේද යන්නයි….
“මොනාද කල්පනා කරන්නේ?….දුලන්සා ගැන ද?….”
“ඔන්න පටන් ගත්තා……කවුරුහරි ගෑනු ලමයෙක්ව මට ජෝඩු කරන කන් ඔයාට ඉතින් සිහිය නෑ නේ………”
” දැන් ඔයා කල්පනා කරන්නේ කොහොමද මම දුලංසා ගැන දැන ගත්තේ කියලා නේද?..”
දිසෙන් ඈ දෙස බැලුවේ විමතියෙනි…
“කොහොමද දන්නේ…මගේ ඔලුව අස්සටත් ඇවිත් රිංගනවද දැන්…………
“මම ඔයා හැරෙද්දිත් දන්නවා දැන්…..නංගිගේ හැසිරීමෙන්ම තමයි මට සැක හිතුනේ……..ඔයා එදා මට කිව්වට නංගි ආවෙ එසයින්මන්ට් එකේ වැඩක් අහගන්න කියලා ……ඒ සේරම බොරු ……ඔයා එහෙම කිව්වෙ නංගිව බේරගන්න ……….”
“අක්කයි නංගි දෙන්නම එකයි……….”
“බලන් යද්දි අම්මා කියපු කතාව ඇත්ත …….”
“ඒ මොකක්ද ?…”
“ඔයාව ගෙදර නතර කර ගන්නවට අම්මා කැමැති වුණේ නෑ ….හැම තිස්සෙම කිව්වේ ගින්දරයි පුළුනුයි ලන් කරන්නෙපා කියලා ………..බලන් යද්දි ඒ සේරම ඇත්ත ……….ඇයි නංගිට කැමති නොවී මට කැමති වුනේ ….”
“ඔයාට අමුතුවෙන් කැමති වෙන්න දෙයක් තිබ්බේ නෑ ශේෂා…..ඔයාව දැකපු පලවෙනි දවසෙම ……මගේ හිත ගියේ ඔයාට …..”
“බොරු …….එහෙනම් මට ඇයි මෙච්චර ගණන් ඉස්සුවේ?….”
“අපි දෙන්නා ඇත්තටම පොඩ්ඩක්වත් ගැලපෙනවද ?……මේවා කවදාවත් වෙන දේවල් නෙමෙයි …………නිකං හිතට දුක් දෙන්න ඕන නැති නිසා …….”
“එහෙම නෑ දිෂ්………….මම කවදාහරි බදිනවනම් බඳින්නේ ඔයාව විතරයි ….එහෙනම් එක එක පාරටම ඇයි මට ආදරේ කිව්වේ ……….”
“කෝ ඉතිං බේරෙන්න පුළුවන් උනාද?.කරපු අඟර දඟර වලට මාව අහු උනා …..”
“අනේ ඇත්තට නරක් වෙලා තියෙයි….”
සෙහංසා කීවේ ඇගේ වම් අත ඔහුගේ අතක පටලවාගනිමිනි.
“දිශ් මට ගොඩක් බඩගිනි……අද කලබලේ ආපු නිසා කෑම අරන් එන්නත් බැරි උනා………….අපි දෙන්නා කොහෙන් හරි ලන්ච් අරන් යමු ………”
❤️❤️❤️❤️❤️❤️❤️❤️
“හොඳටම බඩගින්නේ නේද ඉදල තියෙන්නේ……”
“ටිකක් …”
සෙහන්සා සතුටින් බලා සිටින්නේ ඔහු හුරුබුහුටි ලෙස හැන්ද හා ගෑරැප්පුව හසුරවන අන්දමයි….
එක් වරක් හෝ දෙවරක් යමක් කියා දුන් පමණින් ඔහු එය ග්රහණය කරගන්නේ ඔහුගේ දක්ෂකම නිසායැයි ඇයට සිතිණි ……….
“දිෂ් ඔයා seafood කන්න ආසයි ද ?…. “
“ඔව් ගොඩක් ආසයි ……”
“ඔයත් seafood කන්න ආසයි වගේ නේද ?..”
“ආසයි දිෂ්.. මම ඒත් සී food රයිස් ඕඩර් කරේ ඔයා කැමති නිසා .”
“ගොඩ කාලෙකින් යාලුවව බලන්න යන්න බැරි වුණා ශේෂා………”
“කවුද අර tattoo boy ද “
“අන්නහරි මහේල…………ඊයෙ කතා කරල කුරු කුරු ගෑවා …..මෙහෙට ආවාට පස්ස පැත්ත පළාතක ආවෙ නෑ කියලා..වෙලාවක ඒ පැත්තේ ගිහින් එන්න ඕනේ ……..
“යන්න එපා……….ඔයා ගියාම මට කවුරුත් නෑ…..”
සෙහන්සා කිවේ ආපනශාලාවේ මේසය මත ඇති ඔහුගේ වම් අත ඇගේ වම් අතේ පටලවාගනිමින්……..
“උදේ ගිහින් හවස ආවා……..බයවෙන්න එපා මම ඉරිදාට යන්නම්………
“අපි දැන් කල්පනා කරන්න ඕනේ ඒක නෙමෙයි ඔයාට පොඩ්ඩක්වත් බය නැද්ද …..නංගි අපි ගැන අම්මලට කියයි කියලා……”
“ඔයා ඒ ගැන බය වෙන්න එපා ………මම දන්නවා එයාගේ කට වහන්නේ කොහොමද කියලා………………”
“ඒක නෙමේ මිස් ළමා නිවාසෙට ආපු හොරා කවුරු වෙන්න පුළුවන්ද?…”
“අනේ මන්ද මීට කලින් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ ….අනික ඒ කෙනා මොකට ළමා නිවාසයට පැන්නා ද කියන එකයි මෙතන තියෙන ලොකුම ප්රශ්නේ ………..”
“ඒකනෙ…………සේප්පුව ඇරලත් සල්ලි කීයක් වත් අරගෙන නෑ කියන්න මේක කරල තියෙන්නෙ සල්ලිවලට නෙමේ…….”
“අපි බලමුකෝ ..අපි ගාව හොඳ හෝඩුවාවවකුත් තියෙනවනේ …..අපි එහෙනම් දැන් යමු …දිෂ් ඔයාට පුළුවන් නේද දැන් ඩ්රයිව් කරන්න ……….”
ඇය ඔහුගේ සුරතේ එල්ලී ආපනශාලාවේ රථ ගාල වෙත පැමිණියේ ඔහුගේ ලඟ සිටින විට හිත මේ තරම් නිවී සැනසෙන්නේ කෙලෙසද යැයි කල්පනා කරමින්………
“දිෂ්…………..අර එදා නම් මට හොදටම නින්ද ගියා . ……”
“අම්බෝ මතක් කරන්න එපා ඔයාට නින්ද ගියාට මම කාපු කට්ට මම විතරයි දන්නේ……..”
“ඔයා නම් හරිම නරකයි ….රොමෑන්ටික් කමක් ගෑවිලාවත් නෑ ……..”
“එහෙම තමයි ඔයාලගේ ගෙදර ඉන්න වෙලාතියෙන්නෙ ….නැත්තං පරිස්සම් වෙන්න බැහැ ….වෙන කො/ල්/ලෙ/ක් උනානම් අක්කයි නංගියි දෙන්නම ඉවරයි ……….”
“මට තියෙන ලොකුම ප්රශ්නේ එක තමයි……….මට හිත ගිය කෙනාටම නංගිගේ හිත ගිය එක………”
“අපි වගේ හැන්ඩ්සම් කො/ල්/ලො උදේ හවස දකිද්දී ඔයාලගේත් හිත යනවා තමා……”
“අනේ පව් හිතන් ඉන්නේ මහලොකු නලුවා කියලද?…”
ඇය කිවේ ඔහුගේ හිසකෙස් ඇගේ අතැඟිලි වලින් අවුල් කරමිනි….
“මැට්ටි .මගේ කොණ්ඩෙ අවුල් කරා නේද?….දැන් කොහොමද බං ඔෆිස් එකට යන්නේ………”
“ඔව් ඉතිං ඔෆිස් එකේ අර උඩැක්කිය ඉන්නවනේ….ඒකට පේන්න ලස්සනට යන්න ඕනිනේ…….”..
“ශේෂා මම ත/මු/සෙ වගේ වස කෙ/ල්/ලෙ/ක් දැකලම නෑ……..ලස්සනයි මේ වගේම හරිම dangerous ….”
දිසෙන් කීවේ රිය පදවන ගමන් ඇය දෙස බලා සිනාසෙමිනි ..
“අපි එහෙම තමා නැතුව බෑ…..”
කාර්යාලයට යන තුරාම දිසෙන් කල්පනා කරමින් ගියේ සෙහන්සා ගැනයි .කෙතෙකුත් තරුණියන් දැක ඇති වුවද ඇය නම් තරමක් වෙනස් යුවතියක් ….
අන් යුවතියන් තුළ දකින්නට ලැබෙන අහිංසක කම වෙනුවට ඇය තුළ ඇති කටකාරකම,දඟකාරකම ,නිර්භීතකම තමාගේ සිත් ඇද බැඳ ගන්නට ඇතැයි ඔහුට සිතුණි .
❤️❤️❤️❤️❤️❤️❤️
කාර්යාල කාමරය තුළට ඇතුළු වී සිය මේසය වෙත පියමං කල සෙහන්සා දැඩි සේ කලබලයට පත්වූයේ ඇය එක්වරම දුටු දෙයින්…..
“දිසේන් පොඩ්ඩක් මෙතෙනට එන්න ……… “
“ඇයි ඇයි ශේෂා …”
“පොඩ්ඩක් මෙතැනට ඇවිත් බලන්නකෝ……”
හමුවෙමු මීලග කොටසින්