May be an image of 3 people, people standing and text
Priyanga Gunathilaka
nSrpedtsoom04cg
0
ආදරණීයම ඔයා… 14
ඇහුනා නේද ඩොක්ටර් කියපු දේවල්..දැන්වත් ටික දවසක් එක තැනකට වෙලා පාඩුවෙ ඉන් න….
සෝන්‍ය කියවාගෙන ගියේ මා වෛද්‍ය මධ්‍යස් ථානයෙන් පිටතට කැඳවාගෙන එන අතරතු රේය. ඇඳ විට්මේ වැඳුනු පාරට අතේ අස්තියක සුළු පිපිරීමක් සිදු වී ඇතැයි කියමින් වෛද්‍යව රයා සුරතේ අත්ල මැනික්කටුවෙන් පහලට වනතුරුම වෙලා දැමුවේ දින කිහිපයක් අත සෙලවීමකට ලක් නොකර ලෙසින් අනතුරු අඟවමිනි.
අනේ..මුතු අම්මා තමා දැන් පව් තනියම හැම දේම කර ගන්න වෙනවා…
මම කීවේ අනුකම්පා සහගත හඬකිනි.
මෙච්චර කාලෙකුත් මුතු අම්මා තනියමනෙ හැමදේම කරගත්තේ…
සෝන්‍ය කියන්නේ කවරාකාර හැඟීමකින් දැයි මට වැටහෙන්නේ නැත. එහෙත් මෙපමන කාල යක් සිදු වූ දේ එසේ සිදුවන්නට ඉඩ හැර මට ඔ හේ බලා හිඳින්නට යැයි කියනා කියමනක් මට එයින් හැඟෙන්නේ මන්දැයි මටම වැටහු නේ නැත. එවිට අර ගැහැණිය.
ඒ උනත් හැමදේම කොහොම කරගන්න ද
පව්නෙ…
තාදී මේක සෙල්ලමක් නෙවී..ඔයා හිතුවක්කාර වෙලා විකාර කරන්න තියාගත්තො නං අතක් නැති වෙලා තමා නතර වෙන්නෙ..
සෝන්‍ය කීවේ අනතුරු හඟවන සුළු හඬකිනි.
ඔයාගෙ අම්මයි මල්ලි දැන ගත්තාම මට තමා බැනුම් අහන්න වෙන්නෙ..ඔයාව පරිස්සමින් බලා ගත්තෙ නෑ කියලා…
මා නිහඬ වූ නිසාදෝ එවර සෝන්‍ය කීවේ හිනැහෙමිනි.
ඔයා මාව පරිස්සමින් බලා ගන්නෙ එයාලා බනී කියලා බයේ ද සෝන්‍ය…
මා ඇසුවේ නැත. මට ඉබේම ඇසිනි. සෝන්‍ය මා රැක බලා ගන්නේ ඔහුගේ බිරිඳ ලෙසින් සි තා නොව පරිස්සමින් රැක බලාගත යුතු කැ ඩෙන බිඳෙන සුළු භාණ්ඩයක් ලෙසින් යැයි මට හැඟේ.
හ්ම්ම් ඔන්න් පණ්ඩිත ආච්ච.. දොඬවන්න ති යා ගත්තා ඒ ගමන..
මගේ පැනයට පිලිතුරු නොඳි ඔහු එය සිනා වකින් අමතක කර දැම්මේය. සෝන්‍ය කොහො මත් ගුප්ත පුද්ගලයෙකි. ඉතා සුළු දේවල් ටික ක් ඇරෙන්නට මා සෝන්‍ය ගැන කිසිවක් දන්නේ නැත.
සැබැවින්ම මේ අහඹු ජීවිතය තාමත් මට ආග න්තුකය. මට සෝන්‍ය මගේ අයෙක් ලෙස හැ ඟෙන්නේ නැත. ඔහුගේ නිවස මගේ තැනක් ලෙසින් හැඟෙන්නේ නැත. මට දැනෙන්නේ නා දුන පිටස්තර ලෝකයක මා අතරමං වූවාක් වැ නි හැඟීමක් විතරය.
තාදී…අත රිදෙනවද…
මා නිහඬවම බිම බලා ගත් නිසා දෝ සෝන්‍ය ඇසුවේය. නැතැයි කියන්නට මම හිස සැලිමි. එහෙත් මේ වන විටත් එයින් තරමක වේදනා වක් දැනෙමින් තිබිනි.
ඔයාට අමාරුවක් නැත්නම්..දැන් රෑත් වුන එකේ අපි මෙහෙන් ඩිනර් අරගෙනම යමු.. දවල්ටත් හරියකට කෑවේ නෑනේ..
සෝන්‍ය කීවේ රියට ගොඩවන අතර තුරේය. මම කිසිත් නොකීමි. ඔහුගේ තීරණ හා තර්ක කරන්නට මම කම්මැලි වීමි. එහෙත් අතේ තුවාලයත් තිබියදී පිටතින් කෑම ගන්නට මගේ නම් එතරම් මනාපයක් තිබුනේ නැත. ගෙදරදී නම් මුතු අම්මාට කියා කවා ගන්නට හෝ තිබිනි.
ඇයි තාදී..අත රිදෙනවද..හුඟක් අමාරු ද ඔයා ට…
මම නිහඬව සිටි නිසා සෝන්‍ය ඇසුවේය.
නෑ එහෙම අමාරුවක් නෑ ටිකක් රිදෙනවා එච්චරයි..
ටිකක් ලේට් වෙලා ගෙදර ගියාට අවුලක් නෑනේ ඔයාට..
මට නං අවුලක් නෑ..හැබැයි ඔයාගෙ ෆෝන් එක ඕෆ් කරගන්න වෙයී..
ඒ මොකටද…?
නැත්තං කෝල් එකක් ආව ගමන් ඔයා දුවන්න තියා ගත්තාම.. මට එලිවෙනකං ඉන්න වෙයි රෙස්ටොරන්ට් එකේ..
මම කීවේ හිනැහෙමින් උවත් ඒ වදන් වල කුම ක් දෝ වේදනාවක් ඇති බැව් මටම හැඟෙන් නට විය.
සෝන්‍ය ගේ සුදුපැහැ මුහුණ එකවරම රතුවී ගි යේ කවර හැඟීමකින් දැයි මට තේරුමක් තිබු නේ නැතත් ඔහු කුමක් හො බරපතල රහසක් මගෙන් වසන් කරන බව නම් මට හොඳාකා රම පැහැදිල විය.
කිසිවක්ම නොදෙඩූ ඔහු කලිසම් සාක්කුවේ වූ දුරකතන අතට ගෙන එය ක්‍රියා විරහිත කර මා අතට දුන්නේ දැන් හරිදැයි අසමිනි.
හිත නොතේරෙන හිතිවිල්ලක පැටලෙන්ට වි ය. නවීන පන්නයේ අවන් හලක් වූ එහි සො ඳුරු බව මගේ සිත් ගත්තේය. රාත්‍රී විදුලි පහන් එලිවලින් මැවෙන චමත්කාරය සැබැවින්ම සුන් දර විය.
මම කුඩා එකියක සේ වටපිට බලන්ට වීමි. කි සිමක්ම නොකී සෝන්‍ය මගේ නිදහස් වමතින් අල්ලාගෙන එයි කෙලවරක වූ මේසයක් අස ලට ගියේය.
අනේ මෙතන හරිම ලස්සනයි.. වෙනම ලෝ කෙකට ගියා වගේ.. මම හිද ගත්තේ කුඩා එ කෙකු සේ එසේ කියමින් වටපිට බලන අතර තුරය.
ඔයා ආසා වෙයි කියලා හිතුනා.. තාම අපිට කොහෙවත් යන්නත් බැරිවුනානෙ.. සෝන්‍ය කීවේ පසුතැවුනු හඬකිනි.
ඊයෙ හවසත් අම්මා ඇහුවා ගෙදර ඇවිල්ලා යන්නවත් එන්නෙ නැද්ද කියලා…
දින කිහිපයක් තිස්සේ ඔහුට කියන්නට සිතා උන් දෙයක් මම අමාරුවෙන් කියා ගතිමි.
ඔහොම යන්නෙ කොහොම ද තාදී..අම්මලා මොනා කියයි ද… ඔහු කීවේ වෙලා ඇති මගේ සුරත දෙස බලාගෙනය.
මේක එච්චර දෙයක්නෙවී සෝන්‍ය කොහොමත් අම්මලා දන්නවා මම එච්චර පරිස්සම් නෑ කිය ලා ඕනි නං ටිකක් බනී ගානක් නෑ..
ඔයාව බලා ගත්තේ නෑ කියලා මටත් බනින්න තියාගනී…
අපෙ අම්මා එහෙම නපුරු නෑ සෝන්‍ය.. එයා කොහොමත් ඔයාට බනින්නෙ නෑ.. මට තමා බැන්නොත්..
එහෙනං අපි හෙට හවස ගිහින් එමුකො ගෙදර ..
එවර ඔහු කීවේ මා සනසන්නටය.
මං කැමති දේවල් නෙවී ඔයා කැමති දේවල් මාර් ක් කරලා දෙන්නකො ඕකෙ..
සෝන්‍ය මෙනුපත මගේ අතේ තැබුවේ එසේ කියමිනි.
එතකොට ඔයා..
මං බලන්නංකො ඔයා කැමති දේවල් කන්න පුළුවවන් වෙයිද කියලා..
එහෙම බැරි උනොත්…
බැරි උනොත් පුරුදු වෙනවා..ඕක මාක් කරලා දෙන්න ළමයො…
ඔහු කීවේ ඕනිවට එපාවට මෙනැයි මට සිතිනි. මම මෙනුපත බලා එය සලකුණු කර දුනිමි. වේටර් වරය එය රැගෙන පිටව ගියේය.
සෝන්‍ය ඇත්තටම මං කැමති දේවල් වලට ඔ යාට කැමති වෙන්න පුළුවන් ද…
මම ඇසුවේ අවංකවමය.
ඇයි බැරි වෙයි කියලා හිතෙනවද ඔයාට..
මගේ පැනයට පිලිතුරක් නොදී ඔහු ඇසුවේ අර අමුතු බැල්ම මදෙස හෙලමිනි.
මං දන්නෙ නෑ මට තේරෙන්නෙ නෑ සෝන්‍ය…
තාදී…
මට ඇත්ත කියන්න සෝන්‍ය ඔයා ඇත්තටම ඇයි මාව මැරි කලේ..එච්චරම හදිස්සියෙන් කොහොම කෙනෙක් එහෙම තීරණයක් ගන් නේ..
. මම ඇසුවේ සෝන්‍යගේ දෑස් දෙස බලාගෙනය.
කිසිවක්ම නොදෙඬූ ඔහුගේ දෑස් මවෙතින් ගිලි හුනේ තත්පරයෙනි. සෝන්‍ය කොහේ දෝ දිහා වකට නෙත් හෙළුවේය.
ඔයා කවදාවත්ම කාටවත්ම ආදරේ කරලා තිබුනෙ නැද්ද සෝන්‍ය…
ඔහුගේ නිහඬ බව නිසාම මම නැවතත් ඇසු වෙමි. සෝන්‍ය මදෙසට හැරුනේ යන්ත්‍රානුසා රයෙන් මෙනි. භීතියෙන් එතරම්ම අසරණ වූ දෑසක් මන් ඉන් පෙර දැක තිබුනේ නැත.
හමුවෙමු