මෙහන්සා 10 කොටස
ආ එන්න එන්න අපේ නිවුන්නො දෙන්න. රෝහලට ගිය දෙන්නව වෛද්‍යවරයා ඉතාම සුහදව පිලිගත්ත.
දුව මේ පාර බෙහෙත් ටික හරියට බිව්වද? හෙදිය කැදවන්න සීනුව නාද කරමින් ඔහු ඇහුවෙ.
ඔව් ඩොක්ට
මේ මිස්ව වෝඩ් නම්බ සෙවන් වලට ගෙනියන්න.
එන්න මිස්.
මෙහන්සා හෙදියත් එක්ක එතනින් ගියා.
මේකයි පුතා. ඩොක්ට මිහින්ට කතා කලේ මෙහන්සා එතනින් ගියාට පස්සෙ. ඔහු ඒ කතා කල විදියටම කියන්න යන්නෙ සුබ දෙයක් නම් නෙමෙයි කියල මිහින්ට හිතුන.
ඇයි ඩොක්ට. මිහින් ඇහුවෙ හොදටම කලබල වෙලා.
දන්නවනෙ පුතා නංගිට හාට් එකේ ප්‍රශ්නයක් තියෙනවනෙ.
ඔව් ඩොක්ට.
මම මේ වෙනකම් එයාගෙ රිපෝට්ස් බැලුව. තත්වෙ දැනට සාමාන්‍යයි. ජීවිත අවදානමක් නෑ දැනට. හැබැයි මෙහෙම ප්‍රශ්නෙකුත් තියෙනව. එයාගෙ බ්ලඩ් ටිකක් ගනකම් වැඩියි. ඒ නිසයි එයා සාමාන්‍ය හාට් පේශන්ට් කෙනෙක්ට වඩා වෙනස් වෙන්නෙ. ඒකයි එයාගෙ තත්වෙ බරපතල.
වෛද්‍යවරයා කීව දේවල් මිහින්ට ඇහුනෙ හීනෙන් වගේ.
එයාගෙ ජීවිතේට දැනට කිසිම අවදානමක් නෑ මම කලිනුත් කිව්ව වගේ. ඒ වගේම එයාව සම්පුර්නෙන් හොද කරන්නත් පුලුවන්. ඒත් ඒකට කාලයක් යනව. සල්ලිත් ඕනෙනෙ. සමහරවිට වෙන රටකට එක්ක යන්නත් වෙයි. මොකද ලන්කාවෙ ඒකට ස්පෙශලිස්ට්ල නැති නිසා.ඔයාට තේරෙනව නේද මම කියන දේ?
ඔව් ඩොක්ට.
ඉතින් මම කියන්නෙ ඒක ගොඩක් වියදම් යන වැඩක්. දැනට ඔයාලට එච්චර වියදමක් දරන්න බෑනෙ නේද? වෛද්‍යවරයා කීවේ ඔවුන්ගේ පවුලේ තත්වය හොදින්ම දැනගෙන හිටපු නිසා.
ඒ අතරෙ ඕගොල්ලොන්ගෙ විභාගෙත් තියෙනව. ඉහින් කරන්න තියෙන එකම සහ හොදම දේ තමයි නංගිව මේ ගැන දැනුවත් කරල එයාට පරිස්සම් වෙන්න කියන එක. එයාව හොදට පරිස්සම් කරන්න ඕනෙ. මම කලිනුත් කියල තියෙනවනෙ. ලොකු ශොක් එකක් වගේ එයාට දරාගන්න අමාරුයි. ඒ වගේම බෙහෙත් ටික හරියට ගන්නත් ඕනෙ. එයාගෙ බ්ලඩ් වල ප්‍රශ්නෙ කන්ට්‍රෝල් වෙන්නෙ මේ බෙහෙත් වලින්.
මට තේරෙනව ඩොක්ට. මිහින් කිව්වෙ හීනෙන් වගේ.
ඔයා ඔහොම එක්සයිට් වෙලා බෑ මිහින්. ඔයාලගෙ තාත්ති රට. අම්මිවයි නංගිවයි බලාගන්න ඉන්නෙ ඔයා.විශේශයෙන්ම නංගිගෙ වගකීම ගන්න ඕනෙ ඔයානෙ පුතේ. වෛද්‍යවරයා කිව්වෙ මිහින්ගෙ තත්වෙ තේරුම් අරගෙන කරුනාවෙන්.
නංගි වෙනුවෙන් ඕනෙම දෙයක් ඩොක්ට
වෛද්‍යවරයාගේ මූනට හිනාවක් ආව. ගුඩ් වෙරි ගුඩ්. ඔයා හොද අයියෙක්. මම දැන් අහන්න යන්නෙ පෞද්ගලික ප්‍රශ්නයක්. මිහින්ට ගර්ල් කෙනෙක් එහෙම?
නැහැ ඩොක්ට
ඒක හොදයි. ඇයි දන්නවද? ඔයාට ගර්ල් කෙනෙක් හිටියොත් සමහරවිට එයා කැමති වෙන එකක් නැහැ නන්ගි ගැන වැඩිපුර බලනවට. මට ඉතින් මෙහෙම කියන්න නම් අයිතියක් නැහැ තමයි.
ඒකට කමක් නැහැ ඩොක්ට මට තේරෙනව ඩොක්ට කියන දේ
හ්ම්ම්ම්. එතකොට නංගිට බෝයි කෙනෙක්?
එත් නැහැ ඩොක්ට
හ්ම්ම්. දැනට නේද? තරුන ලමයිනෙ ඕගොල්ලො. මට තාම හරියටම කියන්න බැහැ. තව ටෙස්ට් වගයක් තියෙනව කරන්න. වෛද්‍යවරයා කල්පනා කර කර කිව්ව දේ ගැන නම් මිහින්ට තේරුනේ නෑ.
ඇයි ඩොක්ට?
මම ඒ ගැන පස්සෙ කියන්නම්. තව ටෙස්ට් වගයක් තියෙනව කරන්න. ඉතින් මිහින් තාත්ත කවද විතරද එන්නෙ?
දන්නෙ නෑ ඩොක්ට. තව අවුරුදු දෙකක් විතර තියෙනව
ඇවිත් යන්නවත් එන්නෙ නැද්ද?
නැති වෙයි ඩොක්ට. නංගිට සල්ලි ඕනෙ වෙනවනෙ ඩොක්ට මෙඩිකේශන් වලට. ඒ නිසාමයි ගියේ. ඉතින් එන්න කියන්නත් බැහැනෙ.
අම්ම එහෙම කොහොමද? හොදින් ඉන්නවද?
හොදින් ඉන්නව ඩොක්ට
අම්මට මේ විස්තර කියන්න හැබැයි කල්පනාවෙන් මේ වෙලාවෙ එයා අසනීප උනොත්
මම දන්නව ඩොක්ට අම්මට දැනට මේ ගැන නොකිය ඉන්න කියල මම හිතුවෙ
ඒක ඔයාගෙ තීරනයක්. ඒත් මේ ගැන කවුරුහරි වැඩිහිටි කෙනෙක් දැනගෙන ඉන්න ඕනෙනෙ දරුවො. නෑදෑ කෙනෙක් හරි. මොකද ඔයත් තාම ඉස්කෝලෙ යනව. හදිස්සියක් උනොත් කවුරුහරි වගකීමක් තියෙන කෙනෙක් ඉන්න ඕනෙනෙ දරුවො.
මම අපේ චූටි මාමට විස්තරේ කියල තියන්නම් ඩොක්ට.
හරි එහෙනම් එයාට එන්න කියන්න මාව මීට් වෙන්න. දැනට ඉටින් මට කියන්න තියෙන්නෙ නංගිව සනීප කරගන්න නම් ඔයාට කැපකිරීමක් කරන්න වෙනව කියන එක තමයි.
මට තේරෙනව නංගි වෙනුවෙන් ඕනෙම දෙයක් ඩොක්ට. වෛද්‍යවරයා කියූ කරුනු හැමදේම හොදට හිතට ගත්තු මිහින් කිව්වෙ ලොකු අදිශ්ටානයකින්.
මෙහන්සා හරි වාසනාවන්තයි එයාට ඔයා වගේ අයිය කෙනෙක් ඉන්න හින්ද. වයිද්යවරයා නැගිට්ටෙ මිහින්ගෙ ඔලුව අතගාල. ඔයා එහෙනම් ඉන්න. මම අනිත් චෙකප් ටික ඉවර කරල එන්නම්.
ඔක්කොම පරීක්ශන ඉවර වෙලා දෙන්න ගෙදර එන්න පිටත් උනා.
මිහින් හිටියේ කතා කරන්න වත් හොද මනසකින් නෙමේ. ගෙදරට එනකම්ම මෙහන්සගේ අතින් අල්ලන් හිටියේ ඇය මේ දැන් අසනීප වෙයි කියල බයෙන්. ඒ වගේම කෙල්ලට මේක කියන්නේ කොහොමද කියලත් හිතාගන්න බැරුව මිහින් හිටියේ. කෙල්ලටත් මේක තේරුණා.
මොකද අයිය ඔයා හොස්පිටල් එකේ ඉදන් ආපු වෙලේ ඉදන් බුම්මගෙන ඉන්නේ? ඩොක්ට ඉල්ලගත්තද ඔයාගේ කතා පෙට්ටිය?
නෑ නංගි මම මේ කිලාන් ගැන හිත හිත ආවේ
අපෝ මට මතක් කරන්න එපා එයාව නම්. මෙහන්සා කිව්වේ තරහෙන්
ඇයි ඔයාට එයාව එච්ව්චර පේන්න බැරි?
හැටි විතරක්. බලන්නකෝ අද ආපු හැටි රස්තියාදුකාරය වගේ. මම කැමති මගේ අයිය වගේ ඩීසන් අයට. මෙහන්සා කිව්වේ පොඩි ළමයෙක් වගේ මිහින්ගේ අතින් අල්ලගෙන. මුණත් ඇද කරගෙන ඇය ඒක කියපු විදියට මිහින්ටත් හිනා ගියා.
ඔයා අද කොහොමහරි කිලාන්ට රස්තියාදුකාරය කියලත් කිව්වා නේ?
ඉතින් ඇත්තනේ. මට එයාව දකිනකොට හිතෙන්නෙම බනින්න. තාම තරහයි ඇඩ්ස කරපු වැඩේට. එයාට මීට කලින් කවුරුත් කියල නැද්ද එයාව පේන්නේ ඒ විදියට කියල?
මොකද නැත්තේ.? කෙල්ලෝ විතරක් නෙමෙයි අපිම කොච්චර කියල ඇත්ද? කෝ ඉතින් ඌ කවුරුත් කියන එකක් අහන එකක්යැ.
ඒක නම් හරි අපරාදයක්.
නංගි. එවර මිහින් කිව්වේ බැරෑරුම් විදියට. ගෙදරට යන්න ඉස්සෙල්ල වෛද්‍යවරයා කියපු දේවල් කෙල්ලට කියන්න මිහින්ට ඕනේ උනා. ඔයාට දෙයක් කියන්න තියෙනව
ඉතින් කියන්න අනේ
ඔයා කලබල වෙන්න බෑ හැබැයි
මම ද ඔයානේ කලබල වෙලා ඉන්නෙ
හ්ම්ම්ම්
මොකද අයියේ ඔයාට වෙලා තියෙන්නේ?
මට බයයි නංගි
බයයි? මොකටද?
ඩොක්ට කිව්වා…
ඩොක්ට කිව්වා මගේ හාට් එකේ ප්‍රශ්නෙ හොද වෙන එකක් නෙමෙයි කියල එහෙමනේ. මෙහන්සා ඉතිරි ටික සම්පුර්ණ කරේ කිසිම ගානක් නැතුව. මිහින් ඇය දිහා බලන් හිටියේ පුදුමෙන්.
ඔයා දන්නේ කොහොමද නංගී අනිත් එක ඔයා දැනගෙනත් මෙහෙම ගානක් නැතුව ඉන්නේ?
මම ඉතින් මේ අද ඊයේ ඉදන් නෙමේනේ අයියේ බෙහෙත් ගන්නේ. මේ පොඩි කාලේ ඉදන්මනේ. අනිත් එක මම හොයල බැලුව ඒගොල්ලෝ කරන ටෙස්ට් ගැන කලින්
මිහින් තවමත් කෙල්ල දිහා බලන් හිටියේ පුදුමෙන්
මොකද අනේ ඔයා ඔච්චර පුදුම වෙලා බලන් ඉන්නේ? මම මැරෙන්න ලං වෙලාද නෑනේ?
අනේ මන්ද නංගි. ඔයා කොහොම ඔහොම ඉන්නවද කියල
මේ ලෙඩේ මට ප්‍රශ්නයක් නෙමෙයි ඇත්තටම. ඒක මගේ ලැබීම වෙන්න ඇති. මේ වගේ අසනීපයක් හැදිච්ච පලවෙනි එක්කෙනා මම නෙමෙයිනේ. මට තියෙන එකම ප්‍රශ්නේ මේවා අම්මට කියන්න ගිහින් එයා ලෙඩ වෙයි කියල.
මිහින්ට තමන්ගේ සොයුරිය ගැන පුදුමයක් වගේම ලොකු ගෞරවයක් දැනුන. තමන්ගේ ජිවිතේ තියෙන අවදානම දන දැනත් ඈ වද වෙන්නෙ අම්ම ගැන. ඇය මෙච්චර හොදට තමන්ගේ තත්වේ තේරුම් අරගෙන ඉන්නවා නම් ඇය වෙනුවෙන් තමන්ට කරන්න බැරි දෙයක් නැහැ කියල මිහින්ට හිතුන. ඔහු ආඩම්බර උනා ඇය ගැන. ඇයගේ සොහොයුරා වෙන්න ලැබුන එක ගැන තමන්ගේ වාසනාවක් කියලයි මිහින්ට හිතුන.
මොනවද අනේ ඉතින් මගේ මුණ දිහා බලාගෙන තව කල්පනා කරන්නේ? මෙහන්සා ඇහුවේ මිහින් තවමත් වචනයක් වත් කිව්වේ නැති නිසා
ඔයා ඔහොම ඉන්නවනම් මොනවද හලෝ කරන්න බැරි මටත් තියෙන ප්‍රශ්නේ අම්ම තමයි. ඔක්කොම අමතක කරලා මිහින් කිව්වේ සැහැල්ලුවෙන්. ඊටපස්සේ මිහින් වෛද්‍යවරයා කියපු සේරම දේවල් මෙහන්සට කිව්වා.
අයියේ අපි අම්මට නොකිය ඉමුද? ඔක්කොම අහන ඉදල මෙහන්සා ඇහුවේ කල්පනාවෙන්. මේව අහල එයා ලෙඩ උනොත් මෙහෙම තාත්තිත් නැති වෙලාවේ.
මාත් හිතුව නංගි අනේ මන්ද
අපි දැනට නොකිය ඉමු. මට ප්‍රශ්නයක් නැහැනේ දැනට. අන්න අම්ම ඉන්නවා ගේට් එක ගාව බලාගෙන.
හ්ම් ඔයාගේ කැමැත්තක් එහෙනම්
හරි ඔන්න එහෙනම් අපි බලමු මෙතන ඉදන් කවුද මුලින්ම අම්ම ගාවට ඇවිදගෙන යන්නේ කියල. හදිසියේම කියපු මෙහන්සා ඉක්මනට ඉක්මනට ගෙදර පැත්තට ඇවිදගෙන යන්න පටන් ගත්ත. ඇගේ දඟ වැඩ වලට ඕනෙම වෙලාවක ලෑස්ති වෙලා ඉන්න මිහිනුත් හිනා වෙවී ඇගේ පිටිපස්සෙන් දුවගෙන ආවේ ගෙදරට ඇය කොච්චර දගකාරියක්ද කියල හිත හිත.
අනේ බෑ බෑ අයිය එහෙම ඔට්ටු නෑ ඔයා දුවනවා. අම්ම මේ බලන්නකෝ. ගේට්ටුව අසල හිටපු අම්මවත් පහු කරගෙන ගෙදර දොර ගාවටම ආවට පස්සේ ද්මෙහන්සා කිව්වේ මුනත් දෙක කරගෙන
හා එතකොට ඔයාම පටන් අරගෙන මම හිතන්නත් ඉස්සෙල්ල ඇවිදන් එන්න හොදයි. අම්ම බලන්නකෝ මේකි හරි කපටියි
හරි හරි කොහොමහරි කමක් නෑ දෙන්නම දිනුම්නේ. එහෙම කිව්වේ දෙන්නගේ කෝලම් බල බල එතෙන්ට ආපු අම්ම. මොකද පුතා ඩොක්ට කිව්වේ? දැන්වත් බෙහෙත් නවත්තන්න පුළුවන් කිව්වද?
දෙන්නම මුණට මුණ බලාගත්ත. අම්මට බොරු කියන්නේ කොහොමද කියල දෙන්නම හිතුවෙ. මොකද කවදාවත් දෙන්නම මේ වෙනකම් මුකුත් අම්මට හංගල නෑ
මොකද දුව? අම්ම බයෙන් ඇහුවේ දෙන්නම අහපු දේට උත්තර නොදී බය වෙලා වගේ බලන් ඉන්න නිසා
ඔන්න ඉතින් අම්ම කියන්නත් ඉස්සෙල්ල බය වෙලානේ. මෙහන්සා කිව්වේ සැහැල්ලු කටහඩකින් අම්මගේ බය නැති කරන්න.
ඒක තමයි. මිහින් කිව්වත් තමන් තරම් සැහැල්ලුවෙන් අයියටත් ඉන්න බෑ කියල කෙල්ලට තේරුණා.
බය වෙන්න දෙයක් නෑ අම්මා ඩොක්ට කිව්වා තව ටික දවසක් බෙහෙත් ගන්න කියල. කෙල්ල කිව්වෙ අයිය දිහා රවල බලල අම්මට පේන්නේ නැති වෙන්න.
මට බයයි පුතේ මොකක් හරි නපුරු දෙයක් වෙයි කියල මට බයයි. අම්ම කිව්වේ හඩමින්
මොනා වෙන්නද අම්මේ මම මේ හොදට ඉන්නෙ. අම්ම බොරුවට බය වෙලා. කෙල්ල කිව්වෙ පුළුවන් තරම් සාමාන්‍ය විදියට. අම්මලාට ඉව තියෙනව කියල පරණ කාලේ මිනිස්සු කියල තියෙන්නේ නිකම්ද. අම්මගෙන් හංගන්න බෑ කිසිම දෙයක්. දෙන්නටම හිතුන.
නැහැ අම්මේ ඩොක්ට කිව්වෙ තව ටිකක් කල් බෙහෙත් ගන්න කියල විතරයි කාලයක් යද්දී හොද වෙයි කිව්වා. මිහින් කිව්වේ පුළුවන් තරම් සාමාන්‍ය විදියට
අඩන්නේ නැතුව ඉන්න අම්මෙ. දැන් ආයෙත් අසනීප වෙන්නද ඕනේ ඔයාට?
ඔය දෙන්නට මොනා හරි උනොත් මට ඉදල වැඩක් නෑ දරුවෝ
අපිට මුකුත් වෙන්නේ නෑ අනේ. කෝ දැන් හිනා වෙන්න හිනා වෙන්න. ආන්න දැන් හරි. අම්මට තුරුල් වෙලා මෙහන්සා කිව්වේ දගකාරව
මේ කෙල්ලට නම් පිස්සු.
අන්න එහෙම ඉන්නකෝ සුදු අම්මි. මිහිනුත් ගිහින් අම්මට තුරුල් උනා.
ඔන්න දැන් ඉතින් මෙයාට ඉරිසියාවේ අම්ම මාව තුරුල් කරන ඉන්න නිසා
අනේ පල ගෙම්ඹි යන්න
අම්මා මේ බලන්නකෝ අයියා
ඇයි මොකද මැට්ටි අම්මා මටත් අයිති ඔයාට කලින් අම්මා මගේ උනේ
ඔව් ඔව් විනාඩි දෙකකට කලින් ඒක හරි ලොකු කාලයක්නෙ බලන්නකෝ අම්ම මෙයා හරි අසාදාරණයි
දෙන්න මේ බොරුවට රණ්ඩු වෙන්නේ අම්මට සිද්දිය අමතක කරවන්න
හරි හරි දැන් දෙන්නම මෙතන බොරුවට රණ්ඩු කර කර ඉන්නේ නැතුව යන්න ගිහින් කෑම කන්න. අම්ම කිව්වට පස්සේ දෙන්නම වචනයක් වත් කියන්නේ නැතුව ගේ ඇතුලට ගියා.
හරියට විස්තරේ කියන්නෙත් නැතුව අම්ම මෙහෙමනම් ඇත්ත නොකිව්වා එක කොච්චර හොදද කියල දෙන්නම හිතුවේ. මෙහන්සට නම් තමන්ගේ අසනීපෙ ගැන කිසිම ගානක් තිබුනේ නෑ. ඈ බය උනේ අම්ම ගැන හිතලම විතරයි. තාත්ත ලග නැති එක කොච්චර පාඩු ද. ඒත් මේ කරදර අස්සේ එන්න කියන්නේ වත් කොහොමද? ඩොක්ට කිව්වේ මගේ අසනීපෙ කන්ට්‍රෝල් කරගන්න ඕනේ මම මයි කියල. ඔව් මන් එහෙම කරනව බය වෙන්නේ නෑ. ඇය හිතුව
තව අවුරුද්දයි. ඊට පස්සේ ජොබ් එකක් හොයාගන්නව ඉක්මනට. කොහොම උනත් නංගි ගැන කල්පනාවෙන් ඉන්න ඕනේ මීටත් වඩා. චන්ඩිය වගේ කිව්වට මට බයයි. මිහින් හිතුව