Ex වයිෆ්

40 වන කොටස

ගිහාන් වොලට් එක තියලා තිබ්බ විදිහට නෙවෙයි දැන් ඒක තියෙන්නේ…ගිහාන් වොලට් එක දිග ඇරලා බැලුවේ හිතට දැනුණු සැකයකට…

ගිහාන්ට දැනුණු සැකය හරි.වොලට් එකේ තිබ්බ රුපියල් පන්දහාක් අඩුයි…සල්ලි වලට වුණේ මොකක්ද කියලා ගිහාන් කල්පනා කරන්න ගත්තා…

අනිවාර්‍යයෙන්ම සල්ලි ගන්න ඇත්තේ දනූෂ් තමයි.ගිහාන් තරහෙන් පිපිරෙන්න ගත්තා..

ගිහාන් සාලේට දුවගෙන ආවේ ඒ ගැන දනූෂ් ගෙන් අහන්න…මෙච්චර වෙලා පූරි කකා උන්නු දනූෂ් දැන් පේනතෙක් මානෙක නෑ.

සල්ලිත් උස්සන් මාරු වෙන්න ඇති…ගිහාන් තරහෙන් දත්මිටි කන්න ගත්තා..

“චේතනා…චේතනා…”

ගිහාන් සාලේ ඉඳන් මහ හයියෙන් චේතනාට කෑ ගැහුවා..

චේතනා කුස්සියේ ඉදන් සාලේට කඩිමුඩියේ දුවගෙන ආවේ ගිහාන්ට කරදරයක් වෙලාද කියලා බලන්න…

“ඇයි මාත්තියා…මොකෝ..?අසනීපයක්වත්ද?..”

“ඔව්.මම දැන් අසනීප වෙනකම් ත//මුසේ මඟ බලන් ඉන්නේ කියලා මම දන්නවා…”

ගිහාන් චේතනාගේ ඇඟට කඩන් පැන්නා..

චේතනා ඇස් ලොකු කරන් ගිහාන් දිහා බලන් හිටියේ මේ හදිසියේ ගිහාන්ට මොකක්ද වුණේ කියලා හිතාගන්න බැරුව….

“ඇයි මොකක්ද වුනේ මාත්තියා…?”

“කෝ.අර ත//මුසෙගේ පුතා…?..”

“කවුද මාත්තියා දනූෂ් ද?..”

“ඇයි ත//මුසෙට තව පුත්තු ඉන්නවද?.ඒ//කා තමයි..”

“දනූෂ් කාලා ගියා මාත්තියා…”

“කාලා ගියා….ගියා නෙමේ මාව හූරන් කාලා ඒ//කා ගිහින් තියෙන්නේ….”

ගිහාන් මේ කියන හතරපද ප්‍රහේළිකා චේතනාට තේරුම් ගන්න අමාරුයි..

“මාත්තියා කියන කිසි දෙයක් මට නම් තේරෙන්නේ නෑ මාත්තියා…”

“ත//මුසෙගේ අර පුතා ගිහින් තියෙන්නේ නිකන් නෙමෙයි.මගේ පර්ස් එකේ තිබ්බ රුපියල් පන්දාහක් උස්සන් ගිහින් තියෙන්නේ….”

ගිහාන් එහෙම කිව්වාම තමයි චේතනාට සිද්ද වෙලා තියෙන දේ තේරුණේ..

“මාත්තියා ඒකටද මේ කෑ ගාන්නේ..මම මාත්තියාට කියන්න හිටියේ…යේ සල්ලි මමයි ගත්තේ මාත්තියා..”

ගිහාන් හිතුවෙම පුතාව බේරගන්න චේතනා බොරු කියනවා ඇති කියලා…

“අනේ මේ.චේතනා ත//මුසේ තවත් පුතාව සුද්ද කරනවා නේ….”

“නෑ නැ මාත්තියා බොරු නෙමේ යේ ඇත්ත…දනූෂ් මගෙන් සල්ලි ඉල්ලුවා.මගේ ළඟ තිබ්බේ නෑ…මාත්තියාගෙන් අහන්න හිටියේ..ඒත් මාත්තියා හිටියේ බාත් රූම් එකේ..ඒක නිසා මම අරන් දුන්නා..”

ඒක අහපු ගමන් ගිහාන්ට චේතනා එක්ක හොඳටම තරහා ගියා ..ගිහාන් චේතනා දිහා රවලා බැලුවා…

“චේතනා ත/මු/සෙට තිබ්බා සල්ලි ගන්න කලින් පොඩ්ඩක් මගෙන් අහන්න..ත/මු/සේ හම්බ කරපු ඒවා නෙමෙයිනේ ත/මු/සෙ/ට හිතුණ හිතුණු වෙලාවට අරගන්න….”

ගිහාන් එහෙම කතාකරයි කියලා චේතනා හිතුවේ නැහැ.චේතනාට පළමුවෙනි සැමියා මහේෂ්ව මතක් වෙලා ඇස් වලට කඳුළු පිරුණා…මහේෂ් කවදාකවත් චේතනාට මෙහම බැන වැදිලා නැහැ..

“මහේෂ් නම් කවදාවත් මට ඔහොම බැනලා නෑ ගිහාන්…එයා හම්බ කරපු හැම සතේම මගේ අතේ තිබ්බා…”

“ඒ මහේෂ්…මේ ගිහාන්…මහේෂ්ට වගේ මට හම්බ කරන හැම සතේම ත//මුසෙගේ අතේ තියන්න බැහැ..එහෙම කරන්න ගියොත් මාව පාරට.වැටෙයි…ත//මුසේ පුදුම අම්මෙක් නේ..වෙන අම්මාලා පුතාට බොන්න නොදි පරිස්සම් කරනවා…ඒකට ත//මුසේ පුතාට බොන්න සල්ලි හොයලා දෙනවා..”

ගිහාන් එහෙම කිව්වාම චේතනාගේ ඇඩිල්ල තව වැඩිවුණා…

“දනූෂ් ඉස්සර බීවේ නෑ…මම කියන දේ හාලා පාඩුවේ හිටියා…යේත් අපි ගැන දැන ගත්තට පස්සේ තමා දනූෂ් ඕම වුණේ…”

චේතනා අඩමින් ඉකිගහමින් එහෙම කිව්වා..ඒත් ගිහාන්ට පොඩ්ඩක්වත් චේතනා ගැන දුක හිතුණේ නැහැ…

ගිහාන් කියන්නේ ගැහැණියෙක්ගේ ළැම විතරක් ස්පර්ශ කරන ළය,හදවත ස්පර්ශ නොකරන පිරිමියෙක්..ඒ වගේ පිරිමියෙක් ළඟ නවතින ගැහැණියට කවදාවත් සැනසීමක් නැහැ…දුකම විතරයි…

හිරූෂාගේ අපල කාලේ දැන් ඉවරයි..දැන් චේතනාගේ අපල කාලේ පටන් අරන්…හිරූෂාට දුන්නු හැම දුකක්ම කඳුළක්ම දැන් චේතනාගේ පැත්තට කැරකිලා එන්න හදන්නේ ….

“ත//මුසේ පුතාව සුද්ද කර කර ඉන්නවා….මගේ කරුමෙට අර අහිංසක ගෑ//ණි එපා කියලා ත//මුසෙට හිත ගියේ….”..

ගිහාන් එහෙම කියද්දී නම් චේතනාට ඉවසුම් නැතිව ගියා..චේතනා කෑම උයන එක පැත්තකින් දාලා කාමරේට ගියා….

චේතනා කාමරේට ගිහින් දොර අගුලු දාගෙන අඩන්න ගත්තා…..

රෑටත් හරියට කන්න බැරි වුන ගිහාන් හිටියේ හොඳටෝම බඩගින්නෙන්..ගිහාන් කුස්සියට ඇවිත් බැලුවේ චේතනා කෑම හදලා ඉවර ඇති කියලා හිතලා..ඒත් බැඳපු නැති ආටා පිටි ගුලි ටික දැකලා ගිහාන්ට චේතනා ගැන තවත් තරහා හිතුණා….

තවත් නම් බඩගින්න ඉවසාගන්න බැරුව ගිහාන් කාර් එකේ යතුර අරගෙන කාර් එකට නැග්ගා…ගිහාන් ටවුමේ තිබ්බ සයිවර් කඩේකට ගිහින් ඇල් මැරිච්ච ඉඳිආප්ප ටිකක් අරගෙන කන්න ගත්තා..

ඒත් ඉඳිආප්ප පහකට වඩා ගිහාන් කෑවේ නෑ..බඩගින්නට කිරිමැටි ගිලිනවා වගේ මෙලෝ රහක් නැහැ..ගිහාන් එහෙම හිතලා බඩ පිරෙන්න වතුර එකක් බිව්වා…

💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

හිරූෂා මහන මැෂිමකුයි ඕනේ කරන රෙදි,නුල්,රිබන් වගේ දේවල් අරගෙන පොඩියට මහන්න පටන් ගත්තා…හිරූෂා මහන්නේ සාලේම පැත්තකට වෙලා..

උදේට චූටි දෝණිව පාසලට ඇරවලා ආපු වෙලේ ඉඳන් හවස් වෙනකන්ම හිරූෂා එක දිගට ඇඳුම් මහනවා…දවල්ට තාත්තා චූටි දූව ගෙදරඑක්කන් එන එක හිරූෂාට ලොකු පහසුවක්..ඒ වුනත් තෙරපි තියෙන දවස් වලට නම් හිරූෂා මහන වැඩත් පැත්තකට දාලා ඒවාට චූටි දෝණිව එක්කන් යනවා..

අද නම් තෙරපි නැති නිසා චුටි දෝණිව ගෙදර එක්කගෙන ආවේ සීයා…චූටි දෝණිත් අම්මා එනවට වඩා ආස සීයා එනවාට..ඇයි සීයා එක්ක එනකොට චූටි දෝණිට ගොඩක් වාසිනේ.

අම්මාගෙන් නොලැබෙන කඩචෝරු සීයා චූටි දෝණිට අරගෙන දෙනවා..කඩයක් දකිද්දී චූටි දෝණි දැන් ඉස්සර වගේ කඩේට පනින්න හදන්නේ නැහැ..සීයාට කඩේ පෙන්වා පෙන්වා සීයේ අර අර කියලා පෙන්වලා කඩචෝරු ඉල්ලනවා.
හැමදාම චූටි දෝණි ගෙදර එන්නේ කඩචෝරු මල්ලක් අතේ තියාගෙන…

ගෙදර ආපූ ගමන් චූටි දෝණි දුවන් යන්නේ අම්මා ළඟට..කවුරු ගෙදර හිටියත් චූටි දෝණිව නාවන්න ඕනේ කවන්න ඕනේ අම්මා තමයි…චූටි දෝණිව හෝදලා කවලා හිරූෂා ආයේ මැෂිම ඉස්සරහා වාඩි වෙනවා…

චූටි දෝණිත් අම්මා ඇඳුම් මහන හැටි ආසාවෙන් බලාගෙන ඉන්නවා…මහන මැසිමෙන් එන සද්දෙට මුලදී දෝණි බයවුනත් දැන් නම් දෝණිට ඒ සද්දේ හොඳට පුරුඳුයි…

හිරූෂාත් ඇඳුම් මහන්නේ චූටි දෝණි එක්ක කදේ දාගෙන..හිරූෂා චූටි දෝණිගෙන් පුංචි පුංචි වැඩ කරවාගන්නවා…

“චූටි දූ අම්මාට තිබහයි.වතුර එකක් අරගෙන එන්න..

එකපාරක් නෙමෙයි දෙතුන් පාරක් කිව්වාට පස්සේ චූටි දෝණි කුස්සියට දුවන් ගිහින් කෝප්පයක් අරගෙන ආත්තම්මාගෙන් වතුර ඉල්ලන් එනවා……

“ආත්තත්තේ…අමිමී වෝ …”

චූටි දූ ආත්තම්මාගෙන් වතුර ඉල්ලන්නේ එහෙම තමයි…

“ඇයි දෝණි අම්මා වෝටර් ඉල්ලුවාද?..”

අත්තම්මා වතුර කෝප්පය චූටි දෝණිගේ අතේ තිබ්බේ එහෙම අහන ගමන්..

වතුර කෝප්පය අතට අරන් චූටි දෝණි එන්නේ හිමිහිට නම් නෙමෙයි..කලබලයෙන් දුවගෙන එනවා…අම්මා අතට වතුර කෝප්පය දෙනකොට වතුර කෝප්පයේ තියෙන්නේ ආත්තම්මා දුන්නු වතුර එකින් බාගයයි..

“තැන්ක්‍ස් කේෂි බබා…”

අම්මා එහෙම කියද්දී නම් චූටි දෝණිට හරි සතුටුයි…චූටි දෝණි අම්මා දුන්නු පුංචි පුංචි රෙදි කෑලි අතේ තියාගෙන චූටි කතුරින් ඒවා චූටි චූටි තීරු වලට කපලා දානවා…

චූටි දෝණි ඊළඟට මඟ බලාගෙන ඉන්නේ
පුංචි අම්මයි අයියයි ගෙදර එනකම්…පුංචි අම්මා එන වෙලාව චූටි දෝණි ඉවෙන් වගේ දන්නවා…

පුංචි අම්මාගේ අඩි ශබ්දේ ඇහුණත් ඇති චුටි දෝණි ගේ දොරගාවට දුවගෙන යනවා …

පුංචි අම්මාව දැකපු ගමන් චූටි දෝණි පුංචා ආවා..”කියලා පුංචි ළඟට දුවගෙන යනවා…
ඊටප්ස්සේ ඉතින් චූටි දුට වෙන කාවවත් පේන්නේ නෑ…අම්මාවත් මතක නැහැ….

“අම්මේ කෝ බබා…”

හිරූෂා එහෙම ඇහුවේ ටික වෙලාවක ඉඳන් චූටි දූ දැක්කේ නැති නිසා…

“නංගි එක්ක අකුරු ලියනවා….ඒක නෙමේ ලොකු දූ ඔයා දැන් මහන්නේ ඕඩර්ස් අරන්ද?”

“සඳුනි යාලුවෙක්ගේ ෂොප් එකක් අල්ලලා දුන්නා..බේබි ගවුම්,අවුරුදු එකේ ඉඳන් හය වෙනකන් බේබි ගර්ල්ස්ලාගේ ෆ්‍රොක්ස් එයාලා ගන්නවා කිව්වා..ගවුම් වල සාම්පල් එක ගානේ ගෙනත් පෙන්වන්න කිව්වා…එයාලා බලලා ඕන පීසස් ගාන කියයි”

“කොහොමහරි වැඩේ අල්ලාගන්න පුළුවන් වුණොත් හොඳයි නේද ලොක්කී…”

“ඒක ,තමයි අම්මේ…”

“අම්මේ….”

හිරූෂාගෙයි අම්මාගෙයි කතාව නැවත්වුණේ කුස්සියේ ඉඳන් අභීත පුතා එහෙම කතා කරන සද්දේ ඇහිලා..

“ඇයි පුතේ….”

හිරූෂා මැෂිමේ වාඩි වෙලා ඉන්න ගමන් එහෙම ඇහුවා…

“අම්මේ කෝල් එකක්…”

“ෆෝන් එක අරන් එන්න පුතේ..”

හිරූෂා එහෙම කිව්වාම අභීත මොබයිල් එක ඉක්මනට ගෙනත් දුන්නා..

මොබයිල් එක බලපු හිරූෂා දැක්කේ ඇමතුම ගිහාන්ගෙන් කියලා…

ගිහාන් මොකටද මේ හදිස්සියේ..හිරූෂා එහෙම කල්පනා කර කර ඇමතුමට පිළිතුරු දුන්නා…

“හිරූෂා…”

ගිහාන්ගේ හඬ ඇහුණයි කියලා හිරූෂාට අද අමුතු හැඟීමක් නම් දැනුණේ නැහැ…

ආදරේ කරපු කාලේ ඒ කටහඬ ඇහුණම හදවතට කොයි තරම් නම් මිහිරියාවක් දැනුණාද කියලා අද මතක් වෙද්දිත් හිරූෂාට පුදුම හිතෙනවා…

කාලය ඉස්සරහා බැඳීම් වියකිලා යනහැටි පුදුමයි නේද කියලා හිරූෂාට හිතුණා..

“ඔව් ගිහාන් කියන්න…”

“කොහොමද හිරූෂා ළමයින් දෙන්නා හොඳින්ද ?..”

“සනීපෙන් ඉන්නවා…”

“පුතා කොහොමද එක්සෑම් එකට..මහන්සි වෙනවාද ?පාඩම් කරනවාද?..”

“පාඩම් කරනවා ගිහාන්…”

ගිහාන් කල්පනා කළේ හිරූෂාගෙන් තව මොනවාද අහන්නේ කියලා…ඒ වගේම හිරූෂා කල්පනා කරා ගිහාන් එක්ක තව මොනවාද කතා කරන්නේ කියලා…

දෛවය මොනතරම් පුදුමාකාර ද කියලා හිරූෂාට හිතුණා…

ඉස්සර රෑ නිදිවරන් පැය ගණන් ගිහාන් එක්ක කතා කරපු හැටි හිරූෂාට මතක් වුණා..ෆෝන් එකේ බැට්‍රිරි බහිනකම් පැල් බැඳන් එදා කතා කරත් අද විනාඩියක් වත් ගිහාන් එක්ක කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ නේද කියලා හිරූෂාට හිතුණා…

“හිරූෂා…පුතා ඉස්කෝලේ ඉඳන් ආවාද?..”

“ඔව් දැන් ටිකකට කලින් ආවේ…”

“පුතාට ෆෝන් එක දෙන්න..”

ගිහාන් එහෙම කිව්වාම හිරූෂා පුතාව හොයන්න ගත්තා.

“පුතා…..”

හිරූෂා තරමක් උස් හඬින් කතාකරාම කාමරය ඇතුලේ හිටපු අබීත කාමරයෙන් එළියට ආවා..

“ඇයි අම්මා…”

“පුතා තාත්තා කතා කරනවා ..ආ ෆෝන් එක…”

හිරූෂා තමන්ගේ ළඟට ආව අභීත පුතාගේ අතින් ෆෝන් එක එහෙම තිබ්බා.

“මට බෑ…”

අභීත හිතුවක්කාර විදිහට එහෙම කිව්වා…

අභීත දැන් පුංචි ළමයෙක් නෙවෙයි.අවුරුදු පහලොවක කර දඬු උස් මහත් වෙච්ච ගැටවරයෙක්…

අම්මා මොනතරම් දේවල් හැන්ගුවත් අබීත පුතාට තාත්තාගේ ක්‍රියා කලාපය රහසක් වුණේ නැහැ…

අම්මාවයි මායි නංගිවයි එපා කියලා වෙන ගෑ//නු කෙනෙක් ළඟට ගිය තාත්තාට එකපාරට මොකද අපිව මතක් වෙලා තියෙන්නේ අභීතට එහෙම හිතුණා.

“තාත්තා බලන් ඉන්නවා කතා කරන්න.ළමයෝ..”

“මට බෑ..මට තාත්තා කෙනෙක් නෑ…”

අභීත එහෙම කිව්වාම හිරූෂා එකපාරටම ගැස්සිලා ගියේ පුතා එහෙම කතා කරයි කියලා හිරූෂා කවදාවත් හිතුවේ නැති නිසා..

“අභීත මොනවද කිව්වේ..තාත්තා බලන් ඉන්නවා .කතා කරන්න..”

හිරූෂා එවර කතා කළේ මදක් දැඩි හඬින්..

“අම්මට ඕනේ නම් කතා කරන්න…ඒත් මම නම් ඔය මනුස්සයා එක්ක කතා කරන්නේ නැහැ….මගේ තාත්තා මැ//රිලා දැන්..මට තාත්තා කෙනෙක් නැහැ….”

අභීත එහෙම තරහෙන් කතා කරන හැටි ඇමතුමේ අනික් පස ඉඳන් ගිහාන් එහෙම අහන් හිටියා…

මේ තාත්ති කියා කියා මගේ ඇඟේ දැවටිච්ච මගේ පුතාමද කියලා ගිහාන්ට හිතුණා…ඒ දවස්වල පුතා මට කොයිතරම් නම් ආදරේ කළාද?..පුතා හිරූෂාටත් වඩා ආදරේ කළේ තමන්ට නේද කියලා ගිහාන්ට මතක් වුණා…

තාත්තෙක් කියන්නේ පුතෙක්ගේ ලෝකයේ වීරයෙක් වුණාට අද මම මගේ පුතාගේ ලෝකයේ දුෂ්ටයා වෙලා කියලා ගිහාන්ට එහෙම හිතුණා…

“අභීත කතා කරනවා..”

හිරූෂා ඒ ගමන පුතාට සැර වුණා…

හමුවෙමු මීළඟ කොටසින්