සිතින් විතරක්.
දහ තුන….. 13
අමාරුවෙන් වැනි වැනී පඩි පෙළ නගින් ගිහින් එයා දෙතුන් පාරක් වැටෙන්න ගියා. මම ඉක්ම නට දුවලා ගිහින් එයාව අල්ල ගත්තෙ පඩි පෙලේ වැටිලා එයාට අනතුරක් වෙයි කියලා බයට.
ත….මු සෙ ට ත් කාගෙ හරි ඇගේ එල්ලෙන්න තියනවා නං ඊට වඩා දෙයක් නෑ නේද..?
එයා සමච්චල් හඬකින් එහෙම කීවේ මං දිහා පිලිකුලෙන් බලලා. නොතේ රෙන අසරණ කම ක් මාව වෙලා ගත්තා. මෙහෙම අභූත චෝද නව එල්ලවෙන කොට ඒක ඉවසන්න මොන තරම් ඉවසීමක් ඕනිද කියලා මමම දන්නෙ නෑ.
සර්ව..වැටෙයි කියලා අල්ල ගත්තෙ…
මම හෙමින් කීවා.
ඇයි.. මට මේ පඩි ටික නැඟගන්න බෑ කියලද හිතුවෙ ආ…?
හැමදේම වැරදියට හිතන කෙනෙක් එක්ක වැඩ කරන්න මොන තරම් අමාරුද..?
මම එහෙම හිතිවේ නෑ… අනේ සර්… කෑ ගහ න්න එපා..පහලට ඇහෙයි.. අපි රූම් එකට යමු… අනේ කියන දේ අහන්නකො… මොනවද කියන්න ඕනි කියලා මට තේරුමක් නෑ.
ත මු සෙ කියන කියන දේ අහන්න මම ත මු
සෙ ගෙ කවුද ත…මු සෙ හිතුවෙ මං මොකෙක් කියලද…?
හැමදේම වැරදියට හිතන්න එපා.. දෙයියනේ.. මම කියන්නෙ හැමෝගෙම හොඳට… සර් ඔහොම බීලා ඉන්නකොට සීයා පප්පට කොච්චර දුකද.. එයා අසනීපෙන් ඉන්නෙ.. ඉතිං ටිකක් එයා ගැන හිතන්නකො… එයා සර්ට මොන තරම් ආදරේද..?
ඇස්වලට කඳුළු පිරෙන එක නතර කරගන්න මට තේරෙන්නෙ නෑ.. සැරෙන් සැරේ වේදනා දුන්නට නලලෙ තුවාලයක් තියනවා කියලා මට මතක නෑ. මොකද ඊට වඩා හුඟාක් වැඩි යෙන් මගෙ හිත රිදිලා තිබුනෙ.
හැම එකාම හිතන්නෙ සීයා පප්පා ගැන… මං ගැන හිතන්න මොකෙක්ව ත් නෑ… මැ..රිලා ගියදෙන් මාව.. මං වගේ එකෙක් කාටවත් වැඩක් නෑ…
එයා ආයිම මහ හයියෙන් කෑ ගැහුවා. දෙයියනේ මෙයා මෙහෙම කෑ ගහන්න තියා ගත්තම සීයා පප්පටත් ඇහෙයි. එයාට මොන තරම් දුක හිතෙයිද.. ඇයි මෙයාට ඒක තේරුං ගන්න බැරි.
අනේ සර්… මම වඳින්නං.. හොඳ සර් වගේ කෑ ගහන්නෙ නැතුව රූම් එකට යමුකො කිය න් න තියන දෙයක් හෙට කියන්න..
ත මු සෙ හිතුවෙ මට දැන් බිලා සිහි නැති වෙලා කියලද… දැන් මට කතා කර න්න බෑ කියලද… ආ.. මං හොඳ එකෙක් නෙවී ය කෝ…
මං හොඳ එකෙක් නෙවී.. මොකාද මං හොඳයි කීවේ..
එයා අහනවා මට මේවට උත්තර දෙන්න තේරෙන්නෙ නෑ. මම මොනවත් කියන්න ගියෙ නෑ.
කතා කරනවා මොකාද මං හොඳයි කීවේ…
කවුරුත් කීවේ නෑ මට හිතෙනවා සර් හොඳ කෙනෙක් කියලා..
මම ඒක නං කීවේ අවංකවමයි. ඇයි කියන්න දන්නෙ නෑ. ඒත් මොන තරම් නපුරු උනත් එයා හුඟාක් හොඳ කෙනෙක් කියලා මට දැනෙනවා. ඒත් ඒත් මට තේරෙන්නෙ නෑ.
ත…මු සෙ මොනාද හ ලෝ මං ගැන දන්නෙ.. මොනවද දන්නෙ…
එයා එහෙම ඇහුවෙ මගෙ මූණට එඹිලා. ඒ හුස්ම මගෙ මූණට වැදුනා. මම මීට කලින් කවදාවත් බීලා ඉන්න කෙනෙකුට මේ තරම් ලංවෙලා නෑ.
මට ලිකර් වල ඒ ස්මෙල් එක ඔරොත්තු දුන්නෙ නෑ. ඔළුවෙ කැරකිල්ලක් එක්ක මට ඔක්කා රෙට ආවා. මම එයාව අතෑරලා අත්දෙකෙන්ම මුව වහ ගත්තෙ වොමිට් වෙයි කියලා බයට.
ඔය පේනවනේ… නරකයි කිව ගමන් ත..
මු සෙ ත් මාව අතැරලා දැම්මා..ත…
මු සෙ ලා සේරම එකයි හලෝ..සේරම එකයි..
එයා ආයිම කෑ ගහන්න ගත්තා. ඒත් මට කතා කරන්නවත් එතන ඉන්නවත් පුළුවන් කමක් තිබුනෙ නෑ.. බඩවැල් කලතගෙන එන ඔක්කා රය නවත්තන්න මම පුදුම මහන්සියක් ගත්තෙ.
මම අත්දෙකෙන්ම කට වහගෙන ඔළුව වැනු වනෙ එහෙම නෙවී කියන්න. ඒත් ඒකෙන් වුනේ එයාගෙ තරහා තවත් ඇවිස්සුන එකයි.
මම ත..මු සෙ ට දවසක් කීවා..ඔළුවෙන් අතින් පයින් නැතුව කටින් කතා කරන්න කියලා කියන දෙයක් තේරෙන්න කියනවා…
එයා කියවගෙන යනවා. ඒත් මට උත්තර දෙන්න බෑ. මම අත්දෙකික්ම කට වහගෙන උඩටට දිව්වෙ වොෂ්රූම් යන්න. දෙතුන් පාරක් වොමිට් උනාට පස්සෙ යන්තං ඔළුවෙ කැර කිල්ල අඩුවුනා. මම ආපහු දුවලා ආවෙ සෙත් සර්ට මොකද කියලා බලන්න.
යනකොට එයා තාමත් පඩිපෙලේ ඉදගෙන මොනවද කියවනවා. මට ඒවා පැහැදිලි තේරුනේ නෑ. ඇයි දෙයියනේ මෙයා මෙහෙම හැසිරෙන්නෙ.
කොච්චර ලස්සනට ඉන්න පුළුවන් කෙනෙක් ද.. අර සීයා පප්පා මොන තරම් ආදරේද.. අම්මා තාත්තා නෑ තමා ඒත් වෙන මොනවද එයාට අඩු හැමදේම තියනවා.
මට තියන ප්‍රශ්න වලට බොනව නං මම පැය විසි හතරෙම ඉන්න ඕනි බීලා. ඒත් ඉතින් මම මේවා කාටද කියන්නද මමම දරා ගන්නවා ඇරෙන්න.
මට දැන්නං ඕනි කොහොම හරි මෙයාව රූම් එකට ගිහින් දාන්න. ඊට පස්සෙ කොහොම කෑ ගැහුවත් කමක් නෑ.
මේ පඩිපෙලේ ඉදන් කෑ ගහද්දි අනිත් අයටත් ඇහෙනවා. මෙයා ඒ කිසිම දෙයක් ගනන් ගන්නෙ නෑ. මොනා කරන්නද කියලා මට හිතා ගන්නවත් බෑ.
පොඩි එකෙක් වගේ උස්සගෙන වඩාගෙන රූම් එකට ගිහින් දාන්නය. මම එයා ලඟට ගිහින් එයාගෙ අතින් අල්ල ගත්තා.
ඕනි නෑ.. මට උ…ඹ ලා එකෙක්වත් ඕනි නෑ… මට පාඩුවෙ ඉන්න දීලා යන තැනකට පලයං… එයා කීවේ මගෙ අත ගසා දාන ගමන්.
නෑ… මම කොහෙවත් යන්නෙ නෑ.. එලෙව්වත් යන්නෙ නෑ.. මොකද මම මෙහෙට ආවෙ අවුරු ද්දක් මෙහෙ ඉන්න… ඊට කලින් මම යන්නෙ නෑ… කොච්චර නරකයි කීවත්..
මම දන්නවා සර් හොඳ කෙනෙක් මට ඒක දැ නෙනවා.. සියා පප්පා පව් එයා සර් වෙනුවෙන් හුඟක් දුක් විඳිනවා..ඉතිං එයා වෙනු වෙන්
…මම කොහොම හරි සර් ලඟ ඉන්න ඒ හොඳ කෙනාව හොයා ගන්නවා…
තව අවුරුද්දකින් මම මෙහෙන් යන්න යාවි.. ඒත් සියා පප්පට සර්ව ඕනි හැමදාටම.. එයාට ඉන්නෙ සර් විතරයි… ඉතිං සර් ඔහොම බීලා නාස්ති වෙන්න ගියාම ඒ වයසක මනුස්සයට මොන තරම් වේදනාවක් දැනෙන වද..
සර් කවදා හරි දවසක තාත්තා කෙනෙක් උනා ම තේරෙයි සීයා පප්පා විඳි න වේදනවා… එයාට එහෙම දුක් විඳින්න දෙන්න මට බෑ..
මම එහෙම කියාගෙන ගියෙ එයාගෙ අතේ එල්ලෙන ගමන්. මොනවද කියන්නෙ කියලා මටම තේරුමක් තිබුනෙ නෑ.
ත…මු සෙ ගෙ කියවිල්ල ඕනිවට වඩා වැඩියි..
මගෙන් මැ…රුං නොකා කට පියාගෙන ඉන්නවා..
එහෙම කියාගෙනම එයා අමාරුවෙන් පඩිපෙල නැඟලා රූම් එකට ගියා. මට දැනුනෙ ලොකු සැනසීමක්.
උ…ඹ ට මම..කීවා… මං හොඳ එකෙක් නෙවී මගෙන් ඈත්වෙලා හිටපං කියලා… ඒ උනාට උ..ඹ ට මට වඩා අර නා කි යා ලොකුයි… ඒකනි මාව හොඳ එකෙක් කරන්න හදන්නෙ..
හැබැයි ත..මු සෙ වරද්දගත්තා… මං හොඳ එකෙක් නෙවී.. ත…මුබසෙ දන්නවට වඩා මං හුඟක් නරකයි…
දැන් උ…ඹ දැන ගනී මං කො ච්චර නරක ද කියලා… එකට එක කියාගෙන ඇවිත් උ…ඹ කර ගත්තෙ හොඳක් නෙවී….. මං කොච්චර නරක එකෙක්ද කියලා උ.. ඹට දැන් බලා ගන් න පුළුවන්..
කාමරේට ගිය ගමන් එයා මගෙ කොණ්ඩෙන් අල්ලගෙන කියවගෙන ගියා. මාව හීතල වෙලා යනවා මට දැනෙනවා. මොනවද වෙන්න ය න්නෙ කියලා මට හිතා ගන්නවත් බෑ. කො ණ්ඩෙන් අල්ල ගත්ත පාරට ඔළුව ගැලවෙලා එනවා වගේ මට දැනුනා.
අනේ…..සර්..ඔළුව රිදෙනවා…. අතාරින්න කො…
මම අමාරුවෙන් කෙදිරි ගෑවා.
අතාරින්න.. අතාරින්න නෙවී ය..කෝ අල්ල ගත්තෙ උ..ඹ දැන් දැනගනී…. මං මොකෙක් කියලද..ඔය වැරැද්ද ආයිම කරන එකක් නෑ..
එහෙම කියලා එයා ආයිම මගෙ කොන්ඩෙන් ඇඳලා ලඟට ගත්තා. මම හිතුවෙ ඔළුව ගැලවිලා අතට එන්න ඇති කියලා.
එච්චරට වේදනාවක් දැනුනා. ඇස්වල කඳුළු පිරිලා ඔහේ ගලාගෙන ගියා. ඒත මේ වගේ කෙනෙක් ලඟ ඒ කඳුළු ඒ වේදනාව ඒ හැම දේම විහිළු වක් විතරයි.
රිදෙනවා සර්…මහ හුඟක්… අනේ මාව අතාරි න්නකො.. මැ..රෙයි මාව.. ආයිම එහෙම කතා කරන්නෙ නෑ.. අනේ මාව අතාරින්න කෝ….
මම එයාගෙන් ගැලවෙන් උත්සහ කරමින් කෑ ගැහුවා. ඒත් ඒකෙන් වුනේ තව තවත් වේද නාව වැඩිවුන එක විතරයි. මොනවා වෙන්න යනවද කියලා මට තේරෙන්නෙ නෑ.
මම කවදාවත් දෙවියන්ව විශ්වාස කලේ නෑ.. දෙවියෙක් හිටිය නං අපිවමේ තරම් අසරන කරන්න මේ ලෝකෙට ගෙනත් අතාරින්නෙ නෑ කියලයි මම විශ්වාස කලේ. ඉතිං මට මගෙ මේ අසරණ කම කියන්න කෙනෙක් නෑ.
උ…ඹ..කරපු තරමක් කලේ..මම එපා කියපු දේවල් දැන් බලාගනිං මොනවද වෙන්නෙ යන්නෙ කියලා…උ..ඹව මෙහාට ගෙනාවෙ මම උ..ඹ කරන්න ඕනි මම කියන දේවල්…. ඒත් උ..ඹ මොනවද කලේ…
එහෙම කියලා එයා මගෙ කොන්ඩෙන් ඇඳලා ඇඳට විසිකලා. තත්පර ගානකින් මම ඒ යෝ සිරුරට යට වෙලා ගියා. මහා හයියෙන් කෑ ගහන්න ඕනි උනත් මගෙ උඟුර කට වේලිලා ගිහින් තිබුන නිසා වචන පිටවුනේ නෑ.
අතපය සේරම පනනැතුව ගිහින්. හුස්ම හිරවෙලා යනවා වගේ මට දැනුනා. බය කියන්නෙ මොකක්ද කියලා මට හරියටම තේරුනේ මේ වෙලාවෙ. ඇත්තමයි මට හිතුනෙම මාව මැරෙයි කියලා.
සෙත් සර්ගෙ අසංවර හිනා හඬ මුළු කාමරේ පුරාම විසිරිලා නින්නාද දුන්නා. කොච්චර නපුරු උනත් මීට කලින් එයා නරක කෙනෙක් කියලා මට හිතිලම නෑ දැනිලම නෑ. අඩුම තරමින් මේ වගේ වෙලාවකවත් මට එහෙම හිතෙන්නෙ නැත්තෙ ඇයි කියලා මම දන්නෙ නෑ.
මොතනින් නැඟිටලා කොහෙට හරි දුවලා ගිහින් හැංගෙන්න මට ලොකු ඕනිකමක් තිබුනත් මට නැඟිට ගන්න පන තිබුනෙ නෑ. ඇස්වලින් වතුර ගලනවා වගේ කඳුළු ගලාගෙන යනවා මට දැනෙනවා. ඔළුව පිපිරෙන්න කකියනවා. නලලෙ තුවාලෙ පෑරිලාද කොහෙද ලේ ගලාගෙන යනවා මට දැනෙනවා.
තවත් මේ තරම් වේදනා විඳින්න මට බෑ. අනේ මෙහෙම්ම මාව මැ රි ලා යනවා නං කියලා විතරයි මට හිතුනෙ. මම ඇස්දෙක හයියෙන් තද කරලා පියා ගත්තා. මට දැනුනෙ එකපාරම මුළු ලෝකෙම කළුවර වෙලා යනවා වගේ හැඟීමක්.
හමුවෙමු.