23 කොටස

ඔව් අපි දෙන්නා අදම කසාද බදිමු..එතකොට කාටවත් බෑනේ අපිව වෙන් කරන්න.

අනේ හා..නේද………අනේ…ප්ලීස් ප්ලීස් …..

හානේද……….අනේ රාගව් ප්ලීස් හා….. කියන්නකො

මන්දිරා ……………

ඇ….ඇ….ඇයි ඔ..ඔයා ඔහොම කෑගහන්නේ……ම…ම…මම වැරදි දෙයක් කිව්වේ නෑනේ……

ම්…….හරි මේ අහන්නකෝ……දැන් හොද ලමයා වගේ ගිහින් වොශ් එකක් දාලා ෆ්‍රෙශ් වෙලා එන්නකො……..

අනේ…..රාගව් මෙච්චර ප්‍රශ්නයක් තියෙද්දි ..ඔයා මොනවද මේ කියන්නේ.පස්සේ වොශ් එකක් දාගන්න බැරියෑ….ඉසෙල්ලා මේකට කරන්න් දෙයක් කියන්න……

හරි හරි ඔයා මන් කිව්ව දේ කරන්නකෝ.ඊටපස්සේ අපි මේ ගැන කතා කරමු හොදද……

අනේ මන්දා මටනම් මේ රාගව්ව තේරුම් ගන්න බෑ..මන් මෙච්චර ලොකු ප්‍රශ්නෙක හිර වෙලා ඉන්නවා.එයාට කිසිම ගානක් නෑ..

දෙවියයෙනේ මන් මොක්කද කරන්නේ.මන් කොහොමද අර තිරිසනාව කසාද බදින්නේ .අම්මා අප්පච්චී මන් කියන දේවල් විශ්වාස කරාට ආච්චි අම්මා මන් කියන දෙ පොඩ්ඩක්වත් විශ්වාස කරන්නෙ නෑනේ.එයාගේ තීරණවලට විරුද්ධව අප්පච්චීට මුකුත් කරන්න බෑ ….

මන් දාන්නවා රාගව් ඔය ඔහොම නිශ්ශබ්දව ඉන්නේ .අපේ සම්බන්දේ ගැන අපේ ගෙදර අයත් එක්ක කතා කරන්න බැරි නිසා කියලා.ඔයා මට වඩා බාලයි කියලා මන් කොහොමද දෙවියනේ ඔයාට ආදරේ නොකර ඉන්නේ.ආදරේ කරන්න වයසක් පාටක් ආගමක් ජාතියක් කියලා දෙයක් නෑ…..මන් මැරෙන්න තුරාවට ආදරේ කරන පළවෙනි කෙනා වගේම අවසාන කෙනත් ඔයා විතරමයි….

මන් මැරි කරනවනම් මැරි කරන්නේ ඔයාව විතරයි රාගව් .මට ඔයාව අයිති නැත්නම් මන් එක තත්ත්පරයක් මේ ලොකේ ඉන්නේ නැති වෙයි.ඔව් මට සාමාවෙන්න අම්මා අප්පච්චී ……..

…රාගව් ඔය ඇති බන් …..
උඹ ඔහොම කරටි කැඩෙනකන් ගැහුව්වා කියලා මේ ප්‍රශ්න විසදන්න බෑනේ……

උබ අර කෙල්ලටත් නොකියා ඇවිත් මෙහෙම පිස්සු කෙලින්න එපා..එකිට අඩුම කෝල් එකකවත් දීලා කියහන් උබ මෙහෙ කියලා.එකි උබ නෑ කියලා බය වෙයි යකෝ…

ම..මන්…මන්…..මහ කාලකණ්ණියෙක්න් බන් .ඉපදුන දවසේ ඉදන්…….කාත් කවුරුත් නැතුව හිටිය මට දෙවියෙක් වගේ පිහිට වෙච්චි එ මනුස්සයාගේ දුවව කොහොමද බන් කසාද බදින්නේ………..

රා….රාගව් උබට පිස්සුද.මොනවද බන් උබ මේ කියවන විකාර කතා ..උබට වෙරිද…

පලයන් යන්න …..උබ හිතුවද මේ බෝතල් දෙක තුනක් ගැහුවා කියලා මේ මාව වෙරි වෙනවා කියලා……

ඕ…මට අමතක උනානේ…..උබේ රන්කිරි කට ගාන වේලාවෙ කටේ කෑවේ.### කියලා…

හරි එක නෙවෙයි මොක්කද දැන් උබ කිව්ව හතර බීරි කතාව …..උබව හදාගත්ත මනුස්සයගෙයි මේ කෙල්ලගෙයි තියන සම්බන්දේ මොක්කද …..

ම්…..එක දිග කතාවක් බන්…මටදැන් එක උබට කිය කිය ඉන්න වෙලාවක් නම් නෑ……
එත් මේක මතක තියාගනින් .උබ වගේම මාත් දෙවියෝ වගේ අදහන සලකන.සි.අයි.ඩී ඔෆිසර්….නිහාල් තල්දුව සදගලතැන්න කියන්නේ මන්දිරාගේ අප්පච්චී ………

මොකක් …………..

හෙලෝ…….

හෙ…හෙ.ලෝ…..ඔ..ඔයා කොහෙද …

මැණික මන් මේ එන ගමන් .ඔයා වොශ් දාගන්න ගිය වෙලේ මන් එලියට ආව කන්න දෙයක් ගන්න.මගදි යාලුවෙක් හම්බුනා එකයි වෙලා ගියේ ..ඉන්න මන් මේ දැන් ලග ඉන්නේ ………

හම්………….

.
.
.
.
.
.
ම්……මොකද මේ අද කවදාවත් නැතුව .

මන් රාගව්ගේ ඉන දෙපැත්තේන් කකුල් දෙක දාගෙන එයාගේ කකුල් දෙක උඩින් වාඩි උනේ අත් දෙකෙන් එයාව බදාගෙන මගේ ඔලුව එයාගේ පපුවට බර කරන ගමන්……

රාගව් මාව තව තවත් එයාට තුරුල් කරගන්න ගමන් එයාගේ එක අතකින් මගේ ඔලුව අතගැවේ.එ පහසට නොදැනීම මගේ ඇස් පියවෙද්දී …….

මැණික ………

ම්……….

ඔයා අද හරි වෙනස්..මගේ හිතට හරි අමුත්තක් දැනෙනවා..හරියට ඔයා ..ඔයා.මාව දලා යන්න හදනවා වගේ .

කොහොම කියන්නද ඔයා හිතන දේ හරි කියලා රාගව් …මේ මන් ඔයා ලග ඉන්න..අන්තිම පැය ගාන කියලා මන් කොහොමද ඔයාට කියන්නේ….

එහෙම දෙයක් නෑ………මට මෙහෙම ඉන්න හිතුනා එකයි.ඔයා කැමති නැත්නම් කියන්න මන් යන්නම්…..

අනේ මැට්ටි…මොකාද බන් අකමැති තමන් පණ වගේ ආදරේ කරන කෙල්ල මෙහෙම ඉන්නවට….ඔහොම ඉන්න එකනම් ප්‍රශ්නයක් නෑ…….බබා……හැබැයි ……..

රාගව් එක කියලා සද්ද නැතුව හිටපු නිසා මන් ඔලුව උස්සලා එ මුණ දිහා බැලුවත්.එ සැනින් මන් ආයිමත් එයාගේ පපුවේ මුණ හන්ග ගත්තේ එ…ඇස් වල තිබ්බ එ..බැල්ම.
මහ මහා……නසාරානි හිනාවක් එක්ක හරිම නරක බැල්මක් දාන් හිටියේ ….

පස්සේ පස්සේ වෙන ඒවාට මන් වගකියන්නේ නෑ .හොදේ.

රාගව් …………..

ම්……….

මන් දෙයක් අහන්න තරහා ගන්නේ නෑනේද.

අහන්නකෝ ඉස්සෙල්ලා.මොකක් හරි මෝඩ කතාවක් නම් කියන්න ඉන්නේ එක නොකියාම ඉන්න….

ම්..ඔයා මන් ඉස්සෙල්ලා අහපු දේට මට උත්තරයක් දුන්නේ නෑනේ.මට කියන්න ඔයා මාව කසාද බදින්න කැමති නැද්ද….

මන්දිරා …..තමුන් හදන්නේ මගේ ඉවසීම කියන මනින්නද..ආ…එහෙනම් මේක මතක හොදට මතක තියාගන්න .මන් ඔය ඉවසීම කියන වචනෙවත් දන්නේ නෑ කියන දේ…

හරි හරි ඕකනම් මාත් දන්නවා..කොච්චරවත් පුපුරන්න බලන් ඉන්නේ කියලා….

විහිලු නෙවෙයි රාගව් ..මන් මේ ඇත්තටම අහන්නේ …..මන් වෙන මොක්කද කරන්නේ .මේ ප්‍රශ්නේන් ගැල වෙන්න…..

අපි කසාද බදින්න එක මේකට උත්තරයක් නෙවෙයි .මන් ඒ ගැන බලා ගන්නම් ඔයා පඩුවේ වැඩ ටික කරගන්නකෝ.මේ ගැන හිතන්නේ නැතුව …….

ඔයා හිතන තරම් ලේසියෙන් මේක විසදන්න බැ.එයාලා දින පවා දාගෙන හොටෙල් බුක් කරලා…..

හරි හොටෙල් බැරි නම් ඕනි මගුල් බුක් කරගන්න කියන්න…ඔයාව අල්ලන්නවත් මන් ඒ තිරිසනාට ඉඩ තියෙන්නේ නෑ……..

ඔයාට මාව විශ්වාසයි නේද මැණික …….

ඔව් මටත් වඩා මට ඔයාව විශ්වාසයි …

එහෙනම් ඉතිං අපි ඒ හැමදෙයක් අමතක වෙන්නත් එක්ක………….

මොකො නැවැත්තුවේ ඉතුරු ටිකත් කියන්න.ට්‍රිප් එකක්වත් යමුද කියන්නද හදන්නේ ……

මොන ට්‍රිප්ද බන්……

අපි දෙන්න එක්ක….

හැම ප්‍රශ්නේම අමතක කරලා අපි පැණි හදේ යන් …….

ඔයානම් රාගව් ……මහමහ වල් නරියෙක්…..

මෙන්න මෙහෙ වරෙන් බන්…..නිදා ගන්න යන්න…….මට මාරම නිදිමතයි.මේ දවස් දෙකේ මගේ කොට්ටේ නැතුව මට නින්ද ගියේම නෑ..අද ඉතිං කොට්ටේ මන් ලගනේ.මට තියෙන්නේ සනීපෙට නිදාගන්න…

රාගව් මන්දිරා දෝතට ගෙන යහන වෙත පා ඔසවන්න වුයේ ..සද මඩලටද වලාකුළු අතර සැගව යන්නට වුයේ .ඔවුන්ට ඔවුනගේ උනුසෙමේ ගිලෙමින් පෙමින් වෙලෙන්නට ඉඩහසර ලබාදෙමිනි ……..

මතුසම්බන්ධයි