විසිහතරවන දිගහැරුම

24 Episode

පෙර කොටසට

“මේ බලන්න මිස්…..”

“ඇයි මොකක්ද…?”

“මේ මෙතන බිම වැටිලා තිබ්බා….”

දිසෙන් කීවේ බිම වැටී ඇති යමක් අහුළා ගෙන එය සෙහන්සා අත තබමිනි…..

“මේක කාගෙද ?…”

ජයන්ති ඇසුවේ ඒ දෙසට නැඹුරු වී බලමිනි.

“මේක නං අනිවාර්යෙන් ඔෆිස් එකට පැනපු හො/රා/ගෙ වෙන්න ඕනේ ….”

“ඔව් සර්….ඔව් සර් මට හිතෙන්නෙත් එහෙමයි……..”

“මේක රත්තරන් ද ?…”

“මට පේන විදියට නම් ඕක රත්තරන් එකක් නෙමෙයි ගෝල්ඩ් plated එකක්……”

“මේ බ්‍රේස්ලට් එක මට නම් හොඳට දැකල පුරුදුයි වගේ ……….”

රෙජිනෝල් කීවේ එය ඒ මේ අත හරවමිනි .

“කොහොම වුනත් ආපු කෙනා කෙට්ටු පොඩි කෙනෙක්……….”

“ඔයා කොහොමද දිසෙන් එහෙම කියන්නේ ………..”

“මේ බලන්න මේ බ්‍රේස්ලට් එක දිහා හොඳට ….”

දිසෙන් කීවේ එය වටකුරුව නවමිනි….

“මෙන්න මේ සයිස් තමා ඒ කෙනාගේ අත …….”

“ඇත්ත නේන්නං ….”

“මිස් මේක පරිස්සම් කරලා ළඟ තියාගන්න ……පොලිසියේ ඇන්ට්‍රියක් දානකොට මේකත් දෙන්න….ඕක හොඳ සාක්ෂියක් නේ ………”

“ඒක ඇත්ත …මම සතුටු වෙනවා දිසෙන් වගේ කෙනෙක් වැඩට ගත්ත එක.ඔයා හොඳ බුද්ධියක් තියෙන දුර දිග බලලා වැඩ කරන ළමයෙක්………..”

“නෑ නෑ මේවට පොලිසිය ගාව ගන්න ඕනේ නෑ ……”

ජයන්ති එසේ කීවේ ඇගේ මුහුණ අඳුරු කර ගනීමින්…..

“ඒ මොකද අපි මේක අනිවාර්යෙන් පොලිසියට ඉන්ෆෝම් කරන්න ඕනේ ……”.

“ඔයාට පි/ස්/සු/ ද රෙජිනෝල් ….මේවා පොලිසියට කිව්වොත් මේ නිව්ස් එක හැමතැනම පබ්ලිශ් වෙනවා ………….ඒකෙන් අපේ ළමා නිවාසේ නමටමයි හොඳ නැත්තේ ….අපේ ළමා නිවාසේ ආරක්ෂාව මදි කියලා backlist වෙයි …”

“අනේ මන්දා ඔයාගේ කැමැත්තක් ජයන්ති ….ඒත් මට නම් හිතෙන්නේ මේ ගැන පොලීසියට දැනුම් දෙන එක හොඳයි කියලා “

“පොලීසියට දැනුම් දීලා වැඩක් නෑ රෙජී……….ඇරත් මුකුත් හොරකම් කරලත් නෑ නේ……දැන් කරන්න ඕනේ මේක පොලිසියට කියනවට වඩා ළමා නිවාසේ ආරක්ෂාව වැඩි කරන එක ….”

“මේවා මෙහම එළියේ ඉඳන් කතා කරන්න පුළුවන් දේවල් නෙමෙයි..අපි ඇතුලට ගිහින් කතා කරමු ….”

රෙජිනෝල් එසේ කීමත් සමඟ පිරිස නැවත ඇතුල්වූයේ කාර්යාලයටය ….

“මම තව ටිකක් වටේ ඇවිදලා බලන්නද ම්ස්……….”

“ඕක මොකක්ද ගිහින් බලන්න ………”

දිසෙන් ලත් අවසරෙන් කාර්යාලය වටා ඇවිදින්නට වූයේය…

“දැන් අපි මොකක්ද මේකට කරන්නේ ජයන්ති………”

“වෙන මොනා කරන්නද …මෙතන ආරක්ෂාව වැඩි කරන්න ඕන………මේ සිකුයිරිටි නම් හරියන්නෑ ….”

“නෑ අම්මේ…මෙතනට තව සිකුයිරිටි කෙනෙක් ගන්න ඕන ………දැන් ඉන්න අංකල්ට උදේ ඉදන් හවස් වෙනකම් වැඩ කරන්න කියමු…රෑ ඉඳලා පාන්දර වෙනකන් තව සිකියුරුටි කෙනෙක් ගන්න ඕන ………..ඒක තමයි කරන්න ඕනේ …………..”

“ඒක නම් ඇත්ත”

ඒ සමඟම ඇමතුමක් පැමිණියේ සෙහන්සා ගේ ජංගමයට ය …….

“හලෝ…….”

“සෙහංසා මිස්……..”

“ඔව් කියන්න සුජාතා…..”

“මිස්…..දියානා මිස්ගේ කාර් එක දැකලා …මිස්ව බලන්න ඕනේ කිය කියා වද දෙනවා …….”

“ඉන්න සුජාතා මම එන්නම් ඒ පැත්තෙ …….”

සෙහන්සා ඇමතුම විසන්ධි කරේ එලෙසිනි .

“සුජාතා නේද කතා කරන්නේ. මොකද හදිසියේම…….”

“මගේ කාර් එක එනවා දැකලා දියානා බලන්න එන්න ඕනේ කියලා වද දෙනවලු ….”

“ඒ දරුවා අපේ සෙහංසාට ගොඩක් ආදරේ නේද …”

“ඔව් ශේෂා දකින් නැති උනාම ඒ ළමයට සාංකාව වගේ වෙනවා…”

“අම්මී මම පොඩ්ඩක් ඒ පැත්තෙ ගිහින් එන්නම්……”

සෙහන්සා එසේ අසුනෙන් නැගිටිනවාත් සමඟ එතැනට පැමිණියේ දිසෙන්ය.

“මිස් තනියම යන්න එපා මාත් එන්නම්…..”

දෙදෙනා ළමා නිවාසයේ කාර්යාලයෙන් පිට වී මද දුරක් යන තුරු ද හිටියේ නිහඬවම ය.පළමුව නිහඬතාවය බින්ඳේ සෙහන්සාය…

“දිසෙන් අම්මත් දැන් ඔයාට ඉස්සර වගේ නෙමෙයි කැමතියි ……මට හිතෙනවා අපි දෙන්නගෙ එෆෙයාර් එකේ දැන ගත්තොත් අම්මගෙනුයි තාත්තයි ගෙනුයි ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලා ……”

“ශේෂා ඕනවට වඩා දුර හිතන්න එපා ….මම ඔයාට ඒක කලිනුත් කිව්වනේ …..හීන දකින්න පුළුවන්…..ඒත් ඒ හීන හැබෑ කරගන්න බැරි වුණාම හිතට ගොඩක් දුකයි …..ඔයාගේ අම්මයි තාත්තයි මට
කැමති මම එයාලගේ සේවකයෙක් විදිහට විතරයි ………..”

“ඔයා ඇයි හැමතිස්සෙම නෙගටිවි ව්දියට හිතන්නේ දිෂ්…….”

“මට පොසිටිව් විදිහට හිතන්න තිබ්බා මාත් ඔයාලා වගේ සල්ලි කාරයෙක් උනානං……මම කිසිම තත්ත්වයක් නැති නිකමෙක් විතරයි………ඉතින් කොහොමද පොසිටිව් විදියට හිතන්නේ …?”

“අනේ ඇති දිසෙන්…….ඔයා හැමතිස්සෙම මගේ හිතට බරක් දෙන දේවල් කියන්නේ ……………”

” ඒක තමයි සෙහන්සා….මම අපි දෙන්නා ගැලපෙන් නෑ කියන්නේ…ඔයා සැහැල්ලුවෙන් විනෝදයෙන් ජීවත්වෙන ගෑනු ළමයෙක්…….මම ප්‍රශ්න වලින්ම මිරිකෙන දුප්පත් කො/ල්/ලෙ/ක්……මම මිස්ට ලංවෙනවා කියන්නේ මිස්ගේ ජීවිතේටත් නිකරුණේ ප්‍රශ්න ඇති වෙන එක……”

සෙහන්සාට ඊට පිළිතුරු දීමට නොලැබුනේ ඊට පෙර දෙදෙනා කතාවෙන්ම ළමා නිවාසයේ නේවාසිකාගාරයට පැමිණීමයි ..

“ඕයෙස්….මගේ ශේ අක්කා ආවා…..”

සුරතල් සිඟිත්තිය කීවේ නේවාසිකාගාරයේ අමුත්තන් සඳහා වෙන්වූ කුටියේ අසුනක සෙහන්සා සමග ඉඳ ගනිමිනි.

දිසෙන් අසුන්ගත්තේ ඊට යාබද අසුනේ ය ..

“අදත් අක්කි ආවේ මේ අයියා එක්ක ද ?..”

“ඔව් මගේ පුලුන් බෝලෙ ….”

සෙහන්සා කීවේ සිඟිත්තියගේ හිස සෙමින් අතගාමිනි.

“මම බඩුවක් අහන්නං ඒකට අක්කී ඇත්තම කියන්න ඕනී…”

“හාකෝ…බබා ඉතිං අහන්න ..”

“කෝ කන ළං කරන්න…..”

“ඇයි ඒක මට අහන් ඉන්න බැරිද ………”

දිසෙන්ද උන්නේ සිඟිත්තියගේ සුරතල් වලට ආදරයෙනි ..

“නෑ ඒක ගර්ල්ස්ලාගේ රහසක්..බෝයිස්ලාට කියන්නෑ හොඳේ …….”

සිඟිත්තිය සෙහන්සා ගේ කනට කර පැවසුවේ යමකි ….

සෙහන්සා ඊට හිනා උනේ අතකින් මුව වසා ගෙනය …දිසෙන් තම ඇසින් සන් කරමින් ඒ කුමක්දැයි ඇසුවත් ඈ ඊට පිළිතුරු නොදී මොහොතක් හිනහෙම්න් උන්නාය ..

“මේ ආච්චි අම්මා අහනවා ….මේ අයියා ෂේ අක්කගේ වෙඩින් එකේ ගෲම් ද කියලා….”

“ශේ අක්කා නෝටී.මං එපා කිව්වට ඔයා කිව්වනේ අයියට….”

“නෑ බබා මම අක්කා එක්ක ඔෆිස් එකේ වැඩ කරන අයියා කෙනක්…”

දිසෙන් කීවේ දියානාගේ හුරතල් වලට වසඟ වී ඈ දෙස බලා හිනහෙමිනි..

“කෝ අද මට මොනාද ගෙනාවේ…..?”

“අද මොකුත් ගේන්න බැරි උනා පැටියෝ….මෙහාට එන්න නෙවෙයි හිටියේ……හදිසියේම වගේ මෙහේ ආවේ ..ඊළඟ දවසේ චොක්ලට් දෙකක්ම ගේන්නම් අදටත් එක්කම…..”

“දියානා අපි දැන් අපි යමු …දැන් ඔයාගේ ස්ටඩී ටයිම් එක………”

සුජාතා එතැනට පැමිණියේ දියානාට එසේ අඩගසමිනි…

“තව ටික වේලාවක් ඉඳලා එන්නම්…ප්ලීස් සුජා ආන්ටී…..”

“නෑ නෑ දැන් ටයිම් ඉවරයි……ඔයාට ගොඩක් හෝම් වර්ක් කරන්න තියෙනවා…”

“ඒකනේ…..ශේ අක්කා අනිද්දා එනවා….බබා සුජා ආන්ටී කියන දේ අහන්නේ නැත්තම් ආයේ එන්නෙ නෑ ……..”

“ඕකේ අක්කී ,බබා යනවා…බායී…”

දියානා සුජාතා සමග එතනින් පිට වූයේ ඇඟේ පුංචි මූණ ඇඹුල් කරගනිමිනි…

“දිෂ් ඉක්මනටම මැරි කරල අර වගේ චූටි දුවෙක්ව හදමුද…?”

සෙහන්සා කීවේ නැවත ඔහු සමග යන ගමින් ඔහුගේ මුහුණ දෙස බලමිනි…

“ඔව් මෙහෙම ගියොත් නම් වැඩි කාලයක් යන්න කලින් ඒක සිද්ද වෙයි …”

“ඇයි ඒ….”

“නෑ ඉතින් ඔය විදිහට හැමතිස්සෙම රෑ තිස්සේ මගෙ රූම් එකට රිංගන්න ආවොත් ඒකත් වෙන්න බැරි කමක් නෑ ……”

“ඔයා නම් දිෂ්……”

“ඇත්ත තමයි මම කිව්වේ ……”

එක්වරම සෙහන්සා සිදුකළේ දිසෙන් කිසිලෙසකින්වත් අනුමාන නොකළ දෙයකි ..

ඒ ඔහුගේ උරහිස් වටා දෑත් යවමින් ඔහුගේ කරේ එල්ලීමය….

“ඔයාට පි/ස්/සු/ද සෙහංසා…..කව්රු හරි දැක්ක නම්…..ඔයාටත් තැනක් නොතැනක් නෑ………”

“ඔච්චර රවන්න එපා……මේහරියේ මේ වෙලාවට කවුරුත් නෑ …..”

ඇය කීවේ අසල තිබූ ළමා උද්‍යානය හා මල්වත්ත දෙස බලමිනි…

“ඒ වුනාට ඔයාට අමතකද මෙහේ සීසීටීවී කැමරා තියෙනවා කියලා……”

“තියෙන නපුරුකම ..රැවිල්ලේ ඉවරයක් නෑ….ඔය සීසීටීවී කැමරා චෙක් කරන්නේ මම විතරයි …අම්මයි තාත්තයි එවුවා බලන්න යන්නේ නෑ …ඔයා නම් මහ බය ගුල්ලෙක් ….”

එහෙත් එක්වර ම දුටු දෙයින් සෙහංසා ගේ හෘදස්පන්දනය වේගවත් වන්නට වැඩි වේලාවක් ගියේ නැත ….

ඇය ඇසින් සන් කරමින් ඔහුට එය පෙන්වූවාය…

ඒ දුටු පමණින් දිසෙන් ගේ ඇස් විසල් වූයේ ……….

හමුවෙමු මීළඟ දිගහැරුමෙන්🎭🎭🎭

අහක බලාගෙන යන්න එපා ..කියවන හැමෝම අදහසක් ප්‍රකාශ කරලා යන්න