ආදරණීයම ඔයා…13
මා අවදිවුයේ අත තදින් ඇද විට්ටමේ වැදෙනු දැනීය. මුළු ගතම දහදියෙන් නැහැවී ගොසිනි. උගුර කට වියලී ගොස් තිබූ බැවින් මට වදන් පිටකරගත නොහකි විය.
ඇද විට්ටමේ වැදුනු පාරේ සැරට අත පුපුරු ගස මින් තිබිනි. ඒ කියන්නෙ ඒ කියන්නෙ දෙවිය නේ ඒක හීනයක් ද…. මට කිසිවක් සිතාගත නොහැකි විය.
මම සුසුමක් හෙලීමි. සෝන්‍ය ට සැබෑවටම එවැන්නක් කල හැකි යැයි මට සිතිනි. කවර හෝ මොහොතක ඔහු මගෙන් දික්කසාදය ඉල්ලා සිටිනු ඇත.
එසේ උවහොත් මා කුමක් කරන්නද.. ඔහුගේ අකමැත්තෙන් මා දිගින් දිගටම ඔහු හා රැදී සිටින්නේ කෙසේද..
එහෙත් දික්කසාද ගැහැණියක ලෙස මා අම්මා ට මල්ලි ට ලෝකයාට මුහුණ දෙන්නේ කෙසේ ද
මට හැඟුනේ මා උමතු වන්නට යනවාක් වැනි හැඟීමකි.
අධික දහදියත් පිපාසයත් නිසාම මම යහනින් නැඟිට ගතිමි. අත තිබුනේ තවමත් පුපුරු ගසමිනි. එහි තරමක ඉදිමුමක් ද විය. හිතට දැනුනේ බියකි.
මම කෙලින්ම ගියේ මුළුතැන්ගෙයටය. මුතු අම්මා එහි මොනව දෝ කරමින් සිටියාය.
චූටි නෝනා නැඟිට්ටද..සුදු මහත්තයා දැනුත් කතා කරලා ඇහුවා නෝනා නිදිද කියලා..
මා දුටු හැටියේ මුතු අම්මා කීවාය.
ඇයට පිලිතුරු දෙන්නට නොනැවතී මා පුරවා ගත් වතුර වීදුරුව එක හුස්මට පානය කලේ පිපාසය දැඩි වූ නිසාය.
කෑමත් නොකා ගිහින් නිදා ගත්තෙ මොකක් හරි අසනීපයක් ද චූටි නෝනා… මුතු අම්මා ඇසුවාය.
හිසේ කැක්කුමක් ආවා මුතු අම්මා.. මා කීවේ ඕනිවට එපාවටය.
දැන් අඩුද නෝනා… අඩු නැත්තං අපි බෙහෙත් ටිකක් ගන්න යමු..
ඕනි නෑ මුතු අම්මා දැන් අඩුයි…
එහෙම නං අපි කෑම ටිකක් කාලා ඉමු ද.. දවල් වෙලා හොඳටම…
සෝන්‍ය තවත් නෑනෙ මුතු අම්මා.. උදේට කාලත් නෑ…දවල්ට කන්නත් නෑ කොහොමද ඔහොම බඩගින්නෙ ඉන්නෙ….
මා කියවාගෙන ගියේ සැබැවින්ම සෝන්‍ය ගැන උපන් අනුකම්පාවකිනි.
සුදු මහත්තයා වැඩකට ගියාම ඕම තමා කෑමක් බීමක් ගැන කල්පනාවක් නෑ…
අනේ මන්දා මුතු අම්මා ඔහොම වැඩ කරන්න ගිහින් ලෙඩ වෙලා තමා නතර වෙන්නෙ… අතට ගත්ත කෑම එක නොකා දුවන්නෙ මොන හදිසියකටද…
මා ඇසුවේ නොරිස්සුමෙනි. මුතු අම්මා සෝන්‍ය ගැන මොනවා හෝ සඟවන බව මට විශ්වා සය.
නෝනා ඕවා වැඩිය හිතන්න එපා…හෙමීට හරි යයි..යමුකෝ කලා ඉන්න නැත්තං නෝනත් බඩගින්නෙ…
මුතු අම්මා මා කෑම මේසය වෙත රැගෙන ගියේ බලෙන් මෙනි. දැනෙමින් තිබුනෙ කුසගිනකි එසේම මදින් මද වැඩිවන සුරතේ වේදනාව නිසා මා වෙහෙසට පත්වීමි.
කෑම අනන්නටවත් නොහැකි තරම් සුරත වේ දනා දේ මුතු අම්මා බලා හිදිනා හෙයින් කෑම නොගෙන නැඟිටින්ටද බැරිය.
අමාරුවෙන් අනාගත් බත්පිඩ මුවේ තබන්නට යද්දී වේදනාව නිසා ම මට කෙඳිරි ගෑවිනි.
ඇයි නෝනා…. මුතු අම්මා වහා ඇසුවාය.
මොනාත් නෑ…
ඔය අත ඉදිමිලා ඇයි නෝනා….මුතු අම්මා විමර්ශනය ශීලිය.
ඇදේ වැදුනා..එච්චර ගානක් නෑ මම වහා කීවෙමි.
ගානක් නැත්තෙ මොකද ඔච්චර ඉදිමිලා තියෙද්දි…කෝ ඔහොම කන්න බෑනෙ…මම කවන්නම්…
මුතු අම්මා කියද්දි මම විරෝධය පාන්නට නො ගියෙමි. සැබැවින්ම ඒ මොහොතේ මට අධික කුසගින්නක් ද දැනෙමින් තිබිනි.
මුතු අම්මා පරිස්සමින් මට කෑම කවන්නට විය. අතේ වේදනාව දැඩි වෙද්දි එය දරා ගැනීම පහසු නොවීය.
එන්න එන්න පොඩි එකා වෙනවද ඒ ගමන..
ඒ හඬ ආ දෙ බලද්දී සෝන්‍ය අප ඉදිරියේ විය.
මේ නෝනා ඇදේ අත වද්දගෙන සුදු මහත්තයා අත ඉදිමිලා හොඳටම…
මුතු අම්මා කියද්දි සෝන්‍ය කලබලයෙන් මගේ සුරත අල්ලා ගත්තෙ ය.
තාදී මොනා වෙලාද මේ..හොඳටම ඉදිමිලා..
මුතු අම්මා ඉක්මනින් කෑම ටික කවන්න අපි ඩොක්ටර් කෙනෙක් ලගට යමු…
සෝන්‍ය කීවේ ඒ කලබලයෙන්මය.
මේක එච්චර අමාරු නෑ සෝන්‍ය උදේ ඉදන් බඩගින්නෙ නේද කාලා ඉන්න සේරටම කලින්..
තාදී…
ඔයාට මම කියන දෙයක් අහන්නම බෑද වෙන අය කතා කලාම නං නොකා නොබී දුවනවා..
මම කවුද එහෙම අහන්න නේද…
අතේත් හිතේත් වේදනාව දැඩි වෙද්දී මා කීවෙ හඬන්නට වාගේය. මා දෙස අමුතුම බැල්මක් හෙලමින් සෝන්‍ය මා අසලින් හිද ගත්තෙ නිහඬව මය.
හමුවෙමු .
ඒකාකාරි වගේ ඇති මොනා කරන්න ද හිතේ තියන හැමදේම ලියාගන්න විඳිහක් නෑ