(අවසාන කොටස)
නපුරු දීගේ
“ඔයාගෙ වයිෆ්ගෙ ඔපරේෂන් එක සාර්ථකයි. තව පැය තුන හතරක් යද්දි එයාට සිහිය එයි…”
හෙදියක් විසින් එලෙස පවසද්දි ආර්වින් සියලු දෙවියන් සිහි කරමින් සිතින් පින් දී පූජා සිටි කාමරේට ඇතුලු උනා.ඔහුගේ ප/පු/ව ගැහෙන්න ගත්තා.තො/ල කට වියලී ගියාක් මෙන් දැනුනා.
මැෂින් ගොඩක් මැද්දෙ ජීවත් වන තම ආදරණීය බිරිඳව දුටු ඔහුගේ නෙතට කඳුලු ඉනුවා.ඒ කඳුලු පිටි අත්ලෙන් පිසදාගෙන ඔහු ඇය දෙසම නෙතු පිය නොහෙලාම බලා සිටියා.ප/පු/ව හිරවෙන්නාක් මෙන් දැනීගෙන ආවා.
පූජාගෙ පපුව ළඟට එනකල්ම සුදු පාට බෙඩ් ශීට් එකක් පොරවලා.ඇගේ මුහුණ මහන්සි පාටයි.තො/ල් වේලිලා ගිහින් වගේ.ආර්වින් ඇය ගාවින් වාඩි වෙලා මහත් වූ ශෝකයකින් ඇගේ ඔලුව අතගෑවා.දරුවො දෙන්නා ගැන අහන්නවත් ඔහුගෙ මතකයක් නෑ.
ඇය මුහුණ දුන් සැත්කම ඉතාම බ/ර/ප/ත/ළ සැත්කමක් බව වෛද්‍යවරයා ප්‍රකාෂ කරා. එය සාර්ථක වුවත් සිහිය ඒමට පැය කිහිපයක් ගත වේ.ආර්වින්ට එතෙක් ඉවසීමෙන් සිටින්නැයි වෛද්‍යවරයා පැවසුවා.
“දුවගෙ තත්වෙ දැන් කොහොමද පුතේ?පුතා ඩොක්ටර්ව හම්බුනාද?…”
ආර්වින්ගෙ අම්මත් හොස්පිටල් එකට ආවා.
“ඔපරේෂන් එක නම් සාර්ථකයි කිව්වා අම්මෙ.ඒත් සිහිය එන්න නම් තව පැය තුන හතරක්වත් යයිලු.මැෂින් ගොඩක් මැද්දෙ මගෙ අහිංසකී ඉන්නෙ.මගෙ ප/පු/ව පැ/ලෙ/න්/න වගේ ආවා පූජා ඉන්න හැටි දැක්කම. ගිරවියක් වගේ කෑ ගහපු,මාත් එක්ක කෝච්චියක් වගේ කියෝපු පූජා අද ඔහේ ඇඳක් උඩ වැතිරිලා ඉන්නවා.මට හරිම බයයි අම්මෙ…”
රෑ ඝන අන්ධකාරෙට බිය වූ පුංචි දරුවෙකු වගේ ආර්වින් සිය මවගෙ උරහිසේ හිස සඟවාගෙන ඉකි බින්දා.ගත වූ දින දෙකේම ඔහුගෙ හිතට කිසිම සැනසීමක් තිබුනෙ නැහැ.ගෙවුනු සෑම විනාඩියකම ඔහු කරේ දෙවියන් බුදුන් සිහි කරමින් තම බිරිඳට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමයි.
“හිත හයිය කරගන්න පුතේ.මේ ගෙවෙන්නෙ අපල කාලයක් කියලා හිතන්නකො. ඔපරේෂන් එකත් සාර්ථක උනා නම් පූජා දුවට ඉක්මනටම සනීප වෙයි.ඔන්න බලන්නකො ඩොක්ටර් කියපු විදියටම දුවට පැය තුන හතරක් යද්දි සිහිය එයි.දරුවො දෙන්නට කොහොමද පුතේ?…”
“මගෙ පැටව් දෙන්නා හොඳින් ඉන්නවා අම්මෙ.හා පැටව් දෙන්නෙක් වගේ.ආසාවෙ බැහැ දැක්කම.අනේ දරුවො දෙන්නව දකින්න පූජාටත් සිහිය තිබ්බා නම්…”
“දුක් වෙන්න එපා පුතේ.හෙට වෙද්දි දුවට සිහිය එයි.ඔක්කොටම කලින් හිතේ විශ්වාසෙ ඇති කරගන්න.පහුගිය කාලෙ පුතාගෙ හිතේ තිබ්බ විශ්වාසෙ දැන් කෝ…”
ආර්වින් කඳුලු පිහදාගෙන රෝහලේ බුදු කුටියට ගිහින් පහනක් පත්තු කරලා බුදුන් වැඳලා ආවා.අම්මා ඔහු එනකල් පසෙකට වී මග බලාගෙන හිටියා.
“දුවගෙ ගෙදරින් ආවද පුතේ?ඒ දෙමව්පියො මොකද කියන්නෙ?මේක අපි හැමෝගෙම අපල කාලයක්.හිතපුවත් නැති කරදරනෙ හැමෝටම සිද්ද උනේ…”
ආර්වින්ගෙ අම්මා එහෙම කිව්වෙ අසල තිබූ පුටුවකින් වාඩි වෙන ගමන්.දැන් වෙලාව රාත්‍රී එකොළහ පසු වී විනාඩි හතලිහයි. ආර්වින්ට නිදිමතක් දැනුනෙම නෑ.මේ දින දෙකම ඔහු වැඩි කාලයක් ගත කරේ නිවසට වඩා රෝහලෙයි.
“පූජාගෙ අම්මයි අප්පච්චියි ඇවිත් ගියා අම්මෙ.දරුවො දෙන්නා ගැනම කිය කියා ඒ මිනිස්සු දුක් වෙනවා…”
“පව් පුතේ.හිතපුවත් නැති දෙයක්නෙ සිද්ද උනේ.පුතා ගෙදර ගිහින් නිදාගන්න.හෙට උදේම අපි හොස්පිටල් එකට ඇවිත් දුවව බලමු.ඒ වෙද්දි දුවට සිහිය ඇවිත් තියෙයිනෙ…”
“අම්මා ගෙදර යන්න.පූජාට සිහිය ආවම මං එයත් එක්ක කතා කරලම ගෙදර එන්නම්…”
“පුතාට ඊයෙ රෑත් හරි හැටි නින්දක් නෑ නේද?හරියකට කෑමක් කෑවෙත් නෑනෙ.පූජා දුවට සිහිය එන්න තව පැය හතරක් විතර යනවනෙ.ගෙදර ගිහින් කෑම කාලා නිදාගෙන හෙට එමු පුතේ…”
මවගේ බලකිරිල්ලටම ආර්වින් ගෙදර ගිහින් කෑම කටක් දෙකක් පමණක් කාලා නිදාගත්තා.
දින කිහිපයකට පසුව~~
මාසයකට ආසන්න කාලයක් රෝහල් ගතව සිටි පූජා දරුවන් දෙදෙනා සමඟින් නිවසට පැමිණියේ දැඩි ප්‍රීතියෙනි.ඇයට තවමත් සම්පූර්ණයෙන්ම සනීපයක් නැත.මාස හයක් පමණ විවේකීව සිටින ලෙස ඇයට වෛද්‍යය උපදෙස් ලැබුනි.ඇගේ මවත් ආර්වින්ගේ මවත් සිටින නිසා දරුවන් දෙදෙනාගේ වැඩ කටයුතු කරගැනීමට පහසු වේ.
“බබාලගෙ අම්මා මොනවද කල්පනා කරන්නෙ?ලොක්කාට මෙන් කු/ක්/කු බඩගිනි වෙලා ඈනුම් අරිනවා…”
ආර්වින් ලොකු පුතාව තුරුල් කරගෙන මගෙ ගාවින් වාඩි උනා.කො/ල්ලා බඩගින්නෙද කොහෙද ඈනුම් අරිනවා.
මං පුතාට කිරි දෙද්දි ආර්වින් බැල්කනියෙ තිබ්බ වේලුනු රෙදි ටික අරන් ඇවිත් නවලා අල්මාරියට දාලා ඇවිත් ඇඳෙන් වාඩි උනා.
“ධනුක කතා කරේ නැද්ද ආර්වින්?…”
මගේ ඇස් රැඳුනෙ සූස් සූස් ගගා කු/ක්/කු බොන පැටියගෙ මුහුණ දිහා.මගේ පුංචි රෝස මල් දෙක.අපේ ලෝකෙ වීරයො.පැටියගෙ කම්මුලක් සිපගෙන මං ආර්වින් දිහා බැලුවා. එයා කල්පනා කරනවා.හිත කොහේදෝ දුරක ගිහින් වගේ.
“කන් දෙක ඇහුන්නැද්ද නපුරො?ඔයා දැන් වයසයිනෙ ඉතින්.වයසට යද්දි කන් එහෙම ඇහෙනවා අඩුයිනෙ.ඔය කොණ්ඩෙත් ඉදිලා…”
ආර්වින්ව අවුස්සන්න හිතාගෙන මං එහෙම කිව්වත් ඒකෙන් ආර්වින්ගෙ මුහුණෙ කිසිම වෙනසක් මං දැක්කෙ නැහැ.එයා දුකෙන් වගේ මගෙ දිහා බැලුවා.විහිළුවක් කරනා කිසිම ස්වරූපයක් ඒ මුහුණෙන් දිස් උනේ නෑ.
ඒ ඇස් මට මොනවදෝ නපුරු දෙයක් කියන්න හදනවා වගේ දැනුනා.ප/පු/ව නිකන් රිදෙන්න වගේ අරන් ඇස් දැවිල්ල ගත්තා.
“ඇයි ආර්වින්?මොකක්ද ප්‍රශ්නෙ?ඇයි ඔයා ඔහොම දුකින් වගේ ඉන්නෙ?…”
කිරි බිබී ඉන්නැද්දිම පුතාට නින්ද ගියා. ආර්වින් එයාව අරගෙන තොටිල්ලෙන් තියලා මං ගාවට ඇවිත් මාව තුරුල් කරගත්තා. තේරෙන්නෑ නපුරාට මොනවා වෙලාද කියලා.
“ධනුක කතා කරේ නෑ පූජා…”
“අයියෝ….. අපේ මෝ/ඩි/ත් මට කතා කරේ නෑ.මං හිතුවෙ නෑ ආර්වින් එයාලට අපිව මෙච්චර ඉක්මනටම අමතක වෙයි කියලා. හොස්පිටල් එකට ඇවිත් පුතාලා දෙන්නව බලලා ධනුකයි නංගියි ඕස්ට්‍රේලියාවෙ ගියා කියලා අම්මා කියද්දි මං පුදුම උනා.එයාලා දෙන්නා මාවත් බලන්න ආවලු.එතකොට මට සිහිය ඇවිත් නෑනෙ.මං හිතන්නෙ එයලා මොකක් හරි ලොකු ප්‍රශ්නෙකින් ඉන්නෙ.ඒක වෙන්න ඇති කතා කරන්නැත්තෙ…”
හදිස්සියෙම වගේ නංගියි ධනුකයි ඕස්ට්‍රේලියාවෙ පදිංචියට ගියා කියලා අම්මා මාත් එක්ක කිව්වෙ මං හොස්පිටල් එකේ ඉන්නැද්දියි.හදිස්සියෙම ගියා කිව්ව නිසා මං බලාගෙන හිටියා නංගි කොයි වෙලේ හරි මට කතා කරයි කියලා.ඒත් එයා මට කතා කරේ නැහැ.දැන් මාසෙකුත් ගෙවිලා ඉවරයි.
“මගෙ ෆෝන් එක කෝ ආර්වින්?…”
මාසෙකින් විතර මං මගේ ෆෝන් එක අතටවත් ගත්තෙ නෑ.දැන් ඒකෙ ටාජ් බැහැලත් ඇති.
“ඒක කබඩ් එකේ මැණික.මං ටාජ් එකට ගහන්නම්…”
“හ්ම්ම්…”
ආර්වින් මගෙ ෆෝන් එක ටාජ් එකට ගහලා ඇවිත් මගෙ ගාවින් වාඩි උනා.
“මේ දේවල් ඔයත් එක්ක කතා කරන්න සුදුසු වෙලාවක් එනකල් අපි බලාගෙන හිටියෙ පූජා.ඔයාට මේවා නොකියා ඉන්න අපිට පුලුවන්කමක් නෑ.ඔයා කවදාහරි කොහොම හරි මේ දේවල් දැන ගනියි…”
මට නම් තේරෙන්නෑ ආර්වින් මේ මොනවා කියන්න හදනවද කියලා.අද හැබැයි එයා හරිම අමුතුයි.
“මොනවා ගැනද ආර්වින් ඔයා ඔය කියන්නෙ?…”
“ධනුකයි නංගියි ඕස්ට්‍රේලියාවෙ ගියේ නෑ පූජා.ඔයාගෙ නංගි නම් මේ වෙද්දි ලංකාවෙ ඉන්නවා…”
“මොකක්??…. එයාලා ඕස්ට්‍රේලියාවෙ ගියෙ නෑ??… එහෙම උනේ කොහොමද?අම්මනෙ මාත් එක්ක කිව්වෙ එයාලා දෙන්නා ඕස්ට්‍රේලියාවෙ පදිංචියට ගියා කියලා.අනික නංගි ලංකාවෙ ඉන්නවා නම් ධනුක කෝ?…”
සුසුමක් හෙලලා ආර්වින් මගෙ මුහුණ දිහා කෙලින් බැලුවා.
“ධනුක ජීවතුන් අතර නෑ පූජා…”
“මොනවා?…. මෙ…මේ… ඔයා මොනවද ආර්වින් මේ කියන්නෙ?…. විහිළු කරනවද?…”
“මං කවදාවත් ඒ වගේ විහිළු කරන්නෑ කියලා මැණික දන්නවනෙ.මං කිව්වෙ ඇත්ත පූජා.ධනුක ජීවතුන් අතර නෑ…”
මගේ හදවත අසාමාන්‍ය ලෙස ගැහෙන්නට විය.ආර්වින් එය පැවසුවේ හොඳ සිහියෙන්ද?නැතිනම් ඔහු මා සමඟ විහිළු කරනවද?නැත.ඔහු කිසිදාක එවැනි විහිළු නොකරන බව මේ දැනුත් මට පැවසුවා.
ධනුක මි/ය ගිය බව ඇසීමෙන් මගේ හදවත බොහෝ සෙයින් කම්පාවට පත් උනා.ඇස් කඳුලින් බර වී ප/පු/ව රිදෙන්න ගත්තා. දෙවියනේ….. ධනුක ජීවතුන් අතර නැති නම් මගේ නංගිට ලැබෙන්න ඉන්න දරු පැටියගෙ අනාගතේට මොකක්ද සිද්ද වෙන්නෙ?මගේ නංගි එයාගෙ දරු පැටියත් එක්ක මේ ලෝකෙ තනි වෙනවා නේද?…
“ධනුක නැති උනේ මොනවා වෙලාද ආර්වින්?ඇයි ඔයාලා මේ දේවල් මගෙන් හැංගුවෙ?මෙච්චර දෙයක් වෙලත් කිසිම කෙනෙක් මට මොකුත්ම කිව්වෙ නැහැ.මගෙ නංගි දැන් කොහොම මේක දරාගෙන ජීවත් වෙනවද දන්නෑ.මට දුක නංගිට ලැබෙන්න ඉන්න දරුවා ගැන.පව් අහිංසක දරුවා.මේ ලෝකෙ එලිය දකින්නත් කලින් එයාට තාත්තව අහිමි උනා.ධනුක නැතුව නංගියි දරුවයි දැන් මේ ලෝකෙ තනි වෙනවා…”
“ධනුක විතරක් නෙවෙයි පූජා.නීෂාට ලැබෙන්න හිටපු දරුවත් නැ/ති උනා.ඔයා ඉන්න තත්වෙත් එක්ක කොහොමද අපි මේ දේවල් ඔයාට කියන්නෙ?ඔයාට ඒවා දරාගන්න බෑ මැණික.ඒකයි අපි ටික කාලයක් යනකල් ඔයාගෙන් මේ දේවල් හංගගෙන හිටියෙ…”
කොතනින් කොහොම පටන් අරන් හිතන්නද කියලා මට තේරෙන්නෑ.මක් නොදන්නවා උනාට ගෙවුනු පහුගිය මාසයක කාල සීමාවෙදි හිතාගන්නවත් බැරි තරම් වෙනස්වීම් අපේ පව්ලෙ සිද්ද වෙලා තියනවා. කවදාවත් ප්‍රාර්ථනා නොකරපු නපුරු සිදුවීම් අපේ ජීවිත වටා සිදු වී ඇති බව මට වැටහී ගියා.
ඒ කිසිවක් මා දැන උන්නෙ නැහැ.මට ඒක මහ පුදුමයක් උනා.මාසයක ආසන්න කාලයක් මං රෝහලේ හිටපු නිසා වෙන්න ඇති ඒ මොකුත්ම මට ආරංචි නොවුනෙ.මං හීනෙකින්වත් හිතුවෙ නැහැ නංගිට මෙහෙම වි/ප/ත/ක් වෙලා ඇති කියලා.මගෙ හිත හදන්නයි අම්මා නංගියි ධනුකයි ඕස්ට්‍රේලියාවෙ ගියා කියලා කියන්න ඇත්තෙ.
“මොකක්ද සිද්ද උනේ ආර්වින්?…”
තවමත් හරි හැටි මුලක්,මැදක්,අගක් නොදන්න සිදුවීම් පෙළ මම ආර්වින්ගෙන් විමසුවා.
“පූජාට මතකයි නේද මාසෙකට විතර කලින් ඔයා හොස්පිටල් ඇඩ්මිට් කරන්න ගිය දවස. ඊට දවස් සතියකට විතර කලින් තමයි නීෂාගෙ දරුවා නැ/ති වෙලා තියෙන්නෙ. බාතෲම් එකේදි ලි/ස්/ස/ලා වැ/ටි/ලා.ඒක අපි ඔයාට නොකිව්වෙ ඔයා ඉන්න තත්වෙ උඩ ඒ වගේ දුකක් දරා ගන්න අපහසු නිසයි. ඒ සිද්දියෙන් නීෂා වගේම ධනුකත් ගොඩක් මානසිකව ඇද වැටුනා.
ධනුක කිව්වෙම එයාට ඒ පල දුන්නෙ එදා ඔයාගෙ බඩේ හිටපු එයාගෙ දරුවට එයා කරපු අ/ප/රා/දෙ කියලා.දරුවො දෙන්නා ලැබෙන්න ඔයාව හොස්පිටල් එකට ඇඩ්මිට් කරා කියලා මං ඔයාලගෙ අම්මට කෝල් කරලා කිව්වා.ඩොක්ටර් කිව්වා දවස් තුනක් ඇතුලත කිඩ්නි එකක් දෙන්න ඕනි කියලා. නැත්නම් ඔයාව ජීවත් කරන්න අමාරුයි කිව්වා.
මගෙ කිඩ්නි එක ඔයාගෙ ගැලපුනේ නැහැ. ධනුක කෝල් කරලා මගෙන් ඔයාගෙ තත්වෙ ගැන විස්තර ඇහුවා.එදාම ඔයාව බලන්න ධනුකත් හොස්පිටල් එකට එන්න පිටත් වෙලා තියනවා.හොස්පිටල් එකට කිලෝමීටර් දෙකක් වගේ තියෙද්දි ධනුකගෙ කාරෙක ඇක්සිඩන්ට් වෙලා.ධනුකට ගොඩක් අමාරු වෙලා.දවස් හයක් අයිසීයූ එකේ ඉඳලයි ධනුක නැ/ති උනේ…”
“එතකොට මට….. කිඩ්නි එක දුන්නෙ…. ධනුකද?…”
ඉවකින් මෙන් දැනුනා මට කිඩ්නි එක දුන්නෙ ධනුකද කියලත්.
“ඔව් පූජා.ඔයා දන්නැති උනාට මැණික,ධනුක ඔයා වෙනුවෙන් එයාගෙ ජීවිතෙත් පරිත්‍යාග කරා…”
“ඒ කිව්වෙ?…. මට ඒක් තේරුනේ නෑ…. ධනුක මං නිසා??…”
“ජීවිතේ නැති වෙන තරමට ඒ ඇක්සිඩන්ට් එකෙන් ධනුකට හානියක් උනේ නෑ පූජා. එදාට ධනුකට සිහිය ආවා.ඒ වෙලාවෙ ධනුක ඔයාට කිඩ්නි එක දෙන්න ඉදිරිපත් උනා.ඒත් ඩොක්ටර්ලා කිව්වෙ ධනුකගෙන් කිඩ්නි එකක් ලබා ගත්තොත් ජීවිතේ ගැන විශ්වාසයක් නෑ කියලා.කිඩ්නි එකක් පරිත්‍යාග කරන්න තරම් සුදුසු යහපත් සෞඛ්‍යය මට්ටමක ධනුක එවලෙ හිටියෙ නෑ.
ඒත් ධනුක උ/ගෙ උත්සහය අතෑරියෙ නෑ. එච්චර අමාරුවෙන් ඉන්නැද්දිත් ලියුමක් ලියලා අත්සන් කරලා දීලා තමන්ගෙ ජීවිතේ ගැන වගකීම තමන්ම බාරගෙන ඔයාට කිඩ්නි එකක් පරිත්‍යාග කරා.ඊට පස්සෙ ඔයාට සනීප උනා මැණික.ධනුකට ගොඩක් අමාරු වෙලා අයිසීයූ දැම්මා.දවස් පහකට පස්සෙ ධනුක නැ/ති උනා.ඔයාගෙ නංගි ඒ දුක දරාගත්තෙ අපි හිතපුවත් නැති විදියකට. අද එයා අපිට හිතාගන්නවත් බැරි තැනක ඉන්නෙ…”
“ඒ කොහෙද?…”
මං ගොඩක් කලබල උනා.ඇගේ සැමියා තමන්ගෙ ජීවිතේ දුන්නෙ මගෙ ජීවිතේ රකින්න.නංගිගෙ ජීවිතේට අනතුරක් උනොත් ඒ පා/පෙ/න් මට කවදාවත් ගැළවෙන්න බැරි වෙයි.
“එයා දැන් ඔයාගෙ නංගි නෙවෙයි මැණික. එතුමිය දැන් මෙහෙනින් වහන්සේ නමක්. ඔයාට සනීප උනාම අපි දරුවො දෙන්නත් එක්ක යමු එතුමිය ඉන්න ආරාමෙට.ඒක ටිකක් දුර පළාතක කැලේක තියෙන්නෙ…”
කාලයක් මගේ සැමියා වෙලා හිටපු ධනුක මට දරාගන්න බැරි තරම් වෙනස්කම් කරලා මගෙන් ඈත් වෙලා ගියේ තමන්ගෙ සතුට හොයාගෙන.ඒත් ඒ සතුට එයාගෙ ජීවිතේ වැඩි කාලයක් රැඳිලා තිබුනෙ නැහැ.දෛවය හරිම කු/රි/රු විදියට ධනුකගෙ හැම දෙයක්ම උදුර ගත්තා.
ඒකෙන් පාඩමක් ඉගනගෙන හැම දෙයක්ම තේරුම් අරගෙන ජීවිතේ අලුතින් පටන් ගත්තත් ඒ සතුට ඔහුගෙ ජීවිතේ වැඩි කාලයක් රැඳුනෙ නැහැ.ධනුක තමන්ගෙ ජීවිතේ පූජා කරේ මගේ ජීවිතය රැක ගන්න.
ඒ සිදුවීම අමතක කරන්න මට ගොඩක් අමාරු උනා.ධනුකව මට හැම මොහොතකම මතක් උනා.එදා ඔහු ඒ උතුම් පරිත්‍යාගය නොකරා අද මං මේ ලෝකෙ නැති වෙන්නත් පුලුවන්.
මං පුලුවන් තරම් පිං කරලා ධනුක හොඳ තැනක ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරා.ඒ ප්‍රාර්ථනාව ඉශ්ඨ කරමින් වසර දෙකකට පස්සෙ ධනුක මගෙයි ආර්වින්ගෙයි පුතෙකු ලෙස මගේ කුසින් මෙලොව එලිය දුටුවා. මගේ පුතා කලින් ආත්මෙ ධනුක කියලා කියන්න හොඳම සාක්කිය තමයි පුතාගෙ ඉනෙන් වියතක් පමණ පහලට වන්නට තිබූ උපන් ලපය.
ඒ වගේම උපන් ලපයක් ධනුකගෙත් එතනම තිබුනා.ධනුක වගේම මගේ පුතත් පුංචි කාලෙ ඉඳන් සිංදු කියන්න හරිම දක්ෂයි. මගෙ පුතා ධනුකගෙ සිංදු අහන්නෙ හරිම ආසාවෙන්.අදටත් මං ධනුකගෙ සිංදු අහනවා.එදාට වඩා ගොඩක් ආසාවෙන්.
අවසානයි.
කොටස් 50ක් පුරාවට මාත් එක්ක රැඳිලා හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතුයි.❤️ඔයාලගෙ ආදරණීය ප්‍රතිචාර වලට ගොඩාක් ආදරෙයි