මෙහන්සා 09 කොටස

ඔන්න දැන් හැන්දෑවෙ දෙන්නත් එක්ක පිටත් උනේ රෝහලට යන්න.

ලයිසන් තිබුන නම් බයික් එකේ යන්න තිබුන. ඒක ලේසියි. වෙලාවත් ඉතුරුයි. මිහින් කිව්ව.

ඒක නේන්නම්. මේක කොට කොට යනකොට හෙට එලි වෙයිද මන්ද. මගෙ ඔලුවත් රිදෙනෝ.

ගොඩක් රිදෙනෝද නංගි

නෑ නෑ අයිය කමක් නෑ

එතකොටම බස් එකට නැග්ග තව එක්කෙනෙක් මිහින්ගෙ ඇස් වලට අහු උනා. නංගි බලන්න අර කවුද කියල.

ඒ කිලාන්. කොල්ලත් දෙන්නව දෙන්නව දැක්ක. මිහිනෙක්ක හිනා වෙලා කෙල්ල දිහත් බැලුව උනත් කෙල්ල අයියගෙ අත තදින් අල්ලගෙන ශටර් එකෙන් එලිය බැලුව.

කිලාන්ට චුට්ටක් විතර දුක හිතුන උනත් ඒක පෙන්නන්නෙ නැතුව ගිහින් මිහින්ට එහා පැත්තෙ ශීට් එකෙන් වාඩි උනා.

මේ රස්තියාදුආරයත් නැති තැනක් නෑ. කෙල්ල හිතුව. හැටි විතරක්. යකඩ බඩු කාරයෙක් වගේ. මාල දාගෙන මුදු දාගෙන වලලුත් දාගෙනද මන්ද. අයිය ඔයි මුකුත් දාගෙන නෑනෙ. ඒත් කොච්චර ලස්සනද අයිය. කිලාන් උනත් උදේ කොච්චර ලස්සනට පිලිවෙලට හිටියද.

යුනිෆෝම් එකට ඕනෙ රස්තියාදුකාරයෙක් ලස්සන තමයි බන්. පවනි කිව්ව හැටි ඇයට මතක් උනා.

රිදී බඩු සාප්පුවක් ඇගේ එල්ලගෙන ඉන්න එක හරි ලස්සනයි කියලද දන්නෙ නෑ හිතන් ඉන්නෙ. මෝඩයා. කෙල්ලො බයිට් කරන්න විතරද කොහෙද දන්නෙ. දවල් වෙච්ච දේ මතක් වෙලා කෙල්ලට ආයෙත් දැනුනෙ තරහක්. ඒත් කෙල්ල වචනයක් වත් නොකිය එලියම බලාගෙන හිටිය.

කොහෙද මචං යන්නෙ? මිහින් ඇහුව.

මල්ලි එක්ක එන්න බං. උබල කොහෙ යන ගමන්ද?

මේ අපෙ අම්ම බඩු වගයක් ගේන්න කිව්ව බං.

අහ්. ගෙදරින් දන්න එෆෙයා එකක්. කිලාන්ට හිතුන.

අපි මෙතනින් බහිමු අයියා. කෙල්ල හිමින් මිහින්ට කියනව කිලාන්ට ඇහුන. කොල්ලට හොදටම දුක හිතුන ඒකට. මන් ඉන්න බස් එහෙකවත් යන්න කැමති නෑ එයා.

ඇයි තව දුර තියෙනවනෙ.

මෙතනින් බහිමු අනේ. මිහින්ට තව මුකුත් කියන්න ඉඩ දුන්නැති කෙල්ල නැගිටගත්ත. රස්තියාදුකාරයොත් එක්ක කතා කරන්න ඔයාටත් පිස්සුද මන්ද. කිලාන්ටත් ඇහෙන්න කියපු කෙල්ල ඊලග හෝල්ට් එකේ බස් එක නවත්තපු ගමන් බැස්ස.

නංගිගෙ හැටි දන්න මිහින්ට හිනා ගියත් ඒක හංගගෙන යන්නම් මචං කියල කිලාන්ට කියල බස් එකෙන් බැස්ස.

කිලාන්ට නම් කවදාවත් නැති තරම් කලකිරීමක් දැනුන තමන් ගැනම. එයා රස්තියාදුකාරය කිව්වෙ මට. කොල්ල බැලුව තමන් දිහාම. දාගෙන හිටපු මාල මුදු ටික දැන් නම් කොල්ලට පෙනුනෙ විකාරයක් වගේ. මීට කලින් ඇයි එහෙම පෙනුනෙ නැත්තෙ.

මොකද පුතා ඔය. රස්තියාදුකාරයෙක් වෙන්නද හදන්නෙ ඔයා. මුලින්ම ඒ සේරම ගෙනල්ල දාගත්ත දවසෙ අම්ම කිව්ව හැටි කොල්ලට මතක් උනා.

නිකම් ඉන්න අම්ම. බලන්නකො මන් දැන් කොච්චර හැන්සම්ද කියල.

හැන්සම් කෙසේ වෙතත් මට පේනව තොරොම්බෝල් කාරයෙක් වගේ.

ඒ වෙලාවෙ නම් කොල්ල අම්මට හිනා උනා. මෙහන්සත් හරියට අම්ම වගේ. ඇත්තටම මාව පේන්නෙ රස්තියාදුකාරයෙක් වගෙ තමයි. එයා මන් දිහා චුට්ටක් හරි බලන්න නම් මාත් මිහින් වගේ චාම් වෙන්න ඕනෙ.

එයා වෙන කෙනෙක්ගෙ. ඉතින් ඇයි මට එයා මන් දිහා බලන්න ඕනෙ? කොල්ල තමන්ගෙන්ම ඇහුව. උත්තරයක් හම්බුනේ නම් නෑ. හිතට තව හිතන්න ඉඩ තියන්නෙ නැතුව දාගෙන හිටපු ඔක්කොම දේවල් ටික ගලවල ඉදන් හිටපු ශීට් එකබුෆින් තියපු කිලාන් ඊලග හෝල්ට් එකේ බස් එක නවත්තපු ගමන් බැහැගත්ත.

අයියේ.. කිලාන්ගෙ මල්ලි නෙතුසර කිව්වෙ ආපහු එන ගමන්.

මොකද?

අද නම් මට ඔයාගෙ වෙනසක් පේනෝ. අයිය දිහා හොදට බලපු නෙතුසර කිව්ව. අහ්.. කෝ අර ඔයාගෙ රිදී බඩු ටික?

ඒ ටික යාලුවෙක්ට දුන්න.

යාලුවෙක්ට? ගන්නම ගන්නද?

ඔව්

ඇයි ඒ? මල්ලි ඇහුවෙ පුදුමෙන්. ඔයා ඒව කාටවත් දෙන්නෙ නෑ කියලනෙ තියන් හිටියෙ.

මට ඕනෙ නැති නිසා මන් දුන්න. දැන් මොකටද තමුසෙට ඒක? තමුසෙ දාන්නද?

අපෝ මට එපා. සුදු අක්කි කැමති නෑ ඕවට.

එහෙනම් ඉතින් ප්‍රශ්න අහන්නෙ නැතුව ඉන්නව. තමුසෙයි තමුසෙගෙ සුදු අක්කියි. පෙන්නනවකො වෙලාවක මට ඔය පිස්සු හොල්මනව වෙලාවක මටත් බලන්න කවුද කියල.

කොහොම උනත් ඔයා ඒ ටික දීපු එක හොදයි අයියෙ. බලන්නකො දැන් කොච්චර ලස්සනද කියල මගෙ අයිය. නෙතුසර කිව්වෙ කිලාන්ගෙ අතිනුත් අල්ලන්.

අනේ මේ පන්ඩිතකම් නොකිය නගිනව බස් එකට. කිලාන්ට සතුටක් ආවත් ඒක පෙන්නන්නෙ නැතුව මල්ලිට කිව්වෙ සැරෙන්.