Ex වයිෆ්
38 වන කොටස
චේතනා අම්මයි පුතායි කියපු දේවල් අකුරක් නෑර ගිහාන්ට කීවා..,ඒ දේවල් අහලා ගිහාන්ගේ හදවත මොහොතකට නතර වුණා..
දැන් මම මොකක්ද කරන්නේ ගිහාන් මද වෙලාවක් කල්පනා කළා..
තවම ඩිවෝස් එක හම්බ වුණේත් නෑ..ඒ අස්සේ ආයේමත් කසාද බඳින්න පුළුවන්ද කියලා ගිහාන් කල්පනා කරන්න ගත්තා..
“ඔයා දන්නවනේ චේතී.ඩිවෝස් එක තාම හම්බවෙලා නෑ කියලා…එහෙම එකේ මට මේ දැන් ඔයාව බඳින්න පුළුවන්ද?..ඩිවෝස් එක හම්බ වෙනකන් පොඩ්ඩක් ඉන්න චේති මට වද දෙන්නේ නැතුව”
ගිහාන් එහෙම කියයි කියලා චේතනා කීයටවත් හිතුවේ නැහැ…මට හොඳ වැඩේ මේ මනුස්සයා එක්ක එකතු වෙලා අර අසරණ ගෑ/නි/ට දුක් දුන්නාට .දැන් ඉතින් පුතා කියපු අනික් විකල්පය තමා කරන්න වෙන්නේ….
චේතනා එහෙම හිතලා ලොකු හුස්මක් හෙලුවා..
“මම ඔයාට ආයේමත් වද දෙන්නේ නේ මාත්තිය…මමත් අසරණයිනේ..පුතා කිව්වා මාත්තියාව බඳින්න නැතිනම් යේ සමබන්දේ නවත්වන්න කියලා..එහෙනම් මාත්තියා අපි යේක නවත්වමු…මට ආයේමත් කෝල් යෙපා මාත්තියා..”
චේතනා එහෙම කීවේ හිතේ මනාපෙකින් නෙවෙයි..ලොකු කනස්සල්ලකින් ..චේතනා එහෙම කියපු ගමන් ගිහාන් කලබල වුණා…
මේක වෙන්න දෙන්න බෑ..එහෙම උනොත් මට අල්ලපු අත්තත් නැති වෙනවා.පය ගහපු අත්තත් නැති වෙනවා…චේතනා නැතිව දැන් ඉන්නවා තියා හිතන්නත් අමාරුයි…ගිහාන්ට එහෙම හිතුණා..
“මාත්තියාට කතා කරන්නවත් දෙයක් නේනේ.කමක් නේ පරිස්සමින් ඉන්න මාත්තියා…”
චේතනා එහෙම කියලා ඇමතුම විසන්ධි කරන්න හදනකොටම ගිහාන් කටහඬ අවදි කර ගත්තා..
“චේති කෝ ඔයා කලබල වෙලා නේ..මම ඔයාව බඳින්න බෑ කිව්වේ නෑනේ..ඩිවෝස් එක තව මාසෙකින් වගේ හම්බවෙයි …ඊට පස්සේ අපි බඳිමු..ඔයාට ඔහේ ඉන්න අමාරුයිනම් මෙහේ ඇවිත් නතර වෙන්න…”
ගිහාන් එහෙම කිව්වා විතරයි චේතනාගේ හිතේ තිබ්බ සැක සංකා මැකිලා ගියා..
“එහෙනම් මාත්‍තියා කෝවිලට ගිහින් යෙතකන් අපි බඳිමු….”
“අනේ චේතනා මටනම් ඕවා බෑ..ඔය වේට්ටි ඇඳගෙන නළලේ හුණු ගාගෙන…”
“හුණු නෙමේ මාත්තියා තිලක….”
චේතනාගේ මිණි කිංකිණි හිනාවට ගිහාන්ගේ හිත මෙළෙක් වුණා..
පුංචි අම්මා මාරුවීමක් අරගෙන කොළඹට ආවාට පස්සේ චූටි දෝණිට දැන් දඟලන්නවත් වෙලාවක් නෑ..මුළු දවසම පුංචිගේ පස්සෙන්..දැන් චූටි දෝණි රෑට නිදාගන්නේත් පුංචිත් එක්ක..
උදේට ඉස්කෝලේ ගිහින් ඇවිත් දවාලේ පුංචි ගෙදර එනකම් චූටි දෝණි මඟ බලාගෙන ඉන්නවා.පුංචි එනකොට එන්නේ නිකන්ම අත් දෙක වන වනා නෙමෙයි…බූන්දි මුලක්,පැණි මුරුක්කු ටිකක්,වෙරළු අච්චරු,අඹ අච්චාරු වගේ මොනවාහරි අරන් එනවා…
පුංචි ඇඟ හෝදාගෙන එනකම් බාත් රූම් එක ළඟ පුංචි පුටුවක් තියාන චුටි දූ මඟ බලාගෙන ඉන්නවා..ළමයින් කොහොමත් අම්මලාට වඩා පුංචි අම්මාලාට ආදරෙයි ඒක තමයි ඇත්ත.අභීත පුතා නම් පුංචි එක්ක වචන දෙක තුනකට වඩා කතා නොකලත් චූටි දෝණිට නම් දැන් පුංචිගෙන් තොර ලොවක් නැහැ..
චූටි දෝණිගේ පුංචි හිත පුංචි අම්මා හරි ලස්සනට කියවනවා…ඒ හිත ආදරයෙන් පුරවනවා…මේ දෙන්නාගේ ආදරේ දැක්කම හිරූෂාටත් ලෝබ හිතෙනවා..
තෙරපි වලට ගියාම වුණත් තෙරපීස්ලා,ඩොක්ටර්ස්ලා චුටි දෝණි ගේ දැන් දියුණුවක් තියෙනවා කියලා කියනවා.අවධානය,ඇසට ඇස බැලීම,අවබෝධය මේ හැමදෙයක්ම පෙර තිබුණාට වඩා හොඳයි කියලා ඒ අය කියනවා..අවුරුදු ගාණක් කථන පුහුණු කරත් ඒ හැමදේටම වඩා චුටි දෝණිට වැදගත් වුණේ පුංචි අම්මාගේ ඇසුර.
පුංචි අම්මා අධ්‍යාපන මනෝවිද්‍යාව ,විශේෂ දරුවන් සඳහා පුහුණුවක් ලබපු කෙනෙක් නිසා හිරූෂාට වඩා එයාට චූටි දෝණිව හසුරුවන්න පහසුයි.හිරූෂා වද විදලා විදලා චූටි දෝණි එක්ක ක්‍රියාකාරකම් කළත් පුංචි අම්මා නොදැනෙන්න සෙල්ලෙමෙන් කරන ක්‍රියාකාරාම් චූටිදෝණි හරි ආසාවෙන් කරනවා…
මේවගේ විශේෂ දරුවෙක් හදන්න තනි කෙනෙක්ට අමාරුයි.කොයිතරම් කැපවීම් කළත් අම්මෙක්ට විතරක් මේ වගේ දරුවෙක් ගොඩ දාන්න අමාරුයි.මුළු පවුලේම උදව් ඒකට අවශ්‍යය කරනවා.ආත්තම්මා,සීයා,
පුංචි මේ හැමෝගෙම උදව් නිසා චුටි දෝණි දවසින් දවස හොඳ පැත්තට හැරෙනවා..
මේ වගේ දරුවන්ට අනික් දරුවන්ට වඩා ආදරේ අවශ්‍යයි.ඒ දරුවන් සමහර දඟකාරකම් කරන්නෙත් ආදරය,අවධානය ගන්න.ඒක නිසා මේවගේ දරුවන්ට වැඩිහිටියන්ගේ ආදරේ,අවධානය,ඉවසීම කියන්නේ ලොකු බෙහෙතක්…
මීට කලින් අම්මාගේ ආදරේ විතරක් ලැබුණු චූටි දූවට දැන් හැමෝගෙම ආදරේ ඉතිරිලා යන්න ලැබෙනවා .ඒ නිසා චුටි දෝණි ඉන්නේ දැන් ගොඩාක් සතුටින්..
චූටි දෝනි දැන් ටික ට්ක කතා කරත් ලොකුවට කතා කරන්න තවම චුටි දෝනිට අමාරුයි..
ටී.වී බල බලා ඉන්න සීයා ළඟට ගිහින් චූටි දෝණි අතින් ඇඳලා කතා කරන්නේ ලුණු ගෙනියන්න කියලා..
“ඇයි කේශී බබා ,සීයාට ඔයා කියනදේ තේරෙන්නේ නෑ..කතා කරලා කියන්න..”
සීයා චූටි දෝණිගේ මූණට එබිලා එහෙම කිව්වේ චූටිදෝණිව කතා කරන්න පොළඹවන්න ඕනේ නිසාමයි.
“සී ..සී එන්න.”
චූටි දෝනි එහෙම කියාපු ගමන් සීයා වාඩිවෙලා ඉන්න පුටුවෙන් නැගිට්ටා.
“සීයා ආවා….මොකක්ද සීයා කරන්න ඕනෑ සෙල්ලම ..?”
සීයා එහෙම අහන්නේ නොදන්න නිසා නම් නෙවේ..
“නුනු..ඕනේ…”
සීයා චූටි දෝණිව ලුණු ගෙනියන්න පිටට ගත්තා..
“ලුණු ලුණු කාටද ඕනේ ලුණු..”
චූටි දෝණි තවම බටු ඇටයක් නිසා හොඳයී.සීයා ඒත් අමාරුවෙන් දෝණිව ලුණු ගෙනියනවා..
පුංචි දරුවෙක්ට අම්මගේ ආදරය වගේම තාත්තගේ ආදරයත් ගොඩාක් වටිනවා….අම්මෙක්ට කිසිමදාක තාත්තෙක් ගේ ආදරයේ හිස්තැන් පුරවන්න අමාරුයි.
චූටි දෝණි තාත්තාගෙන් නොලැබිච්ච ආදරේ සීයාගෙන් හොයනවා…
මෙතෙක් දවස් ප්‍රශ්න වලින්ම හෙම්බත් වෙලා තිබ්බ හිරූෂාගේ මනස දැන් ගිහාන්ගේ වෙන්වීමෙනුයි අම්මාගේ පැමිණීමෙනුත් ගොඩාක් නිදහස් වෙලා..
ටික ටික බහ තෝරන චූටි දෝණිව දැක්කම හිරූෂා සතුටින් විකසිත වෙනවා…
අපල කාලේ දැන් ටික ටික ගෙවිලා නිසා හිරූෂා අලුත් වැඩකට මුල පුරන්න හිතුවා…හිරූෂා ඒ ගැන සඳූ එක්ක දුරකතනයෙන් කතා කරා..නංගි එක්කත් ඒ ගැන කතා කරන්න හිතුවා…
“නංගි ,මම අලුත් වැඩක් කරන්න කියලා හිතුවේ…”
“ඒ මොකක්ද අක්කේ?..”
හිරූෂාගේ නංගි ඇහුවේ ලොකු කුතුහලයකින්..
“මම කලින් පැට්න් මේකින් කෝස් එකක් කරානේ…මට මහන්නත් පුළුවන්නේ…මට හිතුනා බේබි,කිඩ්ස් ක්ලෝත් මහන්න ගන්න..”
අක්කා එහෙම කියාපු ගමන් හිරූෂාගේ නංගිගේ දෑස් දැල්වෙන්න ගත්තා..
ඒක නම් ඇත්තටම හොඳ අදහසක්.අක්කා පුංචි කාලේ ඉඳන් ඒ දේවල් වලට දක්ෂයි..අභීත පුතාගේ,කේශාරා දුවගේ පොඩ් කාලේ ඇඳුම් සේරම මැහුවේ අක්කාම තමයි.හිරූෂාගේ නංගිට ඒ දේවල් මතක් වුණා..
“නියමයි අක්කා.ඒක නම් හොඳ අදහසක්….ඒත් අක්කාට මාකට් එක අල්ලාගන්න කාලයක් යයි…ඒවගේම මැෂින්,රෙදි ඕනේ කරන දේවල් ගන්න සල්ලි ඕනේ වෙනවා අක්කේ..”
“මගේ රත්තරන් බඩු හරි තියලා මූලික දේවල් ගන්නවා නංගි…”
දෙන්නා කතා කර කර ඉන්න තැනට හිරූෂාගේ අම්මා ආවා..
“අම්මේ අක්කා පොඩිඅයගේ ඇඳුම් මහන පොඩි බිස්නස් එකක් පටන් ගන්න හදනවා…”
හිරූෂාගේ නංගි එහෙම කිව්වම හිරූෂාගේ අම්මාගෙත් ඇස් දිලිසෙන්න ගන්නවා.
දරුවෝදෙන්නා එක්ක තනිවෙලා ඉන්න ලොකු දුවගේ ජීවීතේ ඉදිරියට යන්න ඕනේ කියලා හිරූෂාගේ අම්මාටත් හිතුණ..
දෙමාපියන් කියන්නේ දරුවන්ගේ ජීවීත වලට පිහිට වෙන දෙවි දේවතාවුන් වගේ කොට්ඨාශයක්.දෙමාපියන් තමන්ගේ දෑස් පියවෙනකන් දරුවන් වෙනුවෙන් ඇප,කැප වෙන්නේ වාසි ප්‍රයෝජන බලාපොරත්තුවෙන් නම් නෙමෙයි…
හිරූෂා ඒවගේ දේකට මුලපුරනවනම් ඒසඳහා ඕනේ කරන ඕනෑම උදව්වක් කරන්න හිරූෂාගේ අම්මා හිතා ගත්තා..
“දුවට මහන්න පුළුවන් එකේ අපි ඒ වැඩේ පටන් ගමු ..දෝණිව බලාගන්න අපි කට්ටියම ඉන්නවානේ…”
“අම්මේ මැෂිමක් ඕනේ කරන බඩු ගන්න අක්කා රත්තරන් බඩු තියන්න කියලා හදන්නේ..!
නංගි එහෙම කිව්වාම හිරූෂාගේ අම්මා දෙබැම හකුලුවාගත්තා..
“ඒ මොකටද?..කීයක් විතර ඔය බඩුවලට යාවිද ලොකු…”
“අඩුම ගාණේ ලක්ෂ තුනක්..”
හිරූෂාගේ අම්ම මදක් කල්පනා කරා..හිරූෂාගේ තාත්තාට ලැබුණු පාරිතෝෂික මුදල් වලින් බාගයක් හිරූෂාගේ වෙඩින් එකට වියදම් කරලා ඉතිරිය නංගි වෙනුවෙන් වෙන්කරලා බැංකුවේ තැන්පත් කලේ පොඩි දුව ගේ වෙඩින් එකට වියදම් කරන්න කියලා හිතලා.ඒ මුදල් වලින් හරි ලක්ෂ තුනක් හිරූෂාට දෙන්න හිරූෂාගේ අම්මා හිතා ගත්තා..
“තාත්‍තාගේ ඊටීෆ්/ඊපීඑෆ් එකෙන් ලැබිච්ච සල්ලි වලින් නංගිගේ කොටස බැංකුවේ තියෙනවා.මම තාත්තාට කියලා.එතනින් ලක්ෂ තුන්ක් ඉල්ලලා දෙන්නම්.නංගිගේ වෙඩින් එක ගන්නේ ලබන අවුරුද්දේ නේ..ඊට කලින් ඒ සල්ලී කොටස් කීපයකට වගේ ගෙවන්න…”
“මම ඉක්මනට දෙන්නම් අම්මේ…ඒක නම් ලොකු උදවවක්..”
හිරූෂාගේ මුහුණට හිනාවක් ආවා..හැම දාම ගිහාන්ට බරක් වෙන්න බෑ…මම තනියම මගේ දෙපයින් නැඟිටින්න ඕනේ.හිරූෂා එහෙම අධිෂ්ඨානය කරගත්තා..
ගිහාන් දැන් ගෙදරට ආපු මෙහකාරිය එක්ක එකට ජීවත්වෙනවා කියන එක මුළු ගමම දන්න ප්‍රසිද්ධ රහසක්…
කොළඹ ඉන්න තමන්ගේ දරු පවුලත් කඩාගෙන ගෙදර මෙහෙකාරිය එක්ක නිර්ලජ්ජව පවුල්කන ගිහාන්ට මිනිස්සු නැති තැන හොඳටම බැන්නා..
විධායක ශේණියේ රැකියාවක් කරන සමාජයේ ඉහළ පිළිගැනීමක් තියෙන ගිහාන්ට ඉස්සර හැමෝම ගරු කළත් දැන් හැමෝම ගිහාන් දිහා බලන්නේ අවඥාන යෙක් විදිහට …
රැකියා ස්ථානයේ ඉහළම තැනට ගිහාන් ගැන කේලම්,විස්තර ලැබුණත් ඒ ගිහාන්ගේ පුද්ගලික ජීවිතය නිසා රැකියාවට නම් එයින් බලපෑමක් වුණේ නෑ..ඒත් ප්‍රධාන කාර්‍යාලයේ ආයතන ප්‍රධානියා ගිහාන්ට ඒ ගැන දොස් පැවරුවා..
ගිහාන් ඒ මොහතේ හිටියේ චේතනා එක්ක රෑ කෑම කන ගමන් ..ටීවී එකේ නිව්ස් බල බලා හිටපු ගිහාන් එකපාරටම තිගැස්සිලා ගියේ පාරේ ඇහිච්ච ලොකු ගාලගෝට්ටියකට..
“මොකක්ද ඒ සද්දේ චේතනා කවුද කෑගහන්නේ?..”
“යේක තමයි මාත්තියා…ඉන්න මොකක්ද කියලා බලන්න…”
චේතනා කමින් හිටපු පිඟාන පසෙකින් තියෙලා දොර විවර කරලා බැලුවා..
ගේදොරින් එහාපැත්තේ පාරේ දැකපු ඒ සිදුවීමට චේතනාට උතුර දකුණ මාරු වුණා…
හමුවෙමු මීළඟ කොටසින් 💔💔💔💔💔💔
කතාව කියවන ඔයාලට ස්තූතියි ආදරෙයි