සිතින් විතරක්

දොළහ ….12

දවස් ගත වෙලා ගියෙ හරිම පරිස්සමින් කියලා මට හිතුනෙ. මොකද ඒ හැම දවසක්ම හරිම දිගයි. හරිම නැවුම්. පහුගිය අවුරුදු දහ නවය ම මම ගෙවලා තියෙන්නෙ මොන තරම් ඒකා කාරි ජීවිතයක් ද කියලා මට හිතුනෙ මේ දවස් වල. මොකද ඉගන ගන්න දහසක් දේවල් තිබු නා

මම හැම වෙලාවෙම උත්සහ කලා සෙත් සර් ගෙ තරහා අවුස්සන්නෙ නැතුව ඉන්න. ඒත් එයා එපා කියලා කියපු එක දෙයක් නම් නොක ර ඉන්න බැරිවුනා. ඒ සීයා පප්පා එක්ක කතා කරන එක.

සෙත් සර් උදේම ගෙදරින් ගියාම මට ගෙදර කරන්න තරම් වැඩක් නෑ. දවසෙම කාමරේ ඇතුලට වෙලා ඉන්න පුළුවන් කාටද .? තුවලෙ අඩුවෙනකං දවසක් දෙකක් නම් එහෙම හිටි යා. ඒත් හැමදාම ඉන්න බෑ.

ඉතිං මම එයා ගෙදරින් ගියාම පහලට බැහැලා සීයා පප්පා එක්ක කතා කලා. නයනගෙ වැඩ වලට උදව් කලා. ගාර්ඩ්න් එකේ ඔහේ ඇවිද ඇවිද හිටියා ඒක බලා ගන්න අයට උදව් කලා. ඉතිං දවස ගෙවෙනවා දැනුනෙ නෑ.

සෙත් සර් කන්න කැමති කෑම බීම ගැන මම දැන ගත්තෙ නයනගෙන්. එයා මට ඒවා හදන විඳිහ කියලා දුන්නා. ඒත් ඉතිං මට ඒවා එයාට හදලා දුන්නෙ හොරෙන්.

අහම්බෙන් හැදුවා වගේ නොතේරෙන්න නැත් තං එයා දැන ගන්නවනෙ මම නයනා එක්ක කතා බහ කරනවා කියලා.

ඇත්තටම අනිත් හැමදේම මට තේරුං ගන්න පුළුවන් ඒත් එයාට මේ තරම් ආදරේ සීයා පප්පව මෙච්චර පේන්න බැරි ඇයි..? මට හිතා ගන්නම බැරි ඒක.

අනික එහෙම පේන්න බැරි බව එයා පෙන්නන් නෙ මට විතරයි. මොනම වෙලාවකවත් එයා සීයා පප්පාට ඇගෙන්නවත් අරින්නෙ නෑ. වෙලාවක පුංචි එකෙක් වගේ හුරතල් වෙනවා. එතකොට මොකක්ද මේක.

ඇත්තටම එයා මම සීයා පප්පා එක්ක කතා කරන එක දන්නෙ නැද්ද නැත්තං දැනගෙන නොදන්නවා වගේ ඉන්නවද කියලා මට තේරෙ න්නෙ නෑ. ඒත් මම ඒ ගැන තවත් හිතන්න ගියෙ නෑ.

ජීවිතේ කිසිම දවසක තමන්ගෙ කියලා කිසිම කෙනෙක්ගෙ ආදරයක් කරුණාවක් සෙනහ සක් විඳිලා නැති මට සීයා පප්පගෙ ආදරේ මහ මෙරක් වගේ දැනුනෙ. ඒක නිසා එයාගෙන් ඈ ත් වෙලා ඉන්න එක මට කොහොමත් කරන්න පුළුවන් දෙයක් නෙවී.

අර කො ල් ලා මගෙ පුතාව ආදරෙන් බලා ගන්නවා නේද..?

සීයා පප්පා හුඟක් වෙලාවට එහෙම අහනවා. එයාට නිකං දැනෙනවද දන්නෙ නෑ අපි අතරෙ තියෙන් දුර සම්බන්ධයක් කියලා. අම්මෝ සීයා පප්පා එහෙම එකක් සෙත් සර්ගෙන් ඇහුවො ත් නං මාව ම ර යි.

ඔව් සීයා පප්පා.. එයා හුඟක් හොඳ කෙනෙක්
හිනා වෙලා බිම බලාගෙන මම කියනවා.

මගෙ කො ල් ලා නරකයි කියලා නෙවී මම කීවේ.. ඒත් ඒකා ටිකක් විතර වෙනස් ඒකයි.. වෙලාවට පොඩි එකෙක් වගේ හුරතල් වෙවි ඉන්නවා.. තව වෙලාවකට මෙලෝම දෙයක් අහන්නෙ නැති හිතුවක්කාරයෙක්…

සීයා පප්පා කියනවා. ඒත් ඒ හුරතලේ නං මට කවදාවත් දැනිලා නෑ. මම දන්නවා. එක්කො යකෙක් වගේ ඇඟට කඩාගෙන පනිනවා. ඒත් එයා මාව බලා ගන්නෙ තාත්තා කෙනෙක් අයි යා කෙනෙක් මාව බලාගන්නවා වගේ.

කොයි තරම් නපුරෙක් උනත් එයා ලඟ ඉද්දි මට දැනෙන්නෙ මගෙම අයියා නැත්තං තාත්තා ලඟ ඉන්නවා වගේ ආරක්ෂිත හැඟීමක්. ඒක වචන වලින් කියන්න හරි අමාරුයි. මට තේරෙ නවා එයා මගෙ ඉස්සරහ රඟපාන්නෙ අමුතුම චරිතයක්.

අවුරුද්දක් කියන්නෙ කෙටිම කාලයක් නෙවී. ඒක නිසා ඉස්සරහට මොනවද වෙන්නෙ කියලා බලාගෙන ඉන්න තමා තියෙන්නෙ. මට තියන එක ප්‍රශ්නෙ අපි සීයා පප්පව මෙහෙම රැවටුවා කියලා යා දැන ගත්ත දවසට එයාට මොනවා හිතේවිද කියලා. පව් දෙයියනේ එයාට ඒක දරා ගන්න බැරිවෙයි.

මම බැල්කනි එකට වෙලා පාර දිහා බලාගෙන හිටියෙ වෙන කරන්නම දෙයක් නැති නිසා. කොහොමත් මම සෙත් සර් එන වෙලාවට නං ඉන්නෙ බැල්කනි එකේ තමා. පහල ඉන්නවා දැක්කොත් මට කාමරෙන් එලියටවත් එන්න දෙන එකක් නෑ නැත්තං.

මොන දේ උනත් එයා ඔෆීස් එකේ වැඩ ඉවර වුන ගමන් ගෙදර එනවා. ඒ වැඩ වලින් භාග යක් ගෙදරත් ගෙනත් මහ රෑ වෙන කං ලැප් ටොප් එකේ එල්ලිලා ඉන්න එක වෙනම දෙයක්.

ඇත්තමයි වෙලාවකට නං පව් හිතෙනවා. මෙහෙම නිදිවරලා මෙයාට වෙනම අසනීපයක් හැදෙනවා ඒ ගමන. ඒත් ඉතිං මං බය උනාට එයාට නං ගානවක් නෑ.

ඒත් අද නං තාමත් එයා ආවෙ නෑ. දැන් රෑ අටත් පහුවෙලා. මට නොතේරෙන බයක් දැනෙනවා. කෝල් එකක්වත් ගන්න බයයි. කතා කලේ ඇයි කියලා බනියි.

එහෙම අහන්න මට අයිතියකුත් නෑනි. අනික මේ ගෙදර ඉන්න දෙතුන් දෙනා ඇරෙන්න වෙන කවුරුත් දන්නෙ නෑනි මම එයාගෙ වයිෆ් කියලා.

ටික වෙලාවකින් එයාගෙ වාහනේ ගේට් එකෙ න් ඇතුලට එනකොට තමා සැනසීමක් දැනුනෙ. මම කිචන් එකට ගියෙ තේ එකක් හදන්න ගන්න. මොකද කොහෙ ගියත් ගෙට ගොඩ වෙන්නෙ ප්ලේන්ටි එකක් හදනවා කියාගෙන නෙ.

ඒත් පහලින් ඇහුන අමුතු සද්දෙ නිසා මම යන්න ගිය ගමන නවත්තලා ටිකක් ඒ සද්දෙට සවන් දුන්නා. සෙත් සර් ඇවිත් තියෙන්නෙ තනි යම නෙවී. තව දෙතුන් දෙනෙක්ගෙ කටහඬ වල් ඇහුනා. ඒත් එක පාරම පහලට යන්න බැරි නිසා මම එහෙමම හිටියා.

නයනා ඔන්න ඕකව උඩට අරගෙන යන්න… එක්කොත් අර ළමයව එක්ක එන්න නැත්තං එකපාරම දැක්කම ඒ කෙ ල් ල ත් බය වෙයි..

සියා පප්පා එහෙම කියනවා මට ඇහුනා. දෙයියනේ සර්ට කරදරයක්ද දන්නෙ නෑ. මම පල්ලෙහාට දිව්වෙ විදුලියක් වගේ පඩිපෙලක් තිබුනද කියලවත් මතක නෑ. මම යනකොට එයා හිටියෙ සෝපා එකක වැතිරිලා හිතට මහා බයක් දැනුනා.

අනේ ඇයි සීයා පප්පා… සෙත්ට මොනාද වෙලා තියෙන්නෙ..?
මම සීයා පප්පගෙන් ඇහුවෙ අඬන්න හුඟක්ම ලඟ හඬකින්.

මොනා වෙන්නද… මේ කා සිහි නැති වෙන්න බීලා.. ඔන්න ඕකව උඩට එක්කගෙන යන්න මම උදේට කතා කරන්න නං.. ටික දවසක් හොඳට හිටියා දැන් ආයිම පටන් ගෙන…

සීයා පප්පා කියවගෙන ගියෙ හුඟක් දුක හි තෙන හඬකින්. ඒ කියන්නෙ සෙත් සර් ඉස්සර ඉදන්ම බොන කෙනෙක් ද..

ඒත් පහුගිය දවස්වල නං එයා එහෙම බීලා ඉන්නවා මම දැක්කෙ නෑ. එතකොට ඇයි මේ..?

ඇත්තටම හිතට මහා බයක් දැනුනා. මීට කලි න් ලංවෙලා තියා මම බීලා ඉන්න කෙනෙක් ලඟට දැකලවත් නෑ. ඒක නිසාම මම එයාලට හරි බයයි. මොන තරම් බයක් දැනුනද කියනව නං බයටම ඇස්වලට කඳුළු පිරුනා.

ඒත් මෙයාව මෙහෙම තියන්නත් බෑ. උඩට එක්කගෙන යන්නත් බෑ. මොනවද කරන්න ඕනි කියලා මට හිතා ගන්න බෑ මහා අසරණ කමක් දැනුනා මට.

සෙත්… නැඟිටලා උඩට යනවා… බලනවා මේ කෙ ල් ල හොඳටම බය වෙලා ඉන්නෙ.. ඔහො ම පිස්සු නටන්නෙ මොකද මනුස්සයො..

මේ පොඩි කෙ ල් ලෙ ක් ගෙනත් තනියම ගෙද ර දාලා ගිහින්.. ඔහොම පිස්සු නැටුවම හරිය නවද..?

සීයා පප්පා සර්ට බැනගෙන බැනගෙන යනවා. මට බයයි සර් සීයා පප්පටත් බනින්න තියා ගත්තොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙයි.

අනේ සීයා එයාට බනින්න එපා.. දැන් තරහා ගියොත් එහෙම.. අපි උදේට කතා කරමු.. මම මෙයාව උඩට එක්ක යන්නම්.. සීයා පප්පා රූම් එකට යන්නකො දැන්…

මම කීවේ සීයා පප්පා ලඟට ගිහින් එයාගෙ අත්තෙකෙන්ම අල්ලගෙන. සීයා පප්පා ඉන්නෙ තරහින් එයා අමාරුවෙන් හුස්ම ගන්නවා මට තේරෙනවා.

ඔහොම තරහා ගන්න එපා සීයා පප්පා.. ඔයාට තරහා ගන්න හොඳ නෑ..ප්‍රෙෂර් වැඩිවෙයි.. සීයා රූම් එකට යන්නකො.. මම එක්ක යන්න ද..?

මම ආයිම කීවා. සෙත් සර්ගෙ වැඩ නිසා සීයා පප්පත් දුක් විඳිනවා එයා පව්.

නයනා මාව රූම් එකට එක්කගෙන යන්න…

ඒ ගමන සීයා පප්පා කීවෙ නයනට. ඒ දෙන්නා සාලෙන් පිටවෙන කං මම එහෙම්මම හිටියා.

සර්…. ඊට පස්සෙ මම සෙත් සර් ලඟට ගිහින් කතා කලා.

අනේ සර්..රූම් එකට යන්නකො.. පව් සීයා පප්පා.. එයා කොච්චර දුකින්ද ඉන්නෙ.. සර් ඔහොම ඉන්නකොට…

මම එහෙම කීවේ එයාගෙ අතින් අල්ලගෙන එයාන සෝපා එකෙන් නැඟිටවන්න හදන ගමන්.

ඒත් දොඬම් ගෙඩි දෙකක් උස නැති මේ කෝටු කෙල්ලට පුළුවන්ද මේ යෝධයා වගේ ඉන්න කො ල් ලෙ ක්ව නැඟිටවන්න. මම අතින් ඇදපු පාරට විසිවෙලා ගිහින් මාවම බිම වැටුනා.

ඔළුවත් කොහෙද වැදුනා වගේ මට ඒක ඒ තර ම් ගානක් තිබුනෙ නෑ. මම ඉක්මනින් එතනින් නැඟිටලා එයා ලඟට ගියා.

අනේ.. එන්නකො..දැන් සීයා පප්පා ආවොත් මටත් එක්ක බනී.. අනේ කියන දේ අහන් න කො…

මම ආයිම කීවේ කෙඳිරිලි හඬකින්. එයා ඒ ගමන මගෙ අතින් අල්ලගෙන නැඟිට්ටා.

ත මු සෙ ට..සීයා පප්පා… විතරයි පව් මං පව් නෑ.. නේද. ත මු සෙ ත් හිතන්නෙ .. සීයා..පප්පා ගැන..

එයා එහෙම කිය කියම අමාරුවෙන් උඩටට යන්න හැදුවා. එතන තිබුන ස්ටූල් එකක හැප් ප්ලා එයාව වැටෙන්න ගියා මම ඉක්මනට එයාව බදා ගත්තා. තව ටිකෙක් දෙන්නම බිම ට වැටෙනවා.

කියනවා.. ත මු සෙ සීයා පප්පට විතරයි නේද ආදරේ.. ඒකනෙ එපා කියද්දි..එයා පස්සෙම දුවන්නෙ.. මට…ම..ම කවුරුත් නෑ… මට කවු රුත් ආදරේ නෑ.. ඒ ගමන එයා ආයිම කියවන් ගත්තා.

අනේ සර්..කෑ ගහන්නෙ නැතුව රූම් එකට යමුකො..සීයා පප්පා අසනීපෙන් ඉන්නෙ.. එයා දුක් වෙන්න තරහා ගන්න හොඳ නෑ..

මම ආයිම කීවේ මෙයා වෙරි මරගාතේ තව මොනා කියයි ද කියලා හිතා ගන්න බැරිවුන නිසා.

ඔය මම කීවේ..ත මු සෙ ආදරේ සීයා පප්පට මට මොකෙක්වත් ආදරේ නෑ.. මං මොකෙක් ද..? එයා ආයිම කියවන්න ගත්තා.

මං සර්ට ආදරෙයිනෙ… අනේ යමුකො..
මම කීවේ වෙන කියන්න දෙයක් තිබුනෙ නැති නිසා. ආදරේ කියන්නෙ වචන වල තියන දෙය ක් නෙවී කියලා මම දන්නවා. ඒත් මේ ඒ ගැන තර්ක කරන්න පුළුවන් වෙලාවක් නෙවීනෙ.

ත මු සෙ..ත මු සෙ මොකටද මට ආදරේ කරන්නෙ.. බොරු කියන්නෙ නැතුව ඉන්නවා හලෝ… ඒ ගමන එයා ඒකත් විහිළුවකට ගත්තා.

බොරුවට නෙවී සර්.. මං ඇත්තටම සර්ට ආදරෙයි.. අනේ එන්නකො ඉතිං…

මට ඕනි කොහොම හරි මෙයාව උඩට එක් කගෙන යන්න. මට බයයි අපි අතරෙ තියන සම්බන්දෙ මොන වගේ එකක්ද කියලා මේ ගෙදර අය දැන ගන්නවට. විශේෂයෙන්ම සීයා පප්පා. එයාට මොන තරම් දුක හිතෙයිද..?

ත මු සෙ ආදරේ මට ද මගෙ සල්ලි වලටද..?

එයා ආයිම අහනවා. දෙයියනේ දැන්නං මගෙ කකුල් දෙකත් එක්ක වෙව්ලනවා. තව ටිකකි න් මෙයා කීවොත් උඹ මාව බැන්දෙ නෑ ලක්ෂ විසිපහකට මාත් එක්ක ආවෙ කියලා. මේ ගෙද ර මං ගැන මොනා හිතයිද..

සල්ලි වලට නෙවී.. මම සර්ට ආදරෙයි හුඟාක් ආදරෙයි..
මං දන්නෙ නෑ මම කියන්නෙ මොනවද කිය ලවත්. ඒත් මේ කිසිම දෙයක් පැහැදිලි කරන්න පුළුවන් වෙලාවක් නෙවී.

මං වෙනුවෙන් ඕනිම දෙයක් කරනවද..?

ඔව්.. අනේ.. එන්නකො සර්…

අනේ..යනවා යන්න…හැම ගෑ ණි ම ඔහොම තමා.. සල්ලි තියනවා නං වඳුරෙකුට උනත් ආදරේ කරයි… මගෙන් අයින් වෙලා ඉන්නවා..

එහෙම කියලා එයා අත ගසලා දැම්මා. ඒක ගිහින් වැඳුනෙ මම නලලෙ. කලින් නලල වැ දිලා තුවාල වෙලා තිබුනද මන්දා නලල රිදෙ න්න ගත්තා.

ආහ්… මම කීවේ වමතින් නලල අල්ලගෙන.

මොකද.. මොකද ඔය නලලෙන් %%ලේ** එන්නෙ..

නලලෙන් ලේත් එනවද මම දන්නෙත් නෑ මට දැනුනෙත් නෑ. &ලේ* නෙවී බෙල්ල බගෙට කැඩි ලා හරි මට මෙයාව උඩට එක්ක යන්නයි ඕනි දැන්නං.

මොනාත් නෑ.. සර් නිකං…

නිකංම ඔහොම %&ලේ -එනවද හලෝ.. ඔකනෙ ඕකනෙ කියන්නෙ.. ගෑ ණු කියන තරමක් කියන්නෙ බොරු.. උන්ව ශත පහකට විශ්වාස කරන්න බෑ.

ඔව්..මං බොරු තමා කියන්නෙ.. මං සර්ට ආදරෙත් නෑ.. මට සර්ව ඕනිත් නෑ.. මං සර් එක්ක ආවෙ සල්ලි වලට..

මේක මැරේජ් එකක් නෙවී ජොබ් එකක් හරි නෙ ඒකනෙ ඇත්ත.. දැන්වත් රූම් එකට යන්න සර්.. සීයා පප්පා මේවා දැනගත්තොත් ඒ මනු ස්සයා පපුව පැලිලා මැ රෙ යි..

මම කියෝගෙන ගියෙ දරාගන්න බැරි වේද නාවකින්. මෙයා සැරෙන් සැරේ කියන්නෙ ජිවි තේ ඉස්සරහා මං මොන තරම් අසරණද කියලා නේද දෙයියනේ. මේ වගේ අසරකමක් නං කව දාවත් කිසිම කෙනෙකුට දැනෙන්න එපා.

මෙහෙම විඳවනවට වඩා එකපාර මැ රි ලා යන එක මොන තරම් ලේසිද..?

මම එහෙම කීවම එයා අමුතු සතෙක් දිහා බලනවා වගේ මගෙ දිහා පුදුමෙන් බැළුවා එහෙම බලලා මම එතනම ඉද්දි අමාරුවෙන් වැනි වැනි පඩිපෙල නැඟ්ගා.

මම නලෙල තිබුන අත අරගෙන බැළුවා. ඇත්තටම නළලෙන් ලේ එනවා තමා. කරන්න ඕනි දෙයක් හිතා ගන්න බැරුව මම එහෙම්ම එයා පස්සෙන් ගියා.

හමුවෙමු.

මට මේ විඳහෙ කතා ලියන්න ටිකක් අමාරුයි. ඒකාකාරි ගතියක් දැනෙනවා නං කියන්න. මේ නපුරව හොඳ කෙනෙක් වෙයි කියලා මට බයයි. අනික මේ කෙ ල් ල මෙහෙම අහිංසක වෙනකොට මට තරහත් එනවා. ඉතිං මේ මූඩ් එකේ ඉන්න එක හරිම අමාරුයි. වෙනසක් අත් හදා බලන්නයි ඕනි වුනේ