වෙස් 🎭🎭

විසිතුන්වන දිගහැරුම

හලෝ තාත්තී…………”

“දු…ව…..”

පියාගේ කටහඬ තුළ වූ කලබලකාරී ගතියට සෙහන්සා එක්වරම තිගැස්සී ගියාය ……

“ඇයි තාත්තේ කියන්න …..”

“පුතේ පොඩි කරදරයක් ……..ඉක්මනට බොරුපනට එන්න……….”

“බොරුපන ..”

“ඔව් අම්මගේ ළමා නිවාස ළඟට ……..”

“අම්…ම…ට කරදරයක් වත්ද ?”

“ඉක්මනට එන්නකෝ දුව හරස් ප්‍රශ්න අහන්නේ නැතුව….මම තියෙනවා…..”

දිසෙන් රිය පදවාගෙන ගියේ තරමක් වේගයෙනි…..සෙහංසා ඊට කිසිවක් නොකීවේ ඇයටද ඉක්මනින් ළමා නිවාසෙට යාමට වුවමනා නිසාවෙනි………

දිසෙන් රිය පදවන ගමන් වරින් වර ඈ දෙස බැලුවේ ඇය නිහඬවම යන බැවිනි……….

වෙනදාට අතොරක් නැතිව එක හුස්මට ගිරවියක් මෙන් කියවන ඇය මෙසේ සිටීම නිසා ඔහුට දැනුණේ පාළුවකි…

ඔහු හෙමිහිට තමාගේ වමතින් ඇගේ අත අල්ලා ගත්තේය…

වෙනදාට තමා මෙසේ කළත් එවිට ඔහු එසේ නොකරන බැවින් sehansa ඔහු දෙස බැලුවේ එක්වරමය …..

“මොකෝ මූඩ් එක අප්සට් උනේ………”

“මට අම්මා ගැන බයයි දිෂ්……….”

“තාත්තා කෝල් එකක් දීලා ඉක්මන්ට එහෙට එන්න කියපු පලියට අම්මට කරදරයක් කියලා කියන්න බෑනේ ….”

“ඒත් එන්න කිව්වේ ඒ නිසයි කියලා හිතෙනවා ……..”.

“ඔයා හැමදේම ගැන ඕනවට වඩා හිතෙනවා ශේෂා………”

ඇය ඔහු දෙස ආදරෙන් බලා සිටියේ ඔහුගේ හිතේ පවතින ආදරය අනෙකුත් වෙලාවල් වල ඔහු සඟවාගෙන සිටියත් මේ මොහොතේ එය පිටට පැමිණීම යි.

මෙතෙක් දවස් ඔහු තමාට ආදරය නැද්දැයි සිතමින් සිත රිදවා ගත්තේ බොරුවට යැයි සිහි වීමෙන් ඇගේ මුවට සිනහවක් නැගිණි…

“මොකෝ ඒ ගමන තනියම හිනාවෙන්නෙ සයිකෝද….”

“මේ ඔයා ඩ්‍රයිව් කරනවා නම් ඒ විදිහට ඩ්‍රයිව් කරන්න…..මගේ දිහා බල බල යන්නැතුව …”..

“අම්මෝ වැඩේමයි බලන්න…..හැටි විතරක් අපායට ගහපු කැලැන්ඩරේ වගේ……”

දැන් නම් ඇයට සියල්ල අමතකය …..

ඔහුට අවැසි වූයේ ද එයමය….

” එහෙනම් ගිහින් බලනවා ඔෆිස් එකේ උඩැක්කිය දිහා….”

“ඒක නං හොඳ අදහසක්………..”

“කනවා මගෙන්…..”

සෙහන්සා දෑත් මිටි කර පහර දුන්නේ දිසෙන්ගේ උරහිසටය….

ඒත් දිසේන් සිටින්නේ එය නොදැනුනාක් පරිද්දෙනි….

“මෙයාට ගහලා මගේ අතමයි රිදෙන්නේ……යකඩයෙක්ද කොහෙද?…”

ඇය එසේ කීවේ මූණත් ඇඹුල් කරගෙනය….

“එහෙම තමයි…අපි හොඳ ෆිට්නස් කො/ල්/ලෝ…”

දිසෙන් කීවේ හිනැහෙමින් රිය පදවන ගමන්මය…

සතියේ දිනක් වුවද කාර්යබහුල වේලාවක් නොවන නිසා ඔවුන්ට බොරුපනට යාමට ගත වූයේ අඩ හෝරාවක් පමණි….

දිසෙන් ළමා නිවාසයේ රිය නැවතුම් පළේ රිය නවතනා තුරු සෙහන්සා සිටියේ නොඉවසිල්ලෙනි…

ළමා නිවාසයේ කාර්ය මණ්ඩලයම ළමා නිවාසය කාර්යාලය වටා වටවී සිටින අන්දම දුටු සෙහන්සා තවත් කලබල වූවාය…..

“මොකක් හරි කලබලයක් වෙලා තියෙනවා තමයි ….”

දිසෙන් කීවේ එදෙස බලමින් රිය නවතමින්..

සෙහන්සා රියෙන් බැස්සා නොව පිටතට පැන්නාය ….

දිසෙන්ද ඉක්මන් ගමනින් ඈ පිටුපස ගියේය …..

සෙහන්සා දුටු පමණින් කාර්යාලයේ සිටි පිරිස වහා මෑත්වී ඈට ඉඩ දුන්හ.

කාර්යාලය ඇතුළට ගිය සෙහන්සාත් දිසෙනුත් දුටුවේ මුළු කුටිය ම අවුල් වියවුල් වී ඇති අන්දමයි.

සෙහන්සා ගේ මවගේ මුහුණ අදුරු පැහැ වී ඇති අන්දමත් පහසුවෙන් කිසි දෙයකට කලබල නොවන සෙහන්සාගේ පියාත් සිටියේ කලබලකාරී ලෙසිනි..

“මොකක්ද අම්මි වෙලා තියෙන්නෙ….”

සෙහන්සා මදක් සන්සුන් වූයේ සිය මව නිරුපද්‍රිතව සිටිනු දැකය…

“බලන්නකෝ ශේෂා ……ඊයේ පාන්දර office එකට හොරු පැනලා …..”.

“හොරු පැනලා ……..මොනාද අරන්ගිහින් තියෙන්නෙ ….”

“සල්ලී දාල තිබ්බ සේප්පුවත්,ආධාර වලට ලැබිච්ච බඩුත් සේරම ඒ විදිහටම තියනවා…කිසිම අඩුවක් නෑ ….ආපු කෙනා සේප්පුව ඇදල දාල තිබ්බට ඒකෙ කිසි දෙයක් අඩු නෑ……එහෙනම් මොනාද ගෙනිහින් තියෙන්නෙ….”

“අපිත් මේ බලන්නේ මොනාද ගෙනිහින් තියෙන්නේ කියලා ..කිසිදෙයක අඩුවක් නම් පේන්නේ නෑ …..මුළු ඔෆිස් එකම හැඩි කරලා දාලා…..ඔෆිස් එකේ තිබ්බ documents සීසීකඩ …………”

“ඔව්මයි මේ බලන්න මේ ළමයින්ගේ birth certificate පවා ඇදලා තියෙනවා …..”

සෙහන්සා කීවේ බිම විසිරී පවතින ලිපිගොනු එකතු කරමින් ……

“සර්….මේවා කරේ කවුද කියලා සීසීටීවී කැමරා වලින් අපිට චෙක් කරගන්න බැරිද ?……..”

දිසෙන් එසේ ඇසූ විට ජයන්තිගේ අඳුරු වී තිබූණ මුහුණ එළිය වුණේ සැනෙකිනි.

“ඒකනෙ මේ ළමයා කියනකං ඒ ගැන මතක් උනේ නෑ …”

ජයන්ති එසේ කීවේ දිසෙන් දෙස පැහැදීමකින් බලමිනි…..

“යමු අපි ගිහින් සීසීටීවී check කරමු…”

සෙහංසා එසේ කියමින් ගියේ ගබඩා කාමරයට යාබදව තිබූ කුටියේ තිබූ සීසීටීවී යන්ත්‍රය වෙතය ……

දිසෙනුත් රෙජිනෝලුත් ජයන්තිත් බලාගෙන සිටියේ ඈ සීසීටීවී යන්ත්‍රයේ මොනිටරය හසුරුවන අන්දමයි …..

පරිගණ මෘදුකාංග විශේෂ උපාධියක් හැදෑරූ සෙහෙන්සා ජයන්තිගෙ ළමා නිවාසයේත් රෙජිනෝල්ගේ ආයතනයේත් සියලුම මෘදුකාංග නිර්මාණය කළේ සෙහන්සා විසිනි ..

සෙහන්සා කෙතරම් පරීක්ෂා කර බැලුවත් පාන්දර දෙකෙන් පසුව සීසීටීවී දර්ශණ කිසිවක් එහි තැන්පත් වී තිබුණේ නැත….

“අම්මී….මේකේ ඊයේ පාන්දර දෙකෙන් පස්සේ කිසිම රෙකෝඩ් එකක් හොයාගන්න නෑ පාන්දර හතර වෙනකන් ……”

“හරි පුදුම වැඩේනේ. එහෙම කොහොමද වෙන්නේ …”

“අනිත් හැම දවසකම පැය විසි හතරේ රෙකෝඩිස් මේකේ තියෙනවා …..”

“ඒ ආපු කෙනා හැම දෙයක්ම හොඳට ප්ලෑන් කරලා කරලා කරලා තියෙන්නේ ………..”

දිසෙන් එසේ කී විට රෙජිනෝල් එය අනුමත කලේ කල්පනා කරමින් ඔහුගේ හිසින් සන් කරමිනි.

“එක්කෝ power cut කරල ඇතුළට එන්නේ ඇත්තේ…..නැත්නම් පිටවෙන්න කලින් සීසීටීවී රූම් එකට ඇවිල්ලා මේ රෙකෝඩ්ස් ඩිලීට් කරලා යන්න ඕනි ……”

“කවුද මේ වගේ දෙයක් කරන්නේ..මේ වගේ ළමා නිවාසයක….මේවා සමාජ සමාජසේවා ආයතනනේ….පුදුම මිනිස්සු තමයි …..”

“නෑ dissaine එහෙම නෑ …..කොච්චර සමාජ සමාජ සේවා කරත් මේව බලන් ඉන්න බැරි කට්ටිය ඉන්නවනේ …..සමහර අය අපේ ළමා නිවාසෙට පිටරටින් එක එක NGO වලින් ආධාර ලැබෙනවට අපි එක්ක තරහයි ……”

සෙහංසා හා reginol පුදුමයෙන් මෙන් බලා සිටියේ සිතේ ඇති සියලුම තරහ මරහ අමතක කර ජයන්ති දිසේන් හා කතා කරන සුහද විලාශය දෙසයි ….

සෙහන්සාට නම් එය ගෙන දුන්නේ සහනයකි …ඒ මෙතෙක් දවස් සිය මව කොහා දැඩිසේ අමනාපයෙන් සිටීම ඇයට වේදනාවක් ගෙන දුන් නිසාය ….

❤️❤️❤️❤️❤️❤️

“මම ඕ/කා/ව අතාරින්නෙ නෑ ……..මම මීට කලින් කවදාවත් කාටවත් පීචං වෙලා නෑ …”

“ඒක තමයි බොස් අපි කිව්වේ රජ වැඩ කාරයෙක් කියල ….”

“….අපි මොනා කරන්නද බොස්….”

“ආයෙ මගේ ඉස්සරහ ඕ/ක/ව වර්ණනා කරොත් මම කම්මුල් පාරෙන් නවත්වන්නේ නෑ…….”

“ඉතිං බොස් අපි කිව්වේ ඇත්ත නේ ……”

“උ/ඹ මගෙන් ආයෙ කන්න ද හදන්නේ…”

“අනේ නෑ බොස්…..”

“මට ආරන්චි විදිහට ලොක්කා ඒ/කා අඟුලාන පැත්තෙ ඩීල් අදින ඩයල් එකක්…”

“මොනව …..sehansa ගෙ bodyguard …?..”

“ඔව් සර්….මෑන්ගේ අන්ඩවර්ල්ඩ් නම සුද්දා ලු ….”

“එහෙමද ඒ/කා මේ අලුතින් බැහැපු එ/කෙ/ක්… ඒ වගේද අපි ඉපදුනෙත් මේවයේ………”

“මට ගහපු ගැහිල්ලට මම ඒ/කා/ට රිටන් එක දෙන්නේ නැගිට ගන්න බැරි වෙන්න….මගේ _ හෙල්ලුවා ට මම කරන වැඩේ හිතාගන්නවත් බැරි වෙයි…”

“ලොක්කා…”

චුට්ටේ යමක් කියා ඉගි කරුණු ඇසුණෙන් මින් හුන් කතාව අතරමග නවත්වා ධනුක පසුපස හැරී බැලුවේය..

එවිට ඔහු දුටුවේ සිය පියා කෝපාවිෂ්ඨ වූ මුහුණින් සිටින අන්දමය …

“පුතේ ….ඇයි මේවා මගෙන් හංගන්නේ..කවුද උ/ඹේ _හෙලෙව්වේ….”..

“නෑ නෑ තාත්තෙ එහෙම මොකුත් නෑ…

” බොරු කියන්න එපා…මට ඇහුන ඇයි මගෙන් හංගන්නේ….”

“නෑ නෑ තාත්තේ පොඩි වලියක් ගියා ….ඒ ගැන කතා වුණේ….”

“මේ වසන්තගේ පුතාට අතක් තියන්න ආපූ එ/කා/ව මම යහතින් තියන්නේ නෑ….”

“කවුද ඒ/කා…”

වසන්ත කීවේ අඩිය පොළවේ ගසමිනි…

❤️❤️❤️❤️❤

“නිහාල් , පාන්දර දෙකේ ඉඳන් හතර වෙනකං මොනාද කරේ..මෙතන මෙච්චර දෙයක් වෙනකං….”

“අනේ නෝනේ මහන්සියට මගේ ඇස් පොඩියක් පියවෙන්න ඇති….”

“හොඳ පොඩියක්…..පැය දෙකක් නේ ම/නු/ස්/ස/යෝ..තමුන් මෙතන පඩි ගන්නේ නිදාගන්නද?….”

“ඇති අම්මේ ඇති දැන් කෑ ගහලා වැඩක් නෑ……”

“ඒ වුනාට මේකට සොලුෂන් එකක් ඕනේ….ඔය විදිහට බලද්දී මෙතන කිසි ආරක්ෂාවක් නෑනේ…”

රෙජිනොල් එසේ කීවේන් බියපත් මිනිසා ජයන්තීටත් රෙජිනෝල්‍ටත් වැඳ වැටෙන්නට වුයේය..

“අනේ බුදු මහත්තයෝ…මාව අස් කරන්න එපා….එහෙම උනොත් මට යන එනමන් නැතිවෙයි….මම අවුරුදු දහයකට වඩා මෙහේ වැඩ කරා නේ….මගේ අතින් ආයේ වැරද්දක් වෙන්නේ නෑ….”

“සෙහන්සා මිස්..පොඩ්ඩක් මේ පැත්තට එන්න…”

දිසෙන් එසේ කෑගසන්නට වූයේ වැඩිහිටි නිවාසය ඉදිරිපස ගේට්ටුවේ අසළ සිටයි….

සෙහන්සාත් ජයන්තීත් රෙජිනෝලුත් කඩිනම් ගමනින් එතනට දිව ආයේ කලබලයෙනි….

“ඇයි දිසෙන් මොකද?…”

සෙහන්සාගේ මුහුණ කුහුලෙන් බරවී ගොසින්…

“මේ බලන්න මිස්…..”

“ඇයි මොකක්ද…?”

“මේ මෙතන බිම වැටිලා තිබ්බා….”

දිසෙන් කීවේ බිම වැටී ඇති යමක් අහුළා ගෙන එය සෙහන්සා අත තබමිනි…

හමුවෙමු මීළඟ දිගහැරුමෙන්