ආදරණීයම ඔයා… 12
මම කාමරයට වැදුනේ දරාගත නොහෙනා වේ දනාවකිනි. වරින් වර වෙනස් වන සෝන්යගේ මෙි අමුතු ගතිගුණ මා දරා ගන්නේ කෙසේද මා යහනේ වැතිර ඉකිබිඳිමින් වැලපෙන්නට විය. සියල්ලම අමතක කර දා මා හිත හදාග ත්තේ සෝන්ය හා සතුටින් ජීවත් වන්නටය.
එහෙත් වරින් වර අවතාරයක් සේ ඔහුව අම තමින් ඔහුගේ සිතිවිලි වෙනස් කරන්නේ කවු රුන් ද..
ඒ ඔහුගේ රහස් ආදරවන්තියක් ද.. එහෙත් ඔහු වැන්නෙක් එසේ රහසින් ඇයට ආදරය කරන්නේ ඇයි…
මා විවාහ කරගන්නා ලෙස ඔහු ට මගෙන් හෝ අන් කිසිවෙකුගෙන් බලපෑමක් තිබුනේ නැත. එසේ තිබියදි කොහේ හෝ සිටි මා විවාහ කර ගෙන ඔහු ඒ නටනා නාඩගම කුමක් ද..
සමහර විට ඒ ගැහැණිය විවාහක එකියක වන්න ට ඇත. ඔහු ඈ හා දිගු කලක් අනියම් ඇසුරක් පවත්වන්නට ඇත. සැමියා අතහැර ඇයට සෝන්ය හා පැමිණෙ න්නට නොහැකි අසරණ කමක් තියනවා වන්නට ඇත. ඈ ඔහුට අමතන්නේ රහසින් මුණගැහෙන්න ට වන්නට හැක
එකිනෙකට විකාර සිතුවිලි වැලක් මගේ සිත අසරණ කලේය. එහෙහත් මේ කිසිවක් මා කිසිවෙක් හා කියන්නේ කෙසේද.. අම්මාටවත් මල්ලීටවත් නම් කිසිසේත්ම කිව නොහැකිය.
එක වංචාකාරයෙකුගෙන් බේරී මා තවත් වං චාකාරයෙකුගේ අතට පත්වි ඇති බැව් දැන ගත හොත් ඔවුන්ට කුමක් හිතෙනු ඇති ද..
ඒ හැර මා ඒවා කියන්නේ කාටද..එවන් දෙයක් බෙදාගන්නට තරම්ම සමීප මිතුරෙකු හෝ මිතු රියක මට ඇත්තේ නැත.
එසේ සිටියද මෙවැන්නක් කියන්නට මා හිත හදා ගන්නේ කොහොමද විවාහ මංගල උත් සවයෙන් යන්තම් සතියක්වත් ගතවී නොමත. එසේ තිබියදී මගේ සැමියා වෙනත් ගැහැණියක කරා යන බැව් මා කෙසේ කියන්නද..
එය සිහි වන්නට වන්නට මට දැනුනේ ඉවසා ද රාගත නොහෙනා වේදනාවකි. එයින් හිස පුපු රා යාවි යැයි මට හැගෙන්නට විය.
එහෙත් යහනෙන් නැඟිට ගන්නවත් ඇඟට පනක් තිබුනේ නැක. මම කෝට්ටයේ මුහුණ ඔබාගෙන් මහා හඬින් ඉකිබිඳ වැලපෙන්නට වීමි.
හිතේත් හිසේත් වේදනාවටම මට බොහෝ වේ ලාවකට පසු එහෙම්ම්ම නින්ද යන්නට ඇත.
තාදී ඇයි මේ සනීප නැද්ද ඔයාට…
මා අවධි වූයේ සෝන්යෙග් හඬිනි. කිසිවක්ම නොකියා මම යහන මක හිදගතිමි. ගතට දැනු නේ මලානික බවකි.
තාදී ඇයි දරුවො මේ අසනීපෙන් ද ඔයා.. සෝන්ය සුපුරු ලෙසින් අසද්දි මසිතට දැනුනේ කෝපයකි.
කවුද ඒ ගෑ…ණි…
මම ඇසුවේ සෝන්යෙග් මුහුණ දෙස බලාගෙ නමය. ඒ මුහුණ කළු පැහැ ගැන්වුනේ තත් පර යෙනි.
ගෑ…ණි මොන ගෑ…ණියෙක් ගැනද ඔයා ඔය අහන්නෙ..
සෝන්ය ඇසුවේ කිසිවක්ම නොදන්නා එකෙක් සේය.
මොන ගෑ. ණියෙක් ද කියලා දන්නෙ ඔයානෙ සෝන්ය…
තාදී ඔයාට මොනවද දරුවො වෙලා තියෙන්නෙ අසනීපනේ ද ඔයා..
ඔව් මට පිස්සු..මට පිස්සු හැදිලා..මෙහෙම ඒ වා වෙද්දි..පිස්සු හැදෙන්නෙ නැද්ද දෙයියනේ
මම දෝතින්ම මුහුණ වසාගෙන මහා හඬින් වැලපෙන්නට වීමි.
තාදී මට ඔයා කියන කිසිම දෙයක් තේරෙන්නෙ නෑ..ඇයි ඔයා ඔහොම අඬන්නෙ..
ඇති සෝන්ය හොඳටම ඇති..එක වංචාකාර යෙකුට අහුවෙලා මං ඇති තරං විඳෙව්වා දැන් ඔයත් ඒකම කරන්න හදන්නෙ ඇයි..
තාදී…
මං ඔයාට දැනුවත්ව කිසිම වැරැද්දක් කරලා නෑ..නොදැනුවත් හරි මොකක් හරි වැරැද්දක් කරලා තියනවා නං මට සමාවෙන්න..
තාදී මොනවද ඔය කියවන්නෙ ඔයා..
මගෙ අම්මයි මල්ලි ඔයාට මොනා හරි වැරැද් දක් කරලා තියනව ද.. ඒකද මෙහෙම මගෙන් පලි ගන්නෙ ආ.. ඔයාට ඕනි ඒකද සෝන්ය..
තාදී ඔයාම දන්නෙ නෑ ඔයා මොනවද කියවන් නෙ කියලා..
ප්ලීස් සොන්ය..කවුද ඒ ගෑ…ණි..මොකක්ද ඔයා ගෙයි එයාගෙයි අතරෙ තියන සම්බන්දෙ එහෙ ම කෙනෙක් ඔයාගෙ ජීවිතේ ඉද්දි ඇයි මගේ ජීවිතේට මේ වගේ අපරාධ්යක් කලේ..
සෝන්යගේ කමිස කොලරයේ එල්ලීගෙ න මම ඇසුවේ කෝපයෙන් වියරු වැටී කෑ ගසමිනි.
තාදී..ප්ලීස් කාම් ඩවුන්..තාදී ප්ලීස්…
මගේ දෝතින්ම අල්ලාගෙන සෝන්ය කීවේ සන් සුන් හඬකිනි. ඔහුගේ මේ නිහඩ ගුප්ප බව ප වා මසිතට එක්කලේ කෝපයකි. මහා කපටි මිනිහෙක් මම තනිවම සිතුවෙමි.
මම මේ ගෙදරින් යනවා සෝන්ය..ඔයාගෙ මේ වෙනස්කං මට දරාගෙන ඉන්න බෑ..ඇයි මට මෙහෙම කලේ ඇයි මොකක්ද මං ඔයාට කරපු වැරැද්ද…
මම ඇසුවේ අසරණම අසරණ හඬකිනි.
කියන දේ අහලා ඉන්න දරුවො..මෙතන ඔයා හිතන විඳිහෙ දෙයක් නෑ… ඔයා බොරුවට කලබල වෙලා..
එහෙනං කියන්න…
මොකක්ද…
කවු ද ඒ ගෑ..ණි..ඒකි කතා කරන කරන සැරේ ට ඔයා එයාව බලන්න දුවන්නෙ ඇයි… එයා ඔයාගෙ කවුද… එයාට එච්චර ආදරේ නං ඇයි මාව මැරි කලේ..ඇයි මට මගේ පාඩුවෙ ඉන්න දුන්නෙ නැත්තෙ… මං ඔයාගෙ කවුද සෝන්ය.. ඔයා මගෙ කවුද…
මම අසාගෙන ගියේ උමතුවෙන් මෙනි. කුමක් කිවාදැයි මට නිනව්වක් තිබුනේ නැත. සිත තිබු නේ හොඳටෝම ඔද්දල් වීය. සෝන්ය මගේ දෙස බලා සිටියේ අන්ද මන්ද වූ දෑස්වලිනි.
මා එවැන්නක් අසතැයි ඔහු විශ්වාද කලේ නැතුවා වන්නට ඇත.
ටිකක් රිලැක්ස් වෙන්න තාදී මං ඔයාට හැම දේම කියන්න හිටියෙ..
සෝන්ය කීවේ කවර හැඟීමකින්දැයි මට සිතා ගත නොහැකිය. එහෙත් ඔහු කියනා දෙයක් අසන්නට තරම් සන්සුන් මනසක් මට තිබුනේ නැත.
ඒ වෙලාවෙ මට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ තාදී… මම කලේ දෙවනි මනමාලයෙකුගෙ යුතුකම..
සෝන්ය කියවාගෙන යයි. ධනුකගේත් මගේ විවාහ මංගල උත්සවයේ ඔහු සිටියේ දෙවන මනාලයාට බව මට සිහිවුයේ පසුවය.
සෝන්ය ඔයා මොනවද කියන්න හදන්නෙ ඔය…
දන්නවා ඔයා මගෙත් එක්ක ඉන්නෙ කැමැත් තෙන් නෙවී කියලා…
ඔයා දැන් මට මොනවද කරන්න හදන්නෙ සෝන්ය..
පහුගිය ටිකේම මං ඔයාව මට පුළුවවන් තරම් හොඳින් බලාගත්තා…. වෙන කෙනෙක්ව මැරි කරන්න බැරි වෙන්න තරම් දෙයක් මගෙ අතින් ඔයාට සිද්ධ වෙලා නෑ..
සෝන්ය..
ඔව් තාදී..මං ඔයාට ඩිවෝස් එක දෙන්නම්…. ඔයාට හොඳ වන්දියකුත් දෙන්නම් ඔයාට පුළුවන් මගෙන් අයින් වෙලා ගිහින් හොඳ කෙනෙක්ව මැරි කරන්න..
සෝන්ය කියවාගෙන ගියේ සිත්පිත් නැත්තෙක් සේය. හිතත් හිසත් ගිනි ගන්නවාක් වැනි හැඟී මක් මට දැනෙන්නට විය. මගේ සුරත සෝන්ය ගේ කම්මුල හරලා ගියේ වේගයෙනි.
හමුවෙමු.
ටිකයි කියන්න එපා. මේ මාක්ගෙ නිතිතිත් එක්ක කතාවක් ගලපන එක කලබලටෙ කරන්න හරි අමාරුයි ඉතිං මට වෙලාව නෑ දැනුත් පන්තියක්.