නපුරු දීගේ

“තව ටික දවසයිනෙ මැණික.කොහොම හරි ඉවසගෙන ඉන්න රත්තරං.මේ හැම දුකක් වේදනාවක්ම අපේ පැටව් දෙන්නා වෙනුවෙන්නෙ.ඔයාමේ දෙන්නව මේ ලෝකෙට ගේන්න මොන තරම් දුකක් වේදනාවක්ද විඳින්නෙ.දවසක එයාලා දෙන්නා මටත් වැඩියෙන් ඔයාට ආදරේ කරයි. ගරු කරයි.ඒක වෙනවා දකින්නයි මං කැමති…”

ඩිලිවරි එකට දිනත් ලං වීගෙන ආවා.මං හිටියෙ හරිම බයෙන්.දවසින් දවස ගෙවිලා යද්දි මට ජීවත් වෙන්න තියන දින ප්‍රමාණෙත් අඩු වීගෙන යනවා කියලයි මට දැනුනෙ. තව කී දවසක් මට මගේම කියන අයත් එක්ක ගත කරන්න ලැබෙයිද දන්නෑ.ඒ නිසා ගෙවෙන හැම තප්පරේකම මං ආර්වින්ගෙ තු/රු/ලෙ/යි ගත කරන්න ආස උනේ.

බඩ ඇතුලෙන් වෙනදාට වඩා ලොකු වේදනාවක් දින ලං වෙද්දි දැනුනා.වේදනාව අඩු වෙන්න ඩොක්ටර් දීපු ටැබ්ලට් එක ගත්තත් ඒකෙන් ඒ වේදනාව අඩු උනේ පැය කිහිපයක් විතරයි.මගෙ ජීවිතේ තියෙන්නෙ අවිනිශ්චිත මට්ටමක කියලා මට තේරුනා.

“මට මොනවා උනත් මෙයාලා දෙන්නව පරිස්සමෙන් ඔයාගෙ අතට දෙනකල් මට ඉවසුමක් නෑ ආර්වින්.මං හිත හදාගෙන ඉන්නෙ.මං නැති උනා කියලා මගෙ දරුවො දෙන්නට නරකක් වෙන්නෑ මං දන්නවා.ඔයා එයාලා දෙන්නව හොඳින් බලා ගන්න ඕනි. දවසක ඔයා පුතාලා දෙන්නට කියන්න ඕනි මං අම්මා ඔයාලාට ගොඩක් ආදරෙයි කියලා…”

ඒ වචන ටික බොහොම අමාරුවෙන් පිට කරගෙන මං නෙතු ඔසවලා නිකමට වගේ ආර්වින් දිහා බැලුවා.එයාගෙ මූණ දැක්කම මාව ඉබේටම වගේ ගැස්සිලා ගියා.ඇස් දෙක ගි/නි බෝල දෙකක් කරගෙන කේන්තියෙන් පු/පු/ර පු/පු/ර ආර්වින් මගෙ දිහා බලාගෙන ඉන්නවා.ඒ බැල්මට මට බියකට වඩා ඇති උනේ දුකක්.

මං කොයි තරම් තේරුම් කරලා දෙන්න හැදුවත් එයා නෙවෙයි ඇත්ත තේරුම් ගන්නෙ.ඔහු දරුවො දෙන්නට තරමටම මටත් ආදරේ කරනවා.අපි තුන් දෙනා එයාගෙ පන ඩිංග කියලයි හැම වෙලේම කියන්නෙ.

“පූජා මං ත/මු/සෙ/ට මේ හොඳින් කියන අන්තිම වතාව.ආයෙ ඔය කතාව කියලා තිබ්බොත් එහෙම මගෙන් කිසිම සමාවක් නෑ.කන ර ත් වෙන්න දෙකක් දෙන්නෙ.ඇයි ය කෝ මං මෙච්චර කියලත් ඒක තේරුම් ගන්න බැරි බබෙක්ද ත/මු/සෙ?…”

මගේ ක ට දෙපැත්තෙන් මි/රි/ක/ලා අල්ලගෙන ආර්වින් කේන්තියෙන් කෑ ගහන සද්දෙ අහල පහල මිනිස්සුන්ටත් ඇහෙයිද දන්නෑ.එයා කැමති නෑ මට අනතුරක් වෙයි කියලා හිතන්න.කියන්නෙම කොහොම හරි මොනවා හරි දෙයක් කරලා මාවයි දරුවො දෙන්නවයි බේර ගන්නවා කියලා.

“මට සමාවෙන්න ආර්වින්.මං දන්නවා ඔයා මං කියන දේවල් පිළිගන්න ලෑස්ති නෑ කියලා.අකමැති උනත් අමාරුවෙන් හරි අපි ඇත්තට මුහුණ දෙන්න ඕනි නේද?…”

මං ආර්වින්ගෙ අතින් අල්ලගෙන වේදනාවෙන් උනත් ආදරෙන් ඇත්ත පැහැදිලි කරලා දුන්නා.

“හැම දෙයක් ගැනම අසුබවාදී විදියට හිතන්න එපා පූජා.ඇයි බැරි ඔයාට මේකෙ හොඳ පැත්ත ගැන හිතන්න?ඩොක්ටර් කිසිම අවස්ථාවක කිව්වෙ නෑ දරුවො දෙන්නව විතරයි බේර ගන්න පුලුවන් කියලා. ඩොක්ටර් කිව්වෙ මේක ටිකක් බ/ර/ප/ත/ළ ඔපරේෂන් එකක් කියලා විතරයි.දෙවියො බුදුන් ගැන විශ්වාසෙ තියාගන්න පූජා.ඔයාට මොකුත්ම වෙන්නෑ…”

ආර්වින් මාව තු/රු/ල් කරගෙන හිස සි/ප ගත්තා.මේ රත්තරං ආදරේ නැති කරගන්න මට බෑ දෙයියනේ.ඩිලිවරි එකේදි මොනවා වෙයිද කියලා හිතද්දි මගෙ හිත කියාගන්න බැරි තරමටම අසරණ වෙනවා.මට ආර්වින්වයි පුතාලා දෙන්නවයි දාලා යන්න බෑ.හැම දෙයක්ම හොඳ විදියට විසඳෙන්න කියලයි මං ප්‍රාර්ථනා කරේ.

ආර්වින්ගෙ පපුව අස්සෙ ඔලුව හංගගෙන දෑස් පියාගෙන ඉන්නැද්දි එකපාරටම බඩ ඇතුලෙන් වෙනදා නොදැනුනු විදියෙ ලොකු වේදනාවක් දැනුනා.දරා ගන්න අපහසු ඒ වේදනාව අතරෙ මට කඳුලුත් එක්ක කෑගැස්සිලා ගිහින් එක්වරම දෑස් පියවීගෙන ගියා.

මුහුණට වතුර බිඳක් ඉසිමින් ආර්වින් ඇගේ සිහිය ලබාගන්න හැදුවත් කෙඳිරි ගානවා ඇරෙන්න පූජාගෙ දෑස් විවර උනේ නැහැ. ආර්වින් හිටියෙ හොඳටම බය වෙලා.ඔහු ඉක්මනින් වෛද්‍යවරයා හට දුරකථන ඇමතුමක් ලබා දී තම මව සමඟ පූජා ව රෝහලට රැගෙන ආවා.

“පූජා ගොඩක් අමාරුවෙන් හිටියෙ අම්මෙ. ඇස් ඇරියෙත් නෑ.කෙඳිරි ගෑවා විතරයි.මට මගෙ පූජා බයයි.මගෙ රත්තරංට මොනවා හරි උනොත් මං ජීවත් වෙන්නෑ අම්මෙ.මට පි/ස්/සු හැදෙයි දෙයියනේ.ඇයි අපිට මෙහෙම උනේ?…”

ආර්වින් තම මවගේ ඔඩොක්කුවෙන් හිස තියාගෙන අඬා වැලපුවා.ඔහුට පූජාගෙ ජීවිතය ගැන දැනුනේ ලොකු බියක්. වෛද්‍යවරු පැවසූ ආකාරයට ඇගේ ජීවිතය ඇත්තේ අවිනිශ්චිත මට්ටමක නම් ඇය නොමැති ලොවක තමා ජීවත්ව හිඳීමෙන් පලක් තිබේද?

ඔහු කල්පනා කරා.දහඩිය දමා ඇති ගෙල දෙපස පිසදාගත් ආර්වින් මවගේ ඔඩොක්කුවෙන් නැගිට ශල්‍යාගාරයේ දොරට අබියස එහාට මෙහාට ඇවිද්දා.පැය කිහිපයක් ගත උනත් තවමත් එහි දොර විවෘත උනේ නැහැ.

මොහොතකට පසුව ඔහු පුටුවක් මතින් වාඩි වී කෘතිම පාදය සවි කල සිය කකුල අතගෑවා.ඔහුගේ මතකයට නැගුනේ මීට මාස කිහිපයට පෙර සිදු වූ එම රිය අනතුරයි. එය නිසා තමා මාස ගනනාවක් ඇඳ මතට වී දුකින් සිටි අයුරු ඔහුට මතක් උනා.

මගෙ මැණික මං වෙනුවෙන් කොයි තරම් මහන්සි උනාද.ඒ වගේ බිරිඳක්ව ලබන ඕනිම සැමියෙක් හරිම වාසනාවන්තයි.ඒ වාසනාව මගෙන් ඈත් කරන්න එපා දෙවියනේ.අපේ පුංචි පව්ල රැකලා දෙන්න.

ආර්වින්ගෙ කල්පනා ලෝකය එක්වරම බිඳී ගියේ ශල්‍යාගාරයේ දොර විවෘත කරගෙන එලියට පැමිණි වෛද්‍යවරයාගේ හඬිනි.

“ඩොක්ටර් මගෙ පූජාට කොහොමද දැන්?එයා හොඳින් නේද?අනේ මට ඉක්මනට කියන්න ඩොක්ටර්…”

ආර්වින් නොඉවසිල්ලෙන් යුතුව වෛද්‍යවරයාගේ මුහුණ දෙස බලා සිටියා.ඒ මුවින් දැන් පිටවන්නේ තමාගේ ජීවිතයේ තීරණාත්මක වදන් පෙල කියා ඔහු සිතුවා.

“අපිට තව මිසිස් පූජා ගැන දෙයක් කියන්න බැහැ.දරුවො දෙන්නව icu එකට දාලා තියෙන්නෙ.ඔපරේෂන් එක පටන් ගත්තා. පූජාගෙ කි/ඩ්/නි එකකට හානි වෙලා තියෙන්නෙ.ඒ නිසා ඔ ප රේ ෂ න් එක සාර්ථක උනත් ජීවිතේ ගැන කියන්න අමාරුයි.දවස් තුනක් වගේ ඇතුලත කි/ඩ්/නි එකක් දෙන්න කෙනෙක් හොයා ගන්න ඕනි.නැති උනොත්…….

වෛද්‍යවරයා ඉතිරි ටික නොකියා නිහඬ වී ආර්වින්ගෙ පිටට තට්ටු කරා.දෙවරක් නොහිතා ආර්වින් තම ආදරණීය බිරිඳ වෙනුවෙන් ඉදිරිපත් උනා.

“වෙන කවුරුවත් ඕන්නෑ ඩොක්ටර්.මගේ කි/ඩ්/නි එකක් කරගෙන ඉක්මනට මගෙ පූජාව සනීප කරලා දෙන්න.ඩොක්ටර්ට පිං…”

ආර්වින් බැගෑපත් හඬින් එසේ පැවසුවා.

“අපිට එකපාරටම එහෙම මිස්ටර් ආර්වින්ගෙන් කි/ඩ්/නි එකක් ගන්න බෑ. ඒකට ටෙස්ට් වගයක් කරන්න ඕනි.ඔයාගෙ කි/ඩ්/නි එක ගැළපුනොත් ඒක ඔයාගෙ වයිෆ්ගෙ වාසනාව…”

ආර්වින්ව ඉක්මනින් වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු කෙරුනි.පැය කිහිපයක් පැවතුනු ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල එනතෙක් ආර්වින් නොඉවසිල්ලෙන් බලාගෙන හිටියා.පූජා ඉන්නෙ ජීවිතයත් ම/%/$/ය/ත් අතර ලොකු සටනක.

“අයැම් වෙරි සොරි මිස්ටර් ආර්වින්.ඔයාගෙ කි/ඩ්/නි එක ගැලපෙන්නෑ.ඉක්මනින් වෙන කෙනෙක්ව හොයාගන්න වෙයි.තව පැය හැත්ත දෙකයි තියෙන්නෙ…”

මතු සම්බන්දයි.

අන්තිම කොටසින් හමුවෙමු.

කතාවෙ දෙන්නෙක්ට ජීවිත අ හි මි වෙනවා. කියන්න පුලුවන් නම් ඒ කව්ද කියලා