මෙහන්සා 08 කොටස
අපිට වැඩක් නෑ අයියෙ ඕව. මෙහන්සා කිව්වෙ මිහින් කිලාන් ගැන කියාගෙන යද්දි
හ්ම්ම් වැඩක් නෑ නම් තමයි ඒත් මට අපරාදෙ කියල හිතෙනව නංගි. මූ විහින් නාස්ති වෙනවනෙ
ඒකට ඉතින් අපිට කරන්න දෙයක් නෑනෙ කියන දේ අහන්නෙත් නැත්තම්
ඔව් ඉතින් ඒකත් ඇත්ත තමයි. මේ ඒක නෙමේ ඔන්න අද ඉදන් ඔයා මගේ කෙල්ල වගේ ඉන්න හරිද? මිහින් කියද්දි කෙල්ලට හිනා ගියා.
බිසේක ඇහුව ඔයා මගේ කොල්ලද කියල මම ඔව් කිව්ව. මන් හිතල නෙමේ කරේ. නිකමට බිනූ ව රවට්ටන්න කීවෙ.
එහෙම කියපු එක හොදයි. බිසේක ශමින්ද්රිල සේරම එක ක්ලාස් එකේ. ඔයා මගෙ නංගි කියල කිලාන් දැනගන්න ඕනෙ නෑ දැනට.
කියන්නකො ඉතින් අද ඩේ එකේ විස්තර
කියන්න තරම් දෙයක් නෑ. කියමින් මිහින් උදේ සිට සවස් වෙනකම් වෙච්ච ඔක්කොම දේවල් කෙල්ලට කියල අන්තිමේදි මාගෙ නැගනිය වන මෙහන්සා නිල්නයනි වීරසේකර මෙනෙවිය සත්සර විද්‍යාලීය විද්‍යා දිනයේ ජාතික වීරවරිය වෙමින් උත්සව සභාව නිමා වෙන ලදී කියමින් විස්තරේ අවසන් කරෙ කෙල්ල මහ හයියෙන් හිනා වෙද්දි.
යාලුවො එද්දිම කිව්ව කිලාන් මොකක්ම හරි ජඩ වැඩක් කරයිම කියල.
ඔයා නොදන්නවට අනිත් අය දන්නව උගෙ හැටි. නොදන්න කෙනෙක්ට හිටියෙත් ඕගොල්ලන්ගෙ ඉස්කෝලෙ ඔයාම විතරයි මම හිතන්නෙ.
ඔව් ඉර්හින් ඔයාවත් කියල නෑනෙ මට එහෙම කෙනෙක් ගැන.
මමත් ඉතින් එච්චර ඩේවල් දන්නෙ නෑනෙ නංගි මාත් ඉස්කෝලෙට ගියෙ ලගදිනෙ. කිලාන් උනත් රට ඉදල ලගදි ඇවිත් ඉන්නෙ. මෑන්ස් ඒ උනත් සෑහෙන්න ප්‍රසිද්දයි ඉස්කෝලෙ තාත්ත හින්ද. ඌ ගැන කියනවනම් ඉතින් කරන නැහැදිච්ච කම් ගැන තමයි කියන්න තියෙන්නෙ. ඒව අහන්න ඔයා කැමති නෑ කියල මන් දන්නවනෙ නංගි
විහිලුවට අනේ කිව්වෙ. මට පේන්න බෑ ඒව නම්. ඔයා දන්නවනෙ ඉතින්. ඒත් එයා කරන ඒව යාලුවො කියනෝ ඉස්කෝලෙදි.
මෝඩයෙක්. මිහින් කිව්වෙ තරහෙන්. ඉගේන ගන්න ඕනෙ කමකුත් නෑ. බැරි කම නෙමේ. උවමනාවක් නැති කම. පිස්සු නට නට ඉදල විභාගෙත් අනා ගනී. අපි කිවට අහන්නෙත් නෑනෙ. මට නම් එපා වෙලා ඌට කියලම.
ඉතින් ඇයි එයා එහෙම හැසිරෙන්නෙ අච්චර ටැලන්ට් එකක් තියාගෙන. සල්ලි තියෙන හින්දද?
ඌට පිස්සු ආන්ටිත් හුරතල් කරනවනෙ
ඉති අපේ අම්මත් අපිව හුරතල් කරන්නෙ? අපිත් හැසිරෙන්න එපැයි ඒ වගේ. මම නම් කෙල්ලෙක් කියමුකො. ඔයත් එහෙම වෙන්නෙපැයි එහෙනම්. මොකෝ අම්ම අපිට නීති දාල තියෙන එකක්යැ.
හැමෝම ඉතින් අපි වගේ නෑනෙ බබෝ
එතකොටම තමයි අම්මත් කාමරේට ආවෙ තේ අරගෙන
මොකද මේ ආව වෙලේ ඉදන් අද මොකද දෙන්නටම වෙල තියෙන්නෙ තාම ඇදුම් මාරු කරලත් නෑ.
හයියෝ මමී වදින්නම් දැන් නම් ඔය රෙකෝඩින් එක දාන්න එපා අනේ. හැමදාම මෙහෙම ඉන්නෝද අපි නෑනෙ නෑනෙ. මිහින් කියපු විදියට අම්මටත් හිනා.
ඒක තමයි මාත් අහන්නෙ අද මොකද කියල.
අයියලගෙ සයන්ස් ඩේ එකනෙ අම්මි මතක නැද්ද අපි අද උදේ කිව්ව. ඒ ගැන කතා කර කර හිටියෙ දන්නෙම නැතුව වෙලා ගියානෙ.
මොකක් හරි ඉතින් දැන් දෙන්නම වොශ් දාගෙන ලෑස්ති වෙන්න
කොහෙ යන්නද
අනේ අනේ දුව අහන ලස්සන. අද නේද ඩොක්ට අන්කල් එන්න කිව්වෙ චෙකප් එකට ඔයාගෙ
කෙල්ලගෙ මූනත් නරක් උනා ඒක අහල. මිහින් නලලෙ අත ගහගත්ත.
මොකද ඒක කිව්වම මූන නරක් උනේ. යන්න යන්න අයියත් එක්ක ගිහින් බෙහෙත් ටිජ අරන් එන්න.
ඇත්තමයි අම්ම මටත් අමතක උනානෙ. අපෙ හොද සුදු අම්ම. නංගි එහෙනම් ඉක්මන්ට ලෑස්ති වෙන්න. කියල අම්මගෙ කම්මුලක් සිපගත්තු මිහින් කාමරෙන් එලියට ගියා.
ආ…. මට අමතක උනානෙ කියන්න. කියපු කොල්ල ආයෙත් කාමරේට එබුන.
ඒ පාර මොකද? අම්ම ඇහුවෙ තරවටුවක් විදියට.
අදින් පස්සෙ අම්ම මගේ යාලුවො එහෙම හම්බුනොත් අම්ම ඉන්න ඕනෙ මෙයා මගේ නංගි නෙමෙයි අම්මගෙ අනාගත ලේලි විදියට
මොකක්. ඒ මොන ලැජ්ජ නැති කතාවක්ද ඒ?
හයියෝ අම්මෙ කිව්වම අහන්ඩකො අප්පා
ඒ මොකද්ද ඒ කතාවෙ තේරුම?
අම්මට වැඩි විස්තර ඕනෙ නෑ. මෙයාගෙ පස්සෙන් නැහැදිච්ච කොල්ලෙක් එනව. කරුමෙට ඌ මගෙ යාලුවෙක්. බතුත් ඕනෙ කැදත් ඕනෙ වගේ නට දෙන්නම ඕනෙනෙ. ඉතින් මෙයා මගේ කෙල්ල කියල තමයි මන් කියල තියෙන්නෙ. එතකොට ප්‍රශ්න ඇති වෙන්නෙ නෑනෙ. අම්මත් ඒ විදියට ඉන්න. එච්චරයි.
හරි වැඩක්නෙ. කවුද දැන් ඔය යාලුව?
අම්ම දන්නව. කිලාන්.
කිලාන්. ඒ අර තුශාර මහත්තයගෙ පුතා නේද? ඒ ලමය නරක ලමයෙක්ද?
අනෙ නෑ හරීඊඊඊඊ…. හොදයි
හා හා අයියයි නංගියි ඕනෙ එකක් අහක ඉන්න මාව ගාව ගන්නෙ නැතුව. යනව යනව දෙන්නම ගිහින් ලෑස්ති වෙන්න දැන්.
ඔයා නැතුව පුලුවන්ද මමී අපිට වැඩක් කරගන්න. බෑනෙ. බෑනෙ. මිහින් කිව්වෙ අම්මගෙ දිග කොන්ඩෙ අරගෙන තමන්ගෙ බෙල්ල වටේට ඔතා ගනිමින්.
ඔය මොකද ලමයො. මම දැන් යන්න නේද ඔයාට කිව්වෙ. කොල්ලගෙ ඒ හුරතල් වැඩේට අම්මට හිනා ගියත් අම්ම ආයෙත් සැරෙන් කිව්ව.
තරුණ වියට පත් උනත් දෙන්නම අම්ම ඉස්සරහ හිටියෙ පොඩි ලමයි වගේ. තාත්ත වැඩිපුරම හිටියෙ පිටරට හින්ද ඔවුන් වැඩිපුරම ලන් උනේ අම්මට.
හරි හරි අම්මයි දුවයි ඕනෙ එකක් කරගන්න. මාව එලවන්නම තමයි හදන්නෙ මෙතන. මන් යනෝ. කියල මිහින් ගියා.
මොකද දුව. අම්ම ඊගාවට ඇහුවෙ කෙල්ල ලෑස්ති වෙන එක පැත්තක තියල ආයෙ ඇදේ ඇලවෙච්ච හින්ද.
මේක මහ වදයක්නෙ අම්ම. මොකද්ද මට තියෙන අසනීපෙ. බෙහෙත් ගන්නව ගන්නව ඉවරයක් නෑ. කෙල්ල කිව්වෙ කොට්ටෙකුත් තුරුල් කරගෙන.
අම්මත් කෙල්ල ගාවින් ඉදගත්තෙ හුස්මක් හෙලල. ඩොක්ට තාම ඒ ගැන කිව්වෙ නෑනෙ පුතේ. දෙවියන්ගෙ පිහිටෙන් ඔයාට තව බෙහෙත් බොන්න ඕනෙ වෙන එකක් නෑ. කෝකටත් අදත් ගිහින් එන්න.
මට නම් බැ ආම්මෙ හැමදාම බෙහෙත් බිබී ඉන්න.
අපි බලමුකො දුව. ඩොක්ට ඉක්මනටම කියයි මොකද්ද ඔයාට තියෙන ප්‍රශ්නෙ කියල. අම්ම කිව්වෙ කෙල්ලගෙ හිස අත ගාමින්. යන්න දැන් ගිහින් ලෑස්ති වෙන්න. හයටත් කිට්ටුනෙ දැන්.
කිලාන් ගෙදර ගිහිනුත් කල්පනා කරේ දවසෙ වෙච්ච දේවල් ගැන. කොල්ල ඔය කෙල්ලෙක් ගැන ඔච්චර හිතුවම ද කොහෙද. යාලුවො ඔක්කොම ඉස්සරහ බය නැතුව මගේ අඩුපාඩුවක් කිව්ව හැටි. මුලු ඉස්කොලේම ඉස්සරහ චෝදනා කරපු හැටි. ඒ චෝදනාවෙන් වැඩි හරියක් එල්ල උනේ තමන්ට කියල කොල්ලට හිතුන. සින්දු කියන්න ඇයට තිබිච්ච දක්ශකම. ඇය කියපු සින්දුව තමන්ගෙ පරිගනකයේ තියෙනව කියල මතක් වෙලා දඩබඩ ගාල ඇදෙන් බිමට පැනපු කොල්ල පරිගනකය ඉස්සරහ වාඩි උනා. පස්සෙ ඒ සින්දුව ප්ලේ කලේ ඇස් පියාගෙන කෙල්ලවත් මතක් කරගෙන.
මේ සින්දුව ඇත්තටම කියන ගෑනිටත් වඩා හොදටෑයා ඒක කිව්ව. කොල්ලට හිතුන.
මෙහන්සා නිල්නයනි. කවුරු උනත් ගැලපෙනම නමක් තමයි දාල තියෙන්නෙ. මන් දැකපු ලස්සනම දක්ශම කෙල්ල.
හදිසියෙම කොල්ලට මිහින් මතක් උනා. ඌ නම් පුදුම වාසනාවන්තයි. කොල්ල ගිහින් කන්නාඩිය ඉස්සරහ හිටගත්ත. ඉන් පේන තමන්ගෙ රුව දිහා හොදට බලාගෙන හිටිය. තම්න්ට වඩා මිහින් ගොඩක් කඩවසම් කියල ඔහුට හිතුනෙ. ඩේ එක ඉවර වෙල මිහින් ගාව කෙල්ල හිටපු හැටි මතක් වෙල කොල්ලට දුකයි ඉරිසියාවයි පසුතැවීමයි ඔක්කොම එකතු වෙල දැනුන. එයා වගේ කෙල්ලෙක් මට හිටියනම්.
පුතා … පුතා.. අම්මගෙ කටහඩ ඇහුනෙ ඔහුගෙ කල්පනාව බිද දාල. ඔයා කොහෙද?
කොල්ල ආයෙත් දඩිබිඩි ගාල ඇදට නැගල පොරවනේ දාගත්ත ඔලුවෙ ඉදන්.
තව විනාඩි දෙකක් යනකොට අම්ම කාමරේ.
මොකද පුතා මේ අවේලාවෙ නිදි. අසනීපයක්ද? අම්ම ඇහුවෙ නලලටත් අත තියල කොල්ලගෙ.
නිදාගන්න වෙලාවක් ඕනෙද අම්ම අනේ? යන්ඩකො අප්පා. කොල්ල කිව්වෙ මවාගත්තු නිදිමත කටහඩකින්.
යන්ඩකො අනේ? අම්ම ඇහුවෙ මවාගත්තු තාහකින්. යන්න නෙමෙ පිස්සු නැතුව නැගිටල ගිහින් මල්ලි එක්ක එන්න. මට යන්න විදියක් නෑ. අද අර මාලි ආන්ටි එනව කිව්ව.
මල කරදරේ අම්මා..
මල කරදරේ වෙන්නෙ කොහොමද? කැබ් එකකට කතා කරගෙන ගිහින් එන එක. අද ඩ්‍රයිවර් අන්කලුත් නෑ. හිටියනම් ඔයාට කියන්නෙ නෑනෙ. ඕනෙ නම් කා එක අරන් යන්න.
මේ මේ මට නම් ඔය කැබ් වල යන්න බෑ. කා එකේ යන්නත් බෑ. මන් ඕනෙ නම් බස් එකේ යන්නම්.
මම කිව්වොත් කා එකේ යන්න බෑ. වෙන වෙලාවට හොරෙන් රස්තියාදුවෙ යන්න නම් කා එක ගෙනියනෝ නේහ්? අම්ම කිව්වෙ කොල්ලගෙ කනෙන් ඇදල.
ඌයි අනේ අම්ම මොනාද ඔයි කරන්නෙ ඔයාට ඔනේ මාව හාවෙක් කරන්නද කනෙන් ඇදල?
මේ කොල්ලගෙ කට තමයි කට. හරි ඔයාට ඕනේ නම් ප්ලේන් එහෙක හරි ගිහිල්ල මල්ලි එක්ක එන්න. අම්ම කාමරෙන් එලියට ගියේ එහෙම කියල.
ඒ එක්කම කොල්ලගෙ මතකෙට ආයෙත් ආවෙ කෙල්ල.
ශිහ් මටත් පිස්සු අනුන්ගෙ කෙල්ලෙක් ගැන නේද මම මේ හිතන්නෙ. තමන්ටම ටොක්කක් ඇනගෙන කොල්ල හිතුවෙ.
කිලාන් හොදට මතක තියාගනින්. එයා වෙන කෙනෙක්ගෙ කිව්වම එයා වෙන කෙනෙක්ගෙ. උබට එයා ගැන හිතන්න තහනම්. ඔන්න ආයෙ මන් කිව්වෙ නෑ කියන්න එපා. කොල්ල තමන්ටම තරවටු කරගත්ත