සිතින් විතරක්
එකොලහ… 11
මම ඇඳට වෙලා කල්පනා කලේ සියා පප්පා කියපු දේවල්. ඒ ඇත්තම නං සෙත් සර් පව්. මෙච්චර දේපල සල්ලි මිල මුදල් තිබිලත් එයා හැදිලා තියෙන්නෙ අනාතයෙක් වගේ.
අම්මගෙයි තාත්තගෙයි ආදරේ දරුවෙකුට මහ මෙරක් වගේ. වෙන මොනම දේකින් වත් ඒ ආද රේ සමාන කරන්න බෑ. ඉතිං මොන දේ තිබුනත් එයාගෙ ජීවිතේ ඇති ලොකු හිස් තැනක්.
ඒත් දෙයිනේ මම එයාටත් වඩා පව්නෙ. එයාට නං සීයා පප්පා ඉන්නවා ඕනි තරං දේපල සල්ලි තියනවා. ඒත් මට මොනාද තියෙන්නෙ මට කවුද ඉන්නෙ.
මට තේරෙන්නෙ නැත්තෙ මේ මැරේජ් එකමයි. ඇත්තටම එයා මාව මැරි කලේ සීයා පප්පගෙ දේපල අයිති කරගන්නමද..?
අම්ම තාත්තත් නෑ නං වෙන සහෝදරයොත් නෑ නං කොහොමත් සීයා පප්පගෙ දේපල එයාට අයිති වෙනවනෙ. ඉතිං ඒකට මෙහෙම කරන්නෙ මොකටද..?
අනිත් ඉතිං සීයා පප්පා ඉන්නෙ වීල් චෙයාර් එකේ. එහෙම ඉදගෙන එයා ඒ හැමදේම පාල නය කරන්න අමාරුයි. ඉතිං ඒවා කරනවා ඇත්තෙ සෙත්.
එතකොට එයා මොකට දේපල අයිති කරග න්න මේ තරම් දෙයක් කරන්නෙ. නෑ මේක නං වෙන්නම බැරි දෙයක් මෙතන තියනවා වෙන මොකක් හරි මට නොතේරෙන නොදන්න දෙයක්.
හිතට බයක් නොදැනුනාම නෙවී. මට මොනවා වෙන්න යනවද කියලා මම දන්නෙ නෑ. ඒත් සෙ ත් සර්ගෙන් මට කරදරයක් වෙන්නෙ නෑ කිය ලා මට දැනෙනවා. මට තියන එකම සැනසීම එච්චරයි.
මාත් ආසයි අනිත් හැම කෙ ල් ලෙ ක් ම වගේ නිදහසේ එහෙ මෙහෙ ඇවිඳින්න. අනිත් අය එක්ක කතා බහ කරන්න. හිනාවෙන්න.
හැඟීම් බෙදාගන්න. සීයා පප්පගෙ ආදරේ විඳින්න. ඒත් මට ඒ කිසිම දෙයක් කරන්න පුළුවන් කමක් නෑ.
ඇයි සෙත් සර් මාව ඒ හැමදෙයින්ම අයින් කර ලා මෙහෙම එක තැනකට කොටු කරලා තිය න්නෙ. සීයා පප්පා මොන තරම් පව්ද.. එයා මොන තරම් පාළුවෙන් ද ඉන්නවා ඇත්තෙ. ඇයි මට එයා එක්ක කතා කරන්න එපා කිය න්නෙ.
මට මේ කිසි දෙයක් සෙත් සර්ගෙන් අහන්න බෑ. බොරු මැරේජ් සර්ටිෆිකට් එකක් තිබුනට මම එයාගෙ වයිෆ් නෙවී. එයාගෙන් කිසිම දෙයක් අහන්න මට බෑ. කියන දෙයක් කරනවා ඇරෙන්න.
මොන තරම් හිතුවත් ඔළුව අවුල් වෙනවා ඇරෙන්න වෙන සිද්ධ වෙන දෙයක් නෑ. අප රාදෙ මට මේ මැරේජ් එකට අකමැති වෙන්න තිබුනෙ.
එහෙම උනානම් මම මොනවද කරන්නෙ. එක්කො රස්සවක් කරන්න ඕනි නැත්තං මැරි කරන්න ඕනි. අවුරුදු දහ අටෙන් පස්සෙ අපි තවත් ළමයි නෙවීනෙ. නිවාසෙ තියා ගන්නෙ නෑ එතකොට.
ඔහොම විකාර හිත හිතා ඉන්න ගමන් ද න්නෙ ම නැතුව මට හොඳටම නින්ද ගියා. හදිසියෙන්
මට ඇහරුනේ දරා ගන්න බැරි හිසේ කැක්කුම ක් එක්ක. මුළු ඇගම රිදෙනවා. ඇග ගිනි කබ ල වගේ. දෙයියනේ මට හොඳටම උන. ඒ කිය න්නෙ තුවාලෙ ඒ තරම් අමාරුද..
නෑ වෙන්න බෑ. මට තුවාලෙන් ඒ තරම් වේ දනා වක් දැනුනෙ නෑනෙ. ඇඳෙන් නැඟිට ග න්නවත් බැරි තරම් ඇඟට අමාරුයි ඇගේ අමාරුවටම කෙඳිරි ගෑවෙනවා මට.
ත..මු සෙ හිතුවෙ.. මං මොකෙක් කියලද ආ… දෙකයි පනහෙ ෆිල්ම් එකක හරි නවල් එකක හරි කැරෙක්ටර් එකක් කියලා හිතුවා ද… ?
සෙත් සර් මගෙ රූම් එකට ආවෙ එහෙම අහ ගෙන. මට හිතා ගන්න බැරිවුනා මොනා ගැනද එයා කියන්නෙ කියලා.
ඒත මට ඒ ගැන අහන්නවත් තේරුමක් තිබු නෙ නෑ. ඇගේ අමාරුවට කෙදිරි ගෑවුනා.
මොකද මොනවටද.. මේ කෙඳිරි ගාන්නෙ..
ඒ ගමන එයා මගෙ ලඟට ආවෙ එහෙම අහ ගෙන.
ඔළුව රිදෙනවා… මම කෙඳිරිලි හඬින්ම කීවා.
ඒ මොනා වෙලාද..?
කියලා අහගෙන එයා මගෙ නලලට අති ති බ් බා නලලෙ රස්නෙ දැනුන නිසා වෙන්න ඇති ඊලඟ එයා අත තිබ්බෙ මගෙ බෙල්ල දෙපැත් තට.
හොඳටම උන.. ඇඳෙන් බහින්න එපා කියලා නේද ගියෙ.. කොහෙද රස්තියාදු ගහන්න ගියෙ
එයා ඇහුවෙ තරහින්ම නෙවී.
පහලට ගියා….
මම කීවේ කටත් බෙරි කරගෙන ඒ අහපු තා ලෙට මට බොරුවක් කියන්න හිතුනෙ නෑ.
ත…මු සෙ නං මහ පිස්සු ම ඟුල ක් හලෝ.. කියන රෙ ද් ද ක් කරන්නෙ නැතුව මෙතන පණ්ඩිත වැඩ කරන්න ගිහින් විඳෝනවා දැන්..
එහෙම කියාගෙන එයා කාමරෙන් එලියට ගියා. පුදුම අසරණකමක් දැනුනා. මෙච්චරම අමාරුවෙන් අසනීපෙන් ඉද්දි මොන වැරැද්දක් තිබුනත් ඔහොම දාලා යන්න පුළුවන්ද මට හිතා ගන්න බැරි වුනා.
ඇගේ අමාරුවටත් වඩා දැනුන හිතේ අමා රුව ට ඇස්වල කඳුළු පිරුනා. ඒත් එක්කම වගේ සෙත් සර් ආයිම රූම් එකට ආවා. එයා අතේ තිබුනෙ වතුර වීඳුරුවකුයි බෙහෙත් පෙති වගේකුයි.
ආ මේක බීලා දඟලන්නෙ නැතුව එක තැනකට වෙලා ඉන්න. කකුල ටිකක් යටට කැපිලා තියෙ න්නෙ.. වීඳුරු කටු වලට කැපුනම අමාරුයි..
ඒක නිසා දවසක් දෙකක් රෙස්ට් කරන්න ඕනි නැත්තං පැසවන්න පුළුවන්..අඩුවුනේ නැත්තං ටිකකින් ඩොක්ටර් කෙනෙක් ලඟට යමු..
එයා කියවගෙන යනවා. අනේ මන්දා මට තේ රෙන්නෙ නෑ. ඇත්තටම මෙයා කවුද එක්කෙ නක්ද නැත්තං දෙන්නෙක්ද..?
මට හිතා ගන්න ත් බෑ. සීයා පප්පා කියන්නෙ ඇත්ත තමා. ඔයා හුඟක් හොඳ කෙනෙක් කියලා මට දැනෙනවා සර්. ඒත් ඇයි අර තරම් නපුරු වෙන්නෙ. මට දැන ගන්න ඕනි වුනේ ඒක.
ඒ බෙහෙත් ටික බීලා ටික වෙලාවක් යද්දි මුළු ඇඟටම තෙමෙන්න දාඩිය දැම්මා. ඇඳගෙන උන්න ඇඳුම් දාඩියෙන් තෙමිලා.
බෙඩ් ශීඩ් එකත් එකත් ශීතල වෙලා. දැන්නං උන ගතිය අඩුවෙලා. මම ඇඳෙන් නැඟිට්ටා. නැඟිටලා කාමරෙන් එලියට ආවා.
ඇවිත් බැල්කනියට වෙලා ටිකක් වට පිට බැළු වෙ දාඩිය නිවා ගන්න. නැවුම් සුලං රැල් ඇගේ දැවටෙද්දි ඇඟට දැනුනෙ පහසුවක්. මෙහෙට ආව වෙලාවෙ ඉදන් මම සර්ට කරදරමයි කර න්නෙ. එතකොට වෙන්නෙ එයාගෙ තරහා ත වත් ඇවිස්සෙන එක.
මෙහෙම බය වෙලා දුර්වල වෙලා මේ හැමදේම කරන්න බෑ කියලා මම දන්නවා. මම දැන් ඉන්නෙ ළමා නිවාසෙ නෙවී. මෙහෙදි ජීවත් වෙන්න වෙන්නෙ නිවාසෙ උන්න විඳිහට නෙවී. ඉතිං හැමදේටම අළුතින් ඉගන ගන්න වෙනවා.
ඔතන මොනවද ඒ ගමන කරන්නෙ..
ඒ හඬ ඇහුනෙ මගෙ පිටි පස්සෙන්. දෙයියනේ මෙයාට නොතේරෙන්න මට හෙල්ලෙන්නවත් බෑද.
දාඩියයි රූම් එකේ ඉන්න බෑ..
මම කෙඳිරි ගෑවා.
දැන් උන අඩුද…?
දැන් නම් අඩුයි..සර් හොඳටම දාඩිය දානවා…
අඩු උනාට කමක් නෑ.. එහෙ මෙහෙ දඟල න්නෙ නැතුව ඉන්නවා.. එත තැනකට වෙලා.. එයා කීවේ ඔරෝගෙන.
සර්… මම හෙමින් එයාට කතා කලා.
හ්ම්ම්… මොකද…?
සීයා පප්පා පව්නෙ සර් එයා කවුරුත් නැතුව ඔහොම තනියම ඉන්න කොට පව් හිතෙනවා… මම මම… එයා එක්ක කතා කලාට කමක් නෑද..? මම ඇහුවෙ බිම බලාගෙන.
මේ හ ලෝ.. ටිකක් හොඳින් කතා කලාම කරේ නඟින්න එපා… කතා කරන්න එපා කීවෙ එපා නිසා…
ත..මු සෙ ට මම සල්ලි දෙන්නෙ එක එකාගෙ පාළු මකන්න නෙවී.. මම කියන විඳිහට වැඩ කරන්න ඒක නිසා.. පණ්ඩිත වැඩ කරන්න ගිහින් මගෙන් ගුටි නොකා.. කියන දේ විතරක් කරනවා…
එක වෙලාවකට ටිකක් හොඳින් කතා කලාට මෙයා අර නපුරම තමා.
සොරි සර්… මම කීවේ සීයා පප්පා පව් නිසා… මම බිම බලාගෙනම කීවා.
එයාගෙ පව් පින් එයා බලාගනී.. ත..මු සෙ නටන්නෙ නැතුන ඉන්නවා තේරුනාද..?
එයා කීවේ බරට. මට උත්තර දෙන්න තේරෙන්නෙ නැති නිසාම මම නිහඬවුනා.
කවදා හරි දවසක එයා තේරුං ගනී සීයා පප්ප ට වෙනස් කම් කරන එක පව් කියලා. මම හිතුවා විතරයි. ඉක්මනින්ම ඔයා හොඳ කෙනෙක් වෙයි සර්. හුඟක් හොඳ කෙනෙක්. මට එහෙම හිතෙනවා.
හමුවෙමු