21 කොටස

සුදු මැණිකේ ..ඕක ඔය දරුවට දෙන්න ..ළමයෝ ………

ආච්චි අම්මාගෙන් කටහඩින් මන් මේ ලෝකේට ආව මන් ..හෙප්පුවෙන් මුණ සමතලා වෙන්න පාරක් දෙන්න හිතුනත්..බොහොම අමාරුවෙන් කේන්තිය පාලනය කරන්.මන් හෙප්පුව දික්කරා…

ඉතිං ස්වීටි කොහොමද ඔයාට …….

සන් කිව්ව විදිහටනම් ඔයා අපේ යුනි එකේ ලෙක්චරින් කරනවානේ…

කොහොමද ඉතිං ලෙක්චර් වැඩ……

ම්……හොදින් කෙරෙනවා ආන්ටි ……….

අපි විතරක් කතාබහ කලාටමදි නේද..බිසෝ මැණිකේ ……අපේ එකානම් පුදුම අමාරුවෙන් මෙතන ඉන්නේ..මොකද කියන්නේ .අපි පොඩ්ඩක් මේ දෙන්නට කතා කරන්න දෙමු නේද…..

ඔව් නේද ඇමැතිතුමා …

සුදු මැණිකේ මේ දරුවා එක්ක පොඩ්ඩක් එලියට ගිහින් කතා බහ කරානම්…….

ඉතිං කොහොමද ස්වීටි ම්…..

හීනෙකින්වත් හිතුවේ නෑනේ ..මන් මෙහෙම එයි කියලා .

මොකෝ සද්දේ නැත්තේ..මන් හිතන් හිටියේ අර පොඩි එකාගේ සද්දෙන් භාගයකටත් තමුසෙට ඇති කියලා…..

මොකක් ……..

ඇයි ස්වීටි මේ දාඩියත් දාල.ම්….මොකෝ ගෙදර අය තාම දන්නේ නැද්ද .තමුසෙගේ මහ ලොකු ප්‍රේමවන්තයා ගැන…….

මිගාර ………

හොව්…..හෝව්…..මගේ කන හෝද ඇහෙනවා…ඩාලිං එ නිසා හෙමින් කතා කරන්න…….

කතාව මෙච්චරයි .තමුසෙ කැමති උනත් අකමැති උනත් තමුසෙට මාව බදින්නම වෙනවා…..

හිතන් ඇති…මාව මැරුවත් මන් තමුසෙ වගේ ජරා මිනිහෙක් කසාද බදින්නේනම් නැ……

හහ්….හහ්………..

මොකද තමුසෙට හිනා වෙන්නෙ .මිගාර …..

මේකනේ ස්වීටි කොහොමද ගම පුරාම කැලෑපත්තරයක් වැදුනාම.

සදගලතැන්න වලව්වේ උරුමක්කාරිය

කොළඹ මැරෙයක් සමග පෙම් කෙලි……..

ම්….එක හොද නැත්නම් ….
ලාබල තරුණයෙකු හා සදගලතැන්න වලව්වේ රහසින් පෙම් සුව විදි…..

මිගාර තමුසේ…….

හොව්…..හෝව්…….

මන් තාම ඒ මොනාවත් වලවේ අයට කිව්වේ නෑ…මන් කිව්වේ තමුසේ මා එක්ක එෆෙයර් එක්ක තියනව දැන මාස දෙක තුනක විතර ඉදන්..අපි නිතර මුණ ගැහෙනවා..ම්..තව මන් ඔයාගේ බෝඩිමට එහෙමත් එනවා…….

ආ..හොදම මන් කිව්වා…තමුසෙ මා එක්ක දවස් දෙක තුනක් එකට හිටියා කියලා විතරයි .එතකොට ඉතිං එයාලට ඉතුරු ටික හිතාගන්න පුලුවන් නෙව්…..

චාටාස් ………..

මන් තමුසෙට මේ තරම් පහත් ජරා මනුස්සයෙක් කියලානම් හිතුවේ නෑ..මිගාර

උබට ………..

උබ කොහොමද # මට අත ඉස්සුවේ.ආ.
මෙක උබේ වලව්ව කියලා ලොකු කමද..එහම නැත්තනම් අරුගේ රස්නෙද…

මිගාර මගේ ගෙල පාමුලින් හිර කරගෙන මාව ලඟම තිබ්බ ගහකට හිරකර ගත්තේ..එ නිදහස් එක අතක..මගේ ඉන සිරකරගනිමින් ….

මේ බලපන්.හොදට ඇස් ඇරලා .බලපන් උබට පෙනවා නේද මගේ මුණේ තියන මේ පැල්ලම…

මිගාරගේ මුණේ එක පැත්තක බලන්නවත් හිතන්න බැරි තරම් විකෘති විදිහට පිච්චුලා තිබුන එ කැලල මත මගේ දෑස් රැදුනත් මන් ආයි දෑස් පියා ගත්තේ මට එක බලන්න් ඒ තරම් අමාරු නිසා..

උබට බලන්නත් අප්පිරියයි නේද..මේ කැලල දකින වාරයක් වාරයක් ගානේ .මට හිතන්නේ උබව මරන්න…….

මොක්කද යකෝ ඔහොම බලන්නේ…උබේ මහ ලොකු ප්‍රේමවන්තයා තමයි යකෝ මට මෙහෙම කලේ……

එ විතරක්ද ඒ පා# නිසා මට මාසයකට වඩා හොස්පිටල් ඉන්න උනා…ඉතිං තමුසෙ හිතනවද මට එච්චර දෙයක් කරපු එකාට මන් නිකන් ඉන්න දෙයි කියලා..
ඌට රිද්දන්න පුලුවන් හොද ක්‍රමේ තමුසෙ.තමුසෙට අත තිබ්බා කියන්නේ.ඌව ලේසියෙන් අවුස්ස ගන්න්න් පුලුවන් .එතකොට මට ලේසියෙන් ඌව ඉවරයක් කරන්න පුලුවන් හහ්..

නැ..නැ..එහෙම වෙන්න බෑ……..එයා එහෙම කරන්නේ නෑ ……… කීයටවත්

හහ්….හහ්……….

මන් හිතන්නේ තමුසෙ තාම ඌ ගැන හරියට දන්නේ නෑ වගේ නේද…තමුන් හිතන තරම් හොද එකෙක් නම් නෙවෙයි ඌ…….

කමක් නෑ කමක් නෑ….ඌ කොහොම කෙනෙක් උනාම මොකද නේද.තමුන් කසාද බදින්න වෙන්නේ..මාවනේ……

හරි එහෙනම් මෙච්චරයි තව හරියට මාසෙකින් මාව කසාද බදින්න ලෑස්ති වෙන්නකෝ…..
එහෙනම් ස්වීටි මන් ගියා…..බායි ….

දෙවියයෙනේ මාසෙකින්………..

මැණික ……..
ඇයි මේ දරුවෝ .


කෝ..ඉස්සේලාම ඔය කදුලු පිහිදා ගන්න.
ම්…හරි දැන් හොද ළමයා වගේ මට කියන්න මොක්කද උනේ කියලා…..

කොහොමද දෙවියයෙනේ මන් කටක් ඇරලා රාගව්ට කියන්නේ ..මාව අර මිගාර කියන මනුස්සයාට කසාද බදින්න තීන්දු කරලා කියලා….

මැණික …..ඔය ඉතිං ඒ පාර කල්පනා කරනවා..මොක්කද කියලා මට කියන්න මැණික ඔහොම විදවන්නේ නැතුව ….

මේ….මේ..මේකයි රාගව් ……

විනාඩියක් දෙන්න මැණික …..

රාගව්ට කෝල් එකක් ආවේ.මන් කතාව කියන්න හදනකොටමයි ….

හෙලෝ………..

උබ…………..

මොක්කද යකෝ # කියන්නේ …..

හරි උබට පුලුවන් නම් අත තියලා පෙන්නහන්……..

හහ්…….
මට හිතෙන්නේ උබට මගෙන් මැරුම් කන්න ඕනි වෙලා වගේ…….

හරි බලා ගමු එහෙනම් ..මේක හොදට මතක තියාගනින් .මේ දැන් ඉදන් උබේ වෙලාව පටන් ගන්නවා……..

තියපන් ෆොන් එක්##……

රා…රාගව් කව්ද කතා කරෙ…….

ශ්……කට වහගනින්……….
වචනයක්වත් කියන්න එපා…

මට වචනයක්වත් කතා කරන්න නොදී රාගව් මාව කාර් එක ගාවට ඇද ගෙන ගිහින් මාව සිට් එකට තල්ලු කරලා දලා එයා එහා පැත්‍තෙන් නැගලා වාහනේ ස්ටාර් කරන් ස්පීඩ් ඩ්‍රයිව් කරේ මන් බයටම ඇස් පියාගනිද්දී……….

මතුසම්බන්ධයි