ආදරණීයම ඔය….11

දිවා ආහාරයට සෝන්‍ය නිවසට එනවා යැයි කි යූ නිසා මුතු අම්මා සමඟ එක්වී මම දිවා ආහා රය සැකසුවෙමි.

දන්නා සියළු සිල්ප දමා මා එය සැකසුවේ හි තේ අමුතුම හැඟීමක් දඟකරද්දීය. කෙසේ කො හොම උවද දැන් සෝන්‍ය මගේ සැමියාය. එහෙයින් ඔහුගේ සියලුම කටයුතු මා අතින් ම ඉටුවිය යුතුයැයි මම විශ්වාස කලෙමි.

මේ සියලුම දේ මා කරන්නට සැරසුනේ ධනුක වෙනුවෙනි. දෛවය මහා පුදුමාකාරය.සෝන්‍ය ගේ රිය පෝටිකෝව මත නතර වූයේ මා ආහාර සකසා අවසන් වූ වහාම වාගේය.

මා සාලයට දිව ගියෙමි. සෝන්‍ය රියෙන් බැස්සේ මදෙස බලා හිනැහෙමින්මය.

කොහෙද අනේ උදේටවත් කන්නෙ නැතුව ගි යෙ

හදිසි වැඩක් තාදී පහුගිය ටිකේම ඔෆීස් ගියෙ නෑනේ…

ඉතිං ඔහොම බඩගින්නෙ වැඩ කරලා ලෙඩ වෙයි ඔයාව…

ගානක් නෑ..පුරුදු වෙලා දැන්…

අදට විතරයි අය ඔහොම බඩගින්නෙ කොහෙ වත් යන්න දෙන්නෙ නෑ මම..

හොඳටම ටයර්ඩ් බබෝ… මම වොෂ් එකක් අරගෙන එන්නම්…. ඔහු කාමරයට යන්නට සැරසුනේ අත වූ පාර්සලය මගේ අතට දෙමිනි.

මොනාද මේ… මට එකවරම ඇසිනි.

ඔයාට ගෙනාවෙ…ඇරලම බලන්න…

එසේ කියමින් ඔහු එතැනින් පිටවිය. මම සාල යේ සිටම එය දිගහැර බැලුවෙමි.

එහිවූයේ පැනි බූන්දි උරයකි. මා තිගැස්සුනු සි තින් හිස ඔසවා බැලූවද සෝන්‍ය අසලක නො වීය.

ඔහු එය දැන ගත්තේ කෙසේද.. මා පැනි බූන්දි වලට බෙහෙවින් ආශා කලෙමි. අප්පච්චි මියෙ න තුරුම හැමදාම හවසට මා වෙනුවෙන් පැනි බූන්දි ගෙන ආවේය.

ඒ ගම කෙ ල් ල ට දියවැඩියාව හදලා තමා මේ මනුස්සයා නතර වෙන්නෙ.. අම්මා ඔහුට බැන වැදුනත් අප්පච්චි එය නතර කලේ නැත.

පැනි රසට එතරම් කැමැත්තක් නොදැක්වූ මල් ලි සෑම දිනකම අප්පච්චි ට නෝකාඩු කීවේය.

අප්පච්චි ට කවදාහරි දවසක ලොක්කිව බන්ඳ ලා දෙන්න වෙන්නෙ බූන්දි මුදලාලියෙකුට තමා

සමහර දිනක කුණු කුණුව වැඩිවී මල්ලී මට එසේ බැන වැදුනේය.

මගෙ කෙ ල් ල මං බූන්දි මුදලාලියෙකුට දෙන් නෙ නෑ දෙන්නෙ මං වගේම ආදරෙන් බලාග න් න පුළුවන් එකෙකුට…

එවන් විටක අප්පච්චි කියන්නෙ මා තුරුළු ක රගෙනය. අප්පච්චි සිහිවී දෑසට කදුළු පිරුනේ නොකියායමය.

මට පුදුම සෝන්‍ය ඒවා කෙසේ දැන ගත්තෙ ද යන්නය. ධනුක නම් මගේ මේ බූන්දි පෙරේත කමට මදක්වත් කැමති වූයේ නැත. එහෙයින් ම ඔහු කිසිම දිනක මට ඒවා රැගෙන දුන්නේ නැත.

ඕවගෙ තියෙන්නෙ ඩයියි සීනියි තෙලුයි ලෙඩ වෙන්නද ඕනි ත මු සෙ ට මගේ කුණු කුණුව ඉවසා සිටිය නොහැකි තැන ඔහු මට බැන වැදු නේය.

තාදි ඇයි දරුවො මේ…

සෝන්‍ය පැමිණි යේ මා දෑස් පිසිද්දීය.

සෝන්‍ය ඔයා කොහොමද….

මම යමක් අසන්නට සැරසුනෙමි.

දැන් ඒකටද ඇඬුවෙ….

ඔහු ඇසුවේ හිනැහෙමිනි.

අප්පච්චි මතක් වුනා…..

මම කීවේ කෙඳිරිලි හඬකිනි.

දැන් අප්පච්චිට අයියට මල්ලිට මම ඉන්නව නෙ හැමදේම හිතේ තියාගෙන ඉන්නෙ නැතුව මට කියන්න…ඔහු කීවේ ආදරණීය හඬකිනි.

යමු කාලා ඉන්නෙ උදේ ඉදන් බඩගින්නෙ ඔයා..

හදිසියෙන් දෙයක් සිහිවූවාක් මෙන් මම කීවෙ මි.

මුතු අම්මා ඇයි හැමදාම මෙහෙම උයන්න බැරි

මුහුණ ට බැරෑරුම් පෙනුමක් නඟාගෙන සෝන්‍ ය ඇසුවේ ය.

ඇයි සුදු මහත්තයා…

වෙනදට වඩා කෑම රසයි ඒකයි..

ඔහු කීවේ කට කොනකින් හිනැහෙමිනි. හිතට දැනුනේ අමුතුම ආඩම්රයකි.

මම නෙවී සුදු මහත්තයා චූටි නෝනා තමා කෑම හැදුවෙ…

මුතු අම්මා කීවාය. සෝන්‍ය මදෙස හෙළුවෙ වි මතිය පිරුනු බැල්මකි. මට එවැන්නක් කල හැ කියැයි ඔහු සිතන්න ට නැත.

ඇත්තටම කෑම රසයි….

ඔහු මදෙස බලා කීවෙ ය.

කාලා ඉන්නකො ඉතිං …

සෝන්‍ය ආශාවෙන් කෑම ගනු මා බලා සිටියේ සතුටිනි. ජීවිතය කෙසේ හෝ ඔහුමත ගොඩ නඟාගත යුතුය.

සෝන්‍යගේ දුරකථනය නාදවූයේ ඔහු කෑම ගන් නා අතර තුරය. ඔහු එහි මුහුනත බලා නිහඬ වම කෑම ගන්නට විය. එහෙත් ඇමතුම නතර වූයේ නැත.

එය නැවත නැවත නාඳවූයේ ඔහුගේ කෑමට බාදාකරමිනි.

ඕක ආන්ස්වර් කරන්න සෝන්‍ය හදිසියක් ද දන් නෙ නෑනෙ මම කීවිට සෝන්‍ය හිදගෙන උන් තැනින් නැගිට එතැනින් පිටවිය. හිතට දැනු නේ තිගැස්මකි.

සෝන්‍ය ආපසු පැමිණියේ කලබලයෙනි.ඔහු කෑම අවසන් කරමින් වහා අත සෝදන්නට විය.

ඇයි සෝන්‍ය….

හදිසි ගමනක් යන්න වෙලා තාදි..ඔහු කීවේ කලබලයෙනි.

ඉතිං කාලා යන්නකො උදේ ඉදන් බඩගින්නෙ…

මට ලේට් වෙනවා…තාදි ඇවිත් කන්නම්…

කොහෙද යන්නෙ කියන්නකො ඉතිං….

තාදී…හැමදේම ඔයා දැන ගන්න ඕනි නෑ…

රළු හඬකින් එසේ කියාගෙනම ඔහු නිවසින් පිටවිය.

හමුවෙමු.