උබේ විතරක් වැරද්ද වෙන්නෙ කොහොමද අපි ඔක්කොම එකතු වෙලානෙ ඒක කරේ. බිතුම් කිව්වෙ සෙනාල්ට.
ඊටත් ඒ අයිඩියා එක මගේ. කිලාන් කිව්වෙ ඒ වගේ අදහසක් තමන්ට ආපු එක ගැන දහස් වෙනි වරටත් පසුතැවිලි වෙමින්.
ඔව් ඒක ඇත්ත ඒ උනත් මට තිබුනෙ ඒක නවත්තන එක මිසක් උල්පන්දම් දෙන එක නෙමේනෙ.
මිහින්ට හරි සතුටක් දැනුන. මින් පස්සෙ නම් කෙල්ලෙක්ට විහිලු කරන්න ඉස්සෙල්ල දෙපාරක් හිතයි කට්ටිය.
හරි අපි ඒක අමතක කරමු. මිහින් කිව්වෙ සැහැල්ලුවෙන් හිනා වෙලා. ඒ හිනාව හින්දම සෙට් එක අහන්න හිටපු දේ අහන්නත් දිරි ලැබුන.
මේ ඒක නෙමේ මිහින් අපි මේ අහන්නමයි හිටියෙ. මොකද්ද අර කෙල්ලත් එක්ක උබේ තියෙන සම්බන්දෙ. මම දැක්ක උබ එක්ක විතරක් ඒකි කතා කරනව. සෙනාල් කිව්ව.
ඇයි යකෝ මගේ කෙල්ල මාත් එක්ක කතා කරන්න උබලගෙන් අවසර ගන්න ඕනෙද? තරහෙන් වගේ ඇහුවත් මිහින්ගෙ ඇස් තිබුනෙ කිලාන් ගාව. ඒ නිසාම කිලාන්ට ඇති වෙච්ච තිගැස්ම මිහින්ගෙන් හංගගන්න කිලාන්ට බැරි උනා.
කිලාන් වගෙම මිහිනුයි මෙහන්සයිත් මේ නගරෙට ආවෙ ලගදි. දෙන්නගෙ තාත්ත විදෙස්ගත වෙනවත් එක්ක ඔවුන් නගරෙට එන්නෙ ලග පාත තාත්තගෙ වගේම අම්මගෙ පවුලෙ අය හිටපු නිසා. ඒ නිසාම ඔවුන් ගැන ගොඩක් විස්තර යාලුවො දනගෙන හිටියෙ නෑ.
එයාට කොල්ලෙකුත් ඉන්නව එහෙනම්. කිලාන් හිතුවෙ මූනත් අදුරු කරගෙන.
මේකා එහෙනම් නංගි ගැන හිතනව. මිහින්ටත් හිතුන.
අඩේ උබ එහෙනම් මේ එකට කාල බීල ඉන්න අපිටත් කොලේ වැහුව ඈහ්. බිතුම් කියද්දි මිහින්ට හිනා ගියා.
ඇයි බං කෙල්ලෙක් ඉන්නව කියල බෝඩ් එකක් ගහගෙන ඉන්න ඕනෙද?
ඒක තමා අයිටම් එක ප්ලෑන් කරපු වෙලේ ඉදන් උබ අපිට බැන බැන හිටියෙ නේද? උබෞන්ට කලින්ම කිව්වද දන්නෙත් නෑ අපි මෙහෙම වැඩක් කරන්න යනව කියල.
හිතල කතා කරපන් සෙනාල්. උබල ඕක ප්ලෑන් කරේ ඩේ එකපටන් ගන්න ඔන්න මෙන්න තියල. අනිත් එක පටන් ගත්තු වෙලෙ ඉදන් මන් හිටියෙ ලැප් එක ලග. මට මෙහන්සට කතා කරන්න හම්බුනෙත් ඩේ එක ඉවර උනාට පස්සෙ. මිහින් කියාගෙන ගියෙ තරහෙන්.
හරි හරි බං ඉතින් ඕකට ඔච්චර තරහ ගන්න ඕනෙ නෑ. අපි දන්නව උබට ඕව අල්ලන්නෙ නෑ කියල. අදීශ කිව්ව. සමහරවිට එහෙම වෙලා තියෙන්නෙ අර කෙල්ල හින්ද වෙන්නැති.
ඒක නම් ඇත්ත. අම්මයි නන්ගියි නිසාම යුවතියක් කියන්නෙ ගරු කලයුතු අයෙක් බව ඔහු දැනගෙන හිටිය. ඒ නිසාම කෙල්ලෙක්ට අනවශ්‍ය විහිලු කරල සතුටු වෙන්න මිහින්ට උවමනාවක් තිබුනෙ නෑ.
මොනා උනත් උබ නම් වාසනාවන්තයි. ඒකි දාහකින් හොයාගන්න බැරි කෙල්ලක්. සෙනාල් කිව්ව.
ඇත්ත ය. මිහින්ද එය දනී. කොල්ලන් ඇය වර්නනා කරනකොට මිහින්ට සතුටු හිතුන. මෙහන්සා වගේ නංගි කෙනෙක් තමන්ට ඉන්න එක ගැන මිහින් ගොඩක් ආඩම්බර උනා. නිවුන් ලමුන් වූ නිසාම දෙදෙනා අතර තිබුනෙ ලොකු බැදීමක්. ඔවුන් දෙන්න එකිනෙකාට ගොඩක් ගරු කලා වගේම ආදරේ කලා. ජීවිතේ තියෙනකම්ම වෙනත් කෙල්ලෙක් ගැන හිතන්නෙ නැතුව සොයුරිය බලාගෙන ඉන්නට වේ නම් ඔහු එයද කරනු ඇත. මෙහන්සා උනත් එහෙමයි.
කිලාන්ට නම් මේ කතා අහන් ඉන්නෙක එපා උනා. දවස තිස්සෙම උනේ හීනෙන් වත් හිතපු දේවල් නෙමෙයි. හා හා පුරා කියල හිතට ආපු කෙල්ල මේ වෙනකොටත් වෙන කෙනෙක්ගෙ කියල හිතෙනකොට කිලාන්ට දැනුනෙ කියාගන්න බැරි හැගීමක්. ලොකු අසරනකමක්.
මචං මං ගෙදර යනව. කිලාන් කිව්වෙ හදිසියෙ නැගිටිමින්.
කොල්ලො ටිකත් මුකුත් කියන්න ගියෙ නෑ හැටි දන්න හින්ද. වෙන දවසක නම් මේ වගේ දෙයක් ඉවර උනාම සතුටටත් එක්ක කොහෙ හරි ගිහිල්ල කිලාන්ගෙ සල්ලි වලින් හොදට කාල බීල තමයි කට්ටිය ගෙදර යන්නෙ. අද එහෙම යන්ද අහන්න වත් කාටවත් හිතුනෙ නෑ. කිලාන් යන්න ගියා.
මිහින් මං ගැන වැරදියට හිතන්නෙපා. මෙහන්සා වගේ කෙල්ලෙක් හිටිය නම් කිලාන් හදාගන්න පුලුවන් කියල මට හිතෙනව. සෙනාල් කියද්දි කොල්ලො ටිකත් ඒක අනුමත කලා. මිහින් මුකුත් කිව්වෙ නෑ හිනා උනා විතරයි. ඒත් සෙනාල් කිව්වෙ ඇත්ත කියල ඔහුටත් හිතුන.
මිහින්. මෙහන්සා කවුද බන් උබලට එක වගේ නම් දැම්මේ. බිතුම් ඇහුව. ඒකත් නියමයි.
අනුංගෙ පැටිකිරිය හොයන්නෙ නැතුව මේ ටික අස් කරල දාල අපිත් ගෙදර යමල්ල. අදීශ කිව්ව හින්ද මිහින් ඒ ප්‍රශ්නෙන් ගැලවුනා. කිලාන් නැතුව මටත් කම්මැලි මෙතන ඉන්න.
ඊට පස්සෙ ඔක්කොම අස්පස් කරල ඉවරවෙලා කට්ටිය ගෙවල් වල ගියා.
***-
මිහින් ගෙදරට ගියෙ හදිස්සියෙන්.
නංගී නංගී……….. කොල්ල ගෙදරට ගියෙ එහෙම කෑ ගහගෙන
මොකද ලමයො බෙරිහන් දෙන්නෙ ආව හැටියෙ? අම්ම ඇහුවෙ සාලෙට එන ගමන්
කෝ අම්මෙ නංගි?
ඇති කාමරේ. ඔයා ඔහොම කෑ ගහනව මිනිස්සුන්ට ඇහුනොත් හිතයි නංගිව හොරු ගෙනිහින් කියල.
මං ඉන්නකම් කොහොමද අම්මෙ නංගිව හොරු ගෙනියන්නෙ. හොද අම්ම වගේ ගිහිල්ල මට බොන්න දෙයක් ගෙනත් දෙන්නකො හරි තිබහයි. මිහින් කිව්වෙ බෑග් එක ගලවල අම්ම අතට දෙන ගමන්.
වෙන ගෙවල් වල ලමයි ගෙදාට එන්නෙ අම්මව හොයාගෙන. ඒකට මේ ගෙදර. අයියව නැත්තම් නංගිව හොයාගත්තු ගමන්. අම්ම තාත්ත ඉන්නවද නැද්ද නෑ. අම්ම කිව්වෙ නෝක්කාඩුවෙන් උනත් ඇය හිත යටින් සතුටු උනා දෙන්නගෙ බැඩීම ගැන.
හයියෝ හරි මමී. මන් අනිත් දවසෙ ඔයාවත් හොයන් එන්නම්කො. දැන් ගිහිල්ල මට රසම රස ඉගුරු දාපු ප්ලේන්ටි එකක් හදල ගෙනත් දෙන්නකො අප්පා. මිහින් කිව්වෙ දගකාර ලෙස මවගෙ කොපුලක් සිප ගනිමින්.
අම්ම හිනා වෙවී කුස්සිය පැත්තට ගියාට පස්සෙ මිහින් ගියේ කෙල්ලගෙ කාමරේ පැත්තට.
කෙල්ල යුනිෆෝම් එක පිටින්ම ඇදට වෙලා ටෙඩි බෙයාර් කෙනෙක් වත් බදාගෙන නිදි.
මොකද හලෝ මේ සුදු ඇදුම් පිටින් තාම. බලනව තමුසෙගෙ මූනෙ හැටි ලක්ශෙට අරන් නිකම් දීල වගේ.
මං කලේ වැරද්දක්ද කියල මට හිතෙනව අයිය.
නැහැ බබෝ ඔයාගෙ කිසිම වැරැද්දක් නැහැ. ඒගොල්ල කරන්න හැදුවෙ වැරැද්දක්. ඊටත් කිලාන් කාගෙන් හරි පාඩමක් ඉගෙන ගන්න ඕනෙ.
ඒ උනත් මම කවුද එයාට එච්චර දෙයක් කියන්න.
අහන්නකො කෙල්ල. කිලාන් කරේ වැරැද්දක්. අනිත් එවුනුත් ඒකට අනුබල දුන්න. ඔයා කියපු ටික කියන්න උවමනාව තිබුනු කෙල්ලො කොච්චර හිටියත් කවුරුත් එච්චර එඩිතර උනේ නෑ. අපි කියන ඒව ඌ අහන්නෙත් නෑ. ඒ හින්ද ඔහොම තදින් ඌට කතා කරපු එකම කෙල්ල ඔයා. මට හරිම ආඩම්බරයි. කෙල්ලවත් තුරුල් කරගෙන මිහින් කියනකොට කෙල්ලගෙ හිතේ තියෙන වරදකාරි හැගීම නැති වෙල ගියා.
ඒ උනාට මට බයයි වගේ. එයා හරිම නරක කොල්ලෙක් කියල යාලුවො කියනව. මම කියපු දේවල් වලට රිටන් එකට… කෙල්ල කියාගෙන යනකොට මිහින් ඇයව නැවැත්තුව.
කිලාන් එහෙම නරක කොල්ලෙක් නෙමෙයි නංගි. ඌ විහින් නරක් වෙනව. ආන්ටි හුරතල් කරනවනෙ. මට විශ්වාසයි ඌ ඔයාට ආයෙ කරදර කරන්න එන්නෙ නෑ.
ඔයා කොහොමද එහෙම කියන්නෙ?
මම කිව්ව කට්ටියට ඔයා මගෙ කෙල්ල කියල
හෑහ්… ඒ මොකද?
හේතුවක් තියෙනව. මට හිතුන කිලාන් ඔයා ගැන හිතනව කියල. මගෙ යාලුව වෙච්ච එක හරි ඒ උනත් කිලාන්ව විශ්වාස කරන්න බැහැ නංගි. ඌ ඉන්නෙ වෙනම ලෝකෙක. එයාගෙ ලෝකෙ එයාගෙ අම්මල තාත්තල වත් නැහැ. මට තේරෙන්නෙ නැහැ ඇයි ඌ ඔහොම වෙලා තියෙන්නෙ කියල.
තව හේතුවක් තියෙනව. ඒක මට ඔයාගෙ අහිංසක මූන දිහා බලාගෙන කියන්න බැහැ නංගි. මිහින් හිතුව විතරයි.
මට ඕනෙ නෑ එයත් එක්ක කතා කරන්න
ඔයා දන්නවද කිලාන් කියන්නෙ කවුද කියල නංගි
ඔව් මං දන්නව තුශාර සේනානායකගෙපුතාලු නේද. ක්‍රිකටර් කෙනෙක්ගෙ බැරි නම් ජනාදිපතිතුමාගෙ පුතා උනත් වැඩක් තියෙනවයැ.
ඔව් ඒකත් ඇත්ත. ඕනෙ තරම් සල්ලි තියෙනව. ඒ ආන්ටි උනත් හරිම හොදයි. කිලාන්ගෙ තාත්තව නම් මම ගෙදරදි දැකලම නෑ. අන්කල්ගෙ ක්‍රිකට් ජීවිතේ හින්ද කිලාන්ව මග ඇරිලද කියල මට නිකමට හිතෙනව.
අපිට වැඩක් නෑ අයියෙ ඕව