සිතින් විතරක්

දහය…. 10

මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරුව මම ටික වෙලාවක එහෙමම හිටියා. කාමරේ පුරා මගෙ ඇස් එහෙ මෙහෙ ගියෙ නිකමට වගේ. දෙයියනේ මේක පිස්සන් කොටවට වඩා ටිකක් හොඳයි.

මේ මනුස්සයට පිස්සු හැදෙන්න මේ කාමරේම මදිද මෙයා මේ තරම් අපිලිවෙල ද කියලා හිතා ගන්නත් බෑ.

මට නං කිසිම දෙයක් හිතා ගන්න බෑ. මටත් පිස්සු වැහෙයිද දන්නෙ නෑ. තවත් එතන ඉදලා වැඩක් නැති නිසා මම කාමරෙන් එලියට ආවෙ මග රූම් එකට යන්න. ඒ එද්දිත් සෙත් සර් බැල්කනි එකට වෙලා කොහෙදෝ බලාගෙන ලොකු කල්පනාව.

මට තේරෙන්නෙ නෑ අප්පා හිතන්න ගියාම ඔළුව විකාර වෙන හින්දා මම තවත් ඒ ගැන හිතන්න ගියෙ නෑ. මම එහෙම්ම මගෙ රූම් එකට ගියා.

දැන්නං ඇත්තටම කකුල කකියනවා. ඒක නි සාම මම ඇදේ වැතිරුනා. ජීවිතේ මොන වගේද කියලා තවත් හිතන්න ගියෙ නෑ. කකුලෙ අමා රුවට ද මන්දා මගෙ ඇස් පියවුනා.

කවුදෝ මගෙ නලල අත තියනවා හීනෙන් වගේ දැනුනා. මම ඇස් ඇරලා බලන්න ඕනි උනත්. ඇහි තටු ඇලිලා වගේ දැනන නිසා මම හිතුවෙ ඒක හීනයක් කියලා.

මොන තරම් වෙලාවක් මම නිදා ගත්තද මන් දා. ආපහු ඇහැරෙනකොට නං ඇඟට ටිකක් සනීප ගතියක් දැනුනා

. පිපාසයක් දැනුන නිසා මම නැඟිට්ටෙ කිචන් එකට යන්න. එතකොටයි දැක්කෙ මගෙ බෙඩ් එක ලඟ තිබුන ස්ටූල් එක උඩ කෑම ප්ලේට් එකක් තියනවා.

ඒ කියන්නෙ මේක මෙතෙනින් තිබ්බෙ සෙත් සර්ද.. අනේ මන්දා මෙයා නං. එතකොට අර හීනේන වගේ මගෙ නලලට අත තිබ්බෙ එයාද.. මට තේරෙන්නෙ නෑ.

මම ඒ කෑම ප්ලේට් එක අතට ගත්තෙ ඒකත් අරගෙන කිචන් එකට යන්න. මොකක්ද මේ වෙලාවෙ නං බඩගින්නටත් වැඩිය පිපාසයක්.

මම එලියට යනවා.. හිතනවට වඩා තුවාලෙ අමාරුයි.. එහෙ මෙහෙ ඇවිඳින්නෙ නැතුව එක තැනකට වෙලා ඉන්න.. නැත්තං තවත් අමාරු වෙයි.. බඩගින්නෙ ඉන්නෙ නැතුව.. ඕක කන්න… මම ආපහු එනකං කොහෙවත් යන්න එපා. ගිහින් මට අහුවෙන්න එපා…

ප්ලේට් එක යට තිබුන කොල කෑල්ලක එහෙම ලියලා තිබුනා. මං ගැන මෙච්චර හිතද්දි ඇයි මට මේ තරම් නපුරු වෙන්නෙ කියලා මට හිතා ගන්නවත් බෑ.

මට තව මොන තරම් කාලයක් යයිද මෙයාව තේරුං ගන්න. මොන තරම් හිතුවත් මට හිතා ගන්න බෑ. ඇත්තටම ඔයා කවුද..?

මම කැම ප්ල්ලේට් එකත් අරන් කිචන් එකට ගිහින් කිරි එකකුත් හදාගෙන ඒත් එක්ක සැන්විච් කෑවා.

දැන්නම් ඇඟට ටිකක් හොඳයි. එහෙ මෙහෙ යන්න එපා කීවාට මේක අස්සට වෙලා කරන්න දේ කුත් නෑ කකතා කරන්න කෙනෙකුත් නෑ. මෙහෙම කම්මැලි කමෙන් ඉන්න බෑ.

සෙත් සර්ගෙ රූම් එක ලොක් කරලා තිබුනෙ නැති නිසා. මම ඒකට ගියෙ කියවන්න පුළුවන් පොතක් පත්තරයක්වත් තියනව බලන්න.

පොත් පත්තර හොයන්නෙ කොහෙමද ඒ පිස් සන් කොටුවෙ. ඇඳපු ඇඳුම් කාමරේ පුරාම විසි කරලා.ෆයිල් වගයක් පොත් වගයක් හැම තැන ම. අනේ මන්දා මෙයා.

මම කාමරේ පුරාම විසිකරලා දාලා තිබුන ඇඳු ම් ටික එකතු කරලා කිලිටි කූඩෙට දැම්මා. පො ත් ටිකයි ෆයිල් ටිකයි එකතු කරලා පිලිවෙ ලකට රැක් එකෙන් තිබ්බා. දැන්නම් ඒක ටික ක් පිලිවෙලයි. ඊට පස්සෙ රෙදි ටික වොෂින් මැෂින් එකට දැම්මා.

කෝපය ඔභ විසින් පාලනය කර ගැනීම විශි ෂ්ට වන අතර, කෝපය විසින් ඔබව පාලනය කිරීමට ඉඩ දිම දුර්වල කමකි.

වීරයන් බිහිවන්නෙ පිරුණු මස්පිඩු වලින් නොව,ආදර දයාව පිරුණු හදවතකිනි.

එයාට විතරය නෝට් ලියන්න පුළුවන් මටත් ලියන්න පුළුවන්. මම මේසේ උඩ තිබුන ඒ ෆෝ එකක ලීවා. ලියලා කාමරෙන් එලියට ආවා. හිතට නොතේරෙන මොකක්දෝ හැඟීමක් දැනුනා.

මට තේරෙනවා සෙත් සර් නපුරු කෙනෙක් නෙවී. ඒත් මොකක්දෝ තේරෙන්නෙ නැති හේතුවක් නිසා එයා මට හැම වෙලාවෙම නපුරු වෙනවා. මම කොහොමද ඒක හොයා ගන්නෙ.

කොච්චර එපා කීවත් පහලට යන්ටන නැතුව ඉන්න මට බෑ. සීයා අප්පච්චි මොන තරම් පව් ද.. එයා තනිවෙලා හුදකලා වෙලා ඔහොම එක තැනක ඉන්නකො මොන තරම් දුකක් දැනෙන වද.. මේ ටික වෙලාවට මෙහෙම තනියම ඉදලා මටත් එපා වෙනනවා නං.. හැමදාම එහෙම ඉන්න එයාට කොච්චර අමාරු ඇති ද..?

එහෙම හිත හිත මම පහලට බැස්සා. සාලෙ නං කවුරුත් හිටියෙ නෑ. මම මේ ගෙදර කො හෙ වත් දන්නෙ නෑ.

ඉන්න කිසිම කෙනෙක් අඳුනන්නෙ නෑ. මෙහෙ ම මොනවත් නොදැන අවුරුද්දක් ඉන්න බෑනි. මම සාලෙ ඒ මේ අත කැරකුනේ කවුරු හරි පේන තැනක ඉන්නවද බලන්න.

නෑ කිසිම කෙනෙක් නෑ. සීයා පප්පගෙ රූම් එක කොහෙද දන්නෙ නෑ. එයා ගෙදර ඉන්නවද කොහෙ හරි ගිහින්ද දන්නෙ නෑ. ඊයෙ සියා පප්පා සාලෙට ආව රූම් එක මතක තිබුන නිසා මම ඒ පැත්තට ගියා. රූම් එකේ දොර ඇලා තිබුනා.

සීයා පප්පා.. මම ඇතුලට එන්නද…? මම එයාට කතා කලා.

ආ ඒන්ජල් එන්න දරුවො එන්න…
එයා කාමරේ ඇතුලෙ ඉදන් මට කතා කලා. ඇයි දන්නෙ නෑ එයා මට ඒන්ජල් කියන්නෙ.

ඔයා මොනවද සීයා පප්පා කරන්නෙ…
එහෙම අහගෙන මම කාමරේ ඇතුලට ගියා.

මොනා කරන්නද දරුවො.. මම මේ කම්මැලි කමේ හිටියා ඉතිං… එයා එහෙම කීවෙ හරිම දුක්බර හඬකින්.

මොනවද පුතේ ඔය කකුලට වුනේ කොහො
මද තුවාල වුනේ..
එකපාර එයා ඇහුවෙ මගෙ කකුල වෙලලා තියනවා දැකලා.

ඒක එච්චර දෙයක් නෙවී සීයා පප්පා.. වීඳුරු කටුවකට කැපුනා..
මම කීවේ වැඩිය ගනන් ගන්නෙ නැතුව. නැත්තං සීයා පප්පා බයවෙයි.

අනේ පරිස්සම් වෙන්න පුතේ…. සීයා පප්පා කීවේ හරිම ආදරෙන්.

ඔහොම ඉන්න අමාරුයිනෙ සීයා පප්පා.. අපි ටිකක් එලියට යමුද… එයා කාමරේටම වෙලා ඉන්නවා දැක්කාම මට පව් හිතුනා.

ඔහොම අමාරුවෙන් ඉද්දි ඔයාට බෑ දරුවො.. එන්නකො මෙතනින් ඉදගන්නකො අපි දෙන්නා ටිකක් කතා කරමු…

එයා මගෙ අත් දෙකෙන් අල්ලලා එතන තිබුන පුටුවක ඉන්දෙව්වා. මම කාමරේ පුරාම ඇස් යැව්වා. අපෝ සෙත් සර්ගෙ රූම් එක වගේ නම් නෙවි හරිම පිලිවෙලයි මේ රූම් එක. පුදුම දෙන්නෙක්. මේ දෙන්නා මොන තරම් වෙනස් ද…?

මොනාද පුතේ ඔයා කල්පනා කරන්නෙ ඒ ගමන..?
මම මොනාත් කියන්නෙ නැතුව හිටපු නිසාද කොහෙද එයා ඇහුවා.

මොනාත් නෑ සීයා මට මේ හැමදේම අළුත්නෙ.. මම යන්තමට හිනාවුනා.

අපි හෙමීට හැමදේම ඉගනගමු..ඔයත් තාම පොඩි දරුවෙක්නෙ..අපේ කො..ල්ල නං… ටිකක් කලබලයි.. කො..ල්ලන්ගෙ හැටිනෙ ඉතිං…

සීයා පප්පා කියාගෙන යනවා. කොච්චර එපා කීවත් සෙත් සර් ගැන දැන ගන්න නං මට සීයා පප්පා එක්ක කතා කරන්නම වෙනවා. සමහර විට එයා මට සීයා පප්පා එක්ක කතා කරන්න එපා කියන්නෙ ඒකද දන්නෙ නෑ.

සීයා පප්පා මම දෙයක් අහන්නද…?
මම ඇහුවෙ බයෙන් බයෙන්.

ඕනි දෙයක් අහන්න දරුවො…

සෙත්ගෙ අම්මයි තාත්තයි මෙහෙ නෙවීද ඉන්නෙ…. මම ඇහුවෙ එක පාරම නෙවී.

ඇයි කො..ල්ලා පුතාට කීවේ නැද්ද..මෙහෙ නෙවී ඒ දෙන්නා.. මේ ලෝකෙත් නෑ…

සීයා පප්පා කීවේ සුසුමක් හෙලන ගමන්. ඒ කියන්නෙ එයත් මං වගේම අනාථයෙක්ද.. නොතේරෙන වේදනාවකින් පපුව හිතල වෙලා යනවා මට දැනුනා. ඒ අසරණකම ඒ තනිකම ඒ වේදනාව මම ඕනිවටත් වඩා දන්නවා. ඒත් එහෙම තියෙද්දිත් එයාට ඇයි මාව තේරුං ගන්න බැරි.

ඒ මොනා වෙලාද සීයා පප්පා…

එක්සිඩන්ට් එකක්… අපේ හැමදේම නැතිවුනා ඒකෙන්.. අම්මයි තාත්තයි නැති වෙද්දි කො..ල්ලට යන්තං මාස තුනයි.. එදා ඉදන් මං මේ වීල් චෙයාර් එකේ..

සීයා පප්පා ආයිම සුසුමත් හෙළුවා. මගෙ ඇස් වලට කඳුළු පිරුනෙ මටවත් කියන්නෙ නැතුව. හැම ජිවිතේකම තියෙන්නෙ වචන වලින් කියන්න බැරි තරම් බර අහිමි විතරයි.

අඬන්න එපා පුතේ… ජීවිතේ හැටි එහෙම තමා… ඔයත් ඒ වේදනාව දන්න හින්දා.. මං හිතනවා කො..ල්ලව තේරුං ගන්න පුළුවන් වෙයි කියලා.. ඔයාට නං ඔය වයස වෙනකං වත් අම්මා තාත්තා හිටියා ඒත් මේ කො ල් ලා මාස තුනේ ඉදන් තනියම…

සීයා පප්පා කියවගෙන ගියා. මට කියන්න දෙයක් නෑ. අඩුම තරමින් එයා අම්මා කවුද කියලවත් දන්නවා ඒත් මම.. මං හිතුවා විතරයි. සීයා පප්පා දන්නෙ නෑනෙ මම හිටියෙ ළමා නිවාසෙක කියලා. මට කියන්ත් බෑ කියලා අර නපුරගෙන් බේරෙන්න වෙන්නෙ නෑ.

තනියම හැදුන නිසා..කො..ල්ලා ටිකක් කල බලයි..වෙලාවකට හිතුවක්කා රයි මුරන්ඩුයි ඒත් නරක දරුවෙක් නෙවී.. එයාට හුඟාක් ලංවෙලා ආදරෙන් කියලා තමා හැමදේම හදාගන්න වෙන්නෙ..

එකපාර බැරිවෙයි… ඒත් මම දන්නවා මගෙ පුතාට ඒක කරන්න පුළුවන්.. ටික කාලයක් යයි. එතකන් ඉවසීමෙන් ඉන්න මගෙ පුතාට පුළුවන් නේද…?

මට තේරෙන්නෙ නෑ මේවට උත්තර දෙන්න. එච්චර දෙයක් කරන්න මම සෙත් සර්ගෙ කවුරුත් නෙවී කියලා සීයා පප්පට කියන්න මට බෑ. මම හිනාවෙලා බිම බලා ගත්තෙ කියන්න දෙයක් තිබුනෙ නැති නිසා.

පුතා බය වුනාද… ඔයා ඕවා ඒ තරම් හිතන්න එපා.. මම නිකමට දැන ගන්න කීවේ…වැරදියට හිතන්න එපා.. මම මොනවත් කීවේ නැති නිසා සියා පප්පා කීවා.

අනේ නෑ සීයා පප්පා… මම එහෙම හිතන්නෙ නෑ..

ඔහොම කකුල එල්ලගෙන ඉන්න කොට තුවාලෙ අමාරු නැද්ද පුතේ.. ඔය ලේත් ඇවිත් නේද තියෙන්නෙ… ඒ ගමන එයා ඇහුවෙ මගෙ කකුල දිහා බලාගෙන.

ටිකක් රිදෙනවා.. එච්චර අමාරුවක් නෑ… මම කීවේ හිනාවෙලා.

අමාරු නැති උනාට කමක් නෑ… වැඩිය එහෙ මෙහෙ ඇවිඳින්නෙ නැතුව එක තැනකට වෙලා ඉන්න… එයා ඒ ගමන කීවා.

සීයා පප්පට බොන්න මොනා හරි අරන් එන්නද…? මහන්සිත් ඇතිනෙ දැන්..

එපා පුතේ… ඔයා මහන්සිවෙන්න එපා… මම නයනට කියන්නම් අපිට බොන්න මොනා හරි අරගෙන එන්න කියලා…පුතා ඉන්නවනෙ මට දැන් පාළුවක් නෑ… පව් සීයා පප්පා පාළුවෙන් ඉන්නවා ඇති.

අර නපුරා එයා ගැන හොයන්නෙ බලන්නෙ නැද්ද දන්නෙ නෑ. ඒත් කොහෙමද මම මේ හැමදේම අහන්නෙ.

නයනා ගෙනාපු බිම එකත් බීලා මම ආපහු උඩට ගියෙ ඒ වෙනකොට කකුලෙන් පොඩි වේදනාවක් දැනුන නිසා. හොඳ වෙලාවට අර නපුරා ආපහු ඇවිත් නෑ. නැත්තං මට බැනුම් අහන්න වෙනවා.

හමුවෙමු.

අද නං ටිකක් විතර අවුල් වගේ. හුඟක් බිසී වෙලාවක ලීව නිසා නිකං නොගැලපෙන ගතියක් ඇති