20 කොටස

උබ කටවහපන් විශාඛා …….

වැල්වටාරම් ඕනි නෑ..උබ හෙට උදැහැනැක්කේම අවදි වෙලා..පිළිවෙලකට ඇදුමක් ඇදගනින්කො….

එ…මො..මොකටද ආච්චි අම්මේ …..

උබට එ පැහිච්ච්කම් වලින් වැඩක් නැනේ..පලයන් දැන් ගිහින් නිදාගනින්.විශාඛා වරෙන් මගේ කාමරේට යන්න මගේ රත්තරන් බඩු ටිකක් ඇති එ ටික අරන් මේකිට හෙට දාපන්…තේරුනානේ..උබට ..

එහෙමයි මැණිකේ ……..

නිදාගන්න කියලා ඇදට ආවත් .නින්දනම් මගේ අහලවකටත් අවේ නැ ..ඇදේ එ මේ අට්ග පෙරලි පෙරලි හිටියේ .කරන්න දෙයක් නැතුව …රාගව් හදිස්සි වැඩකට යන නිසා කෝල් කරන්නත් එපා කිව්වනේ….

මන් ෆොන් එකේ අපේ ෆොටෝ බල බල ඉද්දි මට නොදැනිම නින්ද ගිහින් උදේ ඇහැරුනේ.අම්මා කතා කරන කටහඩට……

අද නම් සුදු මැණිකේ .නුවර මැණිකේ කෙනෙක් වගේමයි.ඇස්වහක් කටවහක් වදින්න එපා….

බෝරිච්චි අතත් එක්ක වැල මිට ගාවට දිග වුන සාරි හැට්ටයට..බිරළු සාරිය ඇදලා.අගස්ති මාල වගේම තුන් තැල්ල.තව වලව්වේ උරුම රත්තරන් මාල වලලු වලින් මාව හැඩ කරපු අම්මා..එහෙම කිව්වේ .මගේ නලලින් හාදුවක් තවරන අතරතුරයි..

.වාහන කිහිපය හඩ සවන් වැකුන නිසාම..මේ වෙන්න යන්නෙ මොක්කද කියන එක මට අමුතුවෙන් තේරුම් ගන්න දෙයක් තිබුනේ නෑ……

මේ දේට මෙච්චර පරක්කු උනේ.ඇයි කියලයි මන් හිත හිත හිටියේ …..මගේ කල්පනා දැහැන බිදිමින් අම්මා කාමරේට ආවේ .බුලත් හෙප්පුවක් අරගෙනමයි….

අම්මා බිසෝ මැණිකේ කාටද මාව බන්දන්න හදන්නේ ………..

සු..සුදු මැණිකේ ……

ඔව් අම්මා ඔයා කියන්න ඕනි නැ..මන් දන්නවා .අඩුම මන් මේ යන්නේ කා ඉස්සරහටද කියලවත් මට දැන ගන්න අයිතියක් නැද්ද අම්මා…..

මේ…..මේ……..

මාත් කවුද කියලම හරියටම දන්නේ නෑ සුදු මැණිකේ දැන් දෙදොහකට කලින් කවුද මන්දා මහා මරුමෙස් පෙනුමක් තියන මනුස්සයෙක් ඇවිත් .ආච්චි අම්මා එක්ක හුගාක් වෙලා මොනොදෝ මන්දා කතා කලා..

එ මනුස්සයා ගිය වෙලාවේ ඉදන් ආච්චි අම්මා හිටියේ .පුදුම තරහකින් අප්පච්චීටත් සෑහෙන්න කෑගැහුවා..

ඊටපස්සේ තමා කිව්වේ .ඔයාට ඊයේම එන්න කියන්න කියලා…මට උනත් මෙහෙම කට්ටියක් එනවා කියලා කිව්වේ .සුදු මැණිකේ එන්න ඔන්න මෙන්න තියලා..එතක මන් ඒ වගක් දැනන් උන්නේ…නෑ…

කවුද අම්මා එතකොට දැන් ඇවිත් ඉන්නේ…

අනේ මන්දා සුදු මැණිකේ .මටනම් හිත හරි ගියේ නැ… එදා ආව මනුස්සයාමයි ඇවිත් තියෙන්නේ .විශාල සෙනාවක් එකක ඇවිත් බැස්සේ..වලව් වත්තේ හතර අතේම තුවක්කු තියා ගත්තු මිනිස්සු කට්ටියක් ඉන්නේ ආරක්ෂවට කියලා..

හරිම සංකර විදිහට ඇද ගත්ත ගෑනු මනුස්සුයෙකුයි.ඇමැතිකෙනෙක්ගේ පෙනුමක් තියන මනුස්සයෙක් ..මන් හිතන්නේ අර ආපු කෙනාගෙ අම්මා තාත්තා වෙන් නැති ..

හරි අම්මා මට අර ආව කියන මනුස්සයා ගැන පොඩි විස්තරයක් කියන්න බැරිද..

ආ..එ මනුස්සයා නම් හොද උස මහත ටිකක් වෙනස් කෙනෙක්..ආ..තව දෙයක් එ මනුස්සයාගේ මුණේ පැත්තක…..

විශාඛා ………..

ඈ බොල උබ මෙච්චර වෙලා..මොන කෙහෙල්මලක් කලාද.මන් උබට කිව්වේ සුදු මැණිකේ එක්ක එන්න කියලා නේද..අර මිනිස්සුන්ට අපි වගේ නාස්ති කරන්න කාලේ නැ…එ මිනිස්සුන්ට මේ පරක්කු වෙන තත්ත්පරයක් කොටි ගානක් වටිනවා..

සුදු මැණිකේ ..මොකොද මේ තැක් ගැහැන්නේ..දන්නේ නැති මනුස්සයෙක් නෙවෙයි ඇවිත් තියෙන්නේ ..අපිට අහිංසකි වගේ ඉදලා..කොළඹ ගිහින් නාටපු නැටුම් තමා ඔය…

ආ..ආච්චි අම්මා .මොනාද මේ කියන්නේ ..

හරි හරි ඒවා පස්සේ බේරුමක් කරගන්න බැරියා..දැන් වරෙන් යන්න…අර මිනිස්සු අරහේ බලන් ඉන්නවා………

අම්මාගෙ අතේ තිබ්බ හෙප්පුව මගේ දෝතට අරන් මන් පියවර තිබ්බේ .දහස් වරක් හිතින් හඩා වැටෙමින් .

කවදා හරි දවසක් මෙහෙම හෙප්පුවක් දෝතට අරන් එන්න හිටියේ .ඔයාගේ ඉස්සරහට රත්තරන් ..එත්..අද මට වෙන කෙනෙක්ගේ ඉස්සරහට මෙහෙම යන්න උනා..මට සියදහස් වාරයක් සමාවෙන්න රාගව් ……

වාව්..ඩැනි ඔයාගේ පුතාගේ චොයිස් එකනම් නරක නෑ..මාර හොට් ෆිගර එකක් තියෙන්නේ බලන්නකෝ ඩාලිං ……

ඔයා ඉතිං දන්නවනේ මන් ගැන..ට්‍රීෂි ..ඉතිං මගේ පුතා ගැන කියන්න ඕනි නැනේ..නේද…
ම්………

ඔව් ඉතිං අප්පාගේම පුතානේ එ ගැන මොනවට කතා කරනවද……..

සුදු මැණිකේ ඕක ඔය දරුවට දෙන්න

බිම බාලගෙන ආපු මන් අම්මේගේ කට හඩින් හෙමින් සැරෙ ඔලුව ඉස්සුවේ .මන් ඉස්සරහා ඉන්න කෙනාට හෙප්පුව පිළිගන්වන ගමන් උනත් ..

මගේ ඇස් ඉස්සරහා හිටපු කෙනා දැකලා මගේ හුස්මත් මොහොතකට හිරවුනා …..

ඔ..ඔ..ඔයා…….

ම්…ඔව් මන් තමා ස්වීටි.මොකො…හිතා ගන්න බෑ නේද..
ම්……
කොහොමද මගේ සප්‍රයිස් එක…ඇමේසින් නේ……..

හෙප්පුව මගේ අතින් ගන්න ගමන් ඔහු හෙමින් කෙදිරුවේ .මගේ මුළු ගතම හිරි වැටෙද්දී …………..

මතුසම්බන්ධයි ……..

හැම කෙනෙක් ගෙන්ම සමාව ඉල්ලනවා .කතාව මෙච්චර දවසක් දෙන්න බැරි උනාට .මගේ පොඩි වැඩ වගයක් නිසා තමා කතාව දෙන්න බැරි උනේ..

අද ඉදන්නම් කතාව දවස ගානේ දෙන්න මන් උපරිම උත්සහ කරන්නම්…..

කතාව කො..කියලා හොයලා බලපු ,නොබලපු .හැම කෙනෙක්ට ගොඩාක් ස්තූති