විසි එක්වන දිගහැරුම

Episode 21

ලොවම නැවතී දෙදනා පමණක් මේ ලොව ඉතිරිවී ඇතැයි ඔවුන්ට සිතෙන්නට ඇත…….

මොහොතකින් මිදුණත් දෙදෙනාම සිටියේ ලවන් රසකැන් වලට මත්වීමෙනි.

ඇය තවම හුන්නේ ඔහුගේ උකුල මතමය.

“හැබැයි ශේ ….දෙයක් කියන්න තියෙනවා ඔයාට…..”

දිසෙන් එසේ කීවේ සෙහන්සාගේ හදවතේ ගැස්ම වැඩිකරමින්………

“ඒ මොකක්ද ඒ…..”

“අපි දෙන්නට ඉස්සරහට ගොඩාක් පරිස්සම් වෙන්න වෙනවා…..අනික අපි අපිට ආදරය කළාට අපිට අපේ වෙන්න පුළුවන් වෙයිද කියල මට සැකයි ශේ…..”

සෙහන්සාගේ දබරඟිල්ල ගියේ ඔහුගේ මුව මතටය……

“නවත්වන්න දිසෙන් ……දැන් ඇති…ඔයා මට ආදරෙයි කිව්වා ……..එතනින් එහා වෙන වෙන දේවල් කියලා මගේ හිතේ තියෙන මේ සතුට නැති කරන්න එපා……ඔයා මට ආදරේ කරන්න ඒ ඇති..එතනින් එහා මම බලා ගන්නම්….”

“ඒ වුනත් …අපිට බඳින්න බැරිවෙයි….ශේ……”

“වහනවා ඔය කට…කට ඇරියොත් මගේ හිත රිද්දෙන කතාවක් නේ කියන්නේ….”

සෙහන්සා ගේ දෙඅත් ගමන් කළේ ඔහුගේ නිරුවත් පපුව පුරාවට හා පිට පුරාවටය……

ඔහු තදින් හුස්ම ගත්තේ ඒ සංවේදනාව තවත් දරාගත නොහැකිවය…..

“ශේෂා නවත්වනවා…..ඕවා කරන්න ආවොත් මම කොහෙන් නවත්වයිද කියලා මම වත් දන්නේ නෑ…..මගේ ලිමිට් පන්නවන්න එපා …..”

“බයගුල්ලා…….”

ඇගේ රෝස තොල් පෙති ඔහුගේ මුහුණ හා බෙල්ල පිට පුරා ගවේෂණයක් කරන්නට මෙන් දිව ගොසින් නැවතුණේ ඔහුගේ පපුව මතය….

“ශේෂා…..නවත්වනවා ඕක .මගේ ලිම්ට් පන්නවන්න එපා……….”

“මම ගොඩාක් ආදරෙයි දිෂ් ඔයාට…පි%%% වගේ ආදරෙයි…..”

“මම ඒක දන්නවා ශේ……දැන් හොඳ ළමයා වගේ යන්න…………..”

“ගියේ නැත්නම්…….”

“ඉන්නවා මං කරන්න………..”

ඔහු ඈව පෙරළාගත්තේ සයනය මතටය…

නැවතත් ඔහු රස සෙවුවේ ඇගේ ළවන් මීවිතය….

ඉන්පසුව ඈ හිස තබාගත්තේ ඔහුගේ පපුව මතය…..

“කොණ්ඩේ හරිම සුවඳයි”

ඔහු කීවේ ඇගේ කනට කොඳුරාය….

ඔහුගේ සුසුම් පොද ඇගේ සවනට වැදී ඈගේ හද ගැස්ම ත්‍රීව විය…..

“ශේ ඔයා නම් දඟ මල්ලක්…මාව අවුස්සන එකමයි කරන්නේ……..දැන් යන්න හොඳ ළමයා වගේ……”

“බෑ….මට යන්න බෑ……..අද මම නිදාගන්නේ ඔයාගේ ඇඳේ…………..ඔයා එක්ක………….”

“මොනවා…..පිස්සුද ඔයාට…..”

“අනේ ප්ලීස් මට මෙහෙම නිදාගන්න ඕනේ….පාන්දරම මම යන්නම්…..”

“පි&&& ශේ…..කාටහරි අහු වුනොත් අපි දෙන්නම ගස්……හොඳ ළමයා වගේ යන්න…..”

“මට බෑ බෑ.බෑමයි….අනේ ප්ලිස් ….දිෂ්…..”

“ඔයා නම් හරිම මුරණ්ඩු ළමයෙක්…………”

“බෑ යන්නේ නෑ…………..”

“හරි එහෙනම් මාව අවුස්සගන්නේ නැතුව ඉන්න ඕනේ…මාත් හැඟීම් දැනීම් තියන කො@@@.”

“වාව් නියමයි…………..”

“කෑ ගහන්න එපා…..ගෙදර මිනිස්සු ඇහැරිලා ඒවී…….”.

“සතුටට කෑ ගැහුණේ සොරී…………”

“කෝ ඉතිං ඉන්නවනම් පාඩුවේ ඉන්නවා…මාව කුචි කවන්නේ නැතිව…..”

“බෑ……”

“න$$$$ කෙ$$.නැත්නම් මම එළවනවා……..”

“හරි…..හරි…..”

ඔයා නම් හරිම කෝලමක්….මොකද ඔයා ඔයාගේම අත කොනිත්තවා ගත්තේ ……..”

“මම මේ දකින්නේ හීනයක්ද කියලා………….”

“අපි නිදාගමු ශේ…………..මට හොඳටම නිදිමයි..දැන් දෙකත් පහුවෙලා….”

“සනීපයි ඔහොම කොණ්ඩේ අතගාද්දී…..”

ඈ නිහඬව මොහොතක් සිටියාය.

දිසෙන් උන්නේත් හොඳටම නිදිමතිනි…..

“ශේ…ගුඩ් නයිට්….”

ඈ තවමත් නිහඬ නිසා දිසෙන් සිය ළය මත හිස තබාගෙන ඉන්නා ඈ දෙස බැලුවාය….

ඈ නින්දෙන් විය යුතුය…..

ළය මතම හිස තබාගෙන නිදා ඉන්නා ඇයට එසේ ඉන්නට ඉඩ දීම ඔහු ඇගේ හිස සිපග්ත්තේ මුදුවට ඈ නොහැරෙන පරිද්දෙනි……..

❤️❤️❤️❤️❤️❤️❤️

දිසෙන් උදෑසන අවදිවූයේ අරුණළු ඔහුගේ මුව මත වැදීමත් සමඟමය.

ඒ සමඟම ඔහුට දැනුණේ පපුව මත යම් බරක් ඇති වගය.

ඔහු තිගැස්සී ගියේ පෙරදා රැය පිළිබඳ සොඳුරු මතකයන් සිහිවීමෙනි…..

ඈ තමා හා සයනයේ රෑ උන් පරිද්දෙන්ම සුවට නිඳයි…

ඇගේ හිස තමාගේ පපුව මතය…..

එක් අතක් තමාගේ ගෙල මතය….

ඔහු හෙමිහිට ඇගේ මුව ඔසවා නළලත සිපගත්තේ හිතට දැනුණු මහත් ආදරයකිනි.

ඒ සමඟම ඔහුගේ දෑස් දිව ගියේ සිය කුටියේ වූ බිත්තී ඔරලෝසුව මතය ………..

වෙලාව උදෑසන හතට ආසන්නය…..

ඈ පාන්දර යනවා කියුනිසාවෙන් තමා ඊට එකඟ වුවත් එසේ කිරීමෙන් සිදුකළේ වැරද්දක් යැයි දිසෙන්ට සිතුණි……

දැන් ඈ ඇගේ කුටියට යන්නේ කෙසේද?….

මැගී අම්මා හැමදාම මෙන් මේ වෙද්දී කෑම පිස කෑම මේසය සූදානම් කරනවා විය යුතුය…..

සෙහංසාගේ මවත් පියාත් අවදී වී සාලයේ ඉන්නවා විය යුතුය…..

කිසිවකුගේ ඇස නොගැටී කෙසේ ඈව ඇගේ උඩුමහල් කාමරයට යවන්නේද?….

දිසෙන්ගේ සිතේ ගැටලු රාශීයක් ඔඩු දුවයි….

“ශේෂා නැගිටින්න….”

“බෑ මට නිදා ගන්න දෙන්න….නිදිමතයි….”

ඈ කීවේ තවත් ඔහුගේ නිරුවත් ළයට තුරුළු වෙමින්..

“ඔයා හොඳම නෑ…මෝ$$ මාව ඇයි අයින් කරේ……”

“මගේ පපුවත් රිදෙනවා…….බරටම…..”

“ආනේ මම එහෙම බර නෑ නේ. ……කිලෝ 55 ක් කියන්නේ මොන බරක්ද…ඔයා ඉන්නේ හල්ක් වගේ…..”

“නැගිටිනවා දැන් හොඳටම දවල් වෙලා ..වෙලාව හතයි….”

ඇය එක්වරම නැගිට්ටේ ඉද්ද ගැසුවාක් මෙනි…………….

“ආනේ ඇත්තද …මාර වැඩේ…දැන් අපි මොකක්ද කරන්නේ…..”

“මොකක්ද කරන්නේ….මම කිව්වා ඉන්න එපා කියලා.කොයි වෙලාවෙත් මේක අස්සේ රිංගන්න එනවා……..”

ඇය වදනක් හෝ නොපවසා සිටියේ තමාදෙස රවා බලමින් සිටින ඔහු දෙස දෑස් ලොකු කරමින් බලමිනි.

“මොකෝ රවන්නේ…….දෙන්න හිතෙනවා….”

“මොනවද?……”

“ඊයේ රෑ වගේ දිගම දිගම කි/ස් /එකක්…..ඊයේ දුන්නේ ඔයා නේ අද මම ඕනේද?………….”

“අනේ මේ මටනම් එපා කුණු කෙ/ල පිටින් කි/ස්/ එකක්…….”

“නපුරා…..මෝ&& …”

“රිදෙනවා…..ඔහොම පපුවට ගහන්න එපා යෝදියේ……….”

“ඌයි ඔය යකඩ ඇඟට ගහලා මටමයි රිඳෙන්නේ………….”

“හොඳ වැඩේ….ඒ ගමන් ඔය මොකද ආයේ මගේ පපුවට තුරුල් වෙන්නේ………..ශේ තමුන්ට පොඩ්ඩක් වත් බය නැද්ද…..
අද නම් මාට්ටු වෙනවා…..මගේ පපුවත් ගැහෙනවා…..”

ඔහු එසේ පවසද්දී ඇය කරේ වේගයෙන් ගැහෙන ඒ පපුවට යළි ළංවී ඒ පපුව ගැහෙන රාවයට කන් දීමයි…..

ඔහුගේ පපුව වේගයෙන් ලබ් ඩබ් ගහමින් ගැහේ……..

“මේ කෝලම දැන් ඔය ඇති……………….මේ කාමරයෙන් යන්න බලනවා……”.

“මම කොහමද ඉතිං යන්නේ…..ඉස්සරහ අම්මයි තාත්තයි මැගී අම්මයි ඉන්නවා ඇති………….”

දැන් නම් ඇගේත් පපුවේ ගැස්ම වේගවත් වී ඇත…

“හ්ම් ඔයා අර එදා හැංගිලා හිටපු කර්ට්න් එක අස්සේ හැංගිලා ඉන්න…මම පොඩ්ඩක් සාලේට ගිහින් බලන් එන්නම්……”

සෙහංසා හැංහෙනා තුරු ඔහු මද වේලවක් හිඳ ඉන් පසුව දොර සමීපයට ගියේ දොර විවර කිරීමටයි…..

ඔහු දොර විවර කරද්දී දුටුවේ කෑම මේසයේ අසුන්ගෙන සිටිනා සෙහංසාගේ මවයි…..

ඒ සමඟම සාලයේ සිට දිසෙන් ගේ කුටිය අසළට ඇවිදන් ආවේ සෙහංසාගේ පියා රෙජිනෝල්‍ ය………..

දිසෙන්ගේ වේගවත් ව තිබූ පපුවේ ගැස්ම වැඩි වෙන්නට වැඩිවේලාවක් ගියේ නැත………….

හමුවෙමු මීළඟ කොටසින්