සාම්ප්‍රදායික උඩරට මනාලියක සේ රත්පැහැ ඔසරියකින් මා දෙවනි ගමන දා සැරසුනෙමි. මනාලියක වූ දිනයටත් වඩා මා අද සුන්දර යැයි සියල්ලෝම කීවෝය.

පෙරදින වල සිදුවූ කිසිවක් ගැන වගේ වගක් නැතුවා සේ සෝන්‍ය නම් පුරුදු සැහැල්ලු සන්සු න් බවින් ම සිටියේය.

ඔහු හිටි හැටියේ එසේ වෙනස් වන්නේ කෙ සේදැයි මට සිතා ගන්නටවත් නොහැකි විය.

එහෙත් මා උන්නේ නම් නොසන්සුන් සිතිනි. ලෝකයාට පෙනෙන්නට කෙතරම් සතුටින් සිනාසී සිටියද සිතට කිසිදු සතුටක් සැනසීමක් තිබුනේ නැත.

වරින් වර වෙනස් වන සෝන්‍යගේ අමුතු හැසිරී ම ඔහුගේ අභිරහස් ගමන් අර නන්නා ඳුනන ඇමතුම් ඒ සියල්ලම මසිත රිදවා තිබි ණි.

විවාහයෙන් දින තුනකට පසුවත් මා තවමත් නිවසින් පැමිණි යුවතියම වීමි. සෝන්‍ය කවු රුන් හෝ වෙනුවෙන් කුමක් දෝ වෘතයක් රකිනවාක් මෙනි.

පටලවා දමන ලද නූල් පන්දුවක් සේ සියල්ල අවුල් වී තිබුනද මම සන්සුන් වන්නටත් සැහැ ල්ලු වන්නටත් උත්සහ කලෙමි.

උත්සවය මා සිතා සිටියාට වඩා බෙහෙවින් ම උත්කර්ෂවත් විය. මගේ නෑදෑ හිතමිතුරන් හා කාර්යාලයේ සියලුම දෙනා වෙනුවෙන් ඉතාමත් අනර්ග උත්සවයක් සූදානම් කරන්න ට ඔහු මහත් වෙහෙසක් දරා තිබිනි.

එහෙත් මා පුදුමයට පත්කලේ සෝන්‍යගේ යැයි කිසිවෙක් එහි නොවීම ගැනය. ඔහුගේ මාපි යන් සේ පෙරදා සේම පෙනී සිටියේ ධනුකගේ මා පියන්ය.

දෝණි සෝනු නරක දරුවෙක් නෙවී…එයා ඔයාව හැමදාම සතුටින් තියයි…. ඔයාව අපේ ගෙදරට ගෙන්න ගන්න මට වාසනාව නැති උනා….

ධනුකගේ මව කීවේ මා වැලඳගෙන හඬා වැලපෙමිනි.ඈ කවදාටත් මට බොහෝ ආදරය කලාය.

සතුටින් ඉන්න දරුවො හැමදේම හරියයි..
සෝනු ඔයාව ආදරෙන් බලාගනී…

ධනුකගේ පියා කීවේ මගේ හිස පිරිමදිමිනි. මේ ආදරණීය මිනිස්සුන් හා ජීවත් වන්නට අවස්ථා ව නොදීම ගැන මට ධනුක හා ඇතිවූයේ කෝප යකි.

සියල්ලම අවසන්ව ආපසු යන්නට සැරසී අම් මාත් මල්ලිත් මා වැලඳගෙන හඬා වැල පෙ න් නට විය. ඒ වේදනාව මා මහත් සේ වේද නාවට පත් කල බැවින් හැඬෙනා එක නවතා ගන්නට බැරිවිය.

තාදී…මොකද දරුවො මේ බොරුවට අඬලා අම්මාවත් අඬවන්නෙ මෙතන…

සෝන්‍ය එසේ කීවේ අපේ හැඬුම නවතාගත නොහැකි තැනය.

අම්මා බය වෙන්න එපා…මම තාදිව පරිස්ස මින් බලා ගන්නම්..ඔහොම අඬලා ලෙඩ වෙනවා ඒ ගමන….

පිස්සු කො ල් ලා උ.. ඹ ත් පොඩි එකා වගේ අඬ න්න තියා ගත්තෙ මොකද…අක්කත් නැති එ කේ අම්මව පරිස්සමින් බලා ගන්න…

ඕනිම දේකට මං ඔයාලත් එක්ක ඉන්නවා.. ඕනි දේකට කතාකරන්න මට…

සෝන්‍ය අම්මාටත් මල්ලීටත් කීවෙි ආදරණීය හඬකිනි. ඔහුගේ මේ අමුතු හැසිරීම් මා නොස න්සුන් කලද ඒවා අම්මාගේත් මල්ලීගේත් සිත් ගත්තේය.

ලොක්කි උනාට අප්පච්චි ගෙ හුරතලේට නෙ හැඳුනෙ…වැරැද්දක් අඩුපාඩුවක් උනොත් හො ඳින් කියල හදාගන්න… ඔහොම හිටියට වච නයක් වැරදුනත් අඬනවා…

අම්මා කියවාගෙන යයි. එතරම් බොලඳ හුර තල් මා මෙතරම් බර වෙනස්වීම් කෙසේ දරා ගත්තේ දැයි මටම නිනව් නැත.

අම්මා තාම හිතන්නෙ තාදී පොඩි එකෙක් කිය ලා… කියමින් සෝන්‍ය හිනැහුණේ ය.

අම්මා අප්පච්චි ට කොච්චර වයස ගියත් දරු වො පොඩි උන් තමා පුතේ.. දරුවෙක් ඉන්න දවසක තේරෙයි…

අම්මා කීවේ දෑස පිසිමිනි. එවන් දිනයක් උදා නොවෙතැයි මම බියට පත්වීමි.

සියලුම කටයුතු අවසන් වී මා නින්දට ගියේ මහ පාන්දරය. ගතේත් සිතේත් වෙහෙස නිසාම මට ඉක්මනින් නින්ද ගියේය.

චූටි නෝනා…නිදිමත නං මේක බීලා නිදන්න.. රෑත් හරියකට කෑමක් නෑ…

මම අවදි වූයේ මුතු අම්මාගේ හඬටය. සෝන්‍ය යහනේ උන්නේ නැත.

වෙලාව කීයද මුතු අම්මා…

එකොලහටත් ලගයි..සුදු මහත්තයා දෙපාරක් කතා කරලා ඇහුවා…නෝනා තාම නිදිද කියලා…

සෝන්‍ය කොහෙ ද ගියෙ මුතු අම්මා…

ඔෆීස් එකට යනවා කියලා ගියෙ ඉක්මනින් එනවා කීවා….

මම කතා කරන්නම්..මුතු අම්මා…

මේක බීලා ඉන්න නෝනා…

සෝන්‍ය බ්‍රෙක්ෆස්ට් අරගෙන ද ගියෙ.. මුතු අම්මා….

ඔහෙ නෑ… ඉක්මනින් එනවා කියලා ගියෙ..
කියමින් මුතු අම්මා කමරයෙන් පිටවිය. උඟු රට දෙකට කිරි වීඳුරුව හිස් කල මම සෝන්‍යට ඇමතුමක් ගතිමි.

ස්ලීපිං බියුටි…දැන්ද නැඟිට්ටෙ….
ඔහු ඇමතුමට සම්බන්ධ වූයේ එහෙමය.

මහන්සි යට නින්ද ගියා… මා කීවේ ලජ්ජාව පිරුනු හඬකිනි.

හදිසි වැඩකට ඔෆීස් එන්න වුනා තාදී…

ඉතිං කතා කලානං මාත් එනවනෙ…

ඔයා තව දවසක් දෙකක් රෙස්ට් කරන්නකො ඔහොම…

ඇයි උදේට කන්නෙත් නැතුව ගියෙ….

මට බඩගිනි තිබුනෙ නෑ තාදි…

තාම බඩගිනි නෑද…

වැඩක ඉන්නෙ තාදී…. ඔහු කීවේ කතාව නවතන්නට සිතා වන්නට ඇත.

ඔයා දැම්මම එනවද….

ලන්ච් වලට එන්නම්…ඔයාට මොනවද ගේන්න ඕනි එනකොට….

මොනාත් එපා…පරිස්සමින් එන්න…

මම තියනවා…බුදු සරණයි….පරිස්සමින් ඉන්න..

බුදු සරණයි සෝන්‍ය… මම ඇමතුම නිමා කලේ එහෙමය.

හමුවෙමු