පසුගිය ආණ්ඩුව විසින් වැඩි වන විදුලි ඉල්ලුමට සරිලන සේ නව බලාගාර කිසිවක් පසුගිය අවුරුදු 5 තුල ඉදි නොකිරීමේ ප්‍රතිපල ලෙස ඉතා නුදුරේදීම ඇති වීමට නියමිත විදුලි අර්බූදය වලක්වා ගැනීම සදහා කඩිනමින් බලාගාර කිහිපයක් ඉදි කිරීමේ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී ඇත.. ඒ අනුව පහත දැක්වෙන බලාගාර කඩිනමින් ඉදි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දිගුවක් ලෙස මෙගාවොට් 300ක ධාරිතාවයකින් යුත් විදුලි බලාගර ඒකකයක් ඉදි කිරීම.
මෙගාවොට් 300ක ධාරිතාවකින් යුතු LNG ස්වභාවික වායු බලාගාරයක් කෙරවළපිටිය ප්‍රදේශයේ ස්ථාපිත කිරීම..(ලංකා විදුලිබල මණ්ඩලය හා ඉන්දියාව/ජපානය සමඟ බද්ධ ව්‍යාපාරයක් වශයෙන්)
ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ කෙරවළපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 300ක ධාරිතාවයකින් යුතු LNG ස්වභාවික වායු බලාගාරය ඉදිකිරිම් කටයුතු කඩිනම් කිරීම.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදි කරමින් පවතින ජලවිදුලි බලාගාර සහ පුනර්ජනනිය බලශක්ති ව්‍යාපාතීන්හි ඉදිකිරිම් කටයුතු කඩිනම් කිරීම.
සුර්යබල විදුලි උත්පාදනය සඳහා ඉන්දියානු රජය ලබා දිමට එකඟ වී ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ණය මුදල මඟින් අදාළ ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරිම.