11වෙනි කොටස🦋
ආදීව.ආදී මෙහෙ මොකක්ද කරන්නේ….මන් වැඩ කරන තැනටම එයා ආවේ ඇයි අවුරුදු පහක් මන් විදවපු තරමටම මන් ආදීට වෛ/ර කරනවා.ආදීව දකින දකින වාරයක් පාසා මගේ හිත වේදනාවෙන් රිදුම් දෙනවා.ආදී තාම මාව දැක්කේ නැත්තේ එයා හොටෙල් එකේ වැඩ කරන ගෑනු ලමයිට අත වනමින් ඉස්සරහට එන හින්දා.එයාගේ මූනේ තිබුනේ හිනාවක්.මගේ හිතේ ඇතිවුන කේන්තිය නිසාම මන් කරේ මගේ යුනිෆෝම් එක තදකරලා අල්ලගත්ත එක.මට හිතුනෙම ආදීගේ කම්බුලට පාරක් ගහන්න.ඇයි මාව දාලා ගියේ කියලා අහන්න.
ඒත් මට එහෙම කරන්න බැරි මන් තාම එයාට මූන දෙන්න ලැස්ති නෑ.එයා මගේ අතීතය.මම මගේ අතීතයට මූන දෙන්න තරම් ශක්තියක් මට නෑ.මට බෑ එහෙම කරන්න.මගේ හිත මට කිව්වේ එයා මාව දැක්කේ නැති නිසාම මෙතනින් පැනලා දුවන්න කියලා.ඒත්…
“එන්න මිහානා…අපි යමු අපේ ගෙස්ට්ව පිලිගන්න.”පියත් සර් මන් ගාවට ආවේ මන් යන්න හදද්දිම වගේ.මන් මොකුත්ම කියන්න කලින්ම පියත් සර් මගේ අතින් අල්ලගෙන මාව එක්කගෙන ගියේ ආදී ගාවට.
“ආදීත්‍ය සර් ඔයාව අපි අපේ හොටෙල් එකට ආදරයෙන් පිලිගන්නවා.”පියත් සර් කිව්වේ ආදීට අතට අත දෙමින්.මන් මගේ මූන පේන්නේ නැතිවෙන්න ඔලුව බිමට පාත් කරගෙන මුවා වුනේ පියත් සර්ට.තවත් මෙතන ආදී ඉස්සරහා ඉන්න මට අපහසුවක් දැනෙද්දි මන් කරේ පියත් සර් අල්ලගෙන ඉන්න මගෙ අත ඇරලා අඩියක් පස්සට ගත්ත එක.මොකද මාව රවට්ටපු මාව කිසිම හේතුවක් නොකියා දාලා ගියපු කෙනාගේ මූන බලන එකත් මට අප්පිරියයි.මන් යන්න හැදුවත් ස්ටාෆ් එක වටවෙලා හිටපු නිසා මට යන්න චාන්ස් එකක් හම්බුනේ නෑ.
“මිහානා ඔයා ඔය කොහෙද යන්නේ…”පියත් සර්ගේ කටහඩ ඇහෙද්දිම වගේ මන් දිග හුස්මක් ගත්තේ ආපහු මට මෙතනින් යන්න බැරිවෙන හින්දා.
“මන් මන් යන්නේ රෙස්ට් රූම් එකට.”මන් එහෙම කියනකොටම වාගේ ඇහුනේ ගයාන් සර් උගුර පාදන හඩ.
“හැමෝම අපේ ගෙස්ට්ව පිලිගන්නවා ඒත් ඔයාට ඕන රෙස්ට් කරන්නද…ඔයාම තීරනය කරන්න රෙස්ට් රූම් එකට ගිහින් ජොබ් එක නැති කරගන්නවද කියලා.”ගයාන් සර් කියන දෙයක් ලේසියෙන් වෙනස් කරන කෙනෙක් නෙවේ එයා කියපුදෙයක් අනිවාරෙන්ම නොකර ඉන්නෙත් නෑ.අනික මාව දාලා ගියේ ආදී ඒක නිසා මන් මොකටද එයාගෙන් හැංගෙන්නේ මට හැංගෙන්න කිසිම හේතුවක් නෑ.මන් මෙතනින් ගියොත් ඒකෙන් ඔප්පු වෙන්නේ මන් තාම එයාට ආ/ද/රේ කියලා විතරයි.
මට හොදට සල්ලි හොයන්න පුලුවන් එකම තැන මෙතන විතරයි.ඉතින් මන් මොකටද වැඩකට නැති කෙනෙක් නිසා මගේ ජොබ් එක නැති කරගන්නේ…ආදී ගියාට පස්සේ මන් හොදින් ජීවත් වුනා කියලා එයාට පෙන්නන්න ඕන.එයා ගියාට පස්සේ මන් මැ/රු/නේ නෑ කියලා එයාට පෙන්නන්න ඕන.
“මිහානා හෙලෝ කියන්න.”හිරු කිව්වේ මන් දිහා බලාගෙන මුමුනම්න්.මම ඔලුව වනලා ගැඹුරු හුස්මක් අරගෙන මූනට හිනාවක් අරගෙන ආපහු හැරිලා ගියේ ආදී ලගට.
“හෙලෝ මිස්ටර් ආදිත්‍ය මන් මිහානා…”මන් එහෙම කියලා ආදීට අත දික්කරේ මොනවා වුනත් ආදී ඉස්සරහා අඩන්නේ නෑ කියලා මටම පොරොන්දුවක් දීලා.මාව දැක්කා විතරයි ආදී මන් දිහා බලාගෙන හිටියේ ඇස් දෙකත් එක්ක ලොකු කරගෙන.හරියට එයා දකින දේ එයාටම විශ්වාස කරන්න බෑ වගේ බැල්මක් ආදීගේ මූනෙන් මන් දැක්කේ…
මගේ හිත මටම හිනාවුනා.ඔව් මන් තාම හුස්ම ගන්නවා.මන් කෑ ගහලා කිව්වේ මගේ හිතට.
“ආදීත්‍ය සර්…”ගයාන් සර් පියත් සර් එකවරම කතා කරේ ආදීගෙන් කිසිම සද්දයක් නැති නිසා.ඒත් ආදීට ඒවා ඇහෙන පාටක් පෙනුනේ නෑ.ඒ වෙනුවට ආදී කරේ හෙමින් මන් ලගට ආපු එක.ආදී ලගට එනවත් එක්කම මන් අඩියක් පිටිපස්සට තිබ්බේ වෙනදා වගේම ඒ මූනේ තිබ්බ බැල්ම දරාගන්න බැරුව.
“මි…මිහානා…..”එයා එහෙම මිමිනුවේ එක තත්පරේට මට මොකක්ද වෙන්නේ කියලා හිතාගන්න බැරිවෙද්දි.අදත් එයාගේ එක වචනයක් ඇහෙද්දි මගේ හිත ගැස්සෙනවා.එයා මන් ගාවට ඇවිත් තද කරලා මාව තුරුල් කරගත්තේ හරියටම එයා දකින දේ ඇත්තද කියලා දැනගන්න වගේ.
“ආදිත්‍ය සර් ….”පියත් සර් වගේම ගයාන් සරුත් එයාගේ නම කියලා කොච්චර කතා කරත් එයාට වගක් වුනේ නෑ ඒ වෙනුවට එයා කරේ මාව ආපහු සැරයක් තද කරලා තුරුලු කරගත්ත එක.මගේ ඇස් ගියේ අපි දිහාම බලාගෙන ඉන්න ස්ටාෆ් එක දිහාට.මං ඒ අයගෙන් දැක්කේ කුතුහලයකින් අපි දිහා බලන් ඉන්නවා.මට දැනුනේ ලැජ්ජාවක්.ඒක නිසාම මන් එයාගෙන් ගැලවෙන්න හැදුවත් මගේ ගත වටා එතිලා තියෙන එයාගේ ශක්තිමත් දෑත් නිසා මට එයාගෙන් ඈත් වෙන්න බැරිවුනා.
“මිහානා බබා…මන් ඔයාව හැමතැනම හෙව්වා.”එයා කිව්වේ මාව මොහොතක්වත් ඈත් නොකර.ආදීගේ ඒ වචන මට ගෙනාවේ කේන්තියක් .අවුරුදු පහක් මන් අමතක කරලා වලදාපු අතීතය මට දැනුනේ ආපහු සැරයක් ගොඩ එනවා වගේ.මන් මගේ ගතේ තියෙන ශක්තිය දාලා ආදීව තල්ලු කරලා යන්න හැදුවේ තවත් මට ආදීව ඕන නැති නිසා.ඒත් මන් යන්න හදද්දිම වාගේ ආදී අල්ලගත්තේ මගේ මැනික් කටුව ලගින්.
“මිහානා බබා….යන්න එපා..”
“මිහානා බබා…මගේ මූනට ආවේ වියරු හිනාවක්.මන් කේන්තියෙන් අත ගසලා දැම්මේ එයාගේ ස්පර්ශයකටවත් මන් කැමති නෑ කියන්න වගේ.මගේ හිතේ තිබ්බ කේන්තිය වැඩි නිසාම මන් ආපහු හැරිලා ගැහුවේ ආදීගේ කම්බුලට.මන් කරපු දේ නිසා හැමෝම මන් දිහා බලාගෙන හිටියේ පුදුමෙන්.ඒත් එක්කම මන් ගාවට දුවගෙන ආවේ පියත් සර්…
“ඔයා මොකක්ද මිහානා ඔය කරන්නේ…”මන් පියත් සර් කියන දේ ගනන් නොගෙන බැලුවේ ආදී දිහා.
“මිහානා බබා මට සමාවෙන්න ප්ලීස්…”ආදී මගේ නම කියන වාරයක් පාසා මගේ කේන්තිය තවත් වැඩිවුනා මිසක් අඩුවක් වුනේ නෑ.මන් ආපහු සැරයක් ආදීගේ කම්බුලට ගැහුවේ අවුරුදු පහක් මන් විදපු වේදනාව නැති කරගන්න වගේ.එතකොටම වගේ මන් දැක්කේ ආදී දිහාට දුවගෙන එන සහන් අයියව.සහන් අයියා එයාව වත්තම් කරගෙන බැලුවේ එයාගේ මූන දිහා.
“මිහානා…මන් කියන දේ අහන්න ප්ලීස්…”
“කටවහගන්නවා…ත/මු/සෙ/ගෙ ඔය ජ/රා කටින් මගෙ නම කියන්න හිතන්නවත් එපා.”මන් හයියෙන් කෑ ගැහුවේ පපුවට අතක් තියාගෙන .හැමෝම බලාගෙන හිටියේ මෙතන මොකක්ද මේ වෙන්නේ කියලා හිතාගන්න බැරුව.ගයාන් සර් උගුර පාදලා ආවේ අපි ඉස්සරහට.
“මිහානා ඔයා මේ අපේ ගෙස්ට සලකපු විදිහ අන්තිම නරකයි.මන් හිතන්නේ ඔයා තවත් අපේ හොටෙල් එකේ වැඩ කරන්න ගැලපෙන්නේ නෑ.ඔයාව ජොබ් එකෙන් අයින් කරා.”මගේ හිතේ තිබ්බ කේන්තිය නිසාම මන් ගයාන් සර් දිහා බැලුවේ ඇස් දෙකේ කදුලු පුරවගෙන.
“මාව අයින් කරන්න ඕන නෑ මන්ම මෙතනින් අයින් වෙන්නම්”මන් කෑ ගහගෙන දුවගෙන ගියේ දොර ගාවට.
“මිහානා….”ආදී මගේ නම කියලා කෑ ගැහුවත් මට නවතින්න ඕන වුනේ නෑ.මට ඕන වුනේ ඉක්මනට මෙතනින් යන්න.මන් දුවගෙන ගියේ මෙච්චර වෙලා හිරකරගෙන හිටපු කදුලු කම්බුල දිගෙ ගලාගෙන යද්දි.
💫මතු සම්බන්ධයි💫