මෙහන්සා 06 කොටස

අමුත්තෝ ගියාට පස්සේ කට්ටිය ශාලාව අස් කරන්න පටන් ගත්ත. කිලාන් නම් මොකකට වත් සම්බන්ධ වෙන්නේ නැතුව අයිනක් අල්ලාගෙන වාඩි වෙලා කල්පනා කර කර හිටියේ. ඔහුව තේරුම් ගත්තු කොල්ලෝ ටිකත් කොල්ලට මුකුත් කියන්න ගියේ නෑ. හැබැයි ඉතින් කට්ටියගෙම ලොකුම මාතෘකාව උනේ මෙහන්සා.

ඒකි නම් මාරම කෙල්ලක් තමයි. මුලින්ම පටන් ගත්තේ සෙනාල්. යන්න කලින් කතා කරන කොට මම හිතුව මටත් මොනා හරි කිව්වා තමයි කියල.

ඇයි ස්ටේජ් එකේ කිව්ව ටික මදි ද උඹට . ඒ අදීෂ

ඒක නේන්නම් බලපන් අන්තිමට කවුද බයිට් උනේ? අපිද උන්ද?

කෙල්ලෝ අපිව බයිට් කළා, අපිව කෙල්ලෝ බයිට් කළා. අන්තිමට බයිට් වෙලා තියෙන්නේ අපි. දසුන් තාලෙකට කියනකොට කොල්ලන්ට මහ හයියෙන් හිනා ගියා. කිලාන්ටත් ඒකට නම් හිනාවක් ආව මුණට

අන්න එහෙම ඉදපන්කෝ මස්සිනා. දැන්නේ උඹේ අටපට්ටම වගේ මුණේ හිනාවක් දැක්කේ. දසුන් කිව්වේ කිලාන්ගේ කර වටා දාගෙන

මේ මේ උඹ මොකද කිලාන්ට මස්සිනා කියන්නෙ. කිලාන් පරිස්සම් වෙයන් පුතේ. මුගේ නංගිව වත් උඹේ බෙල්ලේ එල්ලන්නද දන්නේ නෑ මූ හදන්නේ. නැත්තම් අපි නොදන්න දසුනා විතරක් දන්නා නංගියෙක් ඉන්නවද කිලාන් උඹට. බිතුම් ඇහුව

අනේ පල ගෙම්බා යන්න. දසුන් කිව්වේ ලග තිබිච්ච රෙජිෆෝම් කෑල්ලක් බිතුම් වෙත දමා ගසමින්

ඒ උනත් කිලාන් හිනා වෙච්ච එක විතරයි කලේ. සාමාන්‍ය විදියට ඉන්න බෑ කියල කොල්ලට හිතුන

අනේ දැන්වත් කතා කරපංකෝ කිලාන්. බිතුම් කිව්වේ නොඉවසිල්ලෙන්. මොකෝ උඹේ කතා නහරෙත් අරකි යනකොට අරන් ගියාද මගුල. දැන් ඒක ඉවරයි ඉතින්. උඹ නිකම් ගෑනි මැරිච්ච මිනිහ වගේනෙ. බිතුම් කිව්වෙ හැමෝටම දැනිච්ච දේ. කවුරු හිටියත් කිලාන් මුඩ් පිට ඉන්නවට කොල්ලො ටික කැමතිම නෑ .

ඌට පාඩුවේ ඉන්න දියල්ල. සෙනාල් කිව්ව. මේ ඒක නෙමේ. අරුන් යන්න හදන වෙලාවේ මන් දැක්ක අපි කා එක්ක වත් කතා කලේ නැති අර කෙල්ල මිහින් එක්ක කතා කරනව. ඌත් එක්ක මොකද්ද ඒකිගේ සම්බන්දෙ ?

කිලාන්ගේ ඔලුවෙ තිබුනෙත් ඒ ප්‍රශ්නෙමයි. අහන්නෙ නැතුව හිටියේ කොල්ලෝ ටික කන්න හදයි කියල. ඒ හින්ද සෙනාල්ම ඒ ප්‍රශ්නේ ගෙනාපු එක ගැන කිලාන් හිතෙන් ස්තුති කළා.

ඉතින් ඕක අපෙන් අහන්නෙ මොකෝ අපි දන්නව යැ රෙද්ද. දසුන් කිව්වෙ වටපිට බලල. අර ඉන්නේ මිහින්. අහපන්කෝ උගෙන්ම.

අහන්න නම් පුළුවන්. ඌ අපිත් එක්ක කතා කරයිද දන්නේ නෑ. සෙනාල් කිව්වෙ ටිකක් බයෙන් වගේ. කන පිරෙන්න අහගන්න වෙයිද දන්නේ නෑ බන්. අර වෙලේ ඉදන් ඌට මලනේ අපි එක්ක. මතක නැද්ද උදේ?

ඌ හරි පාඩම ඉගෙන ගත්තේ අපි තමයි. අදිශ කිව්ව

ඔන්නොහෙ කතා කරමු බන් මොකෝ හැමදාම තරහ වෙල ඉන්න යැ. අපෙනෙ වැරැද්ද ඌ එහෙම තරහ හිතේ තියන් ඉන්න එකෙක් නෙමෙයි එල කොල්ලෙක්. බිතුම් කිව්ව. මිහින් හිටියෙ ශාලාවේ අනිත් කොනේ. මිහි…………………………….න් මෙහෙ වරේ…………………………………………න්

වහලේ ගැලවෙයි බන් වහලේ ගැලවෙයි මේවා මේ ශත වර්ෂ ගානකට කලින් හදපු වහලවල්. දසුන් කිව්ව

කන ලග ඉදගෙන ඔච්චර හයියෙන් බෙරිහන් දෙන්නෙ තොට පිස්සුද යකෝ. කිලාන් කිව්වේ අත් දෙකෙන්ම කන් දෙක වහගෙන. තොගෙ ඔය මකර කටේ සද්දෙට ලංකාවේ හතර දිග් බාගෙම ඉන්න මිහින්ලා එනව ෂුවර්

මිහින් මෙහෙ එන්න. ඒ ගමන බිතුම් කිව්වෙ ගෑනු ළමයෙක් වගේ කටහඬ වෙනස් කරල හෙමීට. කිව්වම ඌ ට ඇහෙනවද යකෝ. උබලත් කියන්නේ මාර කතානෙ

මේ අතරේ මිහිනුත් එතෙන්ට ආව. ඇයි මොකද? මේ වෙනකොට උදේ තිබ්බ තරහ හිතෙන අයින් වෙල තිබුනත් මිහින් කතා කරේ එහෙම නැති විදියට. කොල්ලෝ ටිකට තේරුණා ඒක

අඩේ සොරි බන් දැන් අමතක කරමුද අපි ඒක. උඹ කිව්වා දේ ඇහුව නම් නෑ. සිරාවට අපෙ වැරැද්ද. අපිට තිබ්බෙ ඉස්කෝල අරගෙන අයිටම් එකක් කරන්න. සෙනාල් කිව්වේ ඇත්තටම කනගාටුවෙන්.