සිතින් සියවර…
නවය….. 09
එයා හිටගෙන හිටියෙ මම ලඟින්මයි. ඒ මුවින් හෙලන සුසුම් වල උණුසුම මගෙ නිරුවත් ගෙ ලට දැනුනා. මාව ඇත්තටම ගැස්සුනා.
මීට කලින් කිසිම දවසක පිරිමි සුසුමක උනුසු මක් මට දැනිලා. ඇත්තම මාව වෙව්ලනවා.
පපුව ගැහෙන සද්දෙ පිටට ඇහෙන එක නවත් තගන්න මම පුදුම මහන්සියක් ගත්තා. ඒත් මට මාවම පාලනය කරගන්න අමාරුයි. මම හරි අමාරුවෙන් හුස්මක් ගත්තා.
මම බිම බලාගෙනම ආපහු හැරුනා. ඔළුව උස්සලා එයා දිහා බලාන්න මට බය හිතුනා. ඇයි කියලා මම දන්නෙ නෑ. ඇයි අප්පා මෙයා මෙතන ඉන්නෙ මට යන්න කියන්නත් බෑ. හිතට මහ බරක් දැනෙනවා. මට ඕනි වුනේ සන්සුන් වෙන්න.
මම බිම බලාගෙන ආපහු හැරෙනකොට එයා ගෙ ඇගේ වැදිලා අතේ තිබුන තේ කෝප්පෙ බිම වැටිලා කෑලි වලට බිඳිලා ගිය. තේ එක මගේ ඇඟ පුරාම හැළුනා.
ශිහ්..ත…..මු සෙ ට මොන ම….ඟු ල ක්වත් හරියට කරගන්න බෑ..
හිටපු ඉරියව්ව වෙනස් නොකරම එයා කෑ ගැ හුවා. හිතට දැනුනෙ බයක්. මම අඩියක් පිටි පස්සෙන් තිබ්බෙ එතනින් අයින්වෙන්න. ඒත් බිඳිලා විසිවෙලා ගිය වීඳුරු කටු කෑල්ලක් කකු ලට පෑගෙනවා මට දැනුනා.
ආහ්… මට කෑ ගැස්සුනා.
මොනා ද වුනේ..
එයා ඇහුවෙ කලබල හඬකින්. මොනාත් නෑ කියලා මම ඔළුවෙන්. කතා කරන්න වචන එකතු කරගන්න බැරි තරම් මම හිටියෙ බය වෙලා. ඒත් දැනුන වේදනාවට මගෙ කටත් එක් ක ඇදවෙලා ගියා.
මොනවත් නෑ නං හූ තියන්නෙ ම…ඟුලට ද..? බලනවා මොනවද වෙලා තියෙන්නෙ කියලා…
. එයා ආයිම කෑ ගැහුවා. මම බයෙන් බයෙන් කකුල උස්සලා යටි පතුල දිහා බැළුවා.
වීඳුරු කටු කෑල්ල විළුඹ පැත්තකින් ටිකක් යටට ඇනිලා තිබුනා. තුවාල වලට ලේ වලට මේ වගේ අනතුරු දකින්න මම හරි බයයි. මගෙ ඔළුව කැරකෙන්න ගන්නවා එතකොට. ඒක නිසා මම ඉක්මනට අහක බලා ගත්තා.
ඒත් එක්කම සෙත් සර් මගෙ කකුල තදින් අල් ල ගන්නවා මට දැනුනා. ඒත් හැරිලා බලන්න බය හින්දම මම අහක බලාගෙනම හිටියා. එයා කකුලෙ ඇනිලා තිබුන වීඳුරු කටු කෑල්ල ගලවලා ගන්නවා මට දැනුනා.
මොන තරම් වේදනාව දැනුනත් මම කෙඳිරි යක්වත් නඟන්නෙ නැතුව ඉන්න පුදුම මහ න්සියක් ගත්තෙ. ඒත් ඉවසන් ඉන්න මට අමා රු වුනා. එකපාර ඇස් දෙක නිලංකාර වීගෙන යනවා වගේ මට දැනුනා.
ටික වෙලාවකින් මම ඇස් ඇස් ඇරියා. මොන වද වෙලා තියෙන්නෙ කියලා මට හිතා ගන්න ටික වෙලාවක් ගියා.
වේගෙන් කැරකැවෙන විදුලි පංකාවක්. මම දැක්කා. මම උන්නෙ ඇඳක වැතිරිලා.. මම මේ කොහෙද ඉන්නෙ. මම වට පිට බැළුවා.
දෙයියනේ මේ සෙත් සර්ගෙ රූම් එක. එත කො ට එයාද මාව මෙතෙන්ට අරගෙන ආවෙ හිත
ට දැනුනෙ බයක්.
මම උත්සහ කලේ ඇඳෙන් නැඟිටින්න. තව වැඩි දවසක් මට මෙහෙ ඉන්න වෙන්නෙ නෑ කියලා මම දන්නවා. ඉක්මනට මාව මෙයා කොහෙට හරි ගිහින් දානවා කියලා මම දන්නවා.
දඟලන්නෙ නැතුව ඉන්නවා ඔහොම ටිකක්… ත.. මු සෙ නං මහ පි ස් සු ම…ඟු ලක්..මොන රෙ ද් දක්වත් හරියට කරගන්න බෑ… කඳුළු පෙරන්නයි හූල්ලන්නයි විතරයි දන්නෙ…
ඉතිං දෙයියනේ ඇත්තනෙ. මං මේ මොනවත් මීට කලින් කරලා නෑනි. අහන්න කවුරුත් නෑ. මොනා ඇහුවත් බනිනවා.
මෙහෙම රාස්සයෙක් එක්ක මෙහෙම එක දව සක් වත් ඉන්න ගියාම පිස්සු හැදෙනවනෙ. මට එහෙම හිතුනා විතරයි.
මට දැන් අමාරුවක් නෑ සර්…
එහෙම කියාගෙන මම ඇඳෙන් නැඟිටලා ඉදගත්තා.
මොනා නැතත් බක පණ්ඩිතකම නං තියනවා මදි නොකියන්න… ත….මු සෙ ත් එක්ක මේක කරන්න බෑ.. ලෑස්ති වෙනවා ආපහු හිටපු දිහාට ගිහින් ඇරලවන්න…
එයා එහෙම කීවම මට දැනුනෙ පපුව හීතල වෙලා යනවා වගේ හැඟීමක්. ආපහු මාව නි වාසෙට භාර ගන්නෙ නෑ. මට යන්න එන්න තැ නක් නෑ. කරන්න දෙයක් නෑ.
මං වගේ කෙ…ල් ලෙ ක් ට මේ හදිස්සියෙ කර න්න් රස්සාවක් නෑ. ඉන්න තැනක් නෑ. වෙන මොනා නැතත් මෙහෙදි මට ආරක්ෂාව තිය නවා. ඉන්න තැනක් තියනවා.
ඒ අසරණකම මතක් වෙලා මට හයියෙන් කෑ ගහලා ඇඬුනා. හදිසියෙ දෙයක් මතක් වුනා වගේ මම එකපාරම අත්දෙකේ කට වහ ගත්තෙ සෙත් සර්ගෙ රවාගත්ත මූණ දැකලා.
මොන මඟුලකට ද ඒ ගමන හූ කියන්නෙ… මේ ගෙදර තව මිනිස්සු ඉන්නවා ත…මු සෙ යි මම විතරක් නෙවී… කට පියාගන්නවා…
එයා ආයිම කෑ ගැහුවා.
අනේ සර්.. මම ඒ හැමදේම ඉගන ගන්නනං.. කියන වැඩ හැම එකම කරන්නං.. මාව ආපහු නිවාසෙට ගිහින් දාන්න එපා.. එයාලා මාව ආපහු බාර ගන්නෙ නෑ… මට මට වෙන යන්න තැනක් නෑ…
මම කියවගෙන ගියෙ අඬ අඩා. මොන තරම් උත්සහ කලත් මට මේ කඳුළු මේ ඉකිය පා ලනය කර ගන්න බෑ.
ශිහ්…අර නා කි යා හින්දා.. මාත් මේ කොහෙද යන.. ම ඟු ල ක පැටළුනානෙ..
එයා ආයිම කීවෙ ඔරෝගෙන.
අනේ සර්.. සීයා පප්පට බනින්න එපා..එයා මොන තරම් සර්ට ආදරේ ද.. සර්ගෙ හොඳට නෙ මේ හැමදේම කරන්න කියන්නෙ..
මම කීවේ සීයා පප්පා පව් කියලා හිතුන නිසා.
අනේ මේ ත.. මු සෙ නොදන්න මඟුල් වලට කට නොදා ඉන්නවා මෙතන.. ඕන එකටයි එපා එකටයි හැම රෙද්දටම කියවන්න තියා ගන්නෙ නැතුව..
එයා එහෙ කීවම මට කියන්න දෙයක් තිබුනෙ නෑ.
මම සර්ට තේ එකක් හදලා දෙන්නද..
හදිස්සියෙන් දෙයක් මතක් වුනා වගේ මම ඇහුවෙ මාව තුවාල වුනේ තේ හදන්න ගිහින් කියලා මතක්වුන නිසා.
නෑ ඕනි නෑ. එක තේ එකක්..හදන්න ගිහින්.. කකුල කපා ගත්තා..ඊලඟට පුළුවන් නං බෙල්ල කපා ගන්නවා.. ඒ ගමන..දඟලන්නෙ නැතුව ඔහොම ඉන්නවා…
මෙයා දන්නෙ ඔරවන්නම විතරයි දෙයියනේ.
සර් බ්‍රෙක්පස්ට් ගන්නෙ කොහෙමද..?
එහෙම කියාගෙන මම ඇඳෙන් නැගිට්ටා. මෙහෙම මෙතෙන්ට වෙලා ඉන්න බෑනි.
මගෙ දේවල් මම බලාගන්නනං.. ත…මු සෙ නටන්නෙ නැතුව ඉන්නවා.. කකුල කැපිලා තියෙන්නෙ ටිකක්..
බර කරලා අඩිය තියන්න එපා..බ්ලීඩ් වෙන්න පුළුවන්… දැන් රූම් එකට ගිහින් ටිකක් රෙස්ට් කරන්න.. යන්න ඉතිං…
ඒ ගමන එයා කීවෙ මට හිතා ගන්න බැරි වෙ නස්ම ස්වරයකින්. මාව ගැස්සුනා ඇත්තටම. ඒත් මොනවත් අහන්න බැරි හින්දම මම කොර ගහගහ කාමරෙන් එලියට ආවා.
මට මගෙ රූම් එකට යන්න හිතුනෙ නෑ. පව් සෙත් සර්ට තේ එකවත් බොන්න බැරිවුනා. මම නිසා. ඒක නිසාම මම අමාරුවෙන් ආපහු කිචන් එකට ගියෙ එයාට තේ එකක් හදලා දෙන්න.
හැළුනු තේ එකයි බිඳුණු වීඳුරු කටුයි. තාම කිචන් එකේ බිම තිබුනා. මම ඉක්මට ඒවා ටික අස් කරලා බිම අතුගාල දැම්ම. කකුල ටික ටික රිදෙන්න ගත්තා. තුවාලෙටත් වඩා කොරග හද්දි අමාරුයි.
ඒත් අර නපුරු කුමාරයාව බඩ ගින්නෙන් තිය න්න බෑ. පව් ලොකු ලයින් දාන්න ගිහින් රෑටත් බාගෙට බඩගින්නෙ. උදේට තේ එකක්වත් බොන්න නෑ.
ලොකු දෙයක් හදන්න අමාරු නිසා මම ඉක්මනට සැන්විච් ටිකක් හදලා තේ එකත් එක්ක එයාගෙ රූම් එකට අරගෙන ගියා. රෑ ඇහැරලා ඉදලද කොහොද මෙන්න ඒ ගමන හොඳටම නිදි. අමුතුම නිසාචර සත්වයෙක් මෙයා නං.
පව් කතා කරන්නත් ලෝභයි ඔහොම සනීපෙට නිදන් ඉන්නකොට. අප්පා නිදන් ඉන්නකොට නං පුදුම අහිංසක කමක් තියෙන්නෙ. මෙයත් හරී හොඳයි නිදාගත්තාම.
එහෙම හිත හිත මම කෑම ට්‍රේ එක ස්ටූල් එක උඩින් තියලා කාමරෙන් පිට වෙන්න හැදුවා. ඇහැරුනාම කන්නෙ නැතැයි. නැත්තං මෙයාගෙ මහ ලොකු ලයින්නෙ මං පේන්න හිටියොත් මම හදපු කෑම කන්නෙ නෑනෙ.
ඔය ත….මු සෙ රෙස්ට් කරනවද..?
ඒ හඬ මට ඇහුනෙ මම ආපහු යන්න හදද්දි. මම ගැස්සිලා ආපහු හැරුනා.
මට ඒ තරම් අමාරුවක් නෑ සර්.. මේක පොඩි තුවාලයක්.. ඊයෙ රෑ ඉදන් බඩගින්නෙ ඉදලා
..සර්ව අසනීප වෙයිනෙ..
මම කීවේ කෙඳිරිලි හඬකින්.
මේ ..මාත් එක්ක බක පණ්ඩිත කතා කියාගෙන එන්න එපා හරිද.. දෙයක් කීවම කියන දේ විත රක් කරනවා… පණ්ඩිත වැඩ නොකර පිස්සු මඟුල..යනවා දැන් ගිහින් රෙස්ට් කරනවා.. ඔය දැනුත් ලේ එනවද කොහෙද තුවාලෙන්…
එයා එහෙම කීවම මම කකුල උස්සල යටි පතුල බැළුවා. ඇත්ත තමා ලේ ඇවිත් බැන්ඩේ ජ් එක රතුපාට වෙලා… ඔළුව කැරකෙයි කිය ලා බයට මම ඉක්මනට අහක බලාගෙන කකුල බිමින් තිබ්බා.
ඒ කලින් ආව ලේ..දැන් ලේ එන්නෑ.. මේක ඒ තරම් අමාරු නෑ…
මම කීවෙ අහක බලාගෙනමයි.
කීවා නේද දැන් පණ්ඩිත කතා කියවන්න එපා කියලා..යනවා රූම් එකට මගෙන්.. ගුටි ක න්නෙ නැතුව මෙතන.. දොඬම් ගෙඩි දෙකක් උස නෑ.. එනවා එකට එක කියාගෙන.. කට කඩනවා දැන ගන්නවා..
එයා එහෙම කීවෙ නං තරහින් නෙවී කියලා මට දැනුනා. ඒත් මම ඒක පෙන්නන්න ගියෙ නෑ. ඇයි මන්දා මෙයා මෙහෙම. එක දවසට මෙහෙම නං අවුරුද්දකදි මොනා වෙයිද මන්දා. මම මොනවත්ම නොකියා කාමරෙන් පිට වෙන්න හැදුවෙ.
කාලද ඉන්නෙ දෑන්…
න්හෑ… ඒ අහපු විඳිහට මම කීවෙ නෑ මට කියවුනා.
හලෝ මේ… ඒ ගමන එයා කෑ ගැහුවෙ පුරුදු යක්ෂ වර්ෂන් එකෙන්.
ත…මු සෙ බඩගින්නෙ ඉදලා උපවාස කරනවා වෙන කොහෙ හරි ගිහින්.. මෙහෙ ඉන්නකං කාලා බීලා ඉන්නවා.. &ලේ## ටිකක් පේන්න බෑ
පේන්ට් වෙනවා මෙතන..මට ගෑ..ණු උස්ස ගෙන එහෙ මෙහ දුවන්න වෙලාව නෑ..
ඔන් න ඉතින් පුරුදු යකා එලියට පැනලා.
මම එලියට ගිහින් කන්නම් සර්… වෙන කිය න්න දෙයක් නැති නිසා මම කීවා.
එලියට යන්න ඕනි නෑ..මේ තියෙන්නෙ මේ කෙන් කනවා…
එයා එහෙම කීවෙ ස්ටූල් එක උඩ තිබුන කෑම ප්ලේට් එක මගෙ අතට දෙන ගමන්.
මේ සර්ගෙ කෑම එකනෙ.. මම එලියට ගිහින් කන්නම්…
ඒ ගමන ත…මු සෙ කියන්නෙ මට ඕක කවන්න කියලද..?
අනේ මන්දා මොනා කීවත් හිතන්නෙ වැරදියට මයි මට තේරෙන්නෙ නෑ කොහොම කතා කරන්නද කියලා.
එහෙම නෙවී සර්… මම දෙයක් කියන් හැදුවා.
මේ ඕ…යි..වේලක් දෙකක් නොකා හිටියට මාව පේන්ට් වෙලා ඇදගෙ වැටෙන්නෙ නෑ… මගෙ ය කා අවුස්සන්නෙ නැතුව ඕක කාලා ඉන්නවා
ගෑ…ණු නලවනවට වඩා කරන්න මට වැඩ තියනවා..
එයා එහෙම කීවේ ඇඳෙන්න නැඟිටලා මගේ ලඟට එන ගමන් මම කොච්චර බය උනාද කි යනව නං කපෙු සැන්විච් කෑල්ලත් හිර වෙන්න ගියා. ඇස් වලට කඳුළුත් ආවා.
හීමීට කනවා….හිර වෙලා මැ..රෙ න් නෙ හද නවා ඒ ගමන… වෙන මොනවත් ඕනි නෑ.. ත..මු සෙ ට උඟුරෙ හිරකර ගන්නෙ නැතුව කෑමවත් කන්න පුළුවන්ද… ලක්ෂ විසි පහක්ට තියා සත විසිපහකටවත් වැඩක් නෑ..
ඒ සමච්චල් හඬ මගෙ ඇස්වලට කඳුළු අර ගෙන ආවා. මේ අසරණකම මට තවත් දරා ගෙන ඉන්න බෑ.
සර්.. මම අනාත කෙ… ල් ල කේ තමා.. මගේ අම්මා තාත්තා කවුද කියලා කියන්නවත් මම දන්නෙ නෑ.. මම හිටියෙ ළමා නිවාසෙක..ඒත් ලක්ෂ විසි පහකට හරි ශත විසිපහකට හරි මාව ගන්න කියලා මං සර්ට කීවේ නෑනේ..
සර්මයි මාව හොයාගෙන ආවෙ… මගෙ අසර ණකම සල්ලි වලට ගත්තෙ… ලක්ෂ විසිපහක් දීලා දෙයක් ගන්න කෙනෙක් ඔයිට වඩා ඒ ගැ න හොයලා බැලුවෙ නැති එක මගෙ වැරැද්දක් නෙවී..
මට සල්ලි ඕනි නෑ සර්.. මාව අපහු ගිහින් නිවා සෙට දාන්න.. එයාලා භාරගත්තෙ නැත්තං
ඔහෙ කොහෙ හරි ගිහින් මහපාරෙ හරි ජිවත් වෙයි…
හිතේ තිබුන දුක වේදනාව තරහා අසරණකම තවත් මොකක්දෝ නොතේරෙන හැඟීම් වැලක් හින්දා මම ඔහේ කියවගෙන ගියෙ කියන්නෙ මොනවද කියලා තේරුමක් නැතුව. ඇත්තමයි මම හිටියෙ කිසිම දෙයක් හිතා ගන්න බැරි තරම් නොසන්සුන් වෙලා.
මම එහෙම කීවම ඒ ඇස් තරහින් ලේ පාට වෙලා යනවා මම දැක්කා. මුළු මූණම කළුපාට වෙලා. තදින් මිට මොලවගත්ත අත් තරහින් වෙව්ලනවා.
දෙයියනේ ඒ වගේ තරහක් මම කවදාවත් කා ගෙන්වත් දැක්කෙ නෑ. තවත් අඩියක් දෙකක් මං ලඟට එනකොට මම හිතුවෙම මාව උස්ස ලා පොලවෙ ගහයි කියලා.
ඒත් මංදිහා බලලා මාව පිච්චිලා අළුවෙලා යන්න පුළුවන් විඳිහෙ රැවිල්ලක් රවලා. මාවත් තල්ලුකරගෙන එයා කාමරෙන් එලියට ගියා.
හමුවෙමු.
අම්මෝ ඒ තරහා. මටත් බය හිතෙනවා. ඇත්තටම නපුරු පිරිමි ගැන ලියන්න මම දන්නෙ නෑ, ඉතිං මෙයා හිටපු ගමන් ආදරණීය වෙයි කියලා සාධාරණ සැකයක් මට තියනවා. ඇරත් මේ කෙ…ල් ලො ත් මං වගේමයි කොච්චර අහිංසක වෙන්න හැදුවත් මොකක් හරි කට කැඩිච්ච කතාවක් කියවෙනවා ඉබේම. අවුල් වගේ නං කියන්න. ලස්සනයිම කියන්න එපා අඩුපාඩුත් කියන්න