කාවින්දි ලියනගේ

19 කොටස

සුදු මැණිකේ ………

අප්පච්චී …………

සුදු මැණිකේට ඇහැකිද මේ සතියේ වලව්වට ඇවිත් යන්න..

අප්පච්චී හදිස්සියේම …ඔයාලා හැමෝම හොදින් නේද…

නැ..නැ..එහෙම දෙයක් නෙවෙයි දෝණී .අපි හැමෝම හොදින්..මන් කිව්ව කාරණාවට මොකද දෝණී කියන්නේ …හෙට දිහාවට එන්න ඇහැකි නේ……..

ම්…….හරි අප්පච්චී මන් එන්නම්….

මන් එහෙනම් පියසෝම එවන්නෙයි සුදු මැණිකේ එකන් එන්න….

ඕනි නැ…අප්පච්චී මන් කෝච්චියේ එනනම්…කමක් නැනේද…..

හුම්….සුදු මැණිකේගේ ආසාව නොවැ..පරිස්සමෙන් එන්න දරුවෝ …..

හොදයි අප්පච්චී

ඇයි මේ මට එකපාරටම ගෙදර එන්න් කිව්වේ ..මන් දැන් මාසෙකට කලින්නේ ගිහින් ආවේ…අප්පච්චී කතා කලෙත් එච්චර හොද හිතකින් නෙවෙයි කියලා මට හිතන්නේ ඇයි….

ම්…..එහෙම දෙයක් ………

නැ..එහෙම වෙන්නෙ කොහොමද .මාව දන්න කිසිම කෙනෙක් මෙහෙ නැනේ…..

අනේ මන්දා ගිහින්ම බලමුකො ඇයි එන්න කිව්වේ කියලා..

කල්පනාවේ හිටපු මාව එකපාරටම ගැස්සුනේ..මගේ ගෙල පිටුපසින් දැනුනු සීතල දෙතොල් පහසක් නිසා උනත්..

එ හුරුපුරුදු සුවදින් ඒ …..කවුද කියන්න මන් දන්න නිසා..මන් පිටුපසට බර වෙලා එ පපුවට හේත්තු උනේ ..

ඒ සවිමත් දෑත් මගේ බද වටේ බැදෙද්දී……..

සොරි මැණික මන් පරක්කු උනාට…

මැණික මන් එනකම් හුගාක් වෙලා බලන් ඉදියද ම්….

නෑ…රාගව් මන් ඇවිත් ඕනිනම් පැය භාගයක් විතර ඇති .අනික මට වේලාව යනවනම් දැනුනේ නැති තරම්…..

ම්..එකනම් මාත් දැක්කා..බර කල්පනාවක හිටියේ කියලා..මොනාද ඔච්චරම කල්පනා කරන්න තියෙන්නේ මගේ සුදු මැණිකේට…

සුදු මැණිකේ මට එන්න කිව්වේ …….

අප්පච්චී කතා කලා…..

ඉතිං මැණික අප්පච්චී හැමදාම කතා කරනවා නේද…

ඔව් ..එත් අප්පච්චී අද කතා කරලා කිව්වා මේ සතියේ ගෙදර එන්න පුලුවන්ද කියලා..

වට්…..එ කියන්නේ හෙද නේද………

හුම්…….

මොකක් හරි වැදගත් දෙයකටද දන්නේ නෑනේ මැණික .එනිසා ගිහින් බලන්න..හොදද…..ම්…….

දැන් ඕකටද අහස පොළව ගැටගන්න කල්පනා කරේ…

නැ..අද අප්පච්චී කතා කරපු විදිහ ටිකක් වෙනස්….

එ ඇයි ……..

අනේ මන්දා..මට හරි අමුත්තක් දැනුනා….

ම්…..ගිහින්ම නේද බලන්න වෙන්නෙ.

හුම්ම්…..මේ මන් එහෙනම් බෝඩිමට යන්නම් .ඔයාට යන්න කියනවා කියන්න එන්න කිව්වේ ..දවස් දෙකක් විතර දකින්න වෙන්නෙත් නෑනේ මට…

අනේ මැණික ඔය ඉතිං ……දවස් දෙකයිනේ දරුවෝ …ම්…..දවස් දෙකක් මාව දකින්නේ නැතුව ඉන්න බෑ කියලා ඔහොම අඩනවම්..කවදාහරි මාන් ආයෙ එන්නෙ නැති වෙන්නම ගියොත් ….

මො…….මොක්…මොක්කද කි..කි…කිව්වේ ඔ..ඔයා ……

නැ…නැ..මැණික මන් මේ කිව්වේ මන් හදිස්සියේන් රට එහෙම ගියොත්..කොහොමද මැණික ඉන්නේ…මන් සමහර වෙලාවට මාසෙකට වඩා රටින් පිට ඉන්නවා..එහෙම උනොත් අඩාගෙන තමා ඉන්න වෙන්නේ……

ගැනු ලමයෙක් නේද..ගෑණු දරුවෙක් උනහම ඔයිට වඩා හුගාක් ශක්තිමත් වෙන්න ඕනි දරුවෝ ඕනිම දෙයක් දරාගන්න පුලුවන් වෙන්න..ඔනි….තේරුනාද ..
ම්…….

කෝ එන්න මගේ අඩන බබා……

රාගව් මාව එයාගේ තුරුලට අරන් මගේ හිස පිරිමදිමින්න ගමන් මාව සනසන්නේ…පොඩි දරුවෙක්ව බලා ගන්නවා වගේ..

දැන් මැණික හෙට යන්න හිතන් හිටියේ කොහොමද ……

මන්.මේ..මේ කොච්චියේ යන්න හැදුවේ ….

ආ…ආව්ස්..කන කන…අනේ රිදෙනවා ….

කන තමයි..පොඩි දේකටත් හොටු පෙරාගන්නවා .හැබැයි කතාව තනියම ට්‍රේන් එකේ යන්න..

උදේ ලෑස්ති වෙලා ඉන්න මන් ගිහින් දාන්නම්.

අනේ එහෙම ඕනි නැ…හෙට ඔයාට ඉම්පෝර්ටන් මීටින් එකක් තියෙනවා කිව්වා නේද .එකයි මන් ට්‍රේන් එකේ යනවා කියලා හිතුවේ ….

අනේ බන් උබට වඩා වටින් දෙයක් තියෙනවද මට..ම්…….පිස්සු කෙල්ල….

ප්ලීස් එකම් එකක්…..කොල්ලා දවස් දෙකක් වෙලී වෙලී ඉන්න එපැයි පව් නැද්ද .
ම්…….මන් පව් කියලා ගෙනතුත් ඇරලුවා.

රාගව් අපේ ගෙවල් කිට්ටුවෙන් වාහනේ නතර කරලා මට බහින්න නොදි මේ නාහෙන් අඩන්නේ…..

අනේ………..

මොකෝ බන් ඇඹරෙන්නේ…මන් පොඩි……කිස් එකක් ඉල්ලුවේ……

සැක් ඒ මොක්කද බන් ඒ…..

මන් රාගව්ගේ කමුලක පොඩි හාදුවක් තියලා වාහනේන් බහින්න් හැදුවත් .රාගව් මට බහින්න නොදී මාව අල්ලාගෙන මගේ දෙතොලට බර උනේ මගේ ඇස් මටත් නොදැනිම පිය වෙද්දී……

පිස්සු කෙල්ල…….

යන්නම්වත් නොකියා වාහනේ බැස දිව යන ඈ දෙස ඔහු බලා හිදින්න වුයේ සිනාමුසු මුහුණෙනි…..


විශාඛා උබ සුදු මැණිකේට කාරණාව ගැන කිව්වැයි..

තාම නෑ අම්මේ .තාම සුදු මැණිකේ ආව විතරනේ එ දරුවා ගමන් මනසිය ඇරලා ආවහම නිවාඩු පාඩුවේ කියනවා කියලා හිතුවේ…

මේ විශාඛා විකාර නොකියා හිටහන් මොකෝ පයින් නෙවෙයි එන්නේ.උබලා තමා මුන්ව හුරතල් කරන්නේ…..

කෝ එන්න කියපන් සුදු මැණිකේට .උබලාට බැයි නම් මන් කියන්නම්..

මොකක් ගැනද අම්මේ ආච්චි අම්මා මේ ක කියන්න හදන්නේ …..

මේ…මේ මේකයි සුදු මැණිකේ …..

මතුසම්බන්ධයි ………….

දියණියකගේ හදෙහි පලමු වතාවට පිරිමියෙක් ලෙස සිත දිනා ගන්නේ පියකු වුවත්,

පියාගෙන් පසු එම දියණිය පියා තරම් සෙනෙහස රැකවරණය සොයන්නේ තම සිත නතු කර ගත් අනාගත දිවියේ තමන් සමඟින් එකතු වී දැකපු සිහින සැබෑ කර ගැනීමට අත් වැලක් වන සිහින කුමරායි

ඉතින් එවැනි සෙනෙහසක් ලබන්නට තරම් මා පින් කර ඇති මුත්

දරාගැනීමට නොහැකි නුඹ මා වෙනුවෙන් කරන සියලු දේ

එබැවින් මා දිවි තිබෙන තුරාවට නුඹත් සමඟින් ආලයෙන් අපේ සිහින ලොව තනා ගැනීමට සවියක් ව හිඳින්නම් කුමන බාධා ආවත්…

ආදරෙයි රං හුස්ම ඇති තෙක් ❤️

මාදීගෙන්

තැන්ක් සෝ මච් #බුවිනි සිහස්නා මැණික