වෙස්
විසිවන දිගහැරුම
Episode 20
ශේෂා ඔයා තමයි සේරමට වග කියන්න ඕනේ……..ධනුකව අවුස්සව ගත්තේ ඔයාම තමයි……”
“මම මොකක්ද කරේ ධනුකව අවුස්සවන්න …..අනේ මේ නොදන්න දේවල් කතා නොකර ඉන්නවා මිෂ්කා……”
“ඔයාගේ හැට හතරට අහු වෙන්නේ නැති කෙනෙක් ඉන්නවද ඉතින්….”
“මට හැට හතරක් නම් ඔයාට ඇති එකසිය විසි හතරක්…..”
“අනේද කියන්නේ…..මගේ පස්සෙනේ ධනුකයා එන්නේ…..තාම බැරි උනාද අපේ නළු බට්ටව දාගන්න…”
මිෂ්කා එසේ කීවේ පසෙකට වී සිටින දිසෙන්ව ඇසින් සන් කර පෙන්වමිනි.
“දිසෙන් දකී…මිෂ්කා ..පාඩුවේ ඉන්නවා….”
“ඔන්න දවසක ධනුකයයි දිසෙනුයි %% ගන්නවා ත/මු/සෙ නිසා….ඒක නෙමේ අපි යමු ඩාන්ස් කරන්න……”
“මට බෑ මිෂ්….”
“ඇයි ඒ…..”
“දිසෙන් එහෙන් මම නිසා තුවාල වෙලා ඉන්නවා……..මට ඩාන්ස් කරන්න මූඩ් එකක් නෑ මිෂ්කා….”
“අනේ මේ ක්ලබ් එකට ආවේ බාවනා කර කර ඉන්නද……..”
“මගේ අත රිදෙනවා ……මම එන්නම්.මගේ අත අතාරින්න……”
“එහෙනම් එනවා යන්න….”
සෙහන්සා මිෂ්කා සමඟ ගියේ දිසෙන් දෙස හැරි හැරී බලමිනි….
දිසෙන් නම් සිටියේ සිය ජංගමය ඔබමිනි…………
තමා ඔහු වෙනුවෙන් මුහුණුපොත් ගිණුමක්
සකසා දුන්නේ අනුවණ කමට යැයි ඇයට සිතුණි.
ඔහු මේ මොහොතේදී ඇය සමඟ කෙටි පණිවිඩ යවනවාදැයි සැකයක් සෙහන්සාට ඇතිවිය.
ආදරය මේ තරම් හිත දවන්නේ ඇයිදැයි ඈට සිතාගත නොහැකිය.
ඔහු මේ තරම් තමාගෙන් ඈත් වෙන්නේ සොනාලී නිසාදැයි ඈට සිතේ….
“මොකද කැඳ බීලා වගේ අද නටන්නේ….”
“එහෙම එකක් නෑ මිෂ්….ඉක්මනට ගෙදර යන්න ඕනේ…දිසෙන් ඉන්නවා ඇත්තේ අමාරුවෙන්……”
“අම්මෝ පුදුම ආදරයක් නේ……මටම වෙලාවකට පුදුමයි.මෙච්චරකල් හැමෝටම ගණන් උස්සපු ඔයා දිසෙන් වෙනුවෙන් මෙච්චර නැහෙන එක…….”..
සෙහන්සා ඊට කිසිවක් පිළිතුරු නොදී නටන්නට වූයේ දිසෙන් ගැනම සිතමිනි….
දිසෙන් සෙහන්සා නටන අන්දමට දෑස් යොමුකරන් උන්නේ බොහෝ වේලාවක් සිටය……..
ඇගේ හැසිරීම වෙනදාමෙන් කෙළිලොල් නැත්තේ ඇය තමා ගැන බොහෝ සෙයින් වද වෙන නිසා යැයි ඔහු දනී…….
සෙහංසා තම හදවත පිරිමදින්නේ කෙතරම් මුදු ලෙසද?ඇගේ ආදරය මෙතරම් දැනෙද්දී කෙසේ නම් ඇගෙන් ඈත් වෙන්නදැයි දිසෙන්ට සිතාගත නොහැකි තරම් ය………..
❤️❤️❤️❤️❤️❤️
දිසෙන් හා සෙහන්සා සමාජ ශාලාවේ සිට ගෙදර එන මොහත දක්වා උන්නේ නිහඩවමය.
“පව් … .සිකුයුරිටි හොඳටම නිදිමතින් හිටියේ….”
සෙහන්සා එසේ කීවේ ඇගේ රිය මිදුළට දමන ගමන් ය.
“ඒක තමා…..”
“දැන් නම් ඔයා අමාරුවෙන් වගේ ඉන්නේ
..බෙහෙත් දාන්න යන්න කතා කරාම කෝ ගණන් ඉසුවානේ…”
“ඒක ගානක් නෑ…..”
රියෙන් බැසගත් සෙහංසා සිය අත්බෑගයේ වූ අමතර යතුර ගෙන දොර විවර කළේ සිරුවටය.
සෙහන්සා උඩුමහළේ වූ සිය කාමරයට යද්දීම ඈට හමුවුයේ ජයන්තීය…
“ආ ශේෂා ඔයා ආවාද?අද නම් ටිකක් වේලාසන ඇවිත්…..මම මෙච්චර වෙලා බලන් ඉඳලා දැනුයි මේ උඩට ආවේ…..”
“තාත්තී ආවද ?….”
සෙහංසා ඇසුවේ සිය පියාගේ රිය නිවසේ නැවතුම් පළේ දුටු නිසාවෙනි.
” අද වේලාසන ආවා…ඔයා එහෙනම් වොෂ් දාගෙන නිදාගන්න ශේෂා …..මට බෙහෙත්වලට හරිම නිදිමතයි……”
“ගුඩ් නයිට් අම්මා……..”
“ගුඩ් නයිට් ශේෂා………”
සෙහංසා සිය කුටියට වැදී ඇඟපත දොවාගෙන විත් රාත්රියට අඳින කෙටි කලිසමක් හා ටීෂර්ට් එකක් ඇඳගෙන පහළ මාලයට ගියේ කකුලේ ඇඟිලි තුඩු බිම නොගැටෙන පරිද්දෙන් හෙමිහිටය….
මුළුතැන්ගෙයි තිබෙන ප්රථමාධාර පෙට්ටිය ගත්තේ හිමින්සිරූවේ ය.
ඉන් අනතුරුව දිසෙන්ට ඇමතුමක් ගත්තේ ඔහුගේ කාමරයේ දොරකඩ සිටියදීමයි.
“දිසෙන් මම ඔයාගේ කාමරයේ දොරළග…
ඉක්මනට දොර අරින්න…………”
ඈ කීවේ හිමිහිට කිසිවෙකුටවත් නොඇසෙන පරිද්දෙනි….
“ඇයි මොකටද ……”
“පොඩ්ඩක් දොර අරිනවා…..”
දිසෙන් මොහොතක් ගත්තේ නිරුවත් උඩුකය ටීෂර්ට් එකකින් වසා ගැනීමටය….
“මොකටද හැමතිස්සෙම මගේ කාමරේ අස්සේ රිංගන්න එන්නේ ශේෂා……”
“ඔයාගේ තුවාල වලට බෙහෙත් දාන්න…”
ඇය ඔහුගේ යහනේ වාඩිවූණේ හිසින් ඔහුට ඒ අසළින් හිඳ ගන්නා ලෙස සන් කරමින්….
“කොහෙද තුවාල වුනේ…මම දැක්කා අත්වල හැම තැනම සීරුම් පහරවල්…කෝ ඔය ටීෂර්ට් එක ගලවන්නකෝ….”
“මට බෑ….”
“බෙහෙත් දාන්නනේ…..”
ඇය මෙතරම් තමා ගැන වදවෙද්දී බොරුවට ආඩම්බරකම් පෑම නොකළ යුතු යයි දිසෙන්ට සිතුණි.
“මේ බලන්න…හැමතැනම තුවාල…..”
ඔහුගේ පැහැපත් උඩුකයේ තැනින් තැන වූ රත් පැහැ ගත් සීරුම් පෙන්වමින් ඈ කීවේ දුකිනි.
පුළුන් කැබැල්ලකට ඩෙටෝල් දමා ඈ සීරුවෙන් ඔහුගේ තුවාල පිසදැම්මේ නොරිදෙන පරිද්දෙනි…..
අනතුරුව බෙහෙත් ගෙන ආලේප කරන ආකාරය දෙස ඔහු බලා සිටියේ ආදරයෙනි.
තමාගේ මව මෙන් තමාගැන ඈ වදවෙයි…
ඈ වන් ඉහළ පැලැන්තියේ විනෝදබර,සමාජශීලී යුවතියක් මේ සා ආදරණීය යැයි සිතා ගැනීමටත් අපහසු යැයි ඔහුට සිතේ….
ඈ ඔහුගේ නිරාවරිත උඩුකය දෙස බලාගෙන බෙහෙත් දැල්වූයේ ගැහෙන දෑතිනි….
මේතරම් කඩවසම් තරුණයෙකු ඈ මීටපෙර දැක නොමැති තරම් ය…
ඔහුගේ කඩවසම් සිරුර කෙතරම් මනබදින්නේ දැයි ඈට සිතුණි…
“වෙන කොහෙද තුවාල වුනේ……”
“එච්චරයි..ශේෂා…තෑන්ක්ස්….ඔයා නර්ස් කෙනෙක් වගේ……”
“ඔයා හරි නරකයි දිෂ්….ඔයාට මම මෙච්චර ආදරේ …ඔයාට මාව පේන්නේ නර්ස් කෙනෙක් වගේ විතරයි….ඇයි මගේ ආදරේ පේන්නේ නැත්තේ……”
ඈ කීවේ ඔහුගේ දෑස් දෙස එක එල්ලේම බලමිනි.
“වැඩක් නැති ආදරයක් ගැන කතාකරන්න එපාශේෂා….දැන් දොළහත් පහුවෙලා…ඔයාගේ කාමරේට ගිහින් නිදාගන්න….”
“මාව එළවන්න එපා රන්…..මම විතරද ඔයාට ආදරේ කරන්නේ…..?”
සෙහෙන්සා ඇසුවේ ඔහු දෙස විනිවිද යන බැල්මක් හෙළමිනි….
ඒබැල්ම ඔහු ඉවසා සිටියේ අපහසුවෙනි….
“ඇයි ඔයාට තව අය ඉන්නේ…….මම වගේ ඔයාගේ යටතේ වැඩ කරන කෙනෙක් වෙනුවෙන් මොකටද මෙච්චර ඔයා නැහෙන්නේ….”
ඈ එක්වරම කල්පනා කරන්නට වූයේ ඈ කතා කරන්නේ කවුරුන් ගැනද යනුවෙනි….
“කවුරු ගැනද ඔයා කියන්නේ….දිෂ්…..?”
“අර ත/මු/සෙ පස්සේ එන්නේ ,ඇවිත් මටත් තර්ජනය කරලා ගියේ….දන්නවා නේ කවුද කියලා……”
“ධනුක…..එයා ගැන මොකටද මම හිතන්නේ…..එයා මගේ කවුරුවත් නෙවෙයි….”
“මට ධනුක කිව්වා……කොලේජ් යන කාලේ ඉඳන් ලූ ලව් එක තියෙන්නේ කියලා…..”
“ධනුක කියන්නේ බොරු…….
“කො%% නිකන් පස්සේ එන්නේ නෑ නේ…….අනික කොච්චර කල් ඉඳන්ද ධනුකයා ලව් කරලා තියෙන්නේ…..”.
“මට වඩා විශ්වාස ඒ&&& නම් මොනා කරන්නද?.”
“මම ආවට පස්සේලූ ඔයා වෙනස් වුනේ…..”
“මට යන තරහට ඕ%% හොම්බට දෙකක් ඇනලා එන්නමයි හිතෙන්නේ….”.
“කතාව ඇත්තනේ ඉතින්……..”
“අනේ මේ දිසෙන් ඔයා නොදන්න දේවල් ගැන කියවන්නේ නැතිව ඉන්නවා….මගේ ආදරේ එහෙම වෙනස් වෙන්නේ නෑ……මම ආදරේ කළේ කරන්නේ ඔයාට විතරයි…ඔයා මට ආදරේ නෑ….මම තනියම ඔයාට ආදරේ කරන්නේ….ඒක මගේ කරුමේ…ඒ වුනත් මම ආදරේ ඔයාට විතරයි……….”.
අන්තිම වචන කීපය කියන් යද්දී ඇගේ හඬ බිඳි ගිය ආකාරය හා ඇස්වලට කදුළු ඉනූ ආකාරය දුටු දිසෙන්ට තවත් ඉවසන්නට නොහැකි විය……..
ඔහු එක්වරම තමා ගේ පසෙක සිටි ඇයව ඔසවා ගෙන සිය උකුල මතින් තබාගත්තේ සෙහංසාගේ දෑස් පුදුමයෙන් විසල් කරමිනි….
“එදා වගේ මෙහෙම වාඩි වෙලා ඉන්න ….මම හරිම ආසයි…..”
ඔහු එසේ කීවේ ඇගේ සවනට හිමින් මුමුනා මෙනි…
“ඔච්චර ඇස් ලොකු කරගන්න එපා …..ඔයා විතරක් තනියම ආදරය කරනවා කියන්න එපා මීටපස්සේ…..”.
“ඒ කිව්වේ…..”
තිස්සේම ගිරවියක් මෙන් දොඩමළු වෙන ඈගේ මුවට ඈ වදන් එක් කරගත්තේ අපහසුවෙනි…..
“ඒ කිව්වේ මේක වන් සයිඩ් ලව් එකක් නෙවේ.බෝත් සයිඩ් ලව් එකක්…..”
දැන් ඈගේ දෑස් ඇත්තේ නළලේය…
“මොකෝ ඔච්චර ඇස් ලොකු කරන් ඉන්නේ….මහ ලොකු චණ්ඩියානේ…..කෝ ඔය කටට මොකක්ද උනේ…..”
ඔහු කීවේ ඇගේ මුව හිමිහිට ඇයට නොරිදෙන්නට මිරිකමින්….
ඇය ලැජ්ජාවෙන් ඔහු දෙස බලා සිටියේ නෙත් කොනිනි….
“ඔහොම බලද්දී මට මාව කන්ට්රෝල් කරන්න අමාරුයි ශේ…….”
ඔහුගේ එක් අතක් ඇගේ හිස වටාත් අනික් අත ගෙලවටා ගියේ එක් ක්ෂණයකිනි…..
ඔහුට පෙනුනේ ඒ රෝස පෙති සේ සියුමැලි තොල් පෙති පමණකී…
සෙහන්සාට හා ඔහුට දැනුණේ කාලය මොහොතකට නැවතුනා සේය………
ලොවම නැවතී දෙදනා පමණක් මේ ලොව ඉතිරිවී ඇතැයි ඔවුන්ට සිතෙන්නට ඇත…….
මොහොතකින් මිදුණත් දෙදෙනාම සිටියේ ලවන් රසකැන් වලට මත්වීමෙනි.
ඇය තවම හුන්නේ ඔහුගේ උකුල මතමය.
“හැබැයි ශේ ….දෙයක් කියන්න තියෙනවා ඔයාට…..”
දිසෙන් එසේ කීවේ සෙහන්සාගේ හදවතේ ගැස්ම වැඩිකරමින්………
හමුවෙමු මීළඟ දිගහැරුමෙන්