ආදරණීයම ඔයා……09

සෝන්‍ය නිවසට පැමිණියේ හොඳටෝම හව ස්වීය. ඒ දෑස් රතු වී මුහුණ ඉදිමී තිබිනි. ඔහු සිටියේ හඬා වැටීමෙන් හෙම්බත්ව වග මට හොඳටම පැහැදිලිය.

දෙවියනේ ඔහුව එතරම්ව වේදනාවට පත්කල අසරණ කුමක් ද.. එවන් අසරණ කමකට ඔහු ඇද දැමූයේ කවුරුන්ද..

ඒ කියන්නේ ඔහු ආදරය කරනා කිසිවෙක් එත රම්ම ආදරය කරනා කිසිවෙක් ඔහුගේ ජීවිතය අසරණකරමින් හිදිනා බවද..

නොතේරෙන බියකින් මා වෙව්ලා ගියෙමි. එ හෙත් කවරම හේතුවක් නිසාවත් මට සෝන්‍ය ව අහිමි කරගත නොහැකිය.

ඔහු කෙසේ කාගේ කවුරුන් උවත් මාගේ නීති යාණුකූල සැමියාය. මාගේ නෑදෑ පිරිවර ඉදිරියෙ පෝැරුමස්ථකාරූඪව අතපැන්වත්කර ඔහු මා ඔහුගේ බිරිඳ ලෙසින් භාරගත්තේය.

එහෙයින් කවර හේතුවක් කවුරුන් උදෙසාවත් මට ඔහුව අහිමිකර ගත නොහැක. මා නිසා අම්මාටත් මල්ලීටත් දුකක් වේදනාවක් අත්කර දිය නොහැකිය.

සෝන්‍ය ඇයි මේ… අසනිපෙන්ද ඔයා… ඔහුගේ ඉදිමුණු මුහුණ දෙස බලාගෙන මා ඇසුවෙමි.

තාදී මම හොඳින්..

ඒ දෑස් මගේ ඇස් මඟ හරිමින් කීවේය.

එහෙනං ඇයි ඔය ඇසුත් එක්ක රතුවෙලා… මට උවමනා වූයේ ඒ දැස් අල්ලා ගන්නටය.

එහෙම දෙයක් නෑ තාදී මං හොඳීන්..හොඳටම ටයර් ඩ්…. මං රූම් එකට යනවා…

කියාගෙන සෝන්‍ය එතැනින් පිටවිය. මේ මො හොතේ තවත් ඔහු හා කතා කර පලක් නැතයි සිතූ නිසාම මම නිහඬ වීමි.

ඔයාටයි.. ඔයාගෙ ඔය මැණිකටයි හැමදාම හැංගිලා ඉන්න බෑ..සෝන්‍ය..මම ඉක්මනින්ම ඔයාලව හොයා ගන්නං..

මගේ ජීවිතේට මෙහෙම කලේ ඇයි කියලා

එදාට ඔයාට උත්තර දෙන්නම වෙනවා.. හැබැ යි හිතන්න එපා.. මං එයාට ඔයාව බාරදෙයි කියලා නං..

මං ඔයාගෙ ලීගලි වයිෆ් ඒක කවදාවත්ම වෙන කිසිම ගෑ ණියෙකුට මං ජීවත් වෙලා ඉන්න කං මම දෙන්නෙ නෑ.. ඔයා කැමති උනත් අකමැති උනත් ඒක ඒහෙමම තමයි.. මම පිටව යන සෝන්‍ය දෙස බලා සිතුවෙමි.

මා කාමරයට යද්දීත් සෝන්‍ය සිටියේ යහනේ වැ තිරගෙනය. දෑස් පියාගෙන හිඳිද්දිත් ඔහුගේ දෑ සින් කඳුළු ගලනවා මට පෙනිනි. දෙවියනේ එ වන් වේදනාවක්.

මොහොතකට මගේ හදවත නතර විනි. ධනුක ගේ වියෝගය මාව කොතෙක් වේදනාවට පත් කලේ දැයි දන්නේ මාම විතරය.

ඉදින් සෝන්‍ය මේ විඳින්නේත් එවන් වේදනාවක් ද ඒත් කුමක් සඳහා ද.. මට නොතේරෙන්නේම එයමය.

සෝන්‍ය ඇයි මේ අසනීපෙන් ද ඔයා….

සෝන්‍ය ගේ උරහිස මතින් සුරත තබමින් මම ඇසුවෙමි.

සැරයක් දෙකක් කීවම අහන්න දරුවො මම හොදින් ඉන්නෙ…

ඔහු කීවේ දෑස් විවර කරන්නේ නැතිවමය.

ඔයා ලන්ච් අරගෙන ඉන්නෙ..?

තාදී…

බොන්න මොහා හරි හදන්න ද…?

හ්ම්ම්..මුතු අම්මට කියන්න ප්ලේන්ටියක් හද න්න කියලා…

ඔහු කීවේ මගෙන් බේරෙන්න බැරිම තැන වන් නට ඇත.එහෙත් හිතට දැනුනේ අසරණකම කි. සෝන්‍යට මුතු අම්මා තරම් මා දැනෙන්නේ නැත.

මුතු අම්මා ඕනි නෑ මං හදාගෙන එන්නං..

බොරුවට මහන්සි වෙන්න එපා තාදී…

සෝන්‍ය… මම ඔයාගෙ වයිෆ්… ඉතිං ඔයාට තේ එකක් හදන එක මට මහන්සියක් නෙවී..

මගේ වදන් වල කවර හැඟීමක් වූයේ දැයි මම ම දැන සිටියේ නැත.

හා එහෙනං හදාගෙන එන්නකො බලන්න… ඔහු කීවේ මා කෝපයෙන් හිඳිනවා යැයි සිතා වන්නට ඇත.

මම තේ කෝප්පය පිලියල කලේ දන්නා ශිල්ප සියල්ලම දැක්වීමෙන් අනතුරුව. කොහො මට ත් ඉවුම් පිහුම් කටයුතු වලටත් ගේ දොර වැඩ කටයුතු වලටත් මනා පලපුරුද්දක් විය.

අප්පච්චීගෙන් බැනුම් අසමින් උවද අම්මා මට ඒ සෑම දෙයක්ම මනාව හුරුපුරුදු කලාය.

කෙ ල් ල ව මහන්සි කරන්න එපා ..

යැයි අප්පච්චි කියනා සෑම විටකම

නැත්තං තැනකට ගිය දාට ඔයාට නෙවී මටනෙ බැනුම් අහන්න වෙන්නේ යැයි අම්මා නිතර කීවාය.

මා තේ කෝප්පයත් රැගෙන කාමරයට ගියේ ගිලම්පස පූජාවක් රැගෙන යනවාක් වැනි අමු තුම හැඟීමකිනි.

සෝන්‍ය මේ තේ එක බීලා ඉන්නකො….

මම ඔහුට කතා කලෙමි.

හිසේ කැක්කුමද පෙනඩෝල් දෙකක් දෙන්නද..

මා ඇසුවේ ඔහු තේ බඳුන අතට ගන්නා අතර තුරය.

ඕනී නෑ තාදි..මේක බීලා ටිකක් නිදා ගත්තාම හරියයි.. ඔහු කීවේ ඕනිවාට එපාවටය.

දවල්ටත් බඩගින්නෙ ද කොහෙද ඉදලා තියෙන් නෙ… මම කීවේ ඔහු දෙස බලාගෙනමය

ඒ මුහුණ හොඳටෝම මැලවිලාය. ඒ වෙහෙස නිසාම නොවේ යැයි මට සිතිනි.

තේ එක රසයි හැමදේම හරි ගානට තියනවා

ඔහු කීවේ මාගේ පැනයට පිලිතුරු නොදීමය.

හැමදේම හරි ගානට තියනාවා නං ජීවිතේ හරි රසයි සෝන්‍ය..

මා කීවේ පෙර දා ඔහු කී දෙයමය.

එකපාර අමාරුවෙයි තාදී..අපි හෙමීට හැම දේ ම හරි ගානට හදාගමු..

ඔහු කිවේ කුමන හැඟීමකින් දැයි මට නොතේ රුනත් කුමක් දෝ සැනසීමක් මට ඒ වදන්වලින් දැනෙන්නට විය.

හමුවෙමු.

ඇත්තටම මේක මෙලෝ රහක් නැද්ද.