10වෙනි කොටස🦋

ආදී කැබින් එකෙන් එලියට ආවේ සහන් දිස්නා ජගත් එක්ක.ආදී වෙලාව බලද්දි දැක්කේ තමන් නුවර එන්න පිටත් වුනු වෙලාව වේලාසන වැඩියි කියලා.නුවරට ආපු ආදී හැරිලා බැලුවේ දිස්නා දිහා.

“දිස්නා ඔයා ගයාන්ගේ සෙක්‍රටිට කෝල් එකක් දීලා කියන්න අපි ඇවිත් ඉන්නේ කියලා.”

“ඕකේ සර්…”දිස්නා එහෙම කියද්දි ආදී හැරිලා බැලුවේ කෝල් එක්ක ඉන්න සහන් දිහා.තමන්ගේ හොටෙල් එක ගාවින් බැහැපු ආදී බැලුවේ නුවර පරිසරය දිහා.මේ නුවර කෙහෙ හිටියත් මිහානව හොයාගන්නවා කියන එකමයි ආදීගේ හිතේ වැඩකරේ.ආදීත්‍ය කල්පනාවෙන් මිදුනේ ජගත්ගේ හඩින්.

“ආදීත්‍ය සර් කාර් එක ලෑස්තියි.”ජගත් එහෙම කිව්වම ආදී හිනාවක් පාලා නැග්ගේ සහන් එක්ක.කාර් එකට නැගපු ආදී බැලුවේ සහන් දිහා.

“ආදී මන් ඔයාගේ අම්මා එක්ක කතා කරා.ආන්ටි කියනවා උ/බ අනිවාරෙන්ම ඩිනර් එකට එන්න ඕනමයි කියලා.අනික ආන්ටි කියනවා ඩිනර් එක ගොඩක් වැදගත් කියලා.”සහන් කියපු දේ ආදී නෑහුනා වගේ හිටියේ හෙමීට තමන්‍ටම මුමුනමින්.

“මොනවද ආදී ඔයා කියවන්නේ…අනික ආන්ටි ආපහු සැරයක් මට ගන්නකොට මන් මොනවද උ/බ/ගේ අම්මට කියන්නේ…”

“අම්මට කි/ය/ප/න් මට කතා කරන්න කියලා අනික අහන දෙයක් කියන දෙයක් මට කියන්න කි/ය/ප/න්.”ආදී කිව්වේ අම්මා ගැන ඇතිවුනු කේන්තියෙන් .සහන්ට පිටවුනේ සුසුම් හඩක්.සහන් පෝන් එක අරන් යමක් ටයිප් කරේ ආදී දිහා සැරෙන් සැරේ බලන ගමන්.

“ආදි සර් ගයාන්ගේ සෙක්‍රටි කිව්වා අපිට ගයාන් හොටෙල් එකට එන්න කියලා.ගයාන් සර් අපිව එතනදී පිලිගනී.”දිස්නා කිව්වේ කෝල් එක කට් කරලා.

“ජගත් ඔයාට දිස්නා කියපු දේ ඇහුනද…”

“ඔව් සර්…”

ආදී තමන්ගේ හීස සීට් එකට හේත්තු කරලා පෝන් එක විසි කරේ සහන්ගේ ඔඩෙක්කුවට.

“මම ටිකක් නිදාගන්නම්.”ආදී එහෙම කියලා තමන්ගේ දෑස් පියාගත්තේ මිහානාගේ මූන මැවී මැවී පෙනෙද්දි.

🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

“පියත් සර්…”මං එහෙම කිව්වේ පියත්ගේ කැබින් එකේ දොර බාගෙට ඇරලා .මගේ කටහඩ ඇහුනු පියත් …

“එන්න ඇතුලට…”පියත් ලැප් එක ඕෆ් කරලා කන්නාඩිය මේසේ උඩින් තියලා බැලුවේ මං දිහා.

“මිහානා මොකක්ද මේකේ තේරුම අනික ඔයා පරක්කු වුන පලවෙනි පාර නෙමේ මේ තුන්වෙනි පාර.”

“මට සමාවෙන්න පියත් සර්…මේ මම…”

“ඒ ඔයා මේ සතියේ ඕටී කරපු නිසාද…”මන් හිස වැනුවේ නෑ කියන්න.පියත්ගේ මුවින් පිටවුනේ සුසුම් හඩක්.

“ඔයාට ඕටී කරන්න දෙන්න කියලා මගෙන් ඉල්ලපුවම මන් දුන්නේ ඔයා ගැන හිතලා අනික ඔයා හොදට මේක කරයි කියලා හිතලා ඒත් ඔයා මොකක්ද මේ කරන දේ තේරුම.”මං නිහඩව හිටියේ පියත් සර් කියන සේරම දේ හරි නිසා.

“කෝ ඔයාගේ යුනිෆෝම් එක…”මන් ඒකටත් උත්තරයක් දුන්නේ නැති නිසාම පියත් සර් මන් දිහා බලාගෙන හිටියේ මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරුව වගේ.ටික වෙලාවක් මන් දිහා බලාගෙන හිටපු පියත් සර් ලාච්චුව ඇරලා ගත්තේ අලුත් යුනිෆෝම් එකක්.සර් ඒක අරගෙන මගෙ ඇගට විසි කරේ මන් අපහසුවෙන් ඒක අල්ල ගනිද්දි.

“ඔයාගේ යුනිෆෝම් එක වෙනස් කරලා ආපහු වැඩට යන්න.”

“තෑන්ක්ස් පියත් සර් …”පියත් සර් හිස වනලා ආපහු මන් දිහා බලාගෙන හිටියේ බැරෑරුම් ස්වරූපයකින්.

“මන් තාම මෙතන ඔයාව තියාගෙන ඉන්නේ ඔයා අපෙ හොටෙල් එකට එන කස්ටර්මස්ලට හොදට සලකන හින්දා.මීට පස්සෙත් ඔයා හතරවෙනි පාරටත් පරක්කු වෙලා ආවොත් ඔයාට චාන්ස් එකක් හම්බෙන්නේ නෑ කියන එක හොදට මතක තියාගන්න.එහෙම වුනොත් ජොබ් එකෙන් ඔයාට අයින් වෙන්න වෙනවා.”

“මට තේරෙනවා සර් ….”මන් එහෙම කියද්දි පියත් සර් මට අතින් සන් කරේ එලියට යන්න කියලා.මන් ඉක්මනට කැබින් එකෙන් එලියට ආවේ දැනටමත් මගේ හුස්ම හිරවෙලා වගේ දැනුන නිසා.මන් එලියට ඇවිත් දිග හුස්මක් ගත්තේ පපුවට අතකුත් තියාගෙන.

“මොකක්ද පියත් සර් කිව්වේ…”හිරු ඇහුවේ මන් ගාවට ඇවිත්.

“ඔයා කොයි වෙලේද මෙතෙන්ට ආවේ…”මන් හිරුගෙන් ඇහුවේ පුදුමෙන්.

“මන් ඔයා ගියපු වෙලේ ඉදන් මෙතන හිටියේ.මන් හිතුවේ පියත් සර් ඔයාට කෑ ගහයි කියලා.ඉතින් මන් මෙතන හිටියා.”මට දැනුනේ හිරු ගැන පැහැදීමක්.

“නෑ පියත් සර් කිව්වා අය පරක්කු වෙලා එන්න එපා කියලා.”

“හ්ම්ම්…ඒක හොදයි.”හිරු දැක්කේ මගේ අතේ තියෙන අලුත් යුනිෆෝම් එක.

“ඔයා අලුත් යුනිෆෝම් එකකුත් ගත්තද…”හිරු ඇහුවේ යුනිෆෝම් එකෙන් ඇස් අහකට නොගෙන.

“නෑ පියත් සර් මේක මට දුන්නා.”මන් එහෙම කියමින් හිරුත් එක්ක ආවේ අපිටම කියලා වෙන් කරලා තිබුන රෙස්ට් රූම් එකට.

“හ්ම්ම් ඉක්මනට ලෑස්ති වෙලා එන්න.මන් මෙතන ඉන්නම්.”හිටු එහෙම කිව්වම මන් ඇදුම මාරු කරේ දිග හුස්මක් වාතලයට මුදා හරින ගමන්.

🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

ලෑස්ති වෙලා එලියට ආපු මට ඇහුනේ වේටරියන්ගේ හඩවල්.මන් දැක්කේ එයාලා කවුන්ටරය ගාවට දුවගෙන යනවා.මන් හිරුගේ අත අල්ලගත්තේ වෙනදේවල් හිතාගන්න බැරුව.

“මොකක්ද හිරූ මෙතන වෙන්නේ….”

“ගිහාන් සර් අපේ ගෙස්ට්ව පිලිගන්න ඉස්සරහට වෙලා බලාගෙන ඉන්නවා.හැමෝම එතනට එන්න.”හිරූ උත්තර දෙන්න හදනවත් එක්කම අපිට ඇහුනේ පියත් සර්ගේ හඩ.

“හහ්…මේ ගෙස්ට් පිලිගන්න එක එච්චර වැදගත්ද…”

“ඔව් එන්න අපිත් යන්.”හිරූ එහෙම කියලා මාවත් ඇදගෙන ආවේ කවුන්ටරය දිහාට.එකාපාරටම පියත් සර් මට එන්න කිව්වේ මාව අතින් ඇදලා අරගෙන.

“මේ සේරම අයට වඩා ඔයාගේ හැසිරීම හොදයි.ඒක නිසාම ඔයා මාත් එක්ක අපෙ ගෙස්ට්ව පිලිගන්නවා.”මං පියත් සර් කියපු දේට අකමැත්තෙන් වුනත් හිස වැනුවේ මගේ ජොබ් එක නැතිවෙයිද කියන බයෙන්.මන් අමාරුවෙන් මූනට හිනාවක් අරගෙන බැලුවේ එලිය දිහා.හැමෝම කියන්නේ මට අනිත් අය ආකර්ශනය කරගන්න පුලුවන් හිනාවක් තියෙනවා කියලා.

“මං ඔයාට මේ හොටෙල් එක පෙන්නුවට පස්සේ ඔයාටම තේරෙයි අපේ හොටෙල් එක හොදම සේවාවක් කරන් තැනක් කියලා.”මට ඇහුනේ ගිහාන් සර්ගේ කටහඩ.ඒත් ටිකකට කලින් කවුන්ටරය ගාව හිටගෙන හිටපු හැමෝම එලියට යනවා.

“දෙයියනේ එයා ටීවී එකේ පෙන්නනවට වඩා ගොඩක් ලස්සනයි.”මට ඇහුනේ ගෙස්ට්ව දැකලා එක එක්කෙන මුමුනන වදන්.ඔය කියන තරම් මෙයා ගොඩක් ලස්සනද….”ඔව් ඕන කෙනෙක්ට පුලුවන් ලස්සන මූනකින් රවට්ටන්න.හරියට ආදී මාව රැවැට්ටුවා වගේ.මන් මෙයා ගැන හිතන්නේ නැතුව පියත් සර් කියපු වැඩේ හරියට කරන්න් ඕන.සමහර විට මන් මේක කරපුවම ගයාන් සර්ගේ හිත වෙනස් වෙලා මට පඩිවැඩිවෙන්න පුලුවන්.

“ඒයි මිහානා ඒ මගේ ක්‍රශ් එක…”හිරු කිව්වේ මට ලංවෙලා.

“ඔයාගේ ක්‍රශ් එක…”හිරු හිස වනමින් හිනාවුනේ පලවෙනි වතාවට එයාගේ ආ/ද/ර/ය දැක්ක කෙ/ල්/ලෙ/ක් ගානට.මුලින් මන් හිරූ කියන එක ගනන් නොගත්තෙ හිරූ හැම වෙලේම එකම දේ කියවන නිසා.ඒත් ටික වෙලාවකින් මං දැක්කේ අපි දිහාට ඇවිදගෙන එන….

🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

💫මතු සම්බන්ධයි💫

Advertisment