මෙහන්සා 05 කොටස

ඔයා මෙන්න මේ ටිකත් හොදට මතක තියාගන්න. කියමින් මයික් එකතමන්ගෙ අතේම තියාගත්තු මෙහන්සා කිලාන් දිහා කෙලින්ම බැලුව. ඒ බැල්ම දරාගන්න බෑ කියල කිලාන්ට හිතුන. වෙන දවසක නම් කෙල්ලෙක් තරහෙන් කතා කලොත් අනිත් පැත්තට තමන් කොච්චර දේවල් කියනවද. අද නම් කිලාන්ට වචනත් මතක නෑ වගේ මෙහන්සගෙ රූමත් මූන දිහා බලන් හිටියෙ. අනිත් කොල්ලො ටිකත් වරදකට හසු වෙච්ච විත්තිකාරයො වගේ කෙල්ල දිහා බලන් හිටිය.

අනවුන්සින්ග් කියන්නෙ මයික් එකට බය නැතුව ඔහේ දොඩවන එක නෙමෙයි. ඔයාගෙ වචන පාලනය කරගත්තොත් ඔයාට ගොඩක් දුර යන්න පුලුවන්. එහෙම කියල කෙල්ල මයික් එක දුන්න. වෙනදා නිතරම කිලාන්ගෙ මූනෙ රැදෙන හිනාව ඒ වෙලාවෙ නම් කොල්ලගෙ මූනට ආවෙ නෑ. කොල්ල ඒ තරම්ම සසල වෙලා.

කොල්ලො ටිකත් ඇගේ නොසැලෙන සුලු හැසිරීම දිහා බලන් හිටියෙ පුදුම වෙලා. කිසිම බයක් නැතුව කිලාන්ගෙ අඩුපාඩුවක් කියන්න තරම් ඇය නිර්භීත වීම ගැන ඔවුන් හිටියෙ පැහැදීමකින්. මොකද ඇය ඒ කිව්ව දේ ඔවුන්ටත් දැනිල තිබුනු දෙයක්.

නමුත් ඔවුන් ඒ ගැන කිලාන්ට කියන්න ගියෙ නැත්තෙ කියල වැඩක් නැති නිසා. එහෙම කියන්න ගියොත් නිකම් බැනුම් අහන්න වෙන නිසා. කිලාන් එක්ක වාද කරන්න කොල්ලො සෙට් එක කැමති නෑ. ඉතින් එහෙම එකේ තමන් කාටවත් කරන්න බැරි වෙච්ච දෙයක් ඇය කෙල්ලෙක් වෙලත් කිසිම බයක් නැතුව ඔක්කොම ඉස්සරහ කියපු එක ගැන ඔවුන් හිතෙන් ඇය අගය කලා.

යන්නට ගියපු කෙල්ල ආයෙත් හැරිල බැලුව. ඕගොල්ලො හිතනවනම් චැලෙන්ජ් වලට අපි බයයි කියල එහෙනම් ඕගොල්ලන්ට වැරදිලා. මම නම් කොහෙත්ම නෑ. කී ඇය එතනින් නික්මුනා. ඇගේ මිතුරියොත් ඇය අනුගමනය කලේ නිහඩව.

නියමයි මෙහන්සා. බිසේකා කිව්වෙ සතුටෙන්. අද නම් කිලාන් හොද පාඩමක් ඉගෙන ගන්නැති.

කොහෙන් ආපු හයියක්ද බන්. මට නම් කවදාවත් ස්ටේජ් එකක් උඩට ගිහින් එච්චර දෙයක් කියාගන්න බෑ. පවනි කිව්වෙ අවන්කවම ඇගේ හිතට දැනුනු දේ.

මෙහන්සා මුකුත් කිව්වෙ නෑ. හැමෝම ඉස්සරහ ඔහුට කතා කල අන්දම සැර වැඩි කියල කෙල්ලට දැන් හිතුන. නමුත් ඔහුගෙ ඒ දඩබ්බර කම මතක් වෙනකොට තමන් හරි කියල හිතපු කෙල්ල හිත හදාගත්ත.

මචන් මට නම් තව අනවුන්සින්ග් කරන්න බෑ. කිලාන් කිව්වෙ ලග තිබුනු පුටුවකට බර වෙමින්.

කොල්ලගෙ හඩ හොදටම බිදිල.

මොකක්? පිස්සුද යකෝ? මෙච්චර හොදට කරගෙන ආපු එක අතරමග නතර කරන්නද හදන්නෙ? ඒකත් මේ කෙල්ලෙක්ට බයේ? තොගෙ මොලේ හොද නැද්ද?

මට බෑ බන් මට බෑ. කිලාන් කිව්වෙ කොල්ලො ටික මීට කලින් කවදාවත් අහල නැති තරම් පරාජිත හඩකින්. මේ තමන්ගේ කිලාන්ම ද කියල ඔවුන්ට හිතුන.

කොල්ලො ටික එකිනෙකාගෙ මූනු දිහා බලනව දැන් මොකද කරන්නෙ කියල හිතාගන්න බැරුව.

අදීශ උබ පලයන් ස්ටේජ් එකට. ටයිම් ගැප් එකක් හිටියොත් මෙච්චර වෙලා හොදට කරගෙන ආපු එකෙනුත් වැඩක් නැති වෙනව. බිතුම් උබත් පලයන්. කටට එන මොකක් හරි කියල ඊලග අයිටම් එක ශේප් කරගනින්. සෙනාල් එහෙම කියල අදීශවයි බිතුම්වයි යැව්ව.

මේ කිලාන් පිස්සු නම් නටන්න එපා. උබ නොගියොත් ඒකි හිතයි ඒකිගෙ කටට බයේ කියල. දසුන් කිව්ව. උන්ට සෙකන්ඩ් වෙන්න ඕනෙද අපි?

ඔව් කිලාන් හොද එකා වගේ පලයන්කො. මම උබට් ලොලිපොප් එකක් අරන් දෙනෝ මේක ඉවර උනාම. අම්මප ඇත්ත. සෙනාල් කිව්වෙ සාමාන්ය විදියට කිලාන්ගෙ හැටි දන්න නිසා.

හෑහ්. ඌට ලොලිපොප්. එතකොට අපි ඔටුවොද?

දසුනුත් ඒකටම එකතු උනේ කිලාන්ව සාමාන්ය තත්වෙට ගේන්න. කොල්ලො ටිකත් මෙහන්සාගෙ වචන වලට හෙල්ලිලා හිටියෙ. හැබැයි ඔවුන් ඒක කිලාන්ට පෙන්නන්න ගියෙ නෑ.

යමන් යමන් තව ටිකයිනෙ කොල්ලො. හොද එකා වගේ මේ ටිකත් ඇදගෙන යමු. කොල්ලො ටික කොහොමහරි බලෙන්ම කිලාන්ව නැවත වේදිකාවට යැව්ව.

හ්ම්. සෙනාල් කිව්වෙ ලොකු හුස්මක් අරගෙන කිලාන් ගියාට පස්සෙ. වැරද්ද නම් උගෙ තමයි. මතකනෙ මම කිව්ව බාලිකාවෙ ඉන්නෙ අනවුන්සින්ග් කාල වතුර බීපු කෙල්ලො ටිකක් ඒ නිසා හරියට කරපන් කියල. ඒත් දන් ඩේ එක ඉවරෞනාට පස්සෙ උබල කවුරුත් ඌට මුකුත් කියන්න හෙම එපා.

අනතුරුව එලබුනේ ත්යාග සහතිකපත් ප්‍රදානය කරන අවස්තාව. ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ තුන් වන සහ දෙවන ස්තාන වලට සහතික ත්යාග ලබා දුන්නට පස්සෙ කිලාන් උනන්දුවෙන් තමන්ගෙ අතේ තිබුනු කොලේ දිහා බැලුව. මොකද ඊට පස්සෙ තිබුනෙ පලවෙනි ස්තානයට ඒ කියන්නෙ සත්සර බාලිකාවන්ට ත්යාග ලබා දෙන අවස්තාව. තමන්ට අච්චර එඩිතර විදියට චෝදනා කරපු කෙල්ලගෙ නම බලාගන්න කොල්ලට ඕනෙ උනේ.

මෙහන්සා නිල්නයනි වීරසේකර.

නම ගැලපෙනවා. නිල්පාට ඇස් තමයි තියෙන්නේ. කොල්ල ඒ නම ලියාගත්තෙ තමන්ගෙ හදවතේ.

ඇයට හිමි ත්යාගය ලබාගන්නා අවස්තාවේ මොහොතකට ඇගේත් කිලාන්ගේත් සිව් නෙත් හමු උනා. කොල්ල හිනා උනත් කෙල්ල ඉක්මන්ට වෙන දිහාවක් බැලුව.

හිනා උනේ නැතත් ඒ මූන ලස්සනයි. කොල්ලට හිතුන.

ලස්සන නම නේ බන්. කෙල්ලත් ඒ වගේමයි. කොල්ලගෙ දැහැන බිද දැම්මෙ අදීශ. මේ කෙල්ල කොහොමද බන් මෙච්චර කල් අපිට මිස් උනේ. මම කවදාවත් දැකල නෑනෙ.

හ්ම්ම්ම්ම්.

කිලාන් මේ වෙලාවෙ නම් ඉන්නෙ මේ ලෝකෙ නෙමෙයි කියල තේරිච්ච හින්ද අදීශ ඉන්පස්සෙ මුකුත් කියන්න ගියෙ නෑ.

විද්යා දිනය ඉවර උනා. කිලාන්ට දැනුනෙ ලොකු බරක් ඔලුව්‍රන් බිම තිබ්බ වගේ.

ආරාදිත පාසල් සමුගෙන යනවිට විද්යා කමිටුවට අදහස් දක්වන්න අමතක කලේ නෑ.

කරන්න හදපු වැඩේ නම් වැරදියි සෙනාල් පවනි කිව්වෙ සෙනාල්ට උනත් කිලාන් දිහත් බැලුව.

කිලාන්ගෙ අයිඩියා එකක් නේද? බිසේකා ඇහුව.

ආයෙත් නම් ඔයි වගේ වැඩ කරන්නෙපා. අපි යාලුවො නේද? ඒ ශමින්ද්‍රි.

කිලාන් නම් මුකුත් කිව්වෙ නෑ. තමන් කරපු දේ බරපතලකම කොල්ලට දන් තමයි තේරුනේ.

සොරි ශම්න්ද්‍රි. අපි ඒක එච්චර හිතුවෙ නෑ.

අන්තිම අයිටම් එක ඇරුනම ඕගොල්ලන්ගෙ ඩේ එක නම් හොදයි. බිසේකා කිව්ව.

කෙල්ලො ටික මොන තරම් දේවල් කතා කලත් මෙහන්සා නෙවෙයි වචනයක් වත් කිව්වෙ.

කිලාන්ට ඒක දැනුනෙත් ලොකු දුකක් වගේ. කොල්ල හිටියෙ තමන් ගැනම පුදුමෙන්. අදම ඩැකපු කෙල්ලෙක් ගැන ඒ කෙල්ල කියපු දෙයක් ගැන මෙච්චර හිතන්නෙ මොකටද? කිලාන් උබට පිස්සු හැදීගෙන එනවද. නමුත් හිතන්නෙ නැතුඒ ඉන්න බෑ වගේ.

එයා මාව ගනන් ගත්තෙ වත් නෑ. කොල්ලට හිතුන. මීය කලින් කවුරුත් කොල්ලට එහෙම කරල නෑ. මොන දේ කලත් ඔහු එක්ක මිතුරු වෙන්න ඕන තරම් කෙල්ලො හිටිය. ඒ ඔහුගෙ කඩවසම් පෙනුම නිසාත් ඇති තරම් සල්ලි තිබුනු නිසාත්.

තමන්ට ඕනෙ මොනවද ඒ දේ ලබාගන්න හැකියාවක් කොල්ලට තිබුන. යුවතියක් ඔහුට විශේශ නොවුන වගේම ඔහු කෙල්ලක් දිහා ගෞරවයෙන් බලන්නත් දැන හිටියෙ නෑ. කෙල්ලෙක් කියන්නෙ ගරු කල යුතු අයෙක් මිසක් ක්‍රීඩා භාන්ඩයක් නොවන බව ඔහු තේරුම් ගත්තෙ පලමු වරට.

කිලාන් මොනතරම් දේවල් හිතුවත් මෙහන්සාට නම් කොල්ල ගැන කිසිම විශේශයක් දැනුනෙ නෑ. ඒ වෙලෑ තිබ්බ තරහට ඇය වැරැද්ද පෙන්නල දුන්නත් එතනින් පස්සෙ ඒ ගැන හිතන්න කෙල්ලට ඕනෙ උනේ නෑ.

කෙල්ලට කිලාන්ගෙ මුදල් වලින් ඇති වැඩක් නැහැ. මොකද ඇය ඉතාම සරල යුවතියක්. ඔහුගෙ කඩවසම් පෙනුමෙනුත් ඇයට වැඩක් නෑ. මොකද ඊටත් වඩා කඩවසම් සොහොයුරෙක් ඇයට ඉන්න නිසා.

මෙච්චර කල් මිතුරියන්ගෙන් අහල තිබුනු දේවල් වල හැටියට ඇගේ හිතේ කිලාන් ගැන තිබුනෙ නොපහන් ප්‍රතිරූපයක්. අද ඒක ඇස් ඉස්සරහම ඔප්පු උනාට පස්සෙ ඇයට තවත් ඔහු ගැන හිතන්න ඕනෙ උනේ නෑ.

ඒ නිසාම කෙල්ල කිලාන් ගැන අමතක කරල ටිකක් දුරට වෙන්න හිටපු මිහින් ඉන්නව දැකල ඔහු ගාවට ගියා. කිලාන් කෙල්ල යන දිහා බලන් හිටියෙ පෑරුනු හිතකින්.

මම වැරදිද අයිය. කෙල්ල මිහින් ලගට ගිය ගමන්ම ඇහුව

මිහින් හිනා වෙලා කෙල්ලගෙ උරහිසට තට්ටුවක් දැම්ම. ඒ ක්‍රියාවෙන්ම තමන් හරි කියල අයියත් හිතන බව කෙල්ලට තේරුනා. ඇයට දනුනෙ මහත් සහනයක්.

මන් ගෙදර ආවම කතා කරමු. මිහින් කිව්වෙ හෙමින්.

වේදිකාවෙදි මොන තරම් එඩිතර විදියට කතා කලත් නන්ගි හිටිටෙත් බය වෙලා කියල මිහින්ට තේරුනා. තුරුලට අරන් ඇය සනසා ඇගේ වරදක් නැති බව කියන්න මිහින්ටහ් ඕනෙ උනත් මේ ඒකට වෙලාව නෙමේ. කිලාන්ගෙ උකුසු ඇස් දෙකත් මේ වෙලාවෙ තමන්ගෙ පැත්තට තියෙනව මිහින් දැක්ක.

නන්ගි ඔයා දැන් පරිස්සමින් ගෙදර යන්න.මොකකටවත් බය වෙන්න එපා. කිලාන් කොහොමත් ඔයාට මුකුත් කියන්න එන්නෙ නෑ. දන්නවනෙ බය වෙන්න ඔයාට හොදත් නෑ. කූ ඔයාගෙ යාලුවො ටික.

එතකොටම තමයි කෙල්ලව හොයාගෙන බිසේකත් එතන්ට ආවෙ.

අපි යමු නේද මිහී? බිසේකා ඇහුවෙ මිහින් ඩිහත් හොදට බලල.

යමු යමු

මෙයාව පරිස්සමට එක්ක යන්න ඕනෙ හරිද. මිහින් කිව්වෙ බිසේකට.

කවුද බන් ඒ? කොල්ලද? බිසේක ඇහුවෙ මිහින්ගෙන් සමුගෙන ආපහු යන ගමන්.

හ්ම්. වෙන කල්පනාවක හිටපු නිසා මෙහන්සට ඉබේම කියවුනා.