Ex වයිෆ්
35 වන කොටස
“මගේ දුවගේ ජීවීතේ වි//නාශ කරාට උ/ඹ/ට නම් හොඳක් වෙන්න එපා”
එහෙම කියාගෙන ගෙට ඇතුල්වුණු හිරූෂාගේ තාත්තා දැකලා ගිහාන්ට දාඩියත් දැම්මා…ගිහාන්ට දැනුණේ දෙනෝදාහක් දෙනා මැද නි/රුවත් වුණා වගේ හැඟීමක්..
හිරූෂාගේ තාත්තා හිහාන් ළගට පැනලා වැරෙන් ගහහෙන ගියේ වයසත් අමතක කරලා..
“පුතා උ/ඹ මොකක්ද මේ කරගත්ත අපරාදේ..?අපි මෙච්චර දුක් මහන්සියෙන් උ/ඹ/ලා හදාගත්තේ මෙව්වා බලන්නද?..”
හිරූෂාගේ තාත්තාගෙන් ගුටිකන පුතා දැකලා දුක වාවගන්න බැරුව ගිහාන්ගේ අම්මා කම්මුලට අතක් තියාගෙන එහෙම ඇහුවා..
ගිහාන්ගේ තාත්තා එළියේ තියලා හොයාගත්‍ත ලොකු පොල්ලක් අරගෙන
ගිහාන් ළඟට ලං වුණේ දත්මිටි කාගෙන….
“අනේ එපා මහත්තයා කො//ල්ලට ඔහොම ගහන්න..පොඩි කාලේ මම නියපිටින් පාරක් ගහලා හදපු දරුවෙක් නෙමෙයි ඔය..”
“මේ ත/මු/සේ කටවහගන්නවා මානෙල්.පොඩි කාලේ එහෙම හරියට ගහලා හැදුවනම් අද මෙහෙම වෙන්නේ නෑ..මූ අපේ පරම්පරාවටම ලැජ්ජා කරා…”
ගිහාන්ගේ තාත්තා ඒ පොල්ලෙන් ගිහාන්ට ගහගෙන ගහගෙන ගියා..
“කො//ල්ලට නෙමේ.මේ/කි/ට ගහන්න ඕනේ.පිරිමියෙක් හෝදලා නාවලා ගත්තම පිරිසිදූයි.උ//ඹ ගෑ/ණි/යෙ/ක් නේද?.උ/ඹ හරි විදිහට හිටියානම් මේ මුකුත් නෑ.උ/ඹ ගෙදර වැඩ කරන්න ආවානම් ඒ විදිහට පාඩුවේ ඉන්න තිබ්බා.ආවා මෙතන ළමාතැනී වෙන්න”
ගිහාන්ගේ අම්මා එහෙම කියකියා දාන් හිටපු සෙරප්පුව ගලවලා ඒකේ පටි කැඩෙනකන් චේතනාට ගැහැව්වා..
“අනේ මේ අම්මේ ..මේ ගෑ//නිට විතරක් බනින්න එපා..මේ ගෑ//නි වැරදියි තමයි.ඒත් සෙරටම වඩා වැරදි මේ ගිහාන්.ගිහාන්ට තමන්ගේ අසනීප දරුවා ලැජ්ජාවක් වුණා..ඒත් ගෙදර වැඩට ආපු ගෑනි එක්ක මඟුල් නටන එක ලැජ්ජාවක් වුණේ නෑ…පිරිමියෙක් වැරද්දකළා කියලා හෝදාලා ගෙට ගත්තම පිරිසිදූයි කියලා තියෙන්නේ ඉස්සර බමුණෝ..ඒ බමුණු මත මේ කාලෙට හරියන්නේ නෑ..වැරදි කරන පිරිමින්ට බුරුල දිලා ඒ වැරද්දට අනුබල දෙන්නේ තවත් ගැහැණියෙක්මයි.කවුරු කළත් වැරද්ද වැරද්දමයි..”
හිරූෂා එහෙම කියද්දි ගිහාන්ගේ අම්මා තරහෙන් ගැහෙම්න් හිරූෂා දිහා බලාගෙන හිටියා…
ඊට පස්සේ චේතනා දිහා ගිනිපිටවෙන ඇස්වලින් බලන් හිටියා..
“වල*ත ගෑ/නි ඔය ඇඳුම් හරියට හදාගෙන මෙහෙන් දොට්ට බැහැලා ප/ල/ය/න්.තවත් මෙතන බලන් ඉන්නේ නැතුව…උඹට මිනිහෙ/ක් ඕනේනම් ගැලපෙන මිනිහෙ/ක් හොයා ගනින්..”
චේතනා කාමරේට ගිහින් එහාමෙහා වෙලා තියෙන ඇඳුම සකසාගෙන සාලේට ආවා..
කලුවරේ අඬ අඬා තනියම චේතනා ගිහාන්ගේ ගෙදරින් පිටමං වෙලා යන හැටි ගිහාන් දුකෙන් බලාගෙන ඉන්නවා ..
“ආ මේක ඇඳ ගන්නවා ..තවත් ඒ ගෑ/නි දිහා බලාගෙන ඉන්නේ …ඒ ගෑ/නි මගේ ලොකු පුතාට මොකක් හරි ගුරුකමක් කරලා තියෙනවා …”
ගිහාන්ගෙ අම්මා බිම වැටිලා තිබ්බ ටී ෂර්ට් එක අහුලන් ගිහාන්ගේ අතේ තියෙන ගමන් එහෙම කිව්වා .ගිහාන් සද්ද නැතුව බිම බලාගෙනම ඒ ටී ෂර්ට් එක ඇඳගත්තා .
“අනේ මේ මානෙල් ..තවත් ඕ*කාව සුද්ද කරන්න ලෑස්ති වෙන්න එපා .තමන්ගේ දරුවා වුණත් වැරැද්දක් කළොත් වැරැද්දක් ම තමයි ..ත/මු/සේ හැමදාම මු/ව සුද්ද කරා..ඒකයි මේ සේරටම මුල .”
ගිහාන් ගේ තාත්තා එහෙම තරහෙන් ගුගුරුනවා..
“නෑ අපෙ මහත්තයා පිරිමි කියන්නේ බ*ලො වගේ තමා ..දකින දකින පඳුරට වහරනවා..ගෑනු අපි දැනගන්න එපැයි ප්‍රවේසම් වෙන්න…ඇරත් මේ හැමදේටම අපේ පුතාට විතරක් වැරැද්ද කියලා බෑ …ගෙදර ගෑ/නි වුනත් දැනගන්න ඕනේ මිනිහාට පිට යන්නේ දෙන්නැතුව තියාගන්න ..ළමයි විතරක් ලොකු මහත් කරලා වැඩක් නෑ ..මනුස්සයට කරන්න ඕනේ යුතුකම් ටිකත් කරන්න ඕනේ…”
ගිහාන්ගේ අම්මා එහෙම කියපු ගමන් හිරූෂාගේ ඇස් වල කඳුලු උනන්න ගත්තත් හිරූෂා ඒ කඳුළු ඇස්වලම හිරකර ගත්තා …
මේක පුදුම සමාජයක්…පිරිමියෙක් වැරැද්දක් කළත් ඇඟිල්ල දික් වෙන්නේ ඒ පිරිමියගෙ ගැහැණියට …එහෙම ඇඟිල්ලත් දික් කරන්නේ තවත් ගැහැණියෙක්මයි…
හිරූෂාට එහෙම හිතුනා…
මෙතෙක් වෙලා දරුවෝ දෙන්නත් එක්ක වෑන් එකේ හිටපු හිරූෂාගේ අම්මා ගෙට ගොඩ උනා.
ගිහාන්ගෙ තාත්තා ගිහාන් ගේ අම්මා දිහා තරහෙන් රවලා බැලුවා ..
ගිහාන්ව නරක් කළේ අම්මා තමයි…මෙච්චර වැරැද්දක් කළත් තවමත් මේ/කාව සුද්ද කරනවා ..හරියට නිකම් පනින රිලවුන්ට ඉනිමන් තියෙනවා වගේ ..
“නියම පිරිමියෙක් කියන්නේ දකින දකින ගෑ/නු පස්සේ යන පිරිමියාට නෙමෙයි ..නියම පිරිමියෙක් සිංහයෙක් වගේ ..සිංහයට කොච්චර බඩගිනි වුණත් තණකොළ කන්නෑ.පිරිමියෙක් වුනාම එහෙමයි වෙන්න ඕනේ..ත/මු/සේ ආයෙ ඔය වගේ මෝඩ කතා කිව්වොත් මම නිකං ඉන්නෙ නෑ …”
ගිහාන්ගේ තාත්තාගේ ගෝරනාඩුව ට ගිහාන්ගේ අම්මා මෙල්ල වුණා..
“ගිහාන්ගේ එකම වැරැද්ද නෙමෙයි මේක ..මගේ දුව ගිහාන්ට වෙන්න ඕන හැම යුතුකමක්ම අකුරටම කරා ..මෙච්චර කල් මේක දැනගෙන හිටියේ මමයි දුවයි විතරයි ..දුව කැමති වුණේ නෑ මේක කාටවත් කියන්න..ඒත් මම අද කට වහගෙන ඉන්නේ නෑ …සේරම කියනවා ..චූටි දුවට කලින් හිරූෂාට ලැබෙන්න හිටපු දරුවා නැතිවුනේ ගිහාන් නිසා …දරුවෙක් ලැබෙන්න ඉන්නේ කියලවත් බැලුවෙ නැති ති*සනෙක් මේ…ඒ විතරද තමන්ගෙම දරුවාට කොයි තරම් වෙනස්කම් කරාද ..තමන්ගේ අසනීප දරුවා ලැජ්ජාවක් උනාට ගෙදර වැඩට ආපු ගෑ//නි එක්ක නටන්න මෙයාට පොඩ්ඩක්වත් ලැජ්ජාවත් තිබ්බෙ නෑ ..”
හිරුශාගේ අම්මා හිතේ දුකට සේරම කියාගෙන ගියා …
“වෙච්ච දේවල් ගැන කතා කරලා වැඩක් නෑ මේ දේවල් වැඩිපුරම සිද්ධ වුණේ දෙන්නා තැන් දෙකක හිටපු නිසා ..එකට හිටියා නම් මේ මුකුත් නෑ ….”
ගිහාන්ගෙ අම්මා ආයෙත් වතාවක් පුතාට සුදු හුණු ගාන්න හදනවා ..
“අම්මේ ..ගිහාන් ඔය ට්‍රාන්සර් එක ගැන කිව්වම මම පොඩ්ඩක්වත් කැමැති වුණේ නෑ ..ළමයින්ගෙ ස්කූල් එක්ක මට එහේ යන්නත් බෑනේ..මම කියන දේ අහන්නේවත් නැතුව එයා ගියා එයාගේ නිදහස හොයාගෙන …”
“මේ ළමයට මෙච්චර අසාධාරණයක් වෙලා තියෙන එකේ ..තමු/සේ තවත් දේ ළමයාගේ පිට වරද දාන්න හදන්න එපා ..සේරටම කලින් මතක තියාගන්න තමුනුත් ගෑ*නියෙක් කියලා ..”
ගිහාන්ගේ තාත්තා එහෙම කිව්වා .හිරූෂාට ගිහාන්ගෙ තාත්තා ගැන ඇති උනේ ලොකු ගෞරවයක්..මේ තරම් හොඳ මනුස්සයෙක්ට මේ වගේ පුතෙක් ඉන්නවා කියන එකත් පුදුමයි.හිරූෂාට එහෙම හිතුනා ..
ගිහාන් ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ සෝපාව මත වාඩිවෙලා බලාගත් අත බලාගෙන ඉන්නවා ..තාත්තා ගහපු පාරවල් වල සැරට ගිහාන්ගෙ අත් දෙක රතු පාට පැල්ලම් වලින් පිරිලා ..
“ඒක නෙමේ දුවේ ..දැන් අපි මොකක්ද කරන්නේ..මේ දේවල් අමතක කරලා ජීවිතය ඉස්සරහට ගෙනියමු පුතේ ..”
ගිහාන්ගෙ තාත්තා එහෙම කිව්වම හිරූෂාගේ අම්මයි තාත්තයි මූණට මූණ බලා ගත්තා …
හිරූෂා මොහොතක් කල්පනා කරන්න ගත්තා.ගිහාන්ගෙ තාත්තා එහෙම කියපු විදිහට හිරූෂාගේ හිතේ අනුකම්පාවක් ඇතිවුණත් ගත්ත තීරණය වෙනස් කරන්නේ නෑ කියලා හිරූෂා හිත ශක්තිමත් කර ගත්තා..
“අනේ දුවේ අපේ පුතාගේ අතින් වෙච්ච වැරදි අමතක කරලා දාන්න..අපි කොහොමහරි පුතාව හදාගමු දුවේ…”
ගිහාන් ගේ අම්මා හිරූෂාගේ අත අතගාමින් ආයාචනා කළා ..
මගේ අතේ තියෙන්නේ මගේ ජීවිතේ විතරක් නෙමේ.තව ජීවීත දෙකක් තියෙනවා ..මේ ගන්න තීරණය මට විතරක් බලපාන එකක් නෙමෙයි ..හැමදේටම වඩා දරුවො දෙන්න ගැන හිතන්න ඕනේ .. ගිහාන් වගේ අ*ධම මනුස්සයෙක්ගේ හෙවනැල්ලක් වත් මගේ දරුවන්ගේ ජීවිතවලට වැටෙන්න දෙන්න හොඳ නෑ ..මගේ පුතා ඒ පාරේ ගියොත් මම ඉඳලා වැඩක් නෑ..
මම විඳපු දුක් මගේ ලේලිට නම් විඳින්න දෙන්නේ නෑ..මගේ පුතා අභීතව ආදරණීය පිරිමියෙක් කරන එකේ වගකීම තියෙන්නෙ මගේ අතේ..මම එයාට කියලා දෙනවා ගැහැණියෙක්ට ගරු කරන විදිහ ,ගැහැණියෙක්ට ආදරය කරන්න ඕන විදිහ…
ගිහාන් එක්ක සමාදාන වුනොත් මගේ පුතත් තවත් ගිහාන් කෙනෙක් වෙයි..එහෙම වුනොත් මම ඉඳලා වැඩක් නෑ ..
කැලේ මාරු වුණත් කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑ කියන්නේ නිකන්ද ?.ගිහාන් කොච්චර හැදුණත් මගේ චූටි දෝණිට වෙනස්කම් නොකර ඉඳීවිද ?…ඒක කවදාවත් සහතික කරන්න බෑ …
මම තව අවස්ථාවක් ගිහාන්ට දෙන්නෙ නෑ ..මට පුළුවන් විදියට තනියම මේ දරුවන් දෙන්නම හදාගන්නවා.
හිරූෂා එහෙම හිතුවා ..
එතන හිටපු හැමෝම කල්පනා කරමින් ඉන්න හිරූෂා දිහා බලාගෙන දෙගිඩියාවෙන් හිටියා..
ගිහාන් ලැජ්ජාවෙන් තවම බිම බලාගෙන ඉන්නවා ..මෙතෙක් දවස් පතාක යෝධයෙක් වගේ හිටපු තමන්ට කවදාවත් මේ වගේ ඉරණමක් උදා වෙයි කියලා ගිහාන් හිතුවේ නෑ …
“අම්මට ඕනේනම් ගිහාන්ව හදාගන්න ..මට හදාගන්න තව ළමයි දෙන්නෙක් ඉන්නවා…මගේ හිතේ දැන් ගිහාන්ට කිසිම ඉඩක් නෑ ..කිසිම හැඟීමකුත් නෑ ..ගිහාන් නැතුව ජීවත් වෙන්න මට අමුතුවෙන් පුරුදු වෙන්න දෙයක් නෑ ..ගිහාන්ට පින්සිද්ද වෙන්න මම පහුගිය කාලේ ඒ දේවල් ඉගෙන ගත්තා…”
හිරූෂා එහෙම කියයි කියලා එතන හිටපු කිසිම කෙනෙක් බලාපොරොත්තු වුණේ නෑ ..
හැමෝගෙම දෑස් පුදුමයෙන් විසල් වෙලා..
පිරිමි තමන්ගේ ගැහැනියට කරන නොසලකා හැරීම් නිසාම ඒ ගැහැනිය තනියම ජීවත් වෙන්න ඉගෙන ගන්නවා.අන්න ඒ තැනට කාන්තාව ආවට පස්සේ ආයේ කවදාවත් ඒ කාන්තාව ඒ පිරිමියා දිහා හැරිලා බලන්නෙවත් නෑ ..
“එහෙම කරන්න එපා පුතේ ..දරු දෙන්නා වෙනුවෙන්වත් මේ දේවල් අමතක කරලා සමාදානය වෙන්න බලමු…”
ගිහාන්ගෙ තාත්තා හිරූෂා ගෙන් එහෙම ඉල්ලුවා …
“සමාවෙන්න තාත්තේ …තාත්තා ගොඩක් හොඳ කෙනෙක් ..මම තාත්තට ගරු කරනවා ..ඒත් මම මගේ තීරණය වෙනස් කරන්නේ නැහැ ..ගිහාන් මහා අමුතු විදිහක කෙනෙක් ..කවදාක්වත් මට හොඳ ස්වාමි පුරුෂයකු වුනේ නැහැ..මේ දරුවන්ට හොද තාත්තෙක් වුණේ නෑ …මගේ ජීවිතේ හොඳම අවුරුදු පහලොව මට ගිහාන් නිසා නැති වුණා..ඒ අවුරුදු පහලොවම මම වින්දේ දුක් විතරයි ..ඉතිරි ජීවිත කාලය වත් මට සැනසීමෙන් ජීවත් වෙන්න ඕනේ…මේ බැදීම් කියන දේ ලොකු දුකක් ..අනවශ්‍ය බැඳීම් වලින් අයින් වෙලා ඉන්න එක ලොකු සහනයක් …”
හිරූෂා වගේ ජීවිත අවබෝධයක් තියෙන පොළොවෙ පය ගහල ජීවත් වෙන ගැහැනියක් හැම පිරිමියෙක්ට ම ලැබෙන්නේ නෑ ..ඒ වගේ ගැහැණියෙක් නැති කරගත්ත මගේ පුතා මහා අවාසනාවන්තයෙක්.
ගිහාන්ගෙ තාත්තා ලොකු හුස්මක් පිටකරලා එහෙම හිතුවා ..
අනේ දෙවියනේ මේ වෙන්න යන්නේ මොන වගේ නවනිංගිරාවක්ද?පුතාගෙ මගුල කැඩුනා යි කියලා ගමේ මිනිසුන්ට ආරංචි වුණොත් අපි කොහොමද ගමේ ජීවත් වෙන්නේ …
ගිහාන් ගේ අම්මා එහෙම හිතලා කලබල වුණා ..
“අනේ ඇයි පුතේ උ/ඹ කට වහගෙන ඉන්නේ ..මේ දරුවත් එක්ක කතා කරලා මේක විසඳ ගනිං ..රටේ ලෝකෙ මිනිස්සු ගෙන් ලැජ්ජ වෙන්නැතුව ..”
ගිහාන් ගේ අම්මා ගිහාන් ගාවට ගිහින් එහෙම ඉල්ලුවා.
“ඔව් දුව ඔයා ටිකක් මේ පුතා එක්ක මේ ගැන කතා කරන්න ..”
හිරූෂාගේ අම්මා එහෙම කිව්වේ පවුලක් කඩනවට වඩා ඒ පවුල රකින එක වටිනවා කියලා හිතපු නිසයි ..
“හිරූෂා අපි පොඩ්ඩක් කතා කරමුද ?.
ගිහාන් අමාරුවෙන් උගුර පාද ගෙන එහෙම ඇහුවා..
“ගිහාන් අපි දෙන්නට කතා කරන්න කිසිම දෙයක් නෑ ..මට මේ කසාදෙ තිත්ත වෙලා තියෙන්නේ.රටේ ලෝකෙ මිනිස්සුන්ට පේන්න මේ කසාදේ ආරක්ෂා කරගෙන මට හැමදාම දුක් විඳින්න බෑ …ඔයාට අපෙන් සතුට නැති නිසා නේ ඔයා ඒ ගෑණු කෙනාට ලංවුනේ …ඉතින් ඔයා ඒ සතුට විදින්න ..අපිට අපේ පාඩුවේ ඉන්න දීලා …මම ඔයාගේ සතුටට බාධා කරන්නෙ නෑ …මට ඩිවෝස් එක ඕනේ …”
හිරූෂා එහෙම කියපු ගමන් හැමෝම තිගැස්සිලා ගියා
“දුවේ තව එක අවස්ථාවක් දීලා බලමු …”
හිරූෂාගේ අම්මා එහෙම කිව්වේ දරුවෝ දෙන්න එක්ක තනිවෙලා තමන්ගෙ දුවට තවත් දුක් විඳින්න වෙයි කියලා හිතලා ..
“මාව එපා කියලා ගිය මනුස්සයෙක් මම බලෙන් තියාගන්න කැමති නෑ..ආදරේ කියන්නෙ බලෙන් තියාගන්න පුළුවන් දෙයක් නෙමෙයි ..එහෙම බලෙන් තියා ගන්න බැඳීමක කිසිම සැනසීමක් නෑ ..මට ආයෙ කවුරුවත් මේ ගැන බලපෑම් කරන්න එපා …”
හිරූෂා දැඩි හඬින් එහෙම කිව්වාම මුළු ගෙදරම මීයාට පිම්බා වගේ නිහඬ වුනා.
“කලබල වෙන්නේ නැතුව තව ටික දවසක් කල්පනා කරලා බලන්න දුවේ..”
ගිහාන්ගේ අම්මා බෑගෑපත්ව හිරූෂාගෙන් එහෙම ඉල්ලුවා..
“මේ හුටපටය මට ආරාංචිවෙලා දැන් ටිකදවසක්..ඒත් මම මේ දේවල් අතටම අල්ලගන්න ඕනේ නිසා මම සද්ද නැතුව ඉවසීමෙන් හිටියා.දැන් ඇවිත් තියෙන්නේ තීරණයක් ගන්න ඔනේ අවස්ථාව.තීරණයක් ගන්න ඕන අවස්ථාවේ ඒ තීරණය ගන්න ඕනේ..”
“දරු දෙන්නා ගැන හිතලාවත් මේ තීරණේ වෙනස් කරන්න දුවේ..මේක වුනොත් අපි කාටවත් පාරක බැහලා යන්න බැරිවෙයි..”
ගිහාන්ගේ අම්මා හිරූෂාගේ හිත වෙනස් කරන්න හදනවා..
“දරු දෙන්නා ගැන හිතලා තමයි මම මේ තීරණේ ගත්තේ..අම්මයි තාත්තයි සතුටින් ඉන්න ගෙදරක තියෙන මානසික නිදහස අම්මයි තාත්‍තයි රණ්ඩු සරුවල් වෙන ගෙදරක නෑ…ඒ දරුවන් කොයි තිස්සෙත් ඉන්නේ දුකෙන් බයෙන්.මගේ දරුවෝ මෙච්චර කල් හිටියේ එහෙම..අපිට ගිහාන් නිසා තව දුක් විඳින්න බෑ…ගිහාන් මම ඩිවෝස් පේපර්ස් ගෙනාවා කරුණාකරලා මේ දැන් මට මේවා සයින් කරලා ඕනේ….”
හිරූෂා වෑන් එකට ගිහින් නිදාගෙන ඉන්න චූටි දෝණිව ව තියාන ඉන්න නන්ගි ළඟ තිබ්බ බෑග් එක අරන් ගෙට ආවා..ඒ බෑග් එක විවර කරළා ගත්ත ඩිවෝස් පේපර්ස් ගිහාන්ගේ අතේ තිබ්බා..
ගිහාන් ඒ ඩිවෝස් පේපර්ස් අතට ගත්තේ ගැහෙන දෑත්වලින්.
එහෙනම් මේ සේරම හිරූෂා සූදානම් කරන් ඉඳලා තියෙන්නේ.හොර අල්ලන්න හරි වෙලාව බලලා ආපු හැටි.මට නොදැනෙන්න මේ හැමදේම කරන්න කොයි තරම් සූක්ෂම මොළයක් හිරූෂාට තියෙන්න ඕනේද?.ඒත් කවුද මේ දේවල් හිරූෂාගේ කණේ තිබ්බේ?..ලක්ෂිකා වත්ද?..
ඒත් ලක්ෂිකා කොළඹ ඉන්න නිසා එයා කියලා හිතන්නත් බෑ..එයා දන්නේ නෑනේ මේ සම්බන්දේ තවම තියෙනවා කියලා…
මේ දේවල් කල්පනා කරලාම ගිහාන්ගේ හිසත් කකියනවා.
“මගේ ඉල්ලීම් වගයක් තියෙනවා..ඔයා ඒ දේවල් වලට එකඟ වෙන්න ඕනේ..එහෙම උනොත් මගෙන් ඔයාට කිසි බාධාවක් නෑ..ඔයාට නිදහසේ පාඩුවේ ඉන්න පුළුවන්”
හිරූෂා එහෙම කියපු ගමන් හැමෝම තිගැස්සිලා ගියා..ගිහාන්ගේ හදවතේ ගැස්ම පවා මොහොතකට වැඩි වුණා.
“ඒ මො..ක..ක්..ද?..”
ගිහාන් ඇහුවේ ලොකු කුතුහලයකින්..
“මට දුව එක්ක ජොබ් එකක් කරන්න බෑ කියලා ඔයා දන්නවා..මොනදේ වුණත් ඒ ඔයාගේ දරුවෝ දෙන්නා නේ..ඒ වගකිම් වලින් නම් ඔයාට මම ගැලවෙන්න දෙන්නේ නෑ…මට මාසෙකට ලක්ෂයක් ඕනේ..ඒ දේවල් කරන්න..”
“ලක්ෂයක්…
කජු ඇටද කොස් ඇටද?.රුපියල් ලක්ෂයක් මාස ගානේ දෙන්න වෙනවා කියන්නේ…මට ඉන්න වෙන්නේ රිම් එකෙන් තමයි…එහෙම හිතිලා ගිහාන්ගේ ඇස් දෙක ලොකු වුණා..
“ඔව් ගිහාන් ඔයා ලක්ෂ එකාහාමරක් වගේ හම්බකරනවානේ..ඔයාගේ අර සුරතලී එක්ක ඉතුරු පනස් දාහෙන් ඔයා ජීවත් වෙන්න..ආ තව දෙයක්…තියෙනවා..”
හිරූෂා එහෙම කියපු ගමන් ගිහාන්ගේ පපුව ගැහෙන්න ගත්තා..
මේ ගෑ/නී මගේ සබ්බ සකලමනාවම හූරගන්න නේ යන්නේ..මම ඩිවෝස් එක දෙන්නේ නෑ…ගිහාන් එහෙම හිතා ගත්තා..
“ඒ මොනවාද?..”
ගිහාන් ඇහිබ්බම හකුළුවාගෙන එහෙම ඇහුවා.
“අපි ඉන්න ගෙදර ඒක මගේ නමට ලියන්න ඕනේ…මට නම් ත/මු/සෙ/ගේ කිසි දෙයක් ඕනේ නෑ..ඒත් මට මේ දරුවන්ව පාරට බස්සන් එයාලාට දුක් දෙන්න මට බෑ..”
හිරූෂා එහෙම කියපු ගමන් ගිහාන් ගේ මූණ කරත්තයට අහුවෙච්ච කජු ලෙල්ල වගේ වුණා..
ගිහාන්ගේ අම්මාගේ මූණ ඇඹුල් වුණා…
බලන් යද්දී මේ ගෑ/නී නූල් සූත්තරකාරීයෙක් නේ…මගේ කො//ල්ලාව හූරන් කාලා පාරට බස්සන්න හදන්නේ…ගිහාන්ගේ අම්මා එහෙම හිතුවා..
“මොකද බලන් ඉන්නේ ගිහාන් අත්සන් කරන්න..”
හිරූෂා ගිහාන් වෙත පෑන දිගුකළා..
ගිහාන් පෑන අතට අරන් අත්සන් කරන්නේ නැතුව කල්පනා කරන්න ගත්‍තා.
අත්සන් කරනවාද නැද්ද ?.ගිහාන්ගේ හිතේ ලොකු දෙගිඩියාවක් ඇතිවුණා..
හමුවෙමු මීළඟ කොටසෙන් 💔💔💔💔 💔
අහක බලාගෙන යන්නේ නැතුව ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න.