හිතින් විතරක්..
අට….. 08
ත..මු සෙ ට මම කීවා නේද සීයා පප්පා එක්ක කතාවට යන්න එපා කියලා.. මොනවටද පහලට ගියෙ… මාව කන්න වගේ තරහින් එයා මගෙ දිහා බලලා කීවා.
මට බඩගිනිනෙ..
මම කීවෙ මූණ බෙරිකරගෙන.
සීයා එක්ක කතා කරලා බඩ පිරුණද..?
මම ගියෙ සර්ව හොයන්නනෙ…
මම කෙඳිරි ගෑවා. දැන්නම් බඩගින්නෙ මැ රෙ න්න යන තරම් බඩගිනි මට. ඒත් මෙහෙම කෑ ගහද්දි බඩගින්න නැතිවෙලා යනවා.
මාව මොනවට ද හොයන්නෙ..?
කෑම කන්න කියන්න…
මම කීවේ එයා බලාගෙන. අමුතු සතෙක් දැක් කා වගේ එයා පුදුමෙන් මං දිහා බැළුවා. අනේ මන්දා මෙයා නං මොන ජාතියක කෙනෙක්ද කියලා මට හිතා ගන්න බෑ.
බඩගිනි නං බෙදාගෙන කන්නෙ නැතුව මඟු ලක් කරනවා මෙතන..කෑම හැදුව ද දැන්.. පුදුමෙන් මගෙ දිහා බලාගෙනම එයා ඇහුවා.
ඔව්…
කන්න පුළුවන් ද ඒවා…
දන්නෙ නෑ… මම කීවෙ බිම බලාගෙන.
බලමු දැන් ඔය මහා ලොකු කෑම එක කන්න පුළුවන් වෙයිද කියලා..
කියාගෙන එයා ඩයිනිං ඩේබල් එක ලඟ තිබුන පුටුවෙන් ඉදගත්තා.
මේ මොන ජ රා වල් ද මේ හදලා තියෙන්නෙ
ත…මු සෙ හිතුවෙ මේක ළමා නිවාසයක් කිය ලා.. නෑ හලෝ මේක බෝසෙත් අනුත්තර මංචනායකගෙ ගෙදර තේරුනාද…
ජ රා ගොඩක් දැක්කා වගේ අප්පිරියාවෙන් මූණ අකුලගෙන එයා කෑ ගැහුවා. මීට කලින් කවදාවත් නොදැනුන තරම් බර ආත්මානුක ම්පාවක් හිතට දැනුනා.
කෑ ගහලා අඬන්න හිතුනා. ඇස්වලට පිරුණු කඳුළු කම්මුල් දිගේ ගලාගෙන ගියා. මොන තරං උත්සහ කලත් නතර කරගන්න අමාරු ඉකියක් මගෙ උඟුරින් එලියට පැන්නා.
අනේ මේ.. මෙතන බොරුවට කඳුළු පෙරන්නෙ නැතුව නවත්ත ගන්නවා ඕක.. ගෑ…ණු ඉතිං මොන මඟුලටත් දන්නෙ කඳුළු වක්කරන්න විතරයි..
ඒ උනාට ඔය කඳුළු වලට මේ බෝසෙත් අනුත් තර මංචනායකව වෙනස් කරන්න බෑ.. ඒක හොඳට මතක තියා ගන්නවා…
කෙනෙකුට ජීවිතේ සිද්ධ වෙන්න පුළුවන් ලොකුම අසාධාරණය තමා තමන්ගෙ හැඟීම් තේරුං ගන්න බැරි මනුස්සයො එක්ක ජීවත් වෙන්න සිද්ධවෙන එක. මේ මට වඩා මගෙ මේ අසරණකම එයාට පේන්නෙ බොරුවක් වංචාවක් විඳිහට මොන තරම් අසාධාරණද..?
මම හුඟක් දේවල් උයන්න දන්නෙ නෑ සර්.. සර් කන්නෙ මොනාද කියලා දන්නෙත් නෑ.. හදිසි යෙන් හදන්න පුළුවන් දේවල් හැදුවෙ මොනවද හදන්න ඕනි කිව්වොත් මම හදන්නම්…
අමාරුවෙන් ඉකිය හංගනෙ මම කියවගෙන ගියා. ඇත්තමයි හුස්සම හිරවෙන්න තරම් පපුව රිදෙනවා. මට ඕනි කොහෙට හරි වෙලා කෑ ගහලා අඬන්න. මීට කලින් කවදාවත් මෙහෙම දුකක් දැනිලා නෑ මට. මෙච්චර අසරණ කමක්.
දැන් අය කීයට හදන්නද… ඒකත් මේ වගේ ජරාවක් උනොත් මට කන්න වෙන්නෙ නෑ… ඒ හඬේ තිබුනෙ දරන්න බැරි සමච්චලයක්.
ෆෲට් සැලඩ් එකක් තියනවා ගෙනත් දෙන්නද සර්…
ඔළුව උස්සලා එයා දිහා බලන්න බය හිතුන නිසාම මම බිම බලාගෙනම කීවා.
ගේනවා බලන්න ඒකවත් කන්න පුළුවන්ද කියලා… එයා කීවම මම කිචන් එකට ගිහින් ෆ්‍රිජ් එකක් තිබුන ෆෲට් සැලඩ් බෝල් එක අරගෙන ගිහින් ඩයිනිං ටේබල් එක උඩින් තිබ්බා.
මම ආපහු කිචන් එකට ගියෙ හිත හොඳටෝම රිද්දගෙන. කොහෙ හරි මුල්ලකට වෙලා මේ හිතේ දුක ඉවර වෙනකං මහා හයියෙන් කෑ ගහලා අඬන්න තිබුනනං. අඩුම තරමින් හිත හදා ගන්නවත් තිබුනා. ඒත් මට එහෙම වාසනාවක්වත් නෑ.
ඇස් වලට පිරෙන කඳුළු නතර කර ගන්න උත්සහ කරන එක තේරුමක් නැති නිසාම මම ඒකට උත්සහ කලේ නෑ. මට උත්සහ කලේ ඉකිගැහෙන හීල්ලෙන එක නතර කරගන්න. මෙහෙම හැමදේටම බැනුම් අහන්න මට බෑ..
ඔය මුල්ලට වෙලා හොටු පෙර පෙර අඬන්න තියාගත්තම බඩගින්න නැතිවෙනවද..?
කෝලම නවත්තලා ගිහින් කෑම කාලා ඉන් නවා.. බඩගිනි යි බඩගිනියි කියලා.. මැ රෙ න් න හදන්නෙ නැතුව.. නැත්තං මේකෙ ඉන්න උ න් හිතයි මං ත….මු සෙ ට කන්නවත් දෙන්නෑ කියලා…
එයා එහෙම කියන කොට මට කියන්න දෙයක් තිබුනෙ නෑ. මම බිම බලාගෙම ඩයිනිං ටේබල් එන ලඟට ගියා. මොන තරම් බඩගිනි උනත් හිත රිදිලා තිබුන නිසා කෑම ගන්න තරම් පිරියක් තිබුනෙ නෑ. ඒත් තවත් බැනුම් අහන්න බැරි නිසාම මම කෑම ටිකක් බෙදාගෙන කන්න ගත්තා.
ඒත් මට ඉකි ගැහෙන එක නතර කරගන්න අමාරුයි. ඇත්තටම මට මෙහෙම අඬලා පුරුදුම නෑ. මොන දේ උනත් හිනාවෙලා ඉන්නයි මම පුරුදු වෙලා හිටියෙ. ඒත් ඇත්තමයි මේ අසරණකම මට තේරෙන්නෙ නෑ.
අහරෙන් මෙහෙන් කෑම කටක් දෙකක් කාලා. මම ඩයිනිං ටේබල් එකෙන් නැඟිට්ටා. හිත හොඳටෝම රිදිලා තිබුනෙ. මම කෑම මේසෙයි කිචන් එකයි අස් කළේ අඬ අඬා.
ඒත් මෙහෙම දිඟටම අඬ අඬ ඉන්න මට බෑ. මේ නපුරු කම් මේ අසාධාරන කම් මේ නො සලකා හැරීම් හැමදේම තනියම දරාගන්න මම පුරුදු වෙන්න ඕනි. අවුරුද්දක්ම මෙහෙම අඬ න්න ගියොත් මට මොනා හරි වෙයි අඬලම.
පහුගිය අවුරුදු දහ නවයටම වඩා මේ අවුරුද්ද වෙනස් කියලා මම දන්නවා. කවදා කොහොම උනත් මට ජීවත් වෙන්න වෙන්නෙ තනියම. ඉතිං මේ හැමදේටම හුරුවෙන්න දරාගන්න මට සිද්ධ වෙනවා.
ඇනුම් බැනුම් රැවිලි ගෙරවිලි ඇරෙන්න ආදරේ කරුණාව වගේ දේවල් අපි වගේ අයට උරුම නැතුව ඇති. ඉතිං හිත හදාගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.
මම කිචන් එක අස් කරලා ඉවර වෙලා මගෙ රූම් එකට යන්න ගියා. සෙත් සර් රූම් එකේ ඉදගෙන ලැප් එකක් දිගෑරගෙන ලොකු වැඩක. පව් එයාට දැන් බඩ ගින්නෙ ඉන්න වෙන්නෙ. තියන නපුරු කමට හදන්න ඕනි දෙයක් කියන්නෙත් නෑ.
ඒත් ඔහොම බඩගින්නෙ ඉන්නෙ කොහොමද.. මට තේරෙන්නෙ නෑ. මොනවද කරන්නෙ කියලා. මොනාත් අහන්න ගියාම බනිනවා විතරයි මොනවත් කියන්නෙත් නෑ. ඒත් එයාව එහෙම බඩගින්නෙ තියන්න මට හිතෙන්නෙ නෑ.
යන්න හදපු ගමන නවත්තලා මම ආපහු කිච න් එකට ගිහින් කිරි එකක් හදාගෙන එයාගෙ රූම් එකට ගියා.
ත….මු සෙ මොනවද මෙතන කරන්නෙ..
මාව දැක්ක ගමන් එයා ඇහුවා. ඇයි දෙයියනේ මේ මනුස්සයට එක වචනයක්වත් හොඳින් කතා කරන්න බැරි. කොච්චරවත් මට බනිනවා ඉවරයක් නැතුව.
සර් කෑම කෑවෙ නෑනෙ… මේ කිරි එක බීලා ඉන් න. ඔහෙම බඩගින්නෙ හොඳ නෑනේ.. හදන්න ඕනි මොනවද කීවොත් මම කෑම හදන්නම්…
මම කීවේ කිරි එක එයා අතට දෙන ගමන් බිම බලාගෙන.
නෑ අය කෑම හදන්න ඕනි නෑ… ඕක මෙහෙන් තියලා.. ගිහින් නිදා ගන්නවා..
සර්…
ඒ ගමන මොකද…?
බ්‍රෙක්ෆස්ට් වලට මොනවද හදන්න ඕනි…
නෑ… නෑ.. මොනවත් හදන්න ඕනි නෑ.. මට… මම වෙනද කාපු විඳිහට කන්නම්.. ත…මු සෙ ඕනි කෙහෙම්මලක් හදාගන්නවා…
එයා එහෙම කිව්වම කියන්න දෙයක් තිබුනෙ නැති නිසා මම කාමරෙන් එලියට ආවා. මේ අවුරුද්දත් එපා ලක්ෂ විසිපහත් එපා අර සීයා පප්පා දෙන දෙයක් හෙට අනිද්දාම මෙයාට දුන්නනම් මට මෙහෙන් යන්න තිබුනා කියලා මට හිතුනා.
ඒත් එහෙම ගිහින්.. එතනින් එහාට හිතන්න මම හරි බයයි. කොයි තරම් නපුරු කෙනෙක් උනත් සෙත් සර් නරක කෙනෙක් නෙවී කියලා මට දැනෙනවා. ඒක පැහැදිලි කරන්න මට තේරෙන්නෙ නෑ. ඒත් මට එහෙම හිතෙනවා.
සියා පප්පා කියනවා වගේ. අපිට පේන්නෙ නැති තේරෙන්නෙ නැති මොකක් හරි හොඳ ගතිගුණයක් එයා ලඟ ඇති කියලා මට හිතෙනවා. ඒ උනත් හැමදාම මෙහෙම හිත රිදෝගන්නෙ කොහෙමද..?
මම කාමරේට ඇවිත් ඇඳෙ වැතිරුණා. මෙච්චර වෙලා හිතේ හිරකරගෙන හිටපු වේදනාවට මම ඉකිගහලා ඇඩුවා.
ඇස්වලට පිරුණු කඳුළු වලට තෙමිලා සීතල උන කොට්ටෙට මගෙ කම්මුල් සීතල වෙන කම්ම මම ඇඬුවා. ඒ තරම් හිතට දුකයි. බඩ ගින්නටයි අඩපු මහන්සියටයි මට එහෙම්මම නින්ද ගියා.
නිවාසෙ පුරුද්දට මට උදේ පහ වෙද්දින් ඇහැරුනා. මම ඉන්නෙ කොහෙද කියලා හිතා ගන්න මට ටික වෙලාවක් ගත වුනා. ඔව් මම මේ ඉන්නෙ ළමා නිවාසෙ නෙවී. මේක වෙනස් තැනක් වෙනස්ම ජීවිතයක්. හැමදේම අළුත් නුහුරුයි.
ඒත් මම ඒ හැමදේටම පුරුදු වෙනවා. ඔව් මට බෑ මේ හැමදේම අතෑරලා දාන්න. එහෙම හිත හිත මම ඇඳෙන් නැඟිට්ටා. අද අලුත් දවසක් අලුත් හීන අලුත් බලාපොරොත්තු හැමදේම. පරන දේවල් හිත හිත දුක් වෙන එක තේරුමක් නෑ.
පුරුද්දට නැඟිට්ටට කරන්න තරම් වැඩකුත් නෑ. නිවාසෙදි නං උදේට කරන්න වැඩ ඕනි තරම්. චූටි බබාලගෙ කිරි හදන්න ඒවා ගානට නිමලා බෝතල් වලට දාන්න.
අනිත් පොඩ්ඩො ඇහැරන්න එයාලට කිරි හදනා දෙන්න. එයාලව සෝදන්න. ඇඳුම් මාරු කරන්න. ඔය වගේ වැඩ මහ හුඟක් තියනවා.
මම ඒ හැම එකම කලේ හරිම ආසාවෙන්. ම ගේය කියලා කවුරුත් නැති උනාට ඒ හැ මෝ ම මගේය කියලා මට හිතුනා. ඒත් මේක වෙන ස් ජීවිතයක්.
සෙත් සර් එයාට කෑම හදන්න එපා කියපු නිසා උදේම කරන්න දේකුත් නෑ. මට විතරක් තනිය ම කෑම හදා ගන්න එකත් මහ කම්මැලි වැඩේ. අපේ මෙහෙම කම්මැලි කමෙන් ඉන්න එක නං එපා වෙනවා.
මම කිචන් එකට ගියෙ තේ එකක්වත් හදාග න්න කියලා හිතාගෙන. මොකද ඊයෙ දවසම හරියට කෑමක් නැති නිසා ඇඟට නිකං පන නෑ වගේ.
ඒ යනකොටත් සෙත් සර් මොකක්ද වැඩක. දෙ යියනේ මේ මනුස්සයා නිදන්නෙ නැතුවම වැඩ ද
අනේ මන්දා අමුතුම ජිවියෙක් ද කොහෙද.. කන්නෙත් නෑ.. නිදන්නෙත් නෑ.. මහ මොකෙ ක්ද මන්දා.. ඔහෙ ඕනි දෙයක් මට මොකද…
මම එහෙහම්ම කිචන් එකට ගියා. අනේ දෙයියනේ ඊයෙ රෑ මම ලස්සනට පිලිවෙලාට අස්කලා ගිය කිචන් එක පිස්සන් කොටුවක් කරලා.
මෙයාට මොනවද අප්පා වෙලා තියෙන්නෙ. ති යන ආඩම්බරකමට කන්න ඕනි දෙයක් කීවෙ ත් නෑ.. පව් අප්පා බඩගින්නෙ ඉන්නම බැරි තැන වෙන්න ඇති. නූඩ්ලස් හදලා තියෙන්නෙ. මහම පිස්සෙක්.
ඇයි අප්පා ඕක මට කිව්ව නම් මම හදලා දෙනවනෙ. කොහෙද නපුරුකමයි ආඩම්බරක මයි ලොකුයිනෙ හැමදේටම වැඩිය.
එහෙම හිත හිතටම මම ආයිම මුල ඉදන් මුලු කිචන් එකම අස් කරන්න ගත්ත. මෙයා එක දවසක් තනියම කෑම හැදුවොත් එහෙම කිචන් එකට තව බඩු ගේන්න වෙනවා කඩෙන්.
සේරම සෝදලා අස්කරලා ඉවර වෙලා මම හැදුවෙ තේ එකක් හදාගන්න. ඒත් එක්කම දොරකඩින් එකපාරම මතුවුන රුවින් ගැස්සිලා මම ආපහු හැරුනා. මෙයා මොකද මේ වෙලාවෙ මෙතන.
ගුඩ් මෝනිං සර්… මම එයාට සුභ පැතුවා.
මෝනිං… අර නපුරු හඬින්ම එයා කීවා. මේ මෝනිං එක මට ගුඩ් වෙන්න ඕනි නෑ කියලා එයා හිතන්න ඇති.
තේ එකක් හදන්නද.. සර්..?
හ්ම්ම….
මොනාද අප්පා මෙයාට වෙලා තියෙන්නෙ. දැන් නං අර නපුරු පාට පේන්න නෑ. එයා මොනාටද දන්නෙ නෑ කිචන් එකට ආවේ. ඒත් මට කතා කරන්න බයයි. මම මොනවත් නොකියම තේ එක හදන්න ගත්තා. මම හිතුවෙ ඕක අරගෙන එනවා කියලා එයා රූම් එකට යාවි කියලා.
නෑ එත් එයා එහෙම ගියෙ නෑ. එහෙම්ම ඉද ගෙන මගෙ දිහා බලාගෙන ඉන්නවා. හිතට මොකක්ද නුහුරු බයක් දැනුනා. අතත් වෙව් ලනවද මන්දා. මම තේ එක හදලා බයෙන් බයෙන් ආපහු හැරුණෙ එයාට තේ එක දෙන්න.
හමුවෙමු