වෙස්🎭🎭🎭

දහනවවන දිගහැරුම

“හායි …..කොහොමද….ඩාලිං ඔයා කොහෙද මේ යන්නේ…..ක්ලබ් එකට ද …මම යන්නේත් ඒ පැත්තට ….මෙයාව යවන්න …අපිදෙන්නා යමු මගේ වාහනේ…”

ඔහු එසේ ඇසුවේ විවර කළ රිය කවුළුවෙන් ඇගේ රිය දෙසට එබෙමිනි….

“ධනුක……..”

සෙහන්සා ඔහු දෙස බැලුවේ පුදුමයෙන් දෑස් විසල් කරගෙන ය…..

දිසෙන් ධනුක දෙස බැලුවේ කෝපයෙන් දෑස් රත් පැහැ කරගෙනය…..

“නෝ….තෑන්ක්ස්….මගේ වෙහිකල් එක මට තියෙනවා…ඒකෙන් යන්න පුළුවන්…………”

“ඔයාගේ මාර ගෑස් නේ…….”

නිහඬව ඉන්නා ලෙසින් සෙහන්සා දිසෙන්ට ඉඟි කරෙන් දිසෙන් හුන්නේ මැඬගත නොහැකි තරහව ආයාසයෙන් මැඩගනිමිනි.

“ඔයාගේ වාහනේ ගන්න………අපිට යන්න දීලා……….”

“අම්මෝ ඔයා කියනවා නම් මම පණ වුනත් දෙනවනේ මගේ වස්තුවේ…..එහෙනම් අපි ක්ලබ් එකේ හම්බවෙමු ස්විටී……….”

දිසෙන් අත්මිටි මොළවාගත්තේ තරහව තවත් පාලනය කිරීමට නොහැකිවය….

“ආ මේ කාඩ්බෝඩ් වීරයාත් ඉන්නේ………කොහොමද මචන්………”

දිසෙන් සෙහෙන්සා දෙස බැලුවේ තවත් නම් නිහඬව සිටීමට නොහැකි යැයි කීමට මෙනි…

“ත/මු/සේ මගේ ගෝලයෝ ටිකකට හොඳටම නෙලුවනේද ළඟදී………..”

“ඔව්……බයගුල්ලෙක් වගේ මට ගස්සන්න ගෝලයෝ ටික එවලා චොර වුනා නේද?…..”

“ත/මු/සෙ කතා කරන්නේ කාටද දන්නවද?වසන්තගේ පුතාට…………….ත/මු/සෙ කියුවා නේද මට ත/මු/සෙ එක්ක ෆේස් ටූ ෆේස් ෆයිට් කරන්න එන්න කියලා………..මං ආවා……”.

“මේ ෆයිට් කරන්න හරියන තැනකුත් නෙවෙයි වෙලාවකුත් නෙවෙයි……මේ මහපාර…………”

“කොටන කුකුළට කොයි කොටුවත් එකයි…. බයගුල්ලා මහලොකුවට ෆේස් ටූ ෆේස් කියලා බයේහැංගෙනවා……..”

දිසෙන් ගේ සීමාව ඉක්මවා ගියේ ඇසිල්ලකිනි…………..

රියෙන් නැඟිටින්නට උත්සහ කරද්දී සෙහංසා දිසෙන්ගේ අත තදකර අල්ලාගත්තේ ඔහුට යාමට නොදීය….

දිසෙන් සෙහංසාගේ අතගසා දමා රියෙන් බැස්සේ තරහෙන් රතු වූ මුහුණින්…

සෙහංසා එදෙස බැලුවේ බියපත් මුහුණිනි….

“මේ..පාර….ත/මු/සෙ දැනටමත් පාර බ්ලොක් කරන් ඉන්නේ………පාරේ මැද්දේ රණ්ඩු කරන්න් බෑ.එනවා ඉස්සරහ බීච් රෝඩ් එක ළගට….”

“හරි…..මං එන්නම්……”

නැවත රියට පැමිණෙන දිසෙන් දිටු විට සෙහංසා හෙලුවේ සැනසුම් සුසුම්කි….

“අපි ආයේ ගෙදර යමු.ක්ලබ් යන්න ඕනේ නෑ…..”

සෙහංසා කීවේ රිය ආපසු හරවමිනි.

“ශේෂා ත/මු/සෙ/ට ඕනේ මාව බයගුල්ලෙක් කරන්නද?අ/රූ මට හිනා වෙයි …ඔතන ඉස්සරහින් වමට දාන්න……ඔය බීච් රෝඩ් එකට……..ඒකා ඈවිත් ඉන්නේ මා එක්ක ෆේස් ටූ ෆේස් ෆයිට් කරන්න.”

“නෑ නෑ අපි යමු….ඌ ඕන දෙයක් හිතා ගනියි………..ඔයා පාඩුවේ ඉන්න…..”

“මම කියන දේ අහල යනවද?……..”

“ඔයාට මොනාහරි කරදරයක් වෙයි කියලා මට බයයි රන්…………..”.

සෙහංසා කීවේ ඇගේ වම් අතින් ඔහුගේ වම්අත තදින් අල්ලාගනිමින්…..

“මම බබෙක් නෙමේ…..මට උලත් එකයි,පිලත් එකයි……….මම කියපු පාරට දානවා ශේෂා………..”

දිසෙන් කීවේ ශේෂා ගේ අත ගසා දමමිනි…

“ඌයී…..මෝ&& …..මගේ අත ගසලා දාපු හැටි.රිදෙනවා…………”

“තව ඉස්සරහට යන්න………මම කාර් එකෙන් බහිනවා….මොනා වුනත් ඔයා කාර් එකෙන් බහින්න එපා………එදා වගේ කාර් එකෙන් බැහලා ජෝගිදාන්න ලෑස්ති වෙන්මෙ එහෙම නෑ…තේරුණාද?…

“මට බයයි…දිසෙන්…..ඔයාගේ දකුණු අතේ තුවාලේ තවම හොඳ නෑ…. ඔයාට කරදර කළොත්……………..”

සෙහංසා කීවේ රිය ඔහු පෙන්වූ තැනින් රිය නවත්වමිනි…..

ඇයගේ දෙනෙත් මුල රැඳී තිබුණු කඳුළු බිඳු ඔහු දුටුවේ ඒ මොහතේය…..

ඇගේ කදුළු දුටු ඔහුගේ හිත උණු වන්නට ගියේ සුළු මොහොතකි..

“බයවෙන්න එපා ශේෂා….මට මුකුත් කරදරයක් වෙන්නේ නෑ……..”

ඔහු රියෙන් බැස්සේ ඇගේ හිස අතගාගෙනමය……

“ආ මචෝ….මම හිතූවේ බය වෙලා ගියා කියලා….. ත/මු/සෙ ආවානේ එහෙනම්………….”.

“ත/මු/සෙ මොකද ශේෂාගේ පස්සෙන් පන්නන්නේ….ඇයි ශේෂාට කරදර කරන්නේ…………”

“එයා මගේ ලව් එක….අදක ඊයෙක නෙමෙයි…කොලේජ් ගිය කාලේ ඉඳන්….අපි එක ක්ලාස් එකේ හිටියේ…………..”

“මම දන්නේ නෑ….ඒවා…ඒත් ත/මු/සේ ශේෂාට වදයක්…..හිතින් ලව් කරන්න ඕනේ කෙනෙක්ට පුළුවන්………ඒත් ශේෂ කැමති නැත්නම් ත/මු/සෙ ත/මු/සෙ/ගේ පාඩුවේ ඉන්න දැනගන්න ඕනේ………..”

“ශේෂා මට කැමති නැත්තේ ත/මු/සෙ ආවට පස්සේ ඉඳන්……”

“බොරු කියන්න එපා …..එදා ඩාන්ස් කරද්දිත් ශේෂා ආවේ නෑ…ත/මු/සේ බලෙන් ඇඳලා ගත්තේ…………ශේෂාට මීට පස්සේ කරදර කරලා අහුවුනොත් බලාගනින්……”

“ඇයි ත/මු/සේ මට මොකක් කරන්නද?”

ධනුක එසේ කියමින් එක්වර පැන්නේ දිසෙන් වෙතටයි.

දෙන්නා පොර බඳිමින් සටන් කරන අයුරු දුටු සෙහංසා ඒ දෙස බලා සිටියේ බියෙන්…….

කිහිප වතාවක්ම රියෙන් බසින්නට ඈට සිතුනත් දිසෙන්ගේ වදන් සිහිපත් වී ඈ රියතුළම සිටියේ අපහසුවෙනි……

මොහතින් මොහත කාලය ගතවෙද්දීත් දෙදෙනා අතර ගැටුම නිමක් නොවූ නිසාවෙන් සෙහන්සා සිටියේ බියපත් හදින්.

“අපි යමු………”

දිසෙන් මොහොතකින් රියට නැග්ගේ ඇගේ බිය මදක් දුරුකරමින්.

“ඔයාට තුවාල වෙලා නේද?”

තැනින් තැන තිබූ ඔහුගේ අතේ පයේ සීරුම් සලකුණු දුටු ඈ ඔහු දෙස බලා සිටියේ බියපත් වය.

“මොකක්ද උනේ…..කෝ.ධනුක…..

“ඇයි දුකද මම ඒකාට හොඳට සැලකුවා……”

“මම මොකටද දුක් වෙන්නේ……”

ඇය හිස ඔසවා බලද්දී දුටුවේ නවතා තිබූ ධනුක ගේ රිය ඔහුගේ රියදුරා පණගන්වන අයුරුය……

“අපි ගෙදර යමු…..අද ක්ලබ් යන්න ඕනේ නෑ…..අපි හොස්පිටල් එකකට ගිහින් බෙහෙත් දාගෙන යමු……..”

“ඕනේ නෑ පොඩි සීරුම් විතරයි……ක්ලබ් නොගියොත් ධනුකයා හිතයි ඒකට බය වෙලා කියලා…….ඕනේ නෑ…ක්ලබ් යමු….”

“බෑ ඔයාට අමාරුයි…..”

“මේ මං පියරු බබෙක් කියලා හිතුවද??මම ඔයාගේ බොඩි ගාර්ඩ්….”

ඇය සමාජ ශාලාව පෙදෙසට රිය ගෙනගියේ ඔහුගේ බලකිරීමටය…..

💓💓💓💓💓💓💓

“ඇයි අද ආපු වෙලාවේ ඉඳන් යන්න හදන්නේ ශේෂා…….”

“අර ධනුකයාගෙන් පුදුම වදයක් තියෙන්නේ..එදා ක්ලබ් එකේදී ධනුක මගේ අතින් ඇද්දා නේ………..ඒකට දිසෙන් එදා ධනුකට හොඳට සැලකුවා නේ….”

“ඔව් ඉතිං…….”

“ධනුක ළගදී දවසක් ගෝලයෝ සෙට් එකක් එව්වා දිසෙන්ට ගහන්න….දිසෙන් ඒ කට්ටියටත් හොදටම සැලකුවානේ…..අද ක්ලබ් එද්දී ධනුක ආවා රණ්ඩුවට…..ඒකට මොනා වුනාද දන්නෑ….දිසෙන් ගේ ඇඟේ තැන් තැන් වල සීරුම් පාරවල්…….”

“ශේෂා ඔයා තමයි සේරමට වග කියන්න ඕනේ……..ධනුකව අවුස්සව ගත්තේ ඔයාම තමයි……”

හමුවෙමු මීළග දිගහැරුමෙන්

Advertisment