May be an image of 3 people, people standing and text
Priyanga Gunathilaka
eonosrpStd
r
0
59

3t
:
9
aආදරණීයම ඔයා…. 08

හිත තිබුනේ හොඳටෝම නොසන්සුන්වය. කුමක් කල යුතු ද කිය යුතුදැයි මට තේරුමක් තිබුනේ නැත. මම යහන මත හිදගෙන දෙදන මත හිස හොවාගෙන කල්පනා කරන්නට වීමි. මගේ ජිවිතයට මෙවැන්නක් වුයේ ඇයි..

ධනුකගේ පතිනිය ලෙසින් ඔහු හා දිවි ගෙවන් නට සිහින දුටු මට මේ නන්නාදුනන මිනිසා හා ගෙ වන්නට වූ ජිවිත කුමක් දැයි තවමත් වැට හෙ න්නේ නැත.

අනේ චූටි නෝනා ඇයි මේ.. මේ කිරි එක බීලා ඉන්නකො…

මා හිස එසවූයේ මුතු අම්මාගේ හඬටය.

මුතු අම්මා කිරිත් හැදුව ද…

කුමක් හෝ ඇසිය යුතු හෙයින් එසේ අසාගෙ නම මම කිරි වීඳුරුව අතට ගතිමි.

කුසගින්නක් තිබුනේ නැතත් හිත ඇවිලෙමින් තිබූ නිසා දෝ බඩේ දැවිල්ලක් ඇති වී ඇතැයි මට දැනිනි.

චූටි නෝනා ඕවා හිතන්න එපා.. සුදු මහත්ත යට ඔය එක එක හදිස්ස වැඩ එනවා ඒ වෙලා වට රැයක් දවාලක් නැ ඉතිං….

මුතු අම්මා කීවේ මගේ හිත සනසන්නට මෙනි. සෝන්‍ය වැනි අයෙකුට විවිධ හදිසි රාජකාරි ඇ තිවීම සාමාන්‍ය බව ඇත්ත මුත් ඔහුගේ රහස් දුරකතන සංවාද මගේ සිතේ ඇති කලේ සැකය කි. එහෙත් මම මුතු අම්මා හා ඒවා කියන්නට නොගියෙමි.

මං දන්නවා මුතු අම්මා…

මම කීවේ ඕනිවාට එපාවටය. සෝන්‍ය ඔවුන් හා මා ගැන කුමක් කියන්නට ඇති ද.. හිටි හැටියේ එක දවසකින් සිය විවාහ මංගල්‍යට සැරසෙන ඔහු ගැන ඔවුන් මොනවා හිතන්නට ඇතිද..

නෝනා එහෙම නං ටිකක් ඇල වෙලා ඉන්න කො මං මොනා හරි හදන්නං දවල්ලට සුදු ම හත්තයා මොන වෙලාවෙ එයිද දන්නෙ නෑනේ

මුතු අම්මා සැරසුනේ ආපසු යන්නටය.

මුතු අම්මා..මට මේ ඩ්‍රස් එක චේන්ජ් කරගන්න ඕනි.. වොෂ් රූම් එක පෙන්නනවද..

තනියම ඒ නිවසේ ඒ මෙතෙ යන්නට බියක් දැනුන නිසාම මම කීවෙමි.

ඈ මාව රැගෙන කාමරයක් ගානේ ගොස් මුළු නිවසම පෙන්වූයේ මගේ සුළු ඉල්ලීමටය. සෝන්‍ය ගේ විසල් නිදන කාමරයට යාබද ඔහු ඇඳුම් පැලදුම් කල වෙනම කාමරයක් හා නාන කාමරයක් විය.

ඒ සියල්ලටම වඩා මගේ සිත් ගත්තේ නිවසේ එක් නොනකට වන්නට තිබූ පුස්තකාලයයි. සම්පූර්ණයෙන් වීඳුරු වලින් ආවරණය කර තිබූ එය මහත් සේ සුන්දර එකක් විය.

එපමනක් නොව පිටතින් බැලූ විට එහි රාක්ක ගනනාවක ඇසිරූ පොත් ගනනාවක් ඇති බැවි පෙනී ගියේය.

ලස්සන ලයිබ්රි එකක්… මේක අරින්න බෑද මුතු අම්මා..

මම මුතු අම්මා වෙතින් විමසුවේ ආශාවෙනි.

අම්මෝ චූටි නෝනා සුදු මහත්තයගෙන් අහන් නෙ නැතුව නං බෑ.. පනත් හරි ඔය පොත් ටික ත් හරි…

මුතු අම්මා කිවේ බියපත් හඬකිනි. ඒ කියන් නේ සෝන්‍ය පොත් වලට එතරම්ම ආදරය කර නා බවද.

ධනුක නම් කවදාවත් පොත් වලට කැමති වූ යේ නැත වෙනකක් තබා මා පොත් කියවනවා ටවත් ඔහුගේ කිසිම මනාපයත් තිබුනේ නැත.

ඉතිං මං එයාගෙ වයිෆ්නෙ මං ගියාට මොන වත් කියන එකක් නෑ…

මම කිවේ අඬමානයටය.

ඉතිං නෝනා සුදු මහත්තයා ආවම කියලම අවසර ගන්නකො…

මුතු අම්මා කීවේ නොරිස්සුමෙනි.

ප්ලීස් මුතු අම්මා… එයා බැන්නොත් මං බලා ගන්නං..මට ඒකට යන්න දෙන්නකො..

මම නැවතත් ඇවටිලි කරන්නට වීමි. මුතු අම් මා පුස්තකාල කාමරය හැර දුන්නේ අකමැත් තෙනි.

පිටතින් පෙනෙනවාටත් වඩා එහි වූ විසල් පො ත් සංඛ්‍යාව දුටු විට මට මාවම අමතක වන ත රම් විය. එකවරම සියල්ලම පෙරලාගෙන කිය වාගෙන යන්නට තරම් ආශාවක් මගේ සිතට දැනෙන්නට විය.

හදිසියෙන්ම නන්නාදුනන නගරයක හිතවත්ම මිතුරෙක් මුණගැහුනාක් වැනි හැඟීමකින් මගේ සිත පෙලෙන්නට විය.

මම ඒ රාක්ක මත වූ පොත් අත ගෑවේ මහත් ආශාවකිනි. ඒවා කෙතරම් අපූරුවට පිරිසිදුවට පිලිවෙලකට නඩත්තු කර තිබුනේ යත් එක් දූවිලි පොදක්වත් තිබුනේ නැත.

අනේ දෙයියනේ මේ සේරම එකපාරම කියව ගෙන යන්න තිබුනා නං.. මම කීවෙමි.

නෝනා දැන් ඇති අපි එලියට යමු…

මුතු අම්මා මට ඇවටිලි කලේය. ඒත් ඒ සා විස ල් පොත් තොගයක් එසේ අතහැර දමා ඉවතර යන්නට මට හිත හදා ගන්නට බැරිවිය.

මම එහි වූ සඟරාවක වසරක වෙලම් එකතු කර සකස්කර තිබූ ක් වෙළුමක් අතට ගතිමි.

අනේ චුටි නෝනා ඇයි ඔය..

මම මේක කිවලා තියන්නම් මුතු අම්මා…

නෝනා හදන්නෙ මටත් එක්ක බැනුම් අස්සන් න.. මුතු අම්මා කීවේ බියෙනි.

අනේ මුතු අම්මා පොතක් බැළුවා කියලා මො නවටද ඔච්චර බනින්නෙ..බැන්නොත් මම ග ත්තෙ කියන්නකො..

කියාගෙන මම පොතත් තුරුළු කරගෙන පුස් තකාලයෙන් පිටවීමි. මුතු අම්මා මොනවා දෝ මුමුණමින් එහි දොර වසා දැම්මේය.

මම යහන මත වැතිරීගේ ඒ පොත පෙරලා ගත්තේ සිතේ වූ නොසන්සුන් කමක්ම අමතක කර දමාය.

පැරණි කාන්තා සඟරාවක් වූ එහි අපුරු සුන්දර ලිපි විය. එහෙත් මගේ සිත් ගත්තේ ඒ ලිපිවත් කතාවත් නොවේ.

එහි සමහර කතා වල සමහර දෙබස් සමහර වැකි වටා ඉදි ඇඳ රවුම් කර එක එක සටහන් දමා තිබිනි. ඉතාම ලස්සන වටකුරු පැහැදිලි අත් අකුරු වලින් සිංහල හා ඉංග්‍රීසි දෙබසින්ම විවිධ දේ ඒවායෙහි ලියා තිබිනි.

ඒවා සෝන්‍ය ගේ අත් අකුරු නොවේ. ඇරත් පැරණි කාන්තා සඟරාවක මේ මල් නවකතා අතරේ ප්‍රේමණීය වැකි ලියනා තරම් ඔහු බො ලඳ අයෙක් නොව බැව් මට විශ්වාසය. එසේනම් ඒවා කාගේ ද.. හිත දැනුනේ අමුතුම බියකි.

හමුවෙමු.