04 කොටස
එයාට ඕනෙ කරන්නෙ අපිව බයිට් කරන්නෙ. ඒව කරන්න හම්බවෙන්නෙ නෑ
ඒ කිව්වෙ මිහී
අපි යමු ස්ටේජ් එකට
මොකක්?
ඔව් අපි යමු. බලමු කවුද දිනන්නෙ කියල. අභියෝගය බාරගත් බව කියන අධිශ්ටානශීලී නොසැලෙන සුලු කටහඩකින් මෙහන්සා කීව්ව.
ඒත් මිහී උඹ හිතනවද….
ඒගොල්ලො හිතන දේවල් කරන්න හම්බවෙන්නෙ නෑ පවනි. විශ්වාස කරපන් කියමින් මෙහන්සා නැගිට්ටා. අනිත් සිසුවියෝ ද ඇය අනුගමනය කලා.
ඔවුන් වේදිකාවට යන විට කිලාන් ඇතුලු පිරිසට දැනුනේ පුදුමයක්. මොකද කිව්වොත් අභියෝගය භාර ගනී කියල කොල්ලො ටික හිතල තිබුනෙ නෑ.
මෙහන්සා වේදිකාවට ගිහින් කිලාන්ගෙ අතේ තිබ්බ මයික් එක ගත්ත. තරහෙන් දිලිසෙන ඇස් වලින් කිලාන් දිහා බලපු විදියට මොහොතකට ඔහුටත් මුකුත් හිතාගන්න බැරි උනා.තමන්ගෙ අතේ තිබ්බ මයික් එක ඇය උදුරගත්ත වගේ තමයි ඔහුට දැනුනේ.
කෙල්ලන් තරහෙන්තමන් දිහා කොච්චර බලනවද. ජීවිතේ පලවෙනි වතාවට දැකපු කෙල්ලෙක් තරහෙන් බලපු පලියට මෙච්චර අවුල් වෙන්නෙ මොකටද? ඔහුට හිතුන. තමන්ගෙ වෙනස මිතුරන්ටත් දැනේ යයි බියෙන් වහාම සාමාන්‍ය තත්වයට පත් වූ කිලාන් මොහොතකට හරි තම සිත සසල කල යුවතිය මොකද කරන්නෙ කියල බලන් හිටිය.
මෙහන්සා වේදිකාව මැදට වෙන්න ගිහින් හිටගත්ත. මිතුරියො ඇයට පිටිපස්සෙන්. පස්සෙ හැමෝගෙන්ම අවසර ගෙන ගීතයක් ගායනා කලා. ගායනයට මෙන්ම නිවේදන කටයුතු සදහා ද ඇයට තිබුනේ සහජ දක්ශතාවක්.
ශාලාව තුල තිබුනේ දැඩි නිහඩ බවක්. ඇල්පෙනෙත්තක් බිම වැටෙන හඩ පවා ඇසෙන්න තිබුන ඒ වෙලාවෙ. කට්ටිය වශී වෙලා වගේ අහන් හිටිය. ඔන්න ගීතය නිම වුනා. වහලෙ ගැලවෙන තරම් විසල් අත්පොලසන් නාදයක් නැගුන ඇය වෙනුවෙන්.
නමුත් කෙල්ල වේදිකාවෙන් බැස්සෙ නම් නෑ. ඒ වෙනුවට ඇය යමක් කියන්න ගත්ත. ඇගේ මිතුරියන් උනත් ඇය මොනව කියනවාදැයි දැනගෙන හිටියෙ නැති නිසා ඇය දිහා බලන් හිටියෙ පුදුමෙන්.
මෙහෙම වේදිකාවට ඇවිල්ල කතා කරන්න වෙයි කියල නම් මම හිතුවෙ නෑ. ඒත් මට මේ වැඩසටහන සංවිධානය කල සොයුරන්ගෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනව. ඇය කිව්ව. ආරාධිත පාසල් විශේශාන්ගය සාමාන්‍ය දෙයක්.
එහෙමනම් පැමින සිරින සියලුම ආරාධිත පාසල් එයට සහභාගි වෙන්න ඕනෙ. එහෙම නැත්තන් සහෝදර බාලිකා පාසලේ අපෙන් ඔබට විශේශාංගයක් ඕනෙ නම් ඒක විද්‍යා දිනයට කලින් අපට ඇනුම් දෙන්න ඕනෙ.
නිවැරදි පිලිවෙල ඒක මන් හිතන්නෙ. ඒත් මෙතන සිද්ද වුනේ ඊට වඩා වෙනස්ම දෙයක්. තවත් ආරාධිත පාසල් රාශියක් තියෙද්දි අපිවම ඉලක්ක කරගෙන මෙම විශේශාංගයට සහභාගි විය යුතු බව කීමේ යටි අරමුනක් තියෙන බව බුද්ධිමත් ඔබට වැටහෙනව ඇති කියල මම හිතනව.
මෙවැන්නක් වේ කියල හීනෙන් වත් හිතපු නැති කොල්ලො ටිකත් ඇස් ලොකු කරගෙන බලන් ඉන්නව කෙල්ල දිහා
ආරාධිත පාසලක් විදියට ආපු අපිවම අපහසුතාවයට පත් කරන්න හේතුඑඅක් තියෙනවද කියල මම මේ සොයුරන්ගෙන් අහන්න කැමතියි.
සමස්ත පාසලක් වගේම වෙනත් පාසල් වලින් පැමිනි විශාල පිරිසක් මැද එකම බාලිකා පාසල විදියට ආපු අපිව මෙහෙම අපහසුතාවයට පත් කරල විනෝදයක් ලබන්න වෙන්නැති මේ වැඩසටහන සංවිධානය කරපු සොයුරන්ගෙ අදහස වෙන්න ඇත්තෙ. මොකද ඕගොල්ලො හොදටම දන්නව වෙනත් පාසල් කොහොම උනත් අපි අනිවාරෙන්ම අද එන බව.
ඇය කියද්දි කොහේ හෝ ගොස් හැන්ගෙන්නට තරම් කිලාන්ට සිතිනි. තමාගේ සැලසුම ඇය කියන්නෙ හරියට බලන් හිටිය වගේ.
එහෙමත් නැත්තම් ඔබ අදහස් කලේ අපිට අභියෝග කරන්නද. එහෙම නම් අපි ඒකට සාර්තකව මූන දුන්න කියල මම හිතනව. ඇගේ මිතුරියෝ අත්පොලසන් දුන්න ඒකට නම්.
අපව අපහසුතාවයට පත් කිරීමෙන් මේ සොයුරන් යම්කිසි විනෝදයක් ලබනවද කියන්න නම් මම දන්නෙ නෑ. නමුත් එහි සීමාවක් තිබිය යුතු බව මම හිතනව.
ඒ වගෙම අම්මල අක්කල නැති අය වගේ හැසිරෙන්න එපා කියලත් විද්‍යා සංගමයෙ සභාපති තුමන්ගෙන් වගේම නිවේදන කටයුතු කල සොයුරාගෙනුත් ඉල්ලා සිටිනව.
පිරිසක් මැද්දෙ නිරුවත් උනා වගෙයි කිලාන්ට දැනුනෙ. සෙනාල්ටත් හිතාගන්න බැරි උනා මොකද කරන්නෙ කියල. අනිත් මිතුරන් වගේම මෙහන්සාගෙ මිතුරියොත් ඇය දිහා බලන් හිටියෙ පුදුමෙන්.
පිටස්තර පාසලක වේදිකාවට ගිහින් ඒ පාසලේම සිසුන්ට චෝදනා කරන්නට තරම් ඇයට කොපමන ධෛර්යක් තිබිය යුතුද?
කොහොම නමුත් අපිට මේ අවස්තාව ලබ දුන්නට බොහොම ස්තුතියි. මෙහන්සා කිවේ කතාව අවසන් කරමින්.
මිහින් විතරයි කිසිම පුදුමයක් නැතුව ඇය දිහා බලන් හිටියෙ. මොකද මිහින් තරම් මෙහන්සා ගැන කවුරුත් දන්නෙ නෑ. දෙන්න නිවුන්නු. කිලාන් කවදහරි පාඩමක් ඉගෙන ගන්න ඕනෙ කාගෙන්හරි. මිහින් හිතුවෙ කිලාන් මේ පාසල ආපු දවසෙ ඉදල. ඒක අද තමන්ගෙ නැගනිය නිසාම සිදු වීම ගැන මිහින් හිටියෙ සතුටෙන්.
සභාවට හිස නමා ආචාර කල ඈ වේදිකාවෙන් නික්මුනා. වේදිකාවෙ දොරටුව ගාව තමයි කිලාන් සහ අනිත් මිතුරන් හිටියෙ. ඈ අතට මයික් එක දුන්න වගේම ආපහු ගන්න වෙලා තිබුනෙත් කිලාන්ටමයි.
මේ වෙලාවෙ නම් ඔහුට හිතුනෙ ඒක ගන්න බෑ කියල. කෙල්ලන් කොච්චර අපහසුතාවයට පත් කලත් තමන් කවදාවත් මේ වගේ අපහසුතාවයකට පත් වෙලා නෑ කියල ඔහුට හිතුන.
ඔහු මොන දග කමක් කලත් කවුරුත් මේ වෙනකම් ඔහුට විරුද්ධව වචනයක් වත් කියල නෑ මේ වෙනකම්. මොකද වචනයක් වත් කිව්වොත් දෙවෙනි පාර විහිලුව වඩාත් දරුනු බව ඔවුන් දැනගෙන හිටපු නිසා. කිලාන් උනත් ඒක දැනගෙන හිටිය. ඒ දුර්වලකමෙන් තමයි ඔහු මෙච්චර කල් ප්‍රයෝජන ගත්තෙ. නමුත් මේ කෙල්ල? ඇය නම් වෙනස්ම තැනැත්තියකි. දහසක් දේවල් හිතට ආවත් කිලාන් බලන් හිටියෙ වචනයක් වත් කියාගන්න බැරුව. මෙහන්සා ඔහු අතට මයික් එක දෙන්න ගිහින් ආපහු ගත්ත.
ඔයා මෙන්න මේකත් හොදට මතක තියාගන්න. කියල මයික් එක තමන්ගෙ අතේම තියාගත්ත මෙහන්සා කිලාන් දිහා කෙලින්ම බැලුව.