Ex වයිෆ්

34 වන කොටස

“මා එක්ක පොඩි ගමනක් යන්න එන්වාද,?.,,අපි යන ගමන් කතා කරමු..”

හිරූෂා මේ හදන්නේ කොහේ යන්නද සඳුනි හිරූෂා දිහා බලන් හිටියේ පුදුමයෙන්.සිය මිතුරියගේ ජීවීතය කුමන දිශාවකට හැරී කොහේ යාවිදැයි සඳු ගේ හිතේ ඇති වුයේ චකිතයක්..

“කොහේ යන්නද හිරූ..?”

“ලෝයර් කෙනෙක් හම්බවෙන්න..”

හිරූෂා එහෙම කිව්වම සඳුනි කල්පනා කරේ මේ හදිසියේ හිරූෂා කිසිවක් නොසොයා නොබලා ගිහාන්ව දික්කසාද කිරීමට සූදානම් වෙනවාද කියලා..

“අපි බලමු මුලින්ම ඔය සම්බන්ධේ කඩන්න පුළුවන් ද කියලා?..”

“මොනවටද කඩන්නේ..ඒක එයාගේ සතුට නිසා නේ එයා ඔය සම්බන්ධේ ඇති කරගත්තේ..මම මොකටද එයාගේ සතුට නැති කරන්නේ..එය අපිත් එක්ක දුකින් ඉන්න නිසානේ එයාගේ සතුට හොයාගෙන ගියේ…”

හිරූෂා කතා කරගෙන ගියේ ආවේගශීලි විදිහට ..

“අපි මේක ගොඩින් විසඳගමු හිරූ..දරුවන්ගේ තාත්තානේ..”

“අනේ සඳු නමට විතරක් තාත්තෙක්ගෙන් වැඩක් තියෙනවාද?.ගිහාන් හොඳ හස්බන්ඩ් කෙනෙක් නොවී හොඳ තාත්තෙක් වෙලාවත් හිටියානම් සලකා බලන්න තිබ්බා..මේක එහෙමත් නෑනේ..ඔය වගේ තාතෙක්ගෙන් වැඩක් නෑ…අපි යමු ගිහින් එනගමන් චූටි දූව ඉස්කෝලෙන් ගන්න තියෙනවා.වෙන වැඩ නෑනේ..”

“නෑ…අපි යමු…උ/ඹ එහෙනම් ඉක්මනට ලෑස්ති වෙලා වරෙ/න් කෙල්ලේ..”

“හරි මම ඉක්මනට එන්නම්..”

හිරූෂා නාන කාමරයට වැදී ලහි ලහියේ ඇගපත සෝදා පාසලටත් යායුතු නිසා අත්කොට චාම් ලා කහපාට දිගු ගවුමක් තෝරාගත්තා.

ඉක්මනට කොණ්ඩය පීරා පෝනීටේල් එකක් ගැට ගසාගත් හිරූෂා කඩිනමින් සාලේට ආවා..

💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

කැස්බෑවේ පිහිටි නීතීඥ කාර්‍යාලයට යාමට ඔවුන්ට ගතවූයේ පැය බාගෙකටත් අඩු වෙලාවක්.

හිරූෂා දුටුගමන් ඒ නීතිඥවරිය සිනාවක් පාලා පිළිගත්තා..

“එහෙනම් ඔයා කියපු වෙලාවටත් කලින් ආවා..වාඩිවෙන්න හිරූෂා..”

සඳුනි පුදුමයෙන් හිරූෂා දිහා බලාගෙන හිටියා.එහෙනම් හිරුෂා මේ සියල්ලම ලෑස්ති කරගෙන ඉදල තියෙන්නේ.සඳුනිට එහෙම හිතුනා ..

“තැන්කියු මිස් ..මේ මගේ යාලුවා සඳුනි ..”

හිරූෂා සඳුනිව අඳුන්වා දුන්නා ..

“ඉතින් මිස් හිරූෂා මොකක්ද මගෙන් වෙන්න ඕනේ ?..”

නීතිඥවරිය හිරූෂාගේ දිහා එකඑල්ලේ බලාගෙන හිටියා ..

“මිස් මගේ හස්බන්ඩ් වැඩ කරන්නේ trinco .එයා එහේ ගෙදර වැඩට ආපු සර්වන්ට් එක්ක යාලු වෙලා ..මට එයාව ඩිවෝස් කරන්න ඕනේ..”

“මේකයි මිස් ඔය වගේ දෙයක් දැනගත්තාම ඕන කෙනෙක් කලබල වෙනවා ..ඕකට තියන එකම විසඳුම ඩිවෝස් වෙන එක නෙමෙයි..මේ දේ අපි සමාදාන කරලා බලමු.ඔයාගේ හස්බන්ඩ්ට එක අවස්ථාවක් දෙමු ..”

හිරූෂා ගිහාන් ගැන සේරම විස්තර නීතිඥවරිය ට කිව්වා.නීතීඥවරිය ඒ සේරම සාවධානයෙන් අසාගෙන හිටියා..

“මිස් එයා මට හොඳ හස්බන්ඩ් කෙනෙක් නොවුණත් කමක් නෑ .මගේ දරුවන්ට හොඳ තාත්තා කෙනෙක් උනානම්. ඒත් එයා එහෙම නෑ..මට ඒ මනුස්සයාගෙන් වෙන් වෙන්න ඕනේ..මට ඒකට මිස්ගෙන් අවවාද ගන්න ඕනි..මම මිස්ව හම්බෙන්න ආවෙ එකට ..”

නීතිඥවරිය ට තේරුණා හිරූෂා ඉන්නේ දැඩි තීරනයක කියලා ..

“මේකයි මිස් ..කොහොමත් ඩිවෝස් කේස් එකක් ෆයිල් කරාම මුලින්ම බලන්නේ දෙන්නව සමාදාන කරන්න..”

හිරූෂා මොහොතක් කල්පනා කරා .

“අපිට බැරිද මිස් .මේක කේස් එකට නොයා විසඳගන්න ..”

“ඔව් මෙහෙම පුළුවන් ..ඩිවෝස් එකට ඔයාගේ වගේම හස්බන්ඩ්ගේත් අකමැත්තක් නැත්නම් ලේසියෙන්ම ඕක කරගන්න පුළුවන් ..”

“ඔව් මිස් මට ඒක කරගන්න පුලුවන් වෙයි..හැබැයි මිස් මට requirement ටිකක් තියෙනවා ..”

“ඒ මොනවද ?..”

“මිස් මට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා පුතා තාම නමය වසරේ..මගේ දුව special need දරුවෙක් ..ඔටිසම් තත්වයෙන් ඉන්නේ..ඒ දරුවා යන්නේ පෞද්ගලික පාසලක ..සතියකට දවස් කීපයක් තෙරපි වලට ගෙනියනවා .ඒකට ලොකු වියදමක් යනවා…ඒ දරුවා උදේට ස්කූල් එක්කන් යන්නේ දවල්ට එක්කන් එන්නෙ ..ආයෙ හවසට තෙරපි එක්කන් යන්නේ එන්නේ මම..ඒ දරුවා නිසා මට ජොබ් එකක් කරගන්න අමාරුයි..ගිහාන්ගෙ මේ වැරදි නිසා මට මගේ ළමයින්ට දුක් දෙන්න බෑ ..ගිහාන් තාත්තා විදිහට මේ ඩිවෝස් එකෙන් පස්සෙ ඒ හැම වියදමක්ම දරන්න ඕනේ ..එහෙම නැත්නම් මට වන්දියක් දෙන්න ඕනේ..ඔන්න ඕක තමා මගේ ඉල්ලීම …මම අසාධාරණ නෑනේ මිස්..”

නීතිඥවරිය මොහොතක් හිරූෂා ගැන කල්පනා කරා…හිරූෂා බුද්ධිමත් කාන්තාවක් කියලා නීතිඥවරියට හිතුනා ..

“ඔයා අසාධාරණ නෑ ..කොහොමත් දරුවාගේ තත්ත්වය හැටියට ඔයාට ජොබ් එකක් කර ගන්න බෑනෙ..ඔයා තීරණය කරන්න දරුවන් වෙනුවෙන් ඔයාට මාසෙකට වියදම් කරන්න අවම වශයෙන් කීයක් ඕනෙද කියලා .ඊට පස්සේ ඔයා ඒක හස්බන්ඩ් එක්ක කතා කරගන්න ..එයා කැමති නම් අපි ලිඛිත ප්‍රකාශයක් අරගෙන මිස් කියපු විදියට ඩිවෝස් එක අර ගමු ..ඒ විදිහ ගොඩක් පහසුයි ..”

“මට මගේ දරුවන් එක්ක ඩිවෝස් කේස් වලට මහන්සි වෙන්න අමාරුයි ..”

“හැබැයි ඔය ඔක්කොටම කලින් ඔය සම්බන්ධේ ගැන සාක්ෂි සේරම ඔයාගේ අතට ගන්න.එයාව බේරෙන්න බැරි විදිහට කොටු කරගන්න …එතකොට ඔයාට පුළුවන් ඔයාට ඕන විදිහට එයාව නම්ම ගන්න..”

“තැන්ක්යූ මිස් මම ඒ විදිහට කරන්නම්..”

“ඇත්තටම ලෝයර් කෙනෙක් විදියට මම දෙන්නෙක්ව ඩිවෝස් කරන්න කැමති නෑ..දෙන්නෙක් එකතු කරන එක පිනක් උනාට ඈත් කරන එක පවක් ..ඒත් ඔයා ඔය කියන විදියට ඔයාගේ හස්බන්ඩ් වගකීම් විරහිත කෙනෙක්…”

නීතිඥවරිය ලිපි ගොනුවක් විවර කරලා කඩදාසි පත් කීපයක් හිරූෂා අතේ තිබ්බා ..

“හස්බන්ඩ් කැමති කරගෙන මේ ඩොකියුමන්ට්ස් වල සයින් කරගන්න.ඊට පස්සේ මාව හම්බ වෙන්න එන්න..මොනව හරි අපැහැදිලි දෙයක් දැන ගන්න තියෙනවනම් මාව මුණගැහෙන්න එන්න..”

“අපි ගිහින් එන්නම් …තැන්කියු මිස් ..”

හිරූෂා නීතිඥවරිය ට ගාස්තු ගෙවා සඳුනිත් එක්ක කාර්යාලයෙන් පිට වුණා.හිරූෂා සඳුනි එක්ක නීතිඥ කාර්යාලයෙන් පිට වෙලා චූටි දුවගේ ඉස්කෝලේ ලඟට යනකම්ම කල්පනා කෙරේ තමන්ගේ ඉදිරි අනාගතය ගැන …

අවුරුදු ගානක ආදරය එකපාරටම ම/ළගම් යන්න හදනකොට ඉවසගන්න ඕන කෙනෙක්ට අමාරුයි…

ඒත් ආදරය ඉපදෙන්න ගතවෙන්නේ එක මොහොතක් වගේම මි*යදෙන්න ගතවෙන්නෙත් තවත් එක මොහොතයි …

ඉදිරියට ජීවිතය මොන පැත්තකට හැර වෙයිද කියලා හිතන්න අමාරුයි ..
ඒත් පෙරලුන පිට හොඳයි කියලා හිතාගෙන ජීවත් වෙනවා…
හිරූෂා එහෙම කල්පනා කරා ..

රිය පදවන ගමන්ම සඳුනි වරින්වර හිරූෂා දිහා බැලුවා ..හිරූෂා ලොකු කල්පනාවක කිමිදෙනවා..ඇත්තටම හිරූෂා හිතුවටත් වඩා ශක්තිමත් කාන්තාවක් ..මේ වගේ දෙයක් මට සිද්ධ වුණා නම් මම මේ වගේ හැසිරෙයිද ?..

හැඟීම් වලට වහල් නොවී බුද්ධියෙන් මේ වගේ වෙලාවක වැඩ කරන්නේ කීයෙන් කී දෙනාද ?හිරූෂා පරිණත ගැහැනියක් සඳුනිට හිතුනා ..

මේ හිරූෂාගේ ජීවිතයේ හැරවුම් අවස්ථාවක්…හිරූෂාගේ ජීවිතය දුකෙන් සතුටට හැරේවා කියලා සඳුනි අවංකවම ප්‍රාර්ථනා කරා ..

“උ/ඹ//ට ඕන උදව්වක් ඕනේ නම් මට කිය/ප/න්..මම ඉන්නවා ඕන වෙලාවක …උ/ඹ වගේ හිත හොඳ කෙනෙක්ට කවදාවත් වරදින් නෑ හිරූ…”

සඳුනිගේ ලෙන්ගතු වචන වලට හිරූෂාගේ හිතේ ශක්තිය තව වැඩි වුණා …ලෙන්ගතු අවංක මිතුරියක් කියන්නේ ජීවිතයේ තියෙන ලොකුම වත්කමක් කියලා හිරූෂාට හිතුනා..

සඳුනි කාර් එක චූටි දෝනිගේ පාසල ඉදිරියේ නැවත්වුවා..හිරූෂා චූටි දෝණිව අරගෙන සඳුගේ කාර් එක ළඟට එක්කන් ආවා..

චූටි දෝණි පාරේ යන ත්‍රීවීල් වලට අතදිගු කරලා නවත්වන්න හැදුවේ වෙනදා පුරුද්දටයි..පාරේ බස්වල යන්න අකැමති චූටි දූ අම්මා එක්ක කාර් එකට නැග්ගේ හිනා කටක් පුරෝගෙන…

හිනාවෙවී කාර් එකට නැග්ග චූටි දූ දිහා සඳුනි ආදරයෙන් බලන් හිටියා…ගිහාන්ගේ පැහැපත් ශරීර වර්ණය අරගෙන හිරූෂාගේ සුන්දර මුහුණුවර එක්ක ඉපදුණු චූටී දෝණි ඇත්තටම හරිම ලස්සන දරුවෙක්…

හැසිරීමෙන් මිසක් පෙනුමෙන් නම් චූටි දෝණිගේ කිසිම වෙනසක් දකින්න අමාරූයි..
තමන්ගේ දිහා බලමින් තමන් දුටුගමන් අහක බලාගන්න දූ හරි හුරතල් කියලා සඳුනිට හිතුනා.

💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

ගිහානුයි චේතනායි දැන් ජීවත් වෙන්නේ අලුත බැඳපු ජෝඩුවක් වගේ…චේතනා දැන් ගොඩාක් දවස්වලට රෑ ගතකරන්නේ ගිහාන්ගේ ගෙදර….

ලක්ෂිකාත් දැන් අහළ පහළක නොහිටපු නිසා දෙන්නට බාදා කරන්න කවුරුවත් හිටියේ නෑ …ඒ වුණත් අහල පහල ගෙවල් වල ඉන්න අයට නම් මේ දෙන්නගෙ සම්බන්ධය රහසක් වුණේ නෑ…

ගිහාන් චේතනා එක්ක රෑ කෑම කකා හිටියා..
චේතනා දවසින් දවස හදලා දෙන අලුත් කෑම ජාති කාලා ගිහාන් දැන් ටිකක් තරබාරු වෙලා හිටියේ …

“මාත්තියා තව ඉට්ලී ඕනේද?..”

“එපා චේතී දැන් නං ඉස්මුරුත්තාවත් වගේ ..”

“මොකක්ද මාත්තියා ඉස්මුරුතු කියන්නේ..”

චේතනා එහෙම ඇහුවම ගිහාන්ට හිනා ගියා ..

“ඉස්මුරුත්තාව කියන්නේ කෑම කාල වැඩි වුණාම ඇඟට දැනෙන අමාරු ගතියට..”

“යේකද මහත්තයා …අපරාදෙනෙ මේ තව ඉතුරුනේ මාත්තියා..”

චේතනා ඉතුරුවෙලා තියන ඉට්ලි ටික ගිහාන්ට පෙන්නුවා ..ඇත්ත නේන්නං තව ඉට්ලි හතරක් පහක් ඉතුරුයි ..මේවා හරි රසයි ..හෙට උදේට හරි කන්න පුළුවන්නේ .ගිහාන්ට එහෙම හිතුනා ..

“අපරාදේ විසිකරන්න එපා චේති.ෆ්රිජ් එකේ දාන්න ..හෙට කන්න පුළුවන් නේ.”

චේතනා ඉතුරුවෙලා තියෙන ඉට්ලි ටික ෆිජ් එකට දාලා ගිහාන්ට බොන්න වතුර එකක් ගෙනාවා ..

ගිහාන් වතුර වීදූරුව බීලා චේතනාගේ අතේ තිබ්බේ චේතනාගේ අත මිරිකන ගමන්..ගිහාන්ගේ දඟ වැඩේට තව පොඩ්ඩෙන් චේතනාගේ අතේ තියෙන වතුර වීදුරුව බිම වැටිල කුඩුපට්ටම් වෙනවා ..
ඒත් චේතනා වීදුරුව වැටෙන්න නොදී අල්ලගත්තා …..

“මාතියා නං යෙන්න යෙන්න හරි නරකයි..තව පොඩ්ඩෙන් වීදුරුවත් එක්ක කුඩු වෙනවා තමා ..”

චේතනා එහෙම කියලා වීදුරුව කුස්සිය තියන්න යන හැටි ගිහාන් බලාගෙන ඉන්නවා …

තලඑලලු හිරූෂා ට වඩා චේතනා අඳුරු පැහැති උනත් ඒ නාරි දේහයේ හැඩ ගිහාන්ගේ නෙත් සිත් පැහැර ගන්නවා …

ගිහාන් චේතනා සාලෙට එනකම් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා.සාලෙට ආපු චේතනාව ගිහාන් ඇඳලා ළඟට ගන්නවා…

ඒ ඇඳලා ගත්ත පාරට චේතනා සාලේ සෝපාව උඩට වැටෙනවා..

ගිහාන් ඇවිලිච්ච හැඟීම් චේතනා එක්ක සෝපාව මත නිදහසේ දිගඇරියේ බාදා කරන්න කවුරුවත් නොහිටපු නිසා..

දෙන්නා හැඟීම් දිගේ ඉහළට ගිහින් උච්ච අවස්ථාවට ළඟා වෙමින් ඉන්නකොට දොරගුළු දමා වසන්නට අමතක වෙච්ච දොර විවර කරන් කිසිවකු ගේ ඇතුළට කඩන් පනිනවා…

ඒ ආපු කෙනා දැකලා ගිහාන්ගේ ඇස් උඩ යනවා..දෙන්නා අඩනි//රුවතින් උන්නු හැටි දැකලා හිරූෂාගේ ඇස් කඳුළු වලින් බොඳ වෙනවා..

තමන් එක්ක වසර ගාණක්‍ ජීවීතේ ,යහන බෙදා ගත්ත ස්වමී පුරුෂයා අද වෙන කාන්තාවක් එක්ක හැඟීම් බෙදාගන්න හැටි දැක්කම මොන බිරිඳටද ඉවසගන්න පුලුවන්..

මෙච්චර වෙලා හිරූෂා දිහා ගල් ගැහිලා අඩසිහියෙන් හිටපු චේතනා ලැජ්ජාවෙන් කාමරයට දුවන්න හදද්දිම එළියෙ ඉඳන් දුවන් ආපු සඳුනි පැනලා චේතනාව තද කරලා අල්ල ගන්නවා..

“ආඩවනේ මාත්‍තියා මාව බේරගන්න…”

චේතනා ගැළවුම්කාරයාට කන්නලව් කරාත් ගැලවුම්කාරයා ගල් ගැහිලා බීත වෙලා ..

ඒ එක්කම සිද්ධ වෙච්ච දෙයින් ගිහාන් තැතිගන්නවා…

ඉවරයි සේරම ඉවරයි..මම අද කොටු වුණා…

ගිහාන් තමන්ටම කියා ගන්නවා..

මේක කොහොමද සිද්ධ වුණේ…කොහොමද අපේ අම්මයි තාත්තයි මෙතනට ආවේ… ගිහාන් පුදුමයෙන් දෑස් නළලේ තියන් බලන් ඉන්නවා…

“මගේ දුවගේ ජීවීතේ වි//නාශ කරාට උ/ඹ/ට නම් හොඳක් වෙන්න එපා”

එහෙම කියාගෙන ගෙට ඇතුල්වුණේ හිරූෂාගේ තාත්තා දැකලා ගිහාන්ට දාඩියත් දැම්මා…ගිහාන්ට දැනුණේ දෙනෝදාහක් දෙනා මැද නි/රුවත් වුණා වගේ හැඟීමක්..

හමුවෙමු මීළඟ කොටසින් 💔💔💔💔💔

අහක බලාගෙන යන්න එපා.ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න