සිතින් විතරක්
හත….. 07
සෙත් සර් මාවත් එක්කගෙන උඩ මහලට ගියා. මම එයාගෙ පස්සෙන් එයාගෙ රූම් එකටම ගි යෙ යන්නෙ කොහෙද කියලා තේරුමක් තිබුනෙ නැති නිසා.
මේක මගෙ රූම් එක..එලියෙන් ඉන්නවා..
එයා එකපාරම එහෙම කීවමයි මට දැනුනෙ මම වැරදි දෙයක් කලා කියලා.
සොරි සර්.. එහෙම කියාගෙන මම ඉක්මනින් කාමරෙන් එලියට ආවා.
මම බැල්කනි එකේ ඉදන් වටපිට බැළුවෙ වෙ න කරන්න දෙයක් තිබුනෙ නැති නිසා. පුදුම ලස්සන වටපිටවක්.
ගානට කපපු තණකොල, පාට පාට රොසස්, එක එක ජාතියෙ ලොකු පොඩි ගස්,මල් පිරුණු අශොක ඇහැල ගස් පාට පාට අරලිය ඇත්මයි මල් වත්තක්වත් එච්චර ලස්සන නැතුව ඇති.
මට හිතුනෙ මම දිව්‍යලෝකෙකට ඇවිත් ඉන් නවා වගේ හැඟිමක්. ඔව් මේකත් දිව්‍යලෝක යක් තමා.
මේ වගේ තැන්වල මෙහෙම සැපට ජීවත් වෙන් නෙ පෙර පින්කරපු උදවිය. අපි වගේ පව්කාරය න්ට මෙහෙම දිව්‍ය ලෝක අයිති නෑ. වැරදිලා හදිසියෙන් මෙහෙම කඩාගෙන පාත් උනාට. ටික වෙලාවකින් සෙත් සර් රූම් එකෙන් එලියට ආවා.
ත මු සෙ මොනවද ඔතන කරන්නෙ…
එයා මගෙන් ඇහුවා. මම වෙන කොතන ඉන්න ද මට ඉන්න තැනක් කීවද එයාගෙ රූම් එකට එන්න එපා කියලා කෑ ගැහුවා මිසක්. අනේ මන්දා මෙයා නං මට තේරෙන්නෙ නෑ.
මම ඉන්නෙ කොහෙද සර්…?
මම ඇහුවෙ වෙන කිසිම දෙයක් හිතා ගන්න බැරුව.
මෙහාට එනවා..
එයා මාව එක්කගෙන ගියෙ එයාගෙ රූම් එක ට ටිකක් එහායින් තිබුන වෙන රූම් එකකට.
මේකෙන් ඉන්නවා..
එයා කීවේ ඒ රූම් එකේ දොර අරින ගමන්. හිතට දැනුනෙ ලොකු සැන සීමක් නැත්තං මේ ය ක් ෂ පැටියා එක්ක එක රූම් එකක ඉන්න ගියා නම් මට පිස්සු හැදෙයි.
හොඳට මතක තියාගන්නවා ත මු සෙ මගෙ වයිෆ් වෙන්නෙ සීයා පප්පයි මේ ගෙදර ඉන්න අනිත් උන් ඉස්සරහයි විතරයි..
මේ ෆ්ලෝ එකට කිසිම සර්වන්ට් කෙනෙක් එන්නෙ නෑ අදින් පස්සෙ.. මේකෙ තියන වැඩ සේරම ත මු සෙ කරන්න ඕනි..
අනික සීයා පප්පා එක්ක ඕනිවට වඩා කතාවට යන්නෙ නෑ… තමුන්ගෙ පාඩුවෙ ඉන්නවා.. ත මු සෙ මං කියන දේවල් වලට පිටින් ගිහින් එක එක විකාර කරන්න තියා ගත්තොත්..
තමුන්ට මොනවද වෙන්නෙ කියලා.. ත මු සෙ වත් දන්නෙ නැතිවෙයි මේ ටික හොඳට මතක තියා ගන්නවා.. මෙහෙ ඉන්න කං..අමතක වෙන්න බෑ..තේරුනානෙ..
එයා කියෝගෙන යනවා මට දැනුනෙ වචන වලින් කියා ගන්න බැරි තරම් බයක්.
මෙච්චර වෙලා මම දැකපු කෙලාට වඩා නපුරු කෙනෙක් එයා ඇතු ලෙ හැංගිලා ඉන්නවා කියලා මට තේරුනා. මම හරි බර හුස්මක් ගත්තා.
හ්ම්ම්..දැන් ගිහින් අර වාහනේ තියන දේවල් ගෙනත් රූම් එක අස්කර ගන්නවා…
එයා එහෙම කීවම මම හැදුවෙ පහලට දුවන්න.
එක්කොත් ඔහොම ඉන්නවා..මම අරගෙන එක්කනම්…
කියාගෙන එයා පහට දිව්වා. දෙයියනේ ඉස්ස රහට මොනා වේවිද කියලා කියලා මට හිතා ගන්නවත් බෑ. මාත් ඉඳලා ඉදලා පැටලිලා ති යෙන්න අගක් මුලක් හොයා ගන්න බැරි මහා පඹ ගාලක.
මම මීට කලින් ඒ තරම් ලස්සන ඒ වගේ පිලි වෙලට තියෙන රූම් එකක් දැකලාවත් තිබුනෙ නෑ. මෙහෙ ඉන්න නං මට තව හුඟක් දේවල් ඉගන ගන්න වෙනවා කියලා මම දන්නවා.
මම ගෙනාව ඇඳුම් ටික ඒ රූම් එකේ තිබුන අල්මාරි එකේ ලස්නට ඇහිරුවා. ඒ ඇරෙන්න ඒ කාමරේ අස් කරන්න තරම් දෙයක් තිබුනෙ නෑ හරිම පිලිවෙලයි.
එහෙම කරලා මම බාත්රූම් එකට ගිහින් හොඳට නා ගත්තා. අළුත් දවසක් අළුත් ආරම්භයක්. මොනවා කොහොම වෙයිද දන්නෙ නෑ. ඒත් මම මේ මොහොතෙ විතරක් ජීවත් වෙන්න හිතා ගත්තා.
ගෙවුණු අතීතයවත් නොදන්න අනාගතේ ගැනවත් හිත හිත ඔළුව අවුල් කරන් දැන් වෙන දේවල් අවධානෙන් ගිලිහෙන් ඉඩ දෙන එක වැරදි කියලා මටම තේරුනා.
මේ සීයයි මුණුපුරයි කොහොමද මේ තරම් වෙනස් වුනේ. මේ ගෙදර තව කවුද ඉන්නෙ.. එතකොට සෙත් සර්ගෙ අම්මා තාත්තා සහෝදරයො එයාලා කවුරුත්ම නෑද…
එයාලට මොනවද වුනේ.. එතකොට මේ දෙන් න ඇරෙන්න මේ ගෙදර තව කවුද ඉන්නෙ.. ඇයි සර්වන්ට්ලට මේ ප්ලෝ එකට එන්න දෙන්න එපා කීවේ.
එතකොට එයා මාව මෙහාට එක්කගෙන ආවෙ එයාගෙ හවුස් කිපර් විඳිහට ද..? කමක් නෑ අවුරුද්දකට ලක්ෂ විසිපක් කියන්නෙ හවුස් කිපර් කෙනෙකුට හොඳ සැලරි එකක්.
එක අතකට ටෙම්පරි වයිෆ් කෙනෙක් වෙනව ට වඩා හවුස් කීපර් කෙනෙක් වෙන එක හොඳයිනෙ.
ප්‍රශ්න නං එකක් නෙවී කෝටි ගානක් තිබුනා. ඒත් කාගෙන් කොහොම අහන්නද.. අර යක්ෂ කොහොම කොහෙන් මතුවෙයිද කියලා දෙයියො වත් දන්නෙ නෑ.
මේ හැම ප්‍රශ්නෙකටම තනියම උත්තර හොයා ගන්න වෙන්නෙ මටමයි.. මේවා හිතන්න හිතන්න වෙන්නෙ ඔළුව තවත් අවුල් වෙන එක විතරයි.
නාලා සැහැල්ලු ඇඳුමකුත් දාගෙන මම කාම රෙන් එලියට ආවා. හිතට පොඩි සැහැල්ලුවක් දැනුනා. මේ ෆ්ලෝර් එක නං තනියම මේන් ටේන් කරන්න අමාරු නෑ..
රූම් දෙකකුයි ලිවින් ඒරියා එකයි පොඩි ඩයිනිං ඒරියා එකයි ටීවී ලොබි එකයි..කිචන් එකයි තිබුනෙ.. දැනට නම් ඒවා හරිම පිරිසිදුවට පිලිවෙලට තිබුනා. ඉතිං මටත් ඒවා ඒ විඳහට තියාගන්න වෙනවා.
ගෙදරක වැඩ කරන්න නං මට ඒ තරම් ලොකු පුරුද්දක් නෑ. අපි නිවාසෙ ඉද්දි පුරුදු වුනේ මීට වඩා වෙනස් පරිසරයක. හැමදේම මුල ඉදන් පුරුදු වෙන්න වෙනවා කියලා මම දන්නවා. ඒත් කාගෙන් අහන්න ද කොහෙමා කරන්න ද කියලා මට තේරුමක් නෑ.
මම ආයිම බැල්කනි එකට වෙලා වටපිට බල බල හිටියෙ මොනවා කරන්න ද කියලා තේරු මක් තිබුනෙ නැති නිසා. පහලට ගිහින් සීයා පප්පා එක්ක කතා කරන්න.
නැත්තං අර ගාර්ඩ්න් එකේ ඇවිඳින්න ආස උනත් අර නපුරගෙන් අවසර නැතුව එහෙම කරන්න මම බයවුනා. දැන් මට හුස්ම ගන්නත් වෙන්නෙ එයාගෙන් අහලා.
මම එහෙම වටපිට බලබල ඉද්දියි දැක්කෙ සෙත් සර් බැල්කනි එකෙ අනිත් කෙලවරේ ඉදන් කොහෙදෝ බලාගෙන ලොකු කල්පන වක. මොනා හරි ප්‍රශ්නයක්ද දන්නෙ නෑ.. ඒත් ඉතිං අහන්නය. මම එහෙම්ම එයා දිහා බලාගෙන හිටියා.
නපුරුයි තමා ඒත් ඔහොම ඉන්නකොට එයා ගෙ මොකක්දෝ දුක්බර අහිංසක පාටක් පේන වා. මටත් පිස්සුද මන්දා අප්පා.
එයාට තිබුනෙ අමුතු කඩවසම් පෙනුමක්.සර්ට් එකක්වත් නැතුව ඔහොම ඉන්නකොට හිතට මොකක්දෝ වෙනවා.
ළමා නිවාසෙ සිකුරුටි සීයා ඇරෙන්න මීට කලින් මට දන්න අඳුනන පිරිමි කෙනෙක්වත් ඉදලා නෑ. ඉතිං මේ හැමදේම හරිම නැවුම් ඒ වගේම අමුතුයි.
හදිසියෙන් එයා මගෙ දිහා බැළුව නිසා මම එයා දිහා බලන් ඉන්නවා දැක්කා.
දැක්ක ගමන් රැව්වා රැවිල්ලක් මට ඇත්තටම බය හිතුන නිසාම අහක බලා ගත්තා. මේ මනුස්සයට මාව මේ තරම් පේන්න බැරිනම් ඇයි අප්පා ටෙම්පරි හරි මෙහෙම මැරි කලේ.
උයන්න දන්නවද…?
ඒ හඬින් ගැස්සිලා මම ආපහු හැරුනා. අර නපුරා මං ඉස්සරහා හිටගෙන.
උයන්න විතරක් නෙවී මුළු සිංහල හෝඩියම දන්නවා කියලා මම කීවෙ හිතින්. ඕවා කියලා කන පලාගන්න ඕනිය.
මොකද හලෝ බය වෙලා බලාගෙන ඉන්නෙ
..උයන්න දන්නවද නැද්ද..?
ටිකක් දන්නවා සර්….
නිවාසෙ හදන කෑම බීම හැම එකක්ම වගේ හදන්න පුළුවන් මට ඒත් මේ වගේ තැනකට ඒවා ගැලපෙනවද කියලා මම දන්නෙ නෑ.
ටිකක් දන්නවා නං.. ඉතුරු ටිකත් පුරුදුවෙනවා
.. අද ඉදන් අපි දෙන්නගෙ කෑම හදන්න ඕනි තමුන් හරිද..?
හා සර්..
එහෙනං.. දැන් ගිහින් මට ප්ලේන්ටි එකක් හදාගෙන එනවා ඉස්සරවෙලා..
එයා එහෙම කීවම මම කිචන් එකට දිව්වා. ඕනිකරන හැමදේම පිලිවෙලට තිබුන නිසා ප්ලේන්ටි එකක් හදන්න නං ඒ තරම් අමාරු වුනේ නෑ මට.
කොහොමත් ඔය ප්ලේන්ටි ටී හදන වැඩේ නං මට හොඳටම හුරුයි. නිවාසෙදි නිතර කරන්න වෙන නිසා.
පහසු වගේ පෙනුනට නියම ප්‍රමිතියට තේ එකක් හදද්දි උනත් ඉගන ගන්න හුඟක් දේවල් තියනවා. මම ඉඟුරුයි සීනියි ටිකක් වැඩපුර දාලා ප්ලේන්ටි එකක් හැදුවා. අර නපුරගෙ තියන සැරට නං මේකෙ සැර මඳිත් එක්ක.
මම තේ එක අරගෙන යද්දිත් එයා බැල්කනි එකට වෙලා ඔහේ බලාගෙන ඉන්නවා. ඇත් තමයි මෙයා නං මේ පිටින් පේන කෙනාට වඩා හුඟක් වෙනස් කෙනෙක් වගේ.
සර්….මේ තේ එක..
මම එයාට කතා කලා. ආපහු හැරිලා ඔරෝ ගෙනම මගේ අතේ තිබුන තේ කෝප්පෙ ගත් තා. මේ මනුස්සයට ටිකක්වත් හිනාවෙන්න බැරිද.. මට නිකමට හිතුනා.
මම ආපහු කිචන් එකට ගියෙ මොනා හරි උයන්න ඕනි කියලා හිතුන නිසා. උදේ ඉදන් හරියට කැමක් නැති නිසා දැන් නං බඩගිනි හොඳටම. මම ෆ්‍රිජ් එකේ තිබුන ඇපල් ගෙඩියක් අරගෙන කන්න ගත්තා.
තේ එක රසයි..
ඒ හඬට මම මොන තරම් බය උනාද කියනවා නං අතේ තිබුන ඇපල් ගෙඩියත් බිම වැටුනා.
තෑනික්ස් සර්…. මම කීවේ බිම බලාගෙනමයි.
මොකද හලෝ කොච්චරවත් හොල්මනක් දැක්කා වගේ බය වෙන්නෙ ගැස්සෙන්නෙ.. හිනාවෙලා මනුස්සයෙක් වගේ ඉන්නවකො..
එයා ඒ ටික කීවෙත් ඔරෝගෙන. ඒකට නං හිනාගියා මට. කොච්චරවත් ය කෙ ක් රා ස් ස යෙක් වගේ ඔරෝගෙන රවාගෙන ඉන්න කෙනෙක් මට කිය නවා හිනාවෙලා ඉන්නවළු මොන විහිළුද මන්දා.
මොනවද කරන්න හැදුවෙ දැන්…?
මම හිනාවුන එක තේරිලද කොහෙද ඒ ගමන නං ඇහුවෙ ටිකක් විතර හොඳින්.
උයන්න…
පුළුවන්ද..?
පුළුවන්…
හා උයනවකො බලන්න. කන්න පුළුවන්ද බලන්න..
කියාගෙන එයා කිචන් එකෙන් එලියට ගියා. පුළුවන් කියලා කිව්වට උයන එක ලේසි දෙයක් නෙවී කියලා කියලා. මෙහෙම දෙන්නෙකුටි විතරක් උයන්න මට තේරෙන්නෙ නෑ.
නිවසෙදි ඉතිං මොනා ඉව්වත් ගොඩක්නෙ උයන්නෙ.වෙන කෙ ල් ලෙ කුට නං මේ වෙලාවට කතා කරලා අහන්න අම්මා නැත්තං අක්කෙක් නෑනෙක් හරි ඉන්නවා මට කවුද ඉන්නෙ. හැමදේම තනියම.
මම හාල්ටික හෝදලා රයිස් කුකර් එකට දලා පරිප්පු හදන්න ගත්තා. හුඟක් දේවල් හදන්න දන්නෙ නෑ මම අර නපුරා මෙහෙම කෑම කනවද දන්නෙත් නෑ. ඒත් ඉතිං අහන්න ගිහින් බැනුම් අහන්නෙ මොකටද බඩගිනි උනාම කන්නෙ නැැතැයි.
මම බත් උයලා පරිප්පු හදලා චිකන් හදලා බටු සම්බෝලයක් එක්ක පපඩම් බැද්දා. තිබුන පළතුරු වලින් ෆෲට් සැලඩ් එකකුත් හැදුවා. දන්නෑ රසද කියලා නං. ඒත් මට නං දැන් රස නෙවී හාල් උනත් කන්න පුළුවන් තරමට බඩගිනියි.
මේ සීයයි මුණුපුරයි වෙනදටත් මෙහෙම වෙ නමද දන්නෙ නෑ කෑම ගන්නෙ. නැත්තං සීයා පප්පා අපිට කෑමට පහලට කතා කලොත් මොනා කරන්නද.. මට නං තේරෙන්නෙ නෑ අප්පා.
ඕනි නැති දේවල් හොයන්න ඕනි නෑනෙ.. මම කෑම මේසෙට කෑම ඇරලා වට පිට බැළුවෙ අර නපුරා කොහෙ ඉන්නවද බලන්න. උඩ නම් කො හෙවත්ම නෑ. පහලට ගියාද දන්නෙ නෑ.
යන තැනක කියලා යන්න බෑද මේ මනුස්සයා මාව බඩගින්නෙ තියලා මරන්න ද කොහෙද හදන්නෙ. බැන්නත් කමක් නෑ කියලා හිතා ගෙන මම පහලට බැස්සෙ බඩගින්න තවත් ඉවසන්න බැරිම තැන.
මම යනකොට සීයා පප්පා සලෙ ඉදන් පොතක් කියවනවා. එයා පව් ඔහොම එක තැනක ඉන්න ගියාම කොච්චර දුකයි ද.. පාළුයි ද අර නපුරට ගානක්වත් නැති හැටි.. ඒ මදිවට මටත් කතා කරන්න එපා කීවා මහා මොකක්ද මන්දා.
ආ… ඒන්ජල් කොහොමද පුතේ.. රෙස්ට් කලාද ටිකක්…
මාව දැක්කාම සීයා පප්පා ඇහුවෙ හරිම ආදරණීට හඬකින්.
ඔව්.. සීයා පප්පා… මෙහෙ හරිම ලස්සනයි
..මහන්සිය නිකම්ම නැතිවෙලා යනවා.. මම කීවේ වටපිට බලබල.
ඇයි පුතේ.. මොකක්ද ප්‍රශ්නෙ..?
සීයා පප්පා.. මේ සෙත්… සර් කියවෙන්න ගිහින් මම අමාරුවෙන් අකුරු නතර කර ගත්තා.
ඒකා එක තැනක ඉන්න එකෙක් නෙවීනෙ.. ඇයි පුතාට කියලා නෙවීද ගියෙ…
මගෙ ප්‍රශ්නෙට උත්තර නොදී එයා මගෙන් ඇහුවා. මම නෑ කියන්නෙ නැතුව ඔළුව වැනුවා.
අම්මා තාත්තා..ලඟ නැතුව තනියම හැදුන දරුවනෙ..ටික දවසක් යද්දි ඔය ගතිගුණ වෙනස් වෙයි…මගෙ පුතා ආදරෙන් කියලා දීලා හදා ගන්නකො. .ටිකක් දඩබ්බර උනාට කො ල් ල ගෙ හිත හොඳයි..
සීයා පප්පා කියෝනවා.
අනේ මන්දා ඒ හොඳ හිත කොහෙ තියන එක ක් ද කියලා සීයා පප්පත් පව්. මාත් පව්. ඒ සේර ටම වඩා දැන්නං මට ඉන්නම බෑ බඩගින්නෙ මැ රෙ න් න යනවා.
ඔන්න එතකොට අර නපුරු කුමාරයා කොහෙද ඉදන් ගෙට ගොඩවුනා. මම සීයා පප්පා එක්ක කතා කරනවා දැක්කා විතරයි මාව පිච්චිලා යන්න රැව්වා.
සෙත්..කොහෙද කො ල් ලො උ ඹ ගියෙ.. යන තැනක කියලා යන්න එපාය මේ කෙ ල් ල බය වෙලා හැමතැනම හොයනවා…
එයා දැක්ක ගමන් සියා පප්පා කිව්වා.
බය වෙන්න මං පොඩි එකෙක් නෙවීනෙ සීයා පප්පා මට හදිසි වැඩ තිය නවා … මගෙ දිහා රවලා බලාගෙනම එයා කියනවා.
හරි බං වැඩ තියනවා තමා යන නැතක කියලා පලයං දැන් උ ඹ තනියම නෙවීනෙ ඉන්නෙ..
ඇති ඉතිං මට මාර මහන්සි මම යනවා ටිකක් රෙස්ට් කරන්න..
එහෙම කියාගෙන ඇස්වලින් මට එන්න කියන ගමන් එයා පඩිපෙල දිගේ ඉහලට දිව්වා. මාත් ඒ එක්ක ගියා.
හමුවෙමු.
මේ තරම් කාලෙකට මම ලීව හැම කතාවකම හිටියෙ හුඟක් ආදරණීය පිරිමි. ඒ වගේම ඕනිවට වඩා පණ්ඩිත සාමාන්‍යයෙන් ඕනිම දෙයක් තනියම කරගන්න පුළුවන් ගැහැණු. ඉතිං මේ වගේ අහිංසක කෙ ල් ලෙ කුයි නපුරු පිරිමි කෙනෙකුයි ගැන ලියන එකක ටිකක් අමාරුයි මට ඉතිං ඒක නිසාම මේ කතාව වෙනස්.
ඔයාල නං මේ වගේ කතා ඕනි තරම් කියවලා ඇති. ඒත් ඒ වට වඩා මේ කතාව වෙනස් එකක් තව කොටසක් දෙකක් ගියාම තේරෙයි. ඉතිං කියෝන හැමෝටම හරිම ස්තූතියි. රිප්ලයි කරන්න බැරි වෙනවට සොරි. ඔන්න දිගම දිග කොටසක් දුන්නා දිගම දිග කමෙන්ට් එකක් දාගෙන යන්න