17 කොටස
🦂———-රහස් මධ්‍යස්ථානය
” අහ්…….”
මුළු සිරුරම නැහවී යන ලෙස වතුර පහරක් වදිද්දී සිහිය ආවත් දෑස් ඇරගන්න දැනුනු අපහසුව නිසා කිහිප වතාවක් හිස සෙපසට කර ඔහු කෑගසන්න වුයේ දැත් දෙපා සොලවාගත නොහැකිව බැද තිබුණ නිසාවෙනි …….
අපහසුවෙන් දෙනෙත් විවර කල ඔහුගේ නෙත ගැටුනේ තමාට අඩි කිහිපයක් ඉදියේන් මේසයක් මත හිදගෙන සිටින රාගව්ගේ රුවයි….
තැනින් තැන කලු පැහැ ඇගලුමින් සැරසී මුව ආවරණය කරගෙන අවි අත දරාගත හැඩි දැඩි ආරක්ෂකයින් රැසකි..
වටාපිටාව වෙත තව තවත් නෙත් යොමද්දි මෙය අතහැරදැමු පරණ ගොෆනැගිලලක් බව ඔහුට පසක් විය..මේසය හිදගෙන පාදයක් යාබද යකඩ පෙට්ටමක් මත තබාගෙන දුම්වැටියක් උරමින් හිදන ඔහුගේ එක් අතක විසල් යකඩ පොල්ලකි..
රාගව් උඹ……….
ආ..උබට එහෙනම් මාව තාම මතකයි නේ.මන් හිතන් හිටියේ දැන් අපිව අමතකත් ඇති කියලා .මොකද දැන් ඉතිං ලොකු මිනිස්සුනේ……….
ඇයි## මාව ගෙනාවේ……….
ශ්……..සද්දේ අඩු කරගනින්.සද්දේ දාගන්න මේ උබේ තැන නෙවෙයි කියලා මතක තියා ගනින්…
ඇ # මන් උබට බයවෙයි කියලා හිතුවද…
අහ්……………
සිය මුවෙහි රදවන් උන් දැල්වෙමින් දුම්වැටිය ඔහුගේ අත්ල මත තබන්න වුයේ ඔහු කෑගසද්දී…….
උබ …….උබ මේ අතින් නේද යකෝ මගේ මැණිකව ඇල්ලුවේ ආ……කියපන්…….
ම්………උබට කොහෙන්ද යකෝ එච්චර හයියක් මගේ පණට අත තියන්න…
ආ…කියපන් මිගාරයා…….තෝ හිතුවෙවත් කොහොමද මගේ මැණිකට අත තියන්න…
ඕ.හෝ……..එත කොට ඒ රෝස මලට අයිතිකාරියෙකුත් ඉන්නවා නේ…
මන් සාමන්යෙන් ඉදුල් කන්නේනම් නෑ..එත් අවුලක් නෑ..එ නිසා හොද එක වගේ..
උබ රහ බලලා මටත් දියන් පොඩ්ඩක් රහබලන්න.
මොක්කද ##### උබ කිව්වේ……
අහ්……..
සිය අත රැදි දුම්වැටිය පසෙකට විසි කල රාගව් මිගාරගේ කොලරයෙන් අල්වාගන්න වුයේ ……
හහ්…….හහ්…………………..
පොඩි එකාට හරියට රිදෙනවා නේ….
මොකො එ තරම් රහයිද ම්…..බෙදාගන්න හිතෙන්නේ වත් නැත්තේ.ඔව් ඉතිං චිස් කෑල්ල වගේ ඉද්දි කාටද ඉතිං හිත නොයා තියෙන්නේ .
අහ් ……..
රාගව් ඔහුව අතහැර බිම තිබු යකඩ පොල්ල ගෙන ඔහුට පහර පිට පහර එල්ල කරන්න වුයේ .මිගාර මරහඩ තලද්දීය..
අඩේ…බොස් ඔය ඇති..බොස් එහාට වෙන්න ඉතුරු ටික අපි හැඩල් කරන්නම්..නිකන් බොරුවට බොස් අතේ ලේ ගාගන්න ඕනි නැනේ…..
එහාට වෙයන් රේනා..මට මූව මරන්න දියන්..මේ කාලකණ්ණියා අත තිබ්බේ මගේ පණට..මේ රාගව්ගේ පණට යකෝ..
මන් කොහොමද මූව නිකන් අතාරින්නේ …
රාගව් මිගාර අතහැර පසෙකට වුයේ .ඔහුගේ ගෝලයින් පැමිණ ඔහුව ඉවතට රැගෙන යද්දිය ..
උබ විදවන්න වෙයි රාගව් ……හොදට මතක තියා ගනින්..මට මේ වැදිච්ච් පාරක් පාරක් ගනේ…උබට විදවන්න වෙයි…..මිගාර අපහසුවෙන් මුමුණන්න වුයේ .දෑස් වෑසී යද්දීය..
බාත්රූම් වැදි හෝරාවකටත් අදික කාලයක් වතුර මලයටට වී ඔහු හිදින්න වුයේ සිය කෝපය පාලනය කර ගැනීමටයි..
දැස් පියන් රාගව් සිහිකරන්න වුයේ ..හෝරා කිහිපයකට පෙර සිදුවු සිදුමයි…
–**–=
මන්දිරාව ඇගේ නවාතැනෙන් බස්සවා ඔහු ඇමතුමක් ගන්නට වුයේ .ඈයට රහසින් ඇය පසුපස යොදවා ඇති සිය විශ්වානිය සේවකායටයි…
හෙලෝ…….බොස්
රෙජි මොක්කද උනේ…
එ මොකා උනත් තව පැයක් යන්න කලින් ඌ අපේ පොට් එකේ ඉන්න ඕනි…
මේ බොස් මැන් දැනටමත් අපේ පොට් එකේ..මේ ප්‍රශ්නේකට තියෙන්නේ ….
ඇයි මොක්කද අවුල ..
මේ ඌ දිසානායක ඇමැතිතුමාගේ පුතා….
මොකක් මිගාර ……ඌ කොහොමද …..
මට විනාඩි දහයක් දියන් මන් එන්නම් අවහම මට විස්තරේ කියහන්…
විනාඩි පහකටත් අඩු කාලයකින් සිය මෝටර් රථයට සිය රහස් මධ්‍යස්ථානයේ නවතා ඔහු අඩියට දෙකට ගොඩනැගිල්ලට ඇතුළු විය..
රෙජි මොක්කද සීන් එක..
මගේ කෙල්ල ෆෙන්ට් වෙන්න තරම්..මොක්කද උනේ..මන් ගිය ටිකට…
මේකයි සර්……….
වට්…..ඌට එච්චර හයියක්…….
ඔව් සර්…හැබැයි කිව්වේ මොනාද කියලනම් මට ඇහුනේ නැ..
හරි මන් එක හොයා ගන්නම්…
කෝ ඒ ###
බැල්ක් රූම් එකේ සර්…
ඔකේ….මන් එන්නම් එතක් උබලා ඌට ටිකක් සලකපන්…..
ආ…එකක් ඌ ජිවත් මැරෙණ්න බෑ…..
ඔකේ සර්…..
ඔවුන් ගිය පසු සිය දුරකථනයට පිවිස ඇගේ මාලයේ සගවා ඇති රේකොඩරේ..පටිගතයට සවන් දෙන්න වුයේ ….
මුළු ගතම කෝපයෙන් දැවැද්දීය…..
අහ්……..
මිගාර උබ
.
අහ්…..
අතීත ආවර්ජනයන්ගෙන් මිදි වතුර මල වසා තුවාලය ගත දවටන් කාමර වෙත රාගව් පා තබන්නට විය….
මන් හිතුවට වඩා ඉක්මන්ට එ දේවල් කරන්න වෙයි වගේ මැණික …..ඔයා කොහොම රියැක්ට් කරයිද දන්නේ නම් නැ…එත් මේ දේ කරන්නම වෙනවා….
සිය දුරකථනයේ වු ඇගේ සේයාරුව මත සිපුමක් තබාමින් ඔහු දෑස් වසන්න වුයේ ….
අවිනිශ්චිත තීරණාත්මක කාලයට මුහුණ දීමට සැලසුම් සකසමිනි…
මතුසම්බන්ධයි ……….
නොසිතූ ලෙසින් හමු වී
නුඹ මා හට මෙතරම් ආලය කරන බැව්
සිහියට නැගෙන විට
දරාගැනුමට මහත් ලෝභ කමක් හදවතට දැනේ,
ඉක්මනින් නුඹේ පතිනිය වි නුඹේ සේවනෙහි හිද නුඹේ ආලය සිත් සේ විඳ ගැනීමට මා සිහින දකිමි…
මාදීගෙන් ❤️
තැන්ක් සෝ මච් බුවිනි සිහස්නා මැණික